විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. “ත්‍රෛලෝක විජය පත්‍ර” කංසා අපනයනයට වත්මන් රජයෙන් තීරණයක් – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් මේ වන විට අනුමැතිය ලබාදී ඇත. ඉකුත් අගෝස්තු 12 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම පුවත,ප්‍රථම වරට අනාවරණය කරනු ලැබීය. ආයුර්වේද දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එකතුව අයෝජන කලාපවල පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද,එතුමා විසින් සඳහන් කරන්නට යෙදිණි. මීරිගම සහ හම්බන්තොට ප්‍රදේශවල මෙම වගාව සඳහා ඉඩම් වෙන්කර ඇත. මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක් පමණ වෙන්කර තිබේ. මෙම වගාවන් සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. ඒ අනුව වගාබිම් වටා ශක්තිමත් ආරක්ෂිත වැටක්ඉදිකිරීමට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාගැනීම ද අනිවාර්යවේ. කංසා නොහොත් ගංජා යන වදන සවන් වැකුණු සැනින්,සමාජ ස්ථරයෙහි කිසියම් තැති ...
Sep 12, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආයුර්වේද දෙපාර්තුමේන්තුව, කංසා, ගංජා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය