බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි 129 වන ජන්ම සංවත්සරය. – By අචාර්ය ගාමිණී කාරියවසම්. Image source : wikipedia පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ 129 ජන්ම දින උපහාර උත්සවය, සැප්තැම්බර් 6 වන දින, ප.ව.3 ට ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. Image Source : facebook මෙම අනුස්මරණීය අවස්ථාවේදී,පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන් වෙතින් අප දේශයට ඉටුවූ ආගමික සා ශාසනික මෙහෙවර පිළිබඳව විමසා බැලීම අතිශයින් වැදගත්ය. උන්වහන්සේ මහත් බැතියෙන් අනුස්මරණය පිණිස සැකසෙන මෙම ලිපිය,උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී,තම දිවිපෙවෙත පිලිබදව,කළ විවරණයකින් ආරම්භ කිරීමට අදහස් කළෙමි. එම ජීවමාන වදන් සමුච්චය,උන්වහන්සේගේ රූප කාය, ගැඹුරු වාග් කෞශල්‍ය සජීවී සිතුවමක් ලෙසින් අප මනසේ ස්පර්ශවීමට ඉවහල් වනු නිසැකි. උන්වහන්සේගේ 99 වැනි ජන්ම දින ගුණ සමරුව,1994 අගෝස්තු 23 දිනට යෙදී තිබිණි. පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රේය මහානායක හිමි ඒ වන විට වයඹ දිග ලන්ඩනයේ කිංග්ස්බරි හි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වස්සාන විවේකය ලබමින් වැඩ සිටිසේක.එහි පැවති ස්වාමීන්ද්‍රයන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදී රැස්ව සිටි පිරිස ඇමතූ මහනා සමිදුන්, ඔබ මගේ උපන්දිනය සමරනවා, මම මගේ 99 වන වසරට පා තබමි. ඒ ...