සුභාවිත සුනිල ගීත උල්පත – සුනිල් සරත් පෙරේරා – By Gamini Kariyawasam සරා සද සැරදේ….. ප‍්‍රසාද ගුණයෙන් අනූන, අරුත්බර සුභාවිත ගී සමුදායකින් දැයේ අධ්‍යාත්මය භාව පුර්ණ රසඥතාවයෙන් පුබුදු කළ සුනිල් සරත් පෙරේරා ශූරීන් මාර්තු 05 දින සිය ජීවන වන්දනාවේ 82 වන අනුස්මරණීය ඉසව්ව වෙත සේන්දු වේ .1943 මාර්තු 5 වන දින සුනිල් සරත් ජන්ම ලාභය ලබන්නේ ඇල්බට් පෙරේරා, සුසියන් විද්‍යාරත්න යුවල ගේ වැඩිමහල් පුතනුවන් ලෙසිනි. පද්මිණිය හා නන්දනිය ඔහුගේ බාල සොහොයුරියන් දෙදෙනාය. අප මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ,විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ එකට සිප් සතර හැදෑරූ සමීපතම මිතුරන් වූවෙමු. හෙතෙම රුපවාහිණී අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූයේත්, මා ඊට යාබදව පිහිටි ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ රාජකාරි කළේත් එකම කාල වකවානුවකය. මේ පරිද්දෙන් පාසල් වියේත්,රාජකාරි දිවි පෙවෙතේත් මගේ සමීපතම මිතුරෙක්වූ සුනිලුන් ගේ ජීවනයේ අධ්‍යාත්මීය රිද්මය ,නිර්මාණනීය කුසලතා හැඩතල ,මම මැනවින් පසක් කරගෙන සිටියෙමි.ඒ අනුසරින් , සුනිල් සරත් පෙරේරා නම් වූ ඒ සෞන්දර්යකාමී මිනිසා පිළිබඳව , ඔහුගේ ජන්ම දිනයේ මෙවන් ආවර්ජනයක යෙදෙන්නට ...
Mar 1, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ශ්‍රී ලංකා රූපවාහිනී, සුනිල් සරත් පෙරේරා, සුභාවිත සුනිල ගීත උල්පත