58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්! 58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක කළේය. ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.12.07 දින අගමැතිවරයා මුණගැසුන අවස්ථාවේදීය. රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණර්වධන මහතා ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළේය. මෙම අවස්ථාවට කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ. 58වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 8, 9 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවත්වෙන අතර බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්’ (Scouting with Heart and Mind) යන්නය. ...

Read More →

ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ, අගමැති හමුවෙති ලෝක සාම සම්මේලනයේ (Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.12.06 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ. මීට ලෝක සාම සම්මේලනයේ (ආසියා පැසිෆික්) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අංගජන් රාමනාදන්, දුෂ්‍යන්ත මිත්‍රපාල යන මහත්තුරු මෙන්ම, ලෝක සාම සමුළුවේ අන්තර්ජාතික සභාපති දකුණු කොරියාවේ ආචාර්ය Charles S Yang, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සභාපති නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Ek Nath Dhakal, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ සම සභාපති ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ හිටපු සාමාජික Dan Burton, ලෝක සාම සමුළුවේ ශ්‍රී ලංකා මහ ලේකම් වෛද්‍ය චූලා සේනාරත්න  මහත්වරුද එක්වූහ. ...

Read More →