News & Community eLanka

eLanka

Monday, 31 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මව් සෙනෙහසට පුද දෙන – ජාත්‍යන්තර මව් දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

මව් සෙනෙහසට පුද දෙන – ජාත්‍යන්තර මව් දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: May 9, 2025 2:52 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 118

මව් සෙනෙහසට පුද දෙන – ජාත්‍යන්තර මව් දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

mothers day

Image Source : lankadeepa.lk

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 11වන දින එළඹේ. ඒ නිමිති කරගෙන මවකගේ දිව්‍යමය  ස්වරූපය පිළිබඳව තොරතුරු විමසා බැලීමෙහිලා මසිත් යොමුවිය.

දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා, දෙවියන් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ සුපතළව පවතී. මවක් දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය.ඇයට තම දරුවා වෙනුවෙන් ඉටු කළ නොහැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි.

මිහි මඩල ජීවත් වන මා ඔබ මෙන්ම මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවියකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණීය නිර්මාතෘත්වය මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් කුස දරා සිටිනා කාලය පුරාවට, බිහිවන දරුවාගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින් පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ ගනිමිණි. දරුවා බිහි කරත්ම දරුවා වෙනුවෙන් ඇය හද පත්ලෙන් මතු වන හෘදයංගම අසීමිත සෙනෙහසින් ඇය සිරුරේ දිවෙන රත් පැහැ රුධිරය ශ්වේත වර්ණ මව් කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි. කිරෙන් බරවූ පියයුරෙහි තුඩු ඇය සිය බිළිදාගේ සුසිනිදු දෙතොල් අතර රඳවන්නේත්, සිය  ඇඟිළි තුඩින් සිය බිළිඳා හිස පිරිමදින්නේත්  අසීමිත දයාවක් සිය සන්තානයෙහි දරාගෙනය. මෙම නිමේෂය බිළිඳාගේ කායික පෝෂණය මෙන්ම මානසික වර්ධනය උදෙසා අතිශයින්ම හේතු කාරක වන බව නුතන වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

mothers day 

Image Source : youtube

උපත ලද දින සිට දරුවා හැදී වැඩී යෞවනත්වයට පත්වණ තුරා දරුවා රැක බලා ගනිමින් ලෙඩට දුකට ඇවැසි ප්‍රතිකාර ලබා දෙමින්, පෝෂණය කරමින්, යහ ගුණ දම් වඩවමින් නිසි අධ්‍යාපනයක් වෙත යොමු කරවමින් දරුවා වෙනුවෙන් මවක විසින් ඉටුකරනු ලබන යුතුකම් සම්භාරය ඉමහති. ඒ වෙනුවෙන් තමන් වැඩිවිය පත්වූ පසුව දරුවන් විසින් මවුපියන් හොඳින් රැකබලා ගැනීම ඔවුන් වෙත පැවරෙන පරම යුතුකමකි.

mothers day

ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය – ” අම්මාවරුණේ  ”

මාපිය උපස්ථානය මංගල කාරණාවක් සේ වදාළ  බුදුන් වහන්සේ ප්‍රි යවචනයෙන් ඔවුන් අමතන ලෙසත්, වන්දනාමාන කරන ලෙසත්, ගරු සැලකිලි කරන ලෙසත්, ගෞරවනීය ලෙස ඔවුන් ඉදිරියේ හැසිරෙන ලෙසත්, ඔවුන්ව ඉක්මවා නොයන ලෙසත්, ඔවුන් නාවා කවා පොවා ලෙඩට දුකට පිහිටවන ලෙසත්, මිය ගිය පසු සිහිපත් කොට පින් පමුණුවන ලෙසත් වදාළ සේක.

යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේද? ඔහු වසලයෙක් වන බව වසල සුත්‍රයෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ තරම් මවගේ පියාගේ අගය වටිනාකම ධර්මානුකූලව විග්‍රහ කළ වෙනත් ශාස්තෘවරයෙක් මිහිපිට නොමැති තරම්ය. 

