News & Community eLanka

eLanka

Friday, 2 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: August 6, 2023 3:38 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE
Views: 57

සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

kusumasana dewiya - elanka

ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව, සිංහල රාජ වංශයේ, රාජිනියන් පස් දෙනෙක් රාජ්‍ය විචාල බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ. මුළුමහත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඔටුනු පළන් ප්‍රථම රැජිණිය වශයෙන් ඉතිහාසයට එක්වන්නේ අනුලා දේවියයි. ඇය වෙත සිහසුන හිමිවන්නේ ක්‍රි.පූර්ව 47 වන සියවසෙහිය. අනතුරුව පිළිවෙළින් සීවලි බිසව (ක්‍රි.ව. 35), ලීලාවතී බිසව (ක්‍රි.ව. 1197), කල්‍යාණවතී බිසව (ක්‍රි.ව. 1202), දෝන කුසුමාසන දේවිය (1581) යන රාජිනියන් ඔටුණු දරමින් මෙරට රාජ්‍ය පාලනයෙහි නිරත වූහ.  

මෙරට කිරුළ දැරූ සිංහල රාජ්‍ය වංශයෙහි අවසන් සහ ලා බාලම බිසවුන් ලෙස සැලකෙන්නේ කුසුමාසන දේවියයි. කනස්සල්ල, සන්තාපය සහ දුක්ඛ දෝමනස්සයන්    ඇයගේ මුළු දිවිය පුරාම ඇය ලුහුබැඳි සෙයක් අපට ඓතිහාසික මූලාශ්‍ර තුළින් විද්‍යමාන වේ. ඒ නිසාම ඇය ඉතිහාසයෙහි සනිටුහන් වන්නේ සිංහල රාජවංශයෙහි කඳුළු බිඳුව ලෙසිණි.  කුසුමාසන දේවී , දෝන කතිරිනා ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර ආදී  නම් කිහිපයකින් ඇය හැදින්වේ. ඕ තොමෝ උපත ලබන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බෙහෙවින්ම අවුල් වියවුල්ව පැවැති කාල වකවානුවකය.

kusumasana dewiya - elankaකුසුමාසන දේවිය.

කුසුමාසන දේවිය, කරලියැද්ද බණ්ඩාර සහ ගලගම දෙනවක  දේවියගේ දරුවකු ලෙසින් උපත ලබන්නේ 1578 වසරේදීය. මෙම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ළදරු වියේදීම වසූරිය රෝගයෙන් මිය ගිය බැව් පැවසේ. කුසුමාසන කුමරියගේ අනෙක් සහෝදරිය වූ දෝන මාගරිටා කුමරිය දොන් ජුවන් ධර්මපාල රජුගේ මෙහෙසිය බවට පත්‍ වූවාය. කුසුමාසන කුමරිය බිලිඳු අවධියේදීම මව්පියන් වසූරිය රෝගයෙන් මියැදීම නිසා, ඇයට උරුම වූයේ මව්පිය සෙනෙහස අහිමි ළදරු වියකි. කරලියද්දේ බණ්ඩාරයන් මිය යන මොහොතේ කුසුමාසන කුමරියගේ භාරකාරත්වය, සිය ඥ‌ාතියෙකු වූ යමසිංහ බණ්ඩාරයන් වෙත පවරනු ලැබිණි. එනමුදු පෘතුගීසීහු යමසිංහ බණ්ඩාරයන් ගෝවට රැගෙන යාම නිසා, බිලිඳු කුමරියගේ රැකවරණය මන්නාරමේ පදිංචිව සිටි කැතරින්ද ආබ්රූ නම් වූ පෘතුගීසි කාන්තාවක් වෙත පැවරිණි. මෙහි දී පෘතුගීසි මිෂනාරිවරුන්ගේ මැදිහත් වීමෙන් ඇය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරනු ලැබිණි. ඇයට පෘතුගීසි බස, සංස්කෘතිය සහ ගෝවේ සිරිත් විරිත් සහ කලා ශිල්පයන්ද ප්‍රගුණ කරවීමට මිෂනාරිවරු බෙහෙවින්ම උපායශීලී වූහ. පාරම්පරිකව ඇයට හිමිව පැවැති සෙංකඩගල සිහසුනේ උරුමය පෘතුගීසීන් සතුකර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය විය. ඒ සඳහා කුසුමාසන දේවිය ළමාවියේදීම පෘතුගීසි සෙනෙවියකුට විවාහ කරදීමට ඔවුහු සියුම් සැලැස්මක් දියත් කළහ.

මේ වන විට කුසුමාසන කුමරිය ළමා වියේ කඩඉම පසුකරමින් යොවුන් වියට එළඹෙමින් සිටියාය. ඇගේ අති සොඳුරු රූපශ්‍රීය, විනීත හැසිරීම් රටාව මෙන්ම කාරුණික ස්වභාවයද නන් දනන් ආකර්ෂණය කර ගන්නාසුළු විය. පෘතුගීසි සේනාධිනායක ප්‍රැන්සිස්කුද අර්සලෝස් නමැත්තා ගෝවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා, කුසුමාසන කුමරියගේ ආරක්ෂක කටයුතු ඔහුට පැවරුවේ මතු ඔහු ඇයට විවාහ කර දීමේ අභිලාෂයෙනි. 1594 දී පෘතුගීසි කපිතාන් ජනරාල් පේරෝ ලෝපේස් ද සූසා යටතේ දියත් කළ ආක්‍රමණයෙන් අනතුරුව, කුසුමාසන දේවිය උඩරට රැජින වශයෙන් පත්කරන ලදී.

අනතුරුව කපිතාන් ජනරාල් පේදුරු ලෝපේස්ද, තම පුත්‍රයා වන දියෝගු ද සූසාට කුසුමාසන කුමරිය විවාහ කර දීමේ ප්‍රයත්නයක යෙදුනු බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එහෙත් ඇය කිසිදු විටෙක පෘතුගීසි ජාතිකයෙකු සමග කිට්ටු සබඳතාවක් ගොඩනඟා නොගැනීමට උපායශීලී වූවාය. පෘතුගීසි කොලනියක් වීමේ අවද‌ානමෙන් මෙරට ආරක්ෂා වූයේ ඇයගේ එම උපායශීලීත්වය නිසාම බැව් මෙහිදී කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කළ යුතුය. පෘතුගීසි යුගයෙන් පසුව, වසර 300 ක්සිං හල රාජවංශය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ඇයගේ මෙම සෘජු චරිත ලක්ෂණය පාදක වූ බැව් හැඟේ.

පෘතුගීසීන් රාජ්‍ය උරුමය තමන් සතුකර ගැනීමේ අපේක්ෂාවෙන් කුසුමාසන කුමරිය පෘතුගීසි සෙන වියකුට විවාහ කර දීමේ අනවරත උත්සාහය ව්‍යාර්ථ වූයේ, කොනප්පු බණ්ඩාර, 1 වන විමලධර්මසූරිය නමින් උඩරට රජවීමත් සමගය. පේරෝ ලෝපේස් ද සූසාට තම හමුද‌ාවත් සමග පසුබැසීමට සිදුවිය. අනතුරුව විමලධර්මසූරිය රජු, රාජ්‍ය ලේ උරුමය ඇති කුසුමාසන දේවිය හා විවාහ වී තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීමට සමත් වේ. යුග දිවියට පත්වන අවස්ථාවේ කුසුමාසන කුමරිය 13 වන වියේ පසුවූ බවද වාර්තාවේ. විවාහයෙන් පසුව රට වැසියන් මහා ටිකිරි බිසෝ යන අන්වර්ථ නාමයෙන් ඇය හැඳින්වූහ.

