අපේ ගමෙන් ලොවට, අපනයන දොරටුව – By ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ දිවංගත, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන දේශනය පැවැත්වුයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 30 දා පැවති එම දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි ………….. නිදහස් ආමන්ත්‍රණයක් වූ මෙවර ලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයේදී අතිශය වැදගත් අදහසක් ඉස්මතු වූයේය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස නම් කෙරුණු එම දේශනයේ වැදගත්කම තවත් ඉහළ යන්නේ, එම අදහස් මතු කළේ රටේ අග්‍රාමාත්‍යවරයා වීම හේතුවෙනි. එහි තවත් විශේෂත්වයක් වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ‘අනාගත බිය’ට ඇති හොඳම පිළිතුරක් එහි අන්තර්ගත වීම යැයි කිවහොත් එහි අසාධාරණයක් තිබිය නොහැක. ඉඩම් ගැන අය-වැය යෝජනාව ප්‍රවේශයක් ලෙස මෙවර අය වැයහි සුවිශේෂී කරුණක් කෙරෙහි අවධානය යොමු කරමු. මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර 2024 අය-වැය ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “උරුමය” නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේය. ඔහු ප්‍රකාශ කළේ, “…1897 දී ලංකා මුඩුබිම් ...

Read More →

ශ්‍රීලංකාව, සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වෙත යොමුවීමේ කාලීන අවශ්‍යතාව.- By ආචාර්ය ගාමිණී කාරියවසම්. සෞන්දර්යාත්මක  භූදර්ශන හැඩ  තල, ප්‍රෞඩ  ඉතිහාසය සහ විචිත්‍රවත් සංස්කෘතියකින් පෝෂිත ශ්‍රී ලංකාව, සංස්කෘතික සංචාරක ව්‍යාපාර සංවර්ධනය සඳහා ඉමහත් විභවතාවන්  සහිත දැකුම්කළු දිවයිනකි. පෞරාණික නටබුන් සහ විහාරස්ථානවල සිට සාම්ප්‍රදායික කලා ආකෘතීන් සහ සම්ප්‍රදායික  උත්සව දක්වා විවිධ සංස්කෘතික උරුමයන් සමඟින්, ලොව පුරා සංස්කෘතික ලෝලීන් සැලකිය යුතු ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට අප දේශය පොහොසති. ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක සංවර්ධනය නංවාලීම සඳහා යොදා ගත හැකි උපාය මාර්ග පිළිබඳව සොයා බලමින්, රටේ ආර්ථිකය සහ එහි සංස්කෘතික සංරක්ෂණ ප්‍රයත්නයන් ද්වයයටම ජයග්‍රාහී වාතාවරණයක්නි ර්මාණය කිරීමේ විභවතා සොයා බැලීම අතිශයින් වැදගති. සංස්කෘතික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කිරීම සහතික කිරීමයි. අනුරපුර පොළොන්නරු වන්  ඉපැරණි රජදහන්, , මහනුවර පූජා නගරය සහ සීගිරිය පව්ව  වැනි යුනෙස්කෝ ලෝක උරුම අඩවි ,ශ්‍රීලංකාවේ යශෝරාවය මුර්තිමත් කරන සුළුය. මෙහිදී ,සංස්කෘතික සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා, නිවැරදි තොරතුරු සහ විහාර දාගබ්, බොදු බිතු සිතුවම්, වැව් සංස්කෘතිය හා ප්‍රෞඩ වාරි ශිෂ්ඨචාරය ,සංස්කෘතික උත්සව ...

Read More →

සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව, සිංහල රාජ වංශයේ, රාජිනියන් පස් දෙනෙක් රාජ්‍ය විචාල බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ. මුළුමහත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඔටුනු පළන් ප්‍රථම රැජිණිය වශයෙන් ඉතිහාසයට එක්වන්නේ අනුලා දේවියයි. ඇය වෙත සිහසුන හිමිවන්නේ ක්‍රි.පූර්ව 47 වන සියවසෙහිය. අනතුරුව පිළිවෙළින් සීවලි බිසව (ක්‍රි.ව. 35), ලීලාවතී බිසව (ක්‍රි.ව. 1197), කල්‍යාණවතී බිසව (ක්‍රි.ව. 1202), දෝන කුසුමාසන දේවිය (1581) යන රාජිනියන් ඔටුණු දරමින් මෙරට රාජ්‍ය පාලනයෙහි නිරත වූහ.   මෙරට කිරුළ දැරූ සිංහල රාජ්‍ය වංශයෙහි අවසන් සහ ලා බාලම බිසවුන් ලෙස සැලකෙන්නේ කුසුමාසන දේවියයි. කනස්සල්ල, සන්තාපය සහ දුක්ඛ දෝමනස්සයන්    ඇයගේ මුළු දිවිය පුරාම ඇය ලුහුබැඳි සෙයක් අපට ඓතිහාසික මූලාශ්‍ර තුළින් විද්‍යමාන වේ. ඒ නිසාම ඇය ඉතිහාසයෙහි සනිටුහන් වන්නේ සිංහල රාජවංශයෙහි කඳුළු බිඳුව ලෙසිණි.  කුසුමාසන දේවී , දෝන කතිරිනා ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර ආදී  නම් කිහිපයකින් ඇය හැදින්වේ. ඕ තොමෝ උපත ලබන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බෙහෙවින්ම අවුල් වියවුල්ව පැවැති කාල වකවානුවකය. කුසුමාසන දේවිය. කුසුමාසන දේවිය, කරලියැද්ද බණ්ඩාර සහ ගලගම දෙනවක  දේවියගේ ...

Read More →