දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට , පෙර දවස ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි .  තෝකියෝ ජාතික පුස්තකාලය. පුස්තකාලයේ පොත් රාක්ක පිරික්සමින් සිටි මා දෙනෙත එක එල්ලේ ම යොමු වුයේ   “ කොයිජිකි” නම් වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබු පුස්තකයක් කෙරෙහිය. ග්‍රන්ථයේ නමට පහළින්මු ද්‍රණය වී තිබු , “ජපානයේ ඉතිහාසය පිළිබදව ලියැවුණු මුල්ම හා පැරණිතම ග්‍රන්ථය “ යන සටහන ,තත් කෘතිය කියවා බැලීමේ රුචිය මා සිත් හී දැල්වූ සෙයක් මට හැගිණි. එසැනින් අපේ මහා වංශය ද මට සිහිපත් විය. වර්ෂ 712 දී ලියැවී ඇති මෙහි කතුවරයා , ජපන් අධිරාජ්‍යයාගේ ඉම්පීරියල් මාලිගාවේ රාජ්‍ය සේවකයකුවූ ඔනෝ යසුමරෝය. “ කොයිජිකි” ග්‍රන්ථයේ  කතෘ ඔනෝ යසුමරෝ. “ කොයිජිකි” කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය. මෙම මාලිගයේ එවකට ජීවත් වූ 43 වන ජපන් අධිරාජ පෙන්වෙයි ගේ ආරාධනය මත හෙතෙම මෙම ඉතිහාස කෘතිය ලිවීමට පෙලබී ...

Read More →