kusumasana dewiya - elankaI වැනි විමලධර්මසූරිය රජතුමා

I වැනි විමලධර්මසූරිය රජතුමාට ද‌ාව කුසුමාසන දේවියට එක් දූ කුමරියක් සහ රාජසූරිය අස්ථාන, උඩුමාලේ  අස්ථාන, කුමාරසිංහ අස්ථාන හා විජයපාල අස්ථාන යන පුත් කුමරුවන් සිවු දෙනෙක් සිටි බවද රාජාවලිය කතුවරයා සඳහන් කරයි. වෙනත් සමකාලීන ඓතිහාසික ලේඛනයන්ගෙන්සූ රියදේවි සහ සාමාදේවී නමින් දූ කුමරියන් දෙනෙක් එම රජ පවුලට සිටි බව සනාථ වෙයි. කුසුමාසන දේවියගේ පුත් කුමාරවරුන් සිව් දෙනා දේශයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා සුවිසල්මෙ හෙවරක් ඉටුකර ඇති බැව් ඉතිහාසය අපට සිහිපත් කරවයි. 1629 දී කුසුමාසන දේවියගේ වැඩිමහල්පු ත් වූ කුමාරසිංහයන් ඌවේ රාජ්‍යත්වයට ද දෙවන පුතුන් මාතලේ රජුන් ලෙසද පත්වේ. ඔවුන්දෙ දෙනා විවාහ කරගෙන ඇත්තේ එවකට යාපනයේ පරරාජසේකරම් යුව රජුන්ගේ දූවරුන් දෙදෙනාය. ඔවුහු 1633 දී දඹුලු විහාරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන උළෙලටද එක් වූ බව දඹුලු තුඩපත කියයි.

 බාල පුත් රාජසිංහයන් 1628 දී සෙංකඩගල රජු ලෙසින් සිංහාසනයට පත්වූ බැව් බැල්සියස් සිය ලංකා පුරාවෘත්ත කෘතියේ සඳහන් කරයි. 1629-1636 දක්වා කුමාරසිංහ නිරිදුන් බදුලු ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර ඇත. කුමාරසිංහ රජුගේ පාලන සමය අතිශයින්ම වැදගත් යුගයක් ලෙස සැලකිය යුතුව ඇත. ඒමන්ද යත් ඔහුගේ රණශූරත්වය සැලකිය යුතු කාලයක් පෘතුගීසි ආක්‍රමණවලින් බදුලු රාධානිය ආරක්ෂා කර ගැනීමට අවකාශ සැලසීමය. 1630 දී පෘතුගීසි සෙන්පති කොන්ස්තන්තීනුද සා ඇතුළු සේනාව සහමුලින්ම ඝාතනය කර බදුලු රාජධානිය රැක ගැනීමට ක්‍රියා කළේය.

කුසුමාසන දේවිය දෝන කැතරිනා නමින් බෞතීස්ම ලැබ සිටියද, ඇය මහනුවර දළද‌ා මාලිගාව ඉදිකිරීම ඇතුළු බෞද්ධ ආගමික පුනර්ජීවන කටයුතු සඳහා මහත් කැපවීමකින් යුතුව විමලධර්මසූරිය රජුට සිය අනුග්‍රහය ලබා දුන්නාය. දෙල්ගමුවේ සිට දළද‌ා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම වීම පිණිස, යටිනුවර වීදියේ මැණික්කරුවකු ලවා අගනා මැණික් ඔබ්බවන ලද රුවන්මය කරඬුවක් තනවා දීමට පුරෝගාමීව කටයුතු කර ඇත්තේ ද කුසුමාසන දේවියයි. වර්තමානයේ පවා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ කුසුමාසන දේවිය විසින් මාලිගය වෙත පූජා කරන ලද ස්වර්ණමය කරඬුව තුළය.

