සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව, සිංහල රාජ වංශයේ, රාජිනියන් පස් දෙනෙක් රාජ්‍ය විචාල බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ. මුළුමහත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඔටුනු පළන් ප්‍රථම රැජිණිය වශයෙන් ඉතිහාසයට එක්වන්නේ අනුලා දේවියයි. ඇය වෙත සිහසුන හිමිවන්නේ ක්‍රි.පූර්ව 47 වන සියවසෙහිය. අනතුරුව පිළිවෙළින් සීවලි බිසව (ක්‍රි.ව. 35), ලීලාවතී බිසව (ක්‍රි.ව. 1197), කල්‍යාණවතී බිසව (ක්‍රි.ව. 1202), දෝන කුසුමාසන දේවිය (1581) යන රාජිනියන් ඔටුණු දරමින් මෙරට රාජ්‍ය පාලනයෙහි නිරත වූහ.   මෙරට කිරුළ දැරූ සිංහල රාජ්‍ය වංශයෙහි අවසන් සහ ලා බාලම බිසවුන් ලෙස සැලකෙන්නේ කුසුමාසන දේවියයි. කනස්සල්ල, සන්තාපය සහ දුක්ඛ දෝමනස්සයන්    ඇයගේ මුළු දිවිය පුරාම ඇය ලුහුබැඳි සෙයක් අපට ඓතිහාසික මූලාශ්‍ර තුළින් විද්‍යමාන වේ. ඒ නිසාම ඇය ඉතිහාසයෙහි සනිටුහන් වන්නේ සිංහල රාජවංශයෙහි කඳුළු බිඳුව ලෙසිණි.  කුසුමාසන දේවී , දෝන කතිරිනා ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර ආදී  නම් කිහිපයකින් ඇය හැදින්වේ. ඕ තොමෝ උපත ලබන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බෙහෙවින්ම අවුල් වියවුල්ව පැවැති කාල වකවානුවකය. කුසුමාසන දේවිය. කුසුමාසන දේවිය, කරලියැද්ද බණ්ඩාර සහ ගලගම දෙනවක  දේවියගේ ...

Read More →