උතුරේ බෞද්ධ උරුමය දල්වන වල්ලිපුරම් රන් සන්නස – By ආචාර්ය ගාමිණී කාරියවසම්. “සිධ මහරජ වභයහ රජෙහි අමෙතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙහි බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ” යහපතක්ම වේවා- වසභ මහරජු රජකරන සමයෙහි – ඉසිගිරිය නම් අමාත්‍යවරයා නකදිව පාලනය කරමින- බදකර නම් ස්ථානයෙහි – පියගු තිස්ස නම් විහාරය කරවන ලදී. රන් සන්නසෙහි ,බ්‍රාහ්මී අක්ෂර 40ක් භාවිතයෙන් පේලි 4ක් තුළ  මෙම විහාරය ඉදිකිරීම පිළිබද පුවත කෙටුම්පත් කර ඇත. තත් ලිපිය කෙටුම්පත් කොට ඇත්තේ ක්‍රි.ව. පළමු හා දෙවන සියවස් වල භාවිත වූ බ්‍රාහ්මී  අක්ෂරයන් ගෙනි. එසමයෙහි මුළු යාපනය අර්ධද්වීපය ම නකදිව් (නාගදීපය) වශයෙන් ව්‍යවහාරිතය.මෙහිදී , කි.ව. දෙවන සියවසේදී නිර්මිත  ටොලමිගේ ලංකා සිතියමෙහි ,මෙම ප්‍රදේශය නාගදිබ් වශයෙන් සදහන් වී තිබීම ද අප සැලකිල්ලට යොමුවේ. වල්ලිපුරම් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පේදුරුතුඩුව, වඩමාරච්චියේ  පිහිටි ගම්මානයකි මෙය.අතිශයින් වැදගත්,සංවේදී පුරාවිද්‍යාත්මක නටබුන් පැතිරි පුරාණ ජනාවාසයක් ලෙසින් පුරාවිද්‍යාඥයින්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වේ. උතුරේ බෞද්ධ උරුමය තහවුරු කෙරෙන ඓතිහාසික කුරුන්දි නොහොත්  කදුරුගොඩ මහ වෙහෙර පිහිටියේ මෙහිය.දමිළ  ජනතාව මෙම පෙදෙස හදුන්වන්නේ කන්තරෝඩේ යන නමිනි. පසුකලෙක ගොඩනැගුණු ...

Read More →