1604 වසරේ සැප්තැම්බර් 05 වන දින විමලධර්මසූරිය රජු අභාවප්‍රාප්ත වීම නිසා කුසුමාසන දේවිය වැන්දඹුවක්  බවට පත් වූවාය. ඇය වටා කේන්ද්‍රගතව පැවති රාජ්‍ය උරුමය මෙන්ම ඇයගේ රූප සම්පත්තිය, යෞවනත්වය නිසා ඇයට වැඩි කලක් වැන්දඹුවක් ලෙස සිය ජීවිතය හුදකලාව ගෙන යාමට අවකාශයක් නොසැලසිණි. කන්ද උඩරට ප්‍රබල අදිකාරම්වරු දෙදෙනෙක්, මායාදුන්නේ නම් ප්‍රාදේශීය කුමරුවෙක් ඇය විවාහ කර ගැනීමට සෑහෙන උත්සාහයක් ගනු ලැබූ බව පැවසේ.

මේ අතර විමලධර්මසූරිය රජුගේ ඥ‌ාති සොයුරු සෙනරත් රාජත්වය ලැබ වැන්දඹු වූ කුසුමාසන දේවිය  විවාහ කර ගන්නේ රාජකීය උරුමය තහවුරු කර ගැනීමේ අභිලාසයෙනි. දෙවන විවාහයෙන්ද කුසුමාසන දේවිය දරු තිදෙනෙක් බිහිකළ බව දැක්වේ. ලග්ගල රණමුරු ඔයේ දිය කෙළියට පිටත් වුණු I වැනි විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ රාජසූරිය අස්ථාන කුමරු සෙනරත් රජුගේ අණින්දි යේ ගිල්වා මරා දමනු ලැබිණි.

සෙනරත් රජු රාජ්‍යය පවරා දීමේ දී. දෙවන විවාහයේ පුත්‍ර දේවරාජසිංහට දේශයේ අතිශයින්ම වැදගත් රාජධානිය වූ සෙංකඩගල ලබාදෙමින් කළ විශේෂත්වයත්, තම වැඩිමහල් පුතු දියේ ගිල්වා මරණයට පත්කිරීමත් හේතු කොටගෙන කුසුමාසන දේවිය දැඩි ලෙස කම්පිතව සිටියාය. ඒ අතරම තම දෑස ඉදිරිපිටදී ඇයගේ දියණියන් දෙදෙනාද සෙනරත් රජු අතින් අපයෝජනයට පත්වීම මවක ලෙසින් ඇයට තව දුරටත් දරා ගත නොහැකි වූ බැව් ද පැවසේ. මහත් කනස්සල්ලට, මානසික පීඩනයකට පත් ඇය 1610 වසරේදී සෙනරත් රජු අත්හැර සෙන්කඩගල රජ මැදුරෙන් නික්ම ගියේ සෙනරත් රජු නිසා තම කුසේ පිළිසිඳි දරු ගැබක් ද සහිතවය. විමලධර්මසූරිය රජු විසින් ඉදිකර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැලිමන්නාතොට පිහිටි මාලිගය, ඇය මියැදෙන තෙක් ඇගේ නිවහන විය. ඇය රජ වාසලින් නික්ම යාමේදී, තම වැඩිමහල් පුතුගේ අළු බඳුන ද රැගෙන ගියේ අකල්හි වියෝවූ පුතු කෙරෙහි ඇය තුළ පැවැති අසීමිත ආදරය සහ ලෙන්ගතුකම නිසාය.

kusumasana dewiya

 මරණාසන්න මොහොතේ කුසුමාසන දේවිය තමන්ට බෙහෙවින්ම හිතෛෂීව සිටි කුරුවිට රාලගෙන් අවසන් ඉල්ලීමක් කළාය. තමාට සමාද‌ානයේ සැතපෙන්නට භූමද‌ානය කරන ලෙසත්, තමා මේ ලෝකයේ වඩාත්ම ඇලුම් කළ තම පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලය තමා අසල තබන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. 1613 ජූලි  10 වන දින,ඇය දෙනෙත් පියා ගනු ලැබුවේ,ඇය   35 වන වියේ පසුවෙද්දීය. · කුරුවිට රාල විසින් එම ඉල්ලීම් ඉටු කරමින් කෑගල්ලේ වැලිමන්නා තොට රොක් හිල් වතුයාය ආසන්නයේ ඇයගේ සිරුර මිහිදන් කරනු ලැබිණි. මෙම භුමි භාගය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්වී තිබුණද, එහි පුරාවිද්‍යා කැණීම් සිදුකොට සංරක්ෂණය කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම කනගාටුවට කරුණකි.

