මව් සෙනෙහසට පුද දෙන – ජාත්‍යන්තර මව් දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : lankadeepa.lk ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 11වන දින එළඹේ. ඒ නිමිති කරගෙන මවකගේ දිව්‍යමය  ස්වරූපය පිළිබඳව තොරතුරු විමසා බැලීමෙහිලා මසිත් යොමුවිය. දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා, දෙවියන් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ සුපතළව පවතී. මවක් දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය.ඇයට තම දරුවා වෙනුවෙන් ඉටු කළ නොහැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි. මිහි මඩල ජීවත් වන මා ඔබ මෙන්ම මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවියකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණීය නිර්මාතෘත්වය මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් කුස දරා සිටිනා කාලය පුරාවට, බිහිවන දරුවාගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින් පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ ගනිමිණි. දරුවා බිහි කරත්ම දරුවා වෙනුවෙන් ඇය හද පත්ලෙන් මතු වන හෘදයංගම අසීමිත සෙනෙහසින් ඇය සිරුරේ දිවෙන රත් පැහැ රුධිරය ශ්වේත ...

Read More →