News & Community eLanka

eLanka

Saturday, 1 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව – By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
Articles

අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව – By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

eLanka admin
Last updated: December 20, 2023 7:04 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 17

අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව – By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව - By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ දිවංගත, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන දේශනය පැවැත්වුයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 30 දා පැවති එම දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි …………..

නිදහස් ආමන්ත්‍රණයක් වූ මෙවර ලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයේදී අතිශය වැදගත් අදහසක් ඉස්මතු වූයේය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස නම් කෙරුණු එම දේශනයේ වැදගත්කම තවත් ඉහළ යන්නේ, එම අදහස් මතු කළේ රටේ අග්‍රාමාත්‍යවරයා වීම හේතුවෙනි. එහි තවත් විශේෂත්වයක් වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ‘අනාගත බිය’ට ඇති හොඳම පිළිතුරක් එහි අන්තර්ගත වීම යැයි කිවහොත් එහි අසාධාරණයක් තිබිය නොහැක.

ඉඩම් ගැන අය-වැය යෝජනාව

ප්‍රවේශයක් ලෙස මෙවර අය වැයහි සුවිශේෂී කරුණක් කෙරෙහි අවධානය යොමු කරමු. මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර 2024 අය-වැය ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “උරුමය” නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේය. ඔහු ප්‍රකාශ කළේ, “…1897 දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කර ගත්තා. ඉන් පසුව, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියක්, මේ ගොව බිම්වල අයිතිය, ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරා දීමක් සිදු වුණේ නෑ…”. එසේ කී ජනාධිපතිවරයා, “අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්ෂාවයි. පවුල් ලක්ෂ විස්සකට(2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා…” යනුවෙන්ද කියා සිටියේය.

මෙසේ මෙම වැඩසටහන අය-වැයට එකතු වන්නේ, “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ” අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වගකීම හොබවන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබියදීය. පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන, ජනපතිගේද මැදිහත්වීම මත ‘අලුත් ගමක් අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන ලෙස පසුව තවත් පියවරක් ඉදිරියට තැබුවේය. එහි ප්‍රගතිය පිළීබද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙවර අය-වැය විවාදයේ සිය අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාවට පසුගිය නොවැම්බර් 28 දිනයේ එක්වෙමින් මෙරට ගොවී ජනතාවට කෘතවේදී වෙමින් සඳහන් කළේ “ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා රටේ ඉහළ ම අස්වැන්න කරා පැමිණීමට හැකිවුනා” යනුවෙනි. මේ අතර අගමැතිවරයා අඛණ්ඩව දැරූ මතය වූයේද “වගා කිරීම සඳහා ගොවීන්ට රජයේ ඉඩම් ලබාදීමේදී,  කිසිම රජයේ  නිලධාරියෙකු, නීතිරීති පෙන්වමින් එයට හරස් නොවිය යුතු” බවය.

අපේ ගමෙන් ලොවට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ

මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ දිවංගත, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය නොවැම්බර් 30 වනදා පැවැති දේශනය, ‘නිදහස් ආමන්ත්‍රණයක්’ බවට පත් කරගත් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. “…විශේෂයෙන් ගොවීන්ගේ සහ ගම්වාසීන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදනයන් සඳහා වගා කිරීම පිණිස තවත් ඉඩම් වෙනුවෙන් වූ ඔවුන්ගේ හඬත් ආයාචනයත් ප්‍රතිරාවය කිරීමට කැමැත්තෙමි. ඉඩම්වල අයිතියට වඩා ඔවුන් අපේක්ෂා කරන්නේ වගා කිරීම සඳහා ප්‍රවේශ වීමේ බලයයි. අපි මෙම නිදහස් ඉල්ලීම “අපේ ගමෙන් ලොවට” ලෙස නම් කරමු.” මෙසේ කී ඔහු ප්‍රයෝගික වැඩපිළිවෙළක් පිළිබඳවද පැහැදිලිව ප්‍රකාශ කළේය.  “..ගම්මාන 3-4කින් සමන්විත වන්නා වූ ග්‍රාම නිලධාරී වසම් 14,000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරන්නා වූ “අපේ ගමෙන් ලොවට” නම් මෙම නව අපනයන ප්‍රවේශයට රට පුරා ගම්මාන 40,000කට අධික සංඛ්‍යාවක් අයත් වනු ඇත. අපගේ ගමන දිස්ත්‍රික්ක 25ක ප්‍රදේශීය බලප්‍රදේශ 334ක් හරහා පළමු ග්‍රාම නිලධාරී කොට්ඨාස 1000කින් ආරම්භ විය යුතු අතර, කොට්ඨාස 5000ක් හෝ සමස්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් තුනෙන් එකක් සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගනිමින්, එමගින් සෘජුවම ජාතික ආහාර සුරක්ෂිතතාවයට දායක කර ගැනීම සහ වටිනා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අතිරික්තය අපනයනය කිරීම සඳහා විය යුතුය. ඒ සඳහා සියවස් ගණනාවක් පරම්පරා ගණනාවකට අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ඉඩම් නව පරපුර වෙත නිදහස් කළ යුතුය. මෙම ඉඩම් දශක ගණනාවක් තිස්සේ සහ සමහරක් සියවස් ගණනාවක් තිස්සේ විශාල වශයෙන් ඌන උපයෝජනයට හෝ ප්‍රයෝජනයට නොගෙන හෝ පවතී. ඔවුනට විදේශ විනිමය ඉපැයීමේ කටයුතුවල නියැලීමටත්, තමන්ගේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කර ගැනීමටත්, එමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව ගිලගෙන ඇති දැඩි දරිද්‍රතාවයෙන් සහ ණය බරින් මිදීමටත් වේ. මෙම ඉඩම් ආහාර හා අපනයන නිෂ්පාදනය සඳහා විවිධ යෝජනා ක්‍රම යටතේ පැවරිය හැකිය…”

මේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් වන්නේ ඉඩම්ය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, “ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ” යන තේමාව යටතේ පිලිප් ගුණවර්ධන 51 වන ගුණ සමරු දේශනය පවත්වමින් 2023 මාර්තු 29 දින කොළඹදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් 27%කට කිසිදු ඉඩම් අයිතියක් නොමැති බවත්, ඊට ප්‍රධාන හේතුව 1840 දී බ්‍රිතාන්‍ය රජය විසින් ඉඩම්(බලෙන්) අල්ලාගැනීමේ ආඥා පනත යටතේ සියලු ඉඩම් රජයට පවරාගැනීම බවය. ඔහු උදාහරණයක් දක්වමින් පෙන්වූයේ, කිසිදා යටත් විජිතයක්ව නොතිබූ තායිලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් 80%ක් පෞද්ගලික අයිතිය යටතේ පවතින බවය. කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පිලිප් ගුණවර්ධන මහතා 1956දී ඓතිහාසික කුඹුරු පනත ඉදිරිපත් කළේ අඳ ගොවි අයිතිය සුරැකීම සඳහා යැයි පැවසූ මහාචාර්යවරයා, සභාවේ සිටි ජනාධිපතිවරයා අමතමින් මෙසේ කීය. “ගරු ජනාධිපතිතුමනි, මා කලින් කී පරිදි, අද අපට ඉඩම් තොරතුරු පද්ධතියක් (Land Information System) අත්‍යවශ්‍යයයි. මීට අමතරව, ස්වාධීන ඉඩම් කොමිසමක් (Independent Land Commission)  ස්ථාපිත කළයුතු යැයි මම යෝජනා කරනවා. කලින් කී පරිදි, යල්පැන ගිය ඉඩම් නීති රෙගුලාසි සංශෝධනය කළ යුතුයි. මෙහිදී, ඉඩම් වෙළඳපොළ ලිබරල්කරණයට ලක්කරන්නේ නම්, ඒ සඳහා කිසියම් පාලනයක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍යයයි.”

තරුණයන්ට ඉඩම්

ඉඩම් සම්බන්ධයෙන් ඉතා වැදගත් කාරණයක් වන්නේ මෙරට තරුණ පරපුර අහාර බෝග වගාවට දක්වන උනන්දුව හීන කිරීමට, වගාවට ඉඩම් ලබා නොදීම විශාල වශයෙන් බලපා තිබීමය. නව තාක්ෂණයෙන් යුක්ත තරුණ පරම්පරාව අපේක්ෂා කරන්නේ අලුත් ප්‍රවේශයකි. මේ අනුව මේ සඳහා නව නීතිරීති අත්‍යවශ්‍ය වනවා පමණක් නොව ඒවා ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි සරල මට්ටමකටද පත්කළ යුතුය. අනෙක් පැත්තෙන් වගාවට පමණක් නොව බලශක්තිය උත්පාදනය උදෙසාද ඉඩම්වල ඇති වැදගත්කම් අගමැතිවරයා, සිය දේශනයේදී ඉස්මතු කර පෙන්විය. “…වගාව සඳහා පමණක් නොව අපගේ බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒම සඳහාද ඉඩම් භාවිත කළ යුතුය. විශේෂයෙන් ම විවිධ පුනර්ජනනීය විභවයන් හරහා බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදා ගත හැකි ඉඩම්, එමගින් දේශගුණික අභියෝගයට සහායක් වශයෙන් පමණක් නොව අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල අවශ්‍යතා සපුරාලීමට සහ ප්‍රවර්තනය සඳහා වැදගත් වේ. අපනයන භෝග පමණක් නොව, නව තාක්‍ෂණය සහ සන්නිවේදනය මඟින් අපගේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ ගවේෂණය නොකළ අත්දැකීම් සංචාරක ලෝකයට සම්බන්ධ කිරීමට හැකි වනු ඇත. දේශගුණය ලෝකයට අභියෝග කරන විට, අපේ කලාපයේ අග නගරවල ජීවත් වන සහ සංචාරය කරන අය පවා නැවුම් වාතාශ්‍රය ආශ්වාස කිරීම සඳහා අවකාශයන් සොයනවා.”

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය දේශනය නිමා කළේ මෙසේ කියමිනි. “හිතවත් මිත්‍රවරුනි, අප සතු වන්නේ ආශ්චර්යයන් කළ හැකි දේශයකි. මෙය සාමූහිකව ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ දී සහජීවනයෙන් කටයුතු කළ හැකි මිනිසුන්ට අයත් භූමියකි. ලක්ෂ සංඛ්‍යාත ගැමියන් සහ ඔවුන්ගේ පරම්පරාවට අනාගතය සඳහා විමුක්තිය ලබාදෙමින් “අපේ ගමෙන් ලොවට” නව නිදහසේ ඉල්ලීම සිදු කිරීම සඳහා ශක්තිමත් වෙමු.”

රටේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සඳහා ස්ව ශක්තියෙන් නැගී සිටීම හැර, ණය #000000;”>මත රැඳීම ස්ථාවර පිළිතුරක් ලෙස සැලකිය නොහැක. එහිදී ආහාර නිෂ්පාදනය ඉහළ නංවා, අපනයනය සඳහා දොරටු විවෘත කරගැනීමට අපේ ඉහළ ම සම්පතක් වන ඉඩම් අතිශය වැදගත්ය. එවැනි පසුබිමක, වගාව උදෙසා ඉඩම් වෙත ප්‍රවේශ වීමේ අයිතිය පොදු ජනතාව වෙත නිත්‍යානුකූලව ලබාදීම,කිසිවෙකු විරුද්ධ වන කාරණයක් විය නොහැකිය. මේ සඳහා හොඳම අවස්ථාවක් ලෙසද මෙම වකවානුව හැඳින්විය හැකිය.මේ නිසා මෙම රාජ්‍ය මට්ටමේ ප්‍රවේශය, යථාර්ථයක් බවට පත්කර ගැනීම උදෙසා නීති විශේෂඥයන්ද ඉහළ නිලධාරින්ද වහ වහා කටයුතු කළ යුතුව තිබේ.

-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

TAGGED:Gateway of Exportsඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයකොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළලංකා මුඩුබිම් ආඥා පනතලලිත් ඇතුලත්මුදලිලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයශ්‍රී ලංකාව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article International Tennis Hall of Fame - Class of 2024 - Vijay Amritraj image source Times of Sri Lanka International 365 International Tennis Hall of Fame – Class of 2024 – Vijay Amritraj image source: Times of Sri Lanka International 365
Next Article christmas - eLanka AWAY IN A MANGER – A Christmas CARD – By Ernest Macintyre
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Connect & Cheers 3 An Evening of Business and Diplomacy, hosted by the Australian Business Summit Council Inc

Connect & Cheers 3 celebrates the power of Business Diplomacy and International Connections – By eLanka

The Writing on the Flowers, Niranjan Selvadurai, poetry, inspirational poem, nature poetry, flowers and birds, spiritual poetry, children’s poetry, philosophical poem, wisdom in nature, poetic reflections, forest angels, beauty of flowers, bird symbolism, nature and spirituality, literary works, Sri Lankan writer, poetry about nature, prayer and meditation, ancient sages, environmental appreciation, educational poetry, meaningful verses, poetic imagination, floral symbolism, inspirational literature, eLanka, Sri Lankan poetry, creative writing, family reading, nature’s messages

The Writing on the Flowers – By Niranjan Selvadurai

Yala National Park Sri Lanka | Wildlife Safari & Leopard Paradise

Yala National Park – Sri Lanka’s Untamed Wildlife Paradise – By Malsha – eLanka

Multicultural Queensland Month

Australian Bureau of Statistics

2026 Australian Bureau of Statistics Census: 11 August

Related News
Dæhæna
Articles

Qld Sri Lankan Newsletter – Dæhæna – August 2026

SRI LANKA CRICKET-eLanka
Articles Victor Melder

SRI LANKA CRICKET NEWS – JULY 2026

COLOMBO LITERARY FESTIVAL – Written by Jeremy De Lima
Articles

COLOMBO LITERARY FESTIVAL – Written by Jeremy De Lima

El Nino-eLanka
Articles Kalani Prabodha

El Niño: Understanding the Climate Phenomenon That Shapes Weather Around the World-by Kalani-eLanka

Articles Trevine Rodrigo

SIR CHRISTOPHER ONDAATJE – (1933-2026) A STORY-TELLER PAR EXCELLENCE … MEMORIES DON’T LEAVE LIKE PEOPLE DO -BY DIRK TISSERA

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.