මවුපිය සෙනෙහස අහිමිව සිටි බිලිඳු කුසුමාසන දේවිය හද‌ාවඩා ගැනීමේ කාර්ය මන්නාරමේ පෘතුගීසි පවුලක් වෙත පෘතුගීසීන් විසින් භාර දෙනු ලැබුවේ ඔවුන්ගේ සියුම් උපායමාර්ගයක මුල්පි යවර වශයෙනි.

අනතුරුව ඇය පෘතුගීසි සෙනෙවියකුට විවාහ කර දී උඩරට සිහසුනේ උරුමය පෘතුගාලයට ලබා ගැනීම  වැඩපිළිවෙළේ දෙවන පියවර වූ බව පැහැදිලි වේ. මන්නාරමේ කතෝලික පරිසරයක සිය ළදරු ජීවිතය ගත කිරීම නිසා, ඇය මුළු ජීවිත කාලය පුරාම කතෝලික බැතිමතියක් ලෙස ජීවිතය ගෙන යාම පිළිබඳව ඇයට දොස් පැවරීම සාධාරණ නොවේ. එනමුදු පෘතුගීසීන්ගේ සැලැස්ම පරිදි ඇය පෘතුගීසි ජාතිකයකු සමඟ විවාහ නොවීමට වගබලා ගැනීම පැසසුම් කටයුතුය. සිංහල රාජ වංශයේ පැවැත්ම වසර 300 ක් දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇයගේ එම සෘජු භාවය ප්‍රධාන හේතු සාධකයක් විය. ඊට අමතරව සිංහල රාජධානිය රැක ගැනීම පිණිස සේනා මෙහෙය වූ රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ රණකාමී පුත්‍රයකු බිහි කිරීම පිළිබඳවද කුසුමාසන දේවියට දැයේ ප්‍රණාමය හිමිවේ.

kusumasana dewiya - elankaකුසුමාසන දේවිය

මුළු ජීවිත කාලය පුරා කනස්සල්ලෙන් දිවි ගෙවා සිය යොවුන් වියේදීම දිවියෙන් සමුගත් කුසුමාසන දේවියගේ ජීවතුන් අතර සිටි ඇයගේ දියණියන්ගේ දිවි පෙවෙතද, මවගේ දිවි මංතලාව මෙන්ම කටුකොහොලින් ගහන විය. කුසුමාසන දේවියගේ වැඩිමහල් දෝනි සූර්ය දේවිය පිළිබඳව, දේශීය ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය නොවන විශ්වාසනීය, ඇසින් දුටු ඓතිහාසික තොරතුරු සමුද‌ායක් අනාවරණය කෙරෙන පෘතුගීසි භාෂාවෙන් ලියන ලද දුර්ලභ කෘතියක ඉංග්‍රීසි අනුවාදය ඕලන්ද පුස්තකාලයකදී, පරිශීලනය කිරීමට අපට අවස්ථාවක් ලැබිණි.  

‘‘1630 ගණන්වල මහනුවර – සොල්ද‌ාදුවකුගේ ඇසින්’’ යන මැයෙන් වූ මෙම කෘතිය ලියැවී ඇත්තේ, සෙංකඩගලපුර සෙනරත් නිරිඳුන්ගේ රජ වාසල පෘතුගීසි සොල්ද‌ාදුවෙක් සහ ගෘහ සේවකයෙක්අ තර සිදුවූ සජීවි සංවාදයක් ස්වරූපයෙනි. මෙම සංවාදයේ නිර්නාමික ලේඛකයා කුමරියගේ ගුරුවරයා ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස්කෝ නෙග්‍රාවෝ පියතුමා විය හැකි බව අනුමාන කෙරේ.  

