අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව – By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ දිවංගත, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන දේශනය පැවැත්වුයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 30 දා පැවති එම දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි ………….. නිදහස් ආමන්ත්‍රණයක් වූ මෙවර ලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයේදී අතිශය වැදගත් අදහසක් ඉස්මතු වූයේය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස නම් කෙරුණු එම දේශනයේ වැදගත්කම තවත් ඉහළ යන්නේ, එම අදහස් මතු කළේ රටේ අග්‍රාමාත්‍යවරයා වීම හේතුවෙනි. එහි තවත් විශේෂත්වයක් වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ‘අනාගත බිය’ට ඇති හොඳම පිළිතුරක් එහි අන්තර්ගත වීම යැයි කිවහොත් එහි අසාධාරණයක් තිබිය නොහැක. ඉඩම් ගැන අය-වැය යෝජනාව ප්‍රවේශයක් ලෙස මෙවර අය වැයහි සුවිශේෂී කරුණක් කෙරෙහි අවධානය යොමු කරමු. මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර 2024 අය-වැය ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “උරුමය” නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේය. ඔහු ප්‍රකාශ කළේ, “…1897 දී ලංකා මුඩුබිම් ...

Read More →