මා පිය උපස්ථානය .

යුරෝපයෙහි මාතෘත්වයට ප්‍රණාමය දැක්වීමේ ප්‍රවණතාව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසට පූර්වයෙහි ග්‍රීක රෝම යුගයන් දක්වා ඈත අතීතයට දිවයයි. එම යුගයේ මවුවරුන්ගේ අධිපති දෙවගන ලෙසින් රියා දෙව්දුව මවුවරුන් අතර ඉහලම ගෞරවයට බඳුන්වූ බැව් පැවසේ. ග්‍රීක බසින් රියා යන්නෙහි අරුත ප්‍රවාහය යන්නයි. රියා දෙවඟන ගලායාම, ස්ත්‍රීත්වය හා සාරවත් බව යන ත්‍රිවිධ අංශයන්හි සිය බල පරාක්‍රමය පැතිරූ දේවතාවියක් ලෙසින් ග්‍රීක වැසියන් අතර පිලිගැනීමක් පැවතිණි.   

මැද පෙරදිග සහ යුරෝපා රටවල මාතෘත්වය අති ප්‍රබල ලෙසින් පූජනීය සහ ගෞරවණීයත්වයට පත්වූයේ ක්‍රි.පුර්ව 6-4 කාල පරාසය තුළය. එනම් මරියා මවු තුමිය කුසින් ජේසු තුමන්ගේ උපත සිදුවීමත් සමගය. කිතුනු සමාජය මරියා මවුතුමිය දේවත්වයෙන් අදහන අතර එතුමියගේ උපත සමරමින් ගෞරවාදරය දැක්වීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් 08 වැනි දින යොදාගෙන ඇත.   

තම මව වන ඇනා එම්. ජාවිස් මහත්මියට සහ ලෝකයේ අනෙකුත් සියලුම මව්වරුන්ට උපහාර දැක්වීමට තීරණය කළ දියණියක වන ඇනා මේරි ජාවිස්ගේ දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙසින් ලෝක මව්වරුන් සැමරීමේ මුල්ම උත්සවය 1908 මැයි 09 වැනි දින මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදිණි.

mothers day 

ජාවිස් මැතිනියගේ සුවිශේෂී ඉල්ලීම මත මව්වරුන්ගේ දිනය ෆෙඩරල් රජය විසින් පිළිගෙන 1914 දී එවකට සිටි ජනාධිපති වුඩ්‍රෝ විල්සන් සෑම වසරකම මැයි මස දෙවැනි සතියේ ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස නම් කරන ලෙස නිර්දේශිත පනතට සිය නිල අත්සන යොදනු ලැබිණි. මවගේ දිනයෙහි නිර්මාතෘ වන ඇනා ජාවිස් සිය සැබෑ ජිවිතයේදී කිසි දිනෙක මවක් නොවූ බවද වාර්තාවේ.  

ජාවිස් මැතිණිය 1948 නොවැම්බර් 24 වැනි දින මිය ගියාය. ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හිල් සුසාන භූමියේදී තැන්පත් කරන ලදී. එදින ග්‍රැෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට ගෞරවය පිණිස 84 වතාවක් නාද වූයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක් බැව් සනිටුහන් කිරීම පිණිසය.සුසානයට සැතපුම් හතරක් ඔබ්බෙන් පිහිටි ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි. 