ඔවුන්ගේ සංවාදයට මුල් වන්නේ රාජකීය මාලිගයේ සුරූපී රජ බිසවුන්ය. ඇය පළමුවන විමලධර්මසූරිය  රජු සහ කුසුමාසන දේවියගේ වැඩිමහල් දියණිය සූර්ය දේවී කුමරියයි. කථකයා කාර්ඩේනියෝ නම් පෘතුගීසි සොල්ද‌ාදුවා වන අතර සංවාදශීලී ලෙසින් ප්‍රශ්න විමසන්නේ රාජකීය මාලිගාවේ සේවය කරන පෘතුගීසි ජාතික ෆැබ්රිෂියෝය. 1630 ඌව ආක්‍රමණයේදී කොන්ස්තන්දසාගේ මෙහෙයවීමෙන් සිංහල හමුදාවන්ට එරෙහිව කළ සටනේදී කාර්ඩිනියෝ යුද සිරකරුවෙකු ලෙසින් සිංහල හමුද‌ාවන් යටතට පත්වූ අයෙකි. පසු කාලයේදී ඔහු රජ වාසල සේවයේ නිරතව සිටියේය. 

ෆැබ්රිෂියෝ සංවාදයට මුල පුරන්නේ කුසුමාසන දේවියගේ දියණිය සූර්ය දේවියගේ සොඳුරු රූප ස්වභාවය පිළිබඳව කාව්‍යමය සජීවි සිතුවමක් පාඨක සිත් සතන්හි චිත්‍රණය කරමිණි.  

‘‘ඕ සුපසන්ය.  

දැකුම්කළුය  

ඉවසිලිවන්තය  

ඇය දෑත ගෙල වට  

දෙකන් පෙති  

ඉනවටද  

අභරණින් හිස්ය’’ 

යනුවෙන් පවසන කාර්ඩේනියෝ, බිසවුන් රහසින් පෙම් කළ පෘතුගීසි ජාතික කපිතාන් ජෙනරාල් නොරොන්හාගේ වියෝගයෙන් කම්පිතව වැළපෙමින් සිටින බවත් සඳහන් කරයි. ෆැබ්රිෂියෝ රැජිනගේ වයස ගැන කාර්ඩීනියෝගෙන් විමසූ විට ඇය තවමත් යොවුන් වියේ පසුවන බවත් පවසයි. බිසොවුන් ගේ වියපත් සැමියා (සෙනරත් රජු) ඇයගේ මවගේද (කුසුමාසන දේවියගේද) ස්වාමිපුරුෂයා වූ නිසා, ඔහු සමඟ දිවි ගෙවන්නේ පෑරුණු කලකිරුණු සිතකින් බව ද සඳහන් කරයි.  

සෙනරත් රජ ඇයව බලහත්කාරයෙන් රැගෙන ගියා පමණක් නොව, ඇගේ වැඩිමහල් සහෝදර කුමාරයා  ඝාතනය කළ බවත් රැජින තමා සමග පැවසූ බවත් කාර්ඩීනියෝ සඳහන් කරයි. කාර්ඩීනියෝ තවදුරටත් වාර්තා කරන්නේ මෙම හේතූන් නිසා ඇය ආභරණ පැළඳීම දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ බවය. ඇය කිසිදු ආකාරයක අලංකාර ඇඳුම් පැළඳුම් භාවිතා නොකළද, ඇගේ සුන්දර හා නිහතමානී වූ පෙනුම සියලු දෙනාගේ දෑස් ආකර්ෂණය කර ගත් බවද සඳහන් කරයි. කුසුමාසන දේවියගේ ඛේදනීය අභාවයේ සෝ සුසුම් වියැකී යාමටත් පෙර, වියපත් සෙනරත් රජ ළාබාල සූරිය දේවිය විවාහ කරගත් බවත්, සිංහාසනයට හිමිකම් කීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් සාක්ෂාත්ක ර ගැනීම පිණිස රජතුමා මෙවන් පියවරක් ගත් බවත් කාර්ඩීනියෝ වැඩිදුරටත් සඳහන් කරයි.  

