58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක කළේය. ඒ, කොළඹ කැම්පොරියේ සංවිධායක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් නායකයින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.12.07 දින අගමැතිවරයා මුණගැසුන අවස්ථාවේදීය. රටට දක්ෂ මෙන්ම විනයගරුක නායකයන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණර්වධන මහතා ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම ඉහළින් අගය කළේය. මෙම අවස්ථාවට කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

58වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 8, 9 සහ 10 යන දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවත්වෙන අතර බාලදක්ෂයෝ මෙන්ම බාලදක්ෂ නායකයෝ දොළොස් දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මෙම කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයින්’ (Scouting with Heart and Mind) යන්නය.

58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරියට අගමැතිගෙන් සුබ පැතුම්!

Comments are closed.