මව්වරුන්ගේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරේ. ආහාරපාන, ඇදුම් පැළදුම්, ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගි බෝග පිරිනැමීම පමණක් නොව ඔවුන් විනෝද චාරිකාවන්ට සහභාගි කරවා ගැනීම ද සිදු කෙරේ. සංගීත සහ විවිධ ආගමික උත්සව ද මව්වරුන් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකිය. දුර බැහැර ප්‍රදේශයන්හි සේවයේ නිරත දූ දරුවන්, තෑගි භෝග රැගෙන සිය මවුවරුන්ගේ සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවට පත්ව ඇත. තම දරුවන් මැනවින් හදා වඩා ඔවුන් රටේ දැයේ උන්නතියට උර දීම පිණිස සමාජය වෙත යමු කිරීමට එහා ගිය සුවිසල් කාර්ය භාරයක් මව්වරුන් වෙතින් ඉටුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. දේශයේ නිවහල් භාවය රැක ගන්නට ගැමුණු කුමරුන් බිහි කළ විහාර මහා දේවිය, තම පුතු මෙහෙයවූ සේනා සංවිධානයේදී සිය පුතුගේ සෙවනැල්ලක් සේ රැඳෙමින් ගැමුණු කුමරුන් දිරිමත් කල අයුරු ඉතිහාසය අපට සිහි ගන්වයි. තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන සාම්ප්‍රදායික ආප්තෝපදේශය තුළින් ද ජනගත කෙරෙන්නේ රටක් දේශයක් යහපත් දිශානතියකට යොමු කිරීමට ඇය තුළ පවත්නා උත්තරීතර අධිෂ්ඨානශීලී ශක්තියයි. 

තාරුණ්‍යය මැකී යයි, සියලු ආදර බැඳීම් පෑල දොරින් පලා යයි. එනමුදු දරුවා වියපත් වුවද මවකගේ දරු සෙනෙහස බිඳකුදු, කෙදිනකවත් කෙලෙසකවත් නොසිඳෙන්නේය යනුවෙන් වරක් ප්‍රංශ ජාතික සාහිත්‍යධර වික්ටර් හියුගෝ (1802- 1885) පැවසීය.දරුවා කෙතරම් වියපත් වුවද මව ඔහු වෙත සෙනෙහස දල්වන්නේ, බාල කාලයේ තම ඇකයේ නැළවුණු බිළිදාට දැක්වූ සෙනෙහස විලසින්ම බව යථෝක්ත ප්‍රකාශයෙන් ගම්‍යවේ. 

මවකගේ නොපසුබස්නා වීර්යය මූර්තිමත් කෙරෙන මැක්සිම් ගෝර්කි විසින් ලියන ලද ‘‘අම්මා’’ නැමැති කෘතියේ ‘‘අම්මා’’ මැයෙන්වූ ප්‍රධාන චරිතද මෙහිදී අපට නිතැතින්ම සිහිපත්වේ. ඉතාමත් ධෛර්යවන්ත කාන්තාවකගේ චරිත ස්වභාවය කදිමට නිරූපනය කරන ‘‘නීලව්නා’’ ඒ දිරිය සම්පන්න අභීත අම්මාය. ඇගේ ස්වාමි පුරුෂයා සාමාන්‍ය කම්කරුවෙකි. නිරන්තරයෙන් බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා සාමාන්‍ය කම්කරුවෙකි. නිරන්තරයෙන් බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා තම බිරින්දෑට තලා පෙලා පමණුවන අනේක විධ වද හිංසා අපමණය. ඒ සියලු ගැහැට විඳ දරා ගනිමින් සිය එකම පුතු පෝෂණය කරමින් මැනවින් හදා වඩා ගැනීමට ඇය කාර්යශූර වුවාය.සැමියා අකාලයේ මියැදුණු පසුව ඇය සිය පුතු සමග අන්ත අසරණ භාවයට පත්වූවාය.   

තරුණ වියට එළැඹි ඇයගේ පුතු එවකට රුසියාවේ පැවැති අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීම පිණිස විප්ලවවාදී ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. තම පුතුගේ ක්‍රියාකාරකම් සඳහා සහාය දීම පිණිස ඇය වෙස්වලාගෙන ප්‍රචාරක පත්‍රිකා රහසින් ගෙන ගොස් කර්මාන්ත ශාලා සේවකයින්,ගොවීන් අතරේ බෙදා හරිමින් ඔවුන් දැනුවත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබුවාය. මේ අතර දුම්රියපොළකදී ඇය පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට පත්ව ඔවුන්ගේ කෲරවධ හිංසාවලට නොසැළී මුහුණ දුන්නේ සිය දැඩි ආත්ම ශක්තිය මැනවින් ප්‍රකට කරවමිණි.  

‘අම්මා’ කතාව පුරාම ගලා යන මේ දිරිය මවගේ චරිතය මවකගේ වීරත්වය මොනවට ඉස්මතු කර දක්වයි. මැක්සිම් ගෝර්කි ගේ සැබෑ ජීවිතයේ මව වූ වාවරා පෙෂ්කෝව් ගේ චරිතය ආශ්‍රයෙන් ‘අම්මා’ නවකතාව නිර්මාණය කරන්නට ඇතැයි අපට අනුමාණ කළ හැකිය.

mothers day

Image Source : kobo.com

mothers day 

Image Source : lankadeepa.lk

ජපානය ,මහා භාරතය වියට්නාමය, ඇමරිකාව වන්  රටවල් ගණනාවක, අම්මාවරුන්ගේ ශේෂ්ඨත්ය නිරූපණය කෙරෙන  කෞතුකාගාර ගණනාවක් ස්ථාපනය කර ඇත.එම කෞතුකාගාරයන්හි විශේෂයෙන්ම තම රට  කීර්තියට පත් කළ ප්‍රකට දේශපාලකයින්,සාහිත්‍යයධරයින් , නව්‍ය  නිෂ්පාදනයන්  ලොවට හඳුන්වාදුන් වියතුන් ලොවට බිහිකළ  අම්මා වරුන්ගේ  චරිතාපදානයන්, ඔවුන් ලද අත්දැකීම් , මුර්තීන් සහ  ඡායාරූප  මගින්  ප්‍රදර්ශනය කෙරේ.

wax-musium

ශ්‍රීලංකවේ ද මෙවන් කෞතුකාගාරයක් ස්ථාපනයකිරීමේ යෝග්‍යතාව පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශයේ සුවිශේෂී අවධානය යොමුකිරීම යුගයේ කාලීනඅවශ්‍යතාවයකි.මෙම ගින්  දේශයේ ප්‍රගමනයට උරදුන් අප්‍රකට,නන්නාදුන දැයේ වීර මාතාවන්ගේ මාතෘත්වයේ සුවද අපගේ බාල පරපුරට මැනවින් ග්‍රහණය කරගනීමට අවකාශයක් සැළසෙනු නියති.

විහාර මහා දේවිය,මහ පැරකුම්බා නිරිදුන් ගේ  මෑණියන් රත්නාවලී  බිසව, ඇහැලේපොල කුමාරිහාමි, ශ්‍රී ලංකාවේ ප්‍රථම  අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී .එස්.සේනානායක මැතිදුන්ගේ මෑණී දෝන කැතරිනා  එලිසබෙත් ගුණසේකර මැතිනිය,ඩඩ්ලි සේනානායක මෑණී මොලී දුනුවිල මැතිනිය, ජේ.අර ජයවර්ධන මෑණියන් ඇග්නස් හෙලේනා  විජේවර්ධන මැතිනිය,  එස්.ඩබ්.ආර්. ඩී.බණ්ඩාරනායක අගමැති මෑණියන් ඩේසි ඔබේසේකර මැතිනිය, ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපති මෑණියන් එන්සිනා ජයසිංහ ආරච්චි,මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මෑණියන් දැන්ඩිනා රාජපක්ෂ මැතිනිය , හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මෑණියන්  මාගාල්ලේ බළපිටියේ ලියනගේ නොච්චෝහාමි මැතිනිය,සිංහලයේ මහා ගාන්දර්ව්‍ය අමරදේව මෑණියන් මැගී වෙස්ලිනා මෙන්දිස් මැතිනිය  වන් ලංකාවේ විවිධ   කේෂ්ත්‍රයන්හි විස්කම් පෑ දරුවන් බිහි කළ අම්මාවරුන් පිලිබදව වත්මන් සමාජය දැනුවත් කිරීමට මවුවරුන්ගේ කෞතුකාගාරයකින්  ඉමහත් සේවාවක් සැලසෙනු නියතය. එසේම එමගින්  ශේෂ්ඨ පුද්ගලයින් බිහි කළ