1617 වසරේදී කුසුමාසන දේවියගේ දියණිය මිය ගිය පසුව ඇයගේ බාල සොහොයුරියද වියපත් සෙනරත්  රජු තම බිසෝ තනතුරට පත්කරගත් බව සඳහන් වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්  

ජැක්සන් ඇන්තනි  ප්‍රබන්ධකයා ගේ දෘෂ්ටි කෝණයෙන් ,කුසුමාසන දේවිය ගේ ගති සොබා විචිත්‍රනයවූ  අයුරු ,පහත දැක්වෙන යොමුව Click කිරීමෙන් ඔබට ද රස විදීමට අවකාශය සැලසේ.

TAGGED:I වැනි විමලධර්මසූරිය රජතුමාආචාර්ය ගාමිණී කාරියවසම්උඩරට රැජිනකපිතාන් ජනරාල් පේදුරු ලෝපේස්දකරලියැද්ද බණ්ඩාරකුසුමාසන දේවීජැක්සන් ඇන්තනිදෝන කතිරිනාදෝන කුසුමාසන දේවියපෘතුගීසිපෘතුගීසි ජාතික කපිතාන් ජෙනරාල් නොරොන්හාමහනුවරශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයසිංහල රාජ වංශයසිංහල රාජවංශයෙහි කඳුළු බිඳුවසිංහල හමුදාවසෙනරත් රජු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Reverend Father Ranjith Andradi A visionary Rector and treasure trove to the Josephians-by Maruthai Ravindhiran
Next Article Jayantha Dhanapala-eLanka In Appreciation of Jayantha Dhanapala-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
National recognition for search strategy connecting Sri Lankan buyers and sellers with the right listings

patpat.lk Wins Bronze at SLIM DIGIS 2.6 for Best SEO/SEM Campaign

Hilton Yala Resort

Hilton Yala Resort Celebrates Sri Lanka’s Wilderness With Luxe Global Awards Recognition

OVERFLOW 2026 Colombo Gospel Concert

OVERFLOW: Colombo Gospel Concert on 10 October Raises Funds for Padaviya Children’s Education

Devi Ridee Rayak 2026

Devi Ridee Rayak 2026: Devi Balika Past Pupils Association UK Brings South Asian Cinema to Watford

Sri Lanka Tourism at IFTM Paris 2026

Sri Lanka Makes Its Mark at IFTM Paris 2026 With 36 Tourism Companies

Related News
Sri Lanka Tourism Australia New Zealand Roadshow
Articles

Five Cities, Nine Days, 250 Agents: Sri Lanka Tourism’s Biggest Roadshow Yet Through Australia and New Zealand

Aratenna Special Silver Tips
Articles

Glen Nevis Plantation’s Aratenna Special Silver Tips Wins Overall Gold at the North American Tea Conference 2026

Articles Trevine Rodrigo

Indian bowlers rout clueless Sri Lanka as they storm into Asian Games final. Sri Lanka’s batters showed no fight in semi final mismatch. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor)

Articles Trevine Rodrigo

Sri Lanka scramble to 22-14 win over spirited Philippines in Asian Games rugby opener. BY TREVINE RODRIGO IN MELBOURNE.  (ELanka Sports Editor)

ShākyaRashmi 2026 – Where Dhamma, Sri Lankan Culture and Young Talents Came to Life
Articles

ShākyaRashmi 2026 – Where Dhamma, Sri Lankan Culture and Young Talents Came to Life – By Prabhashrini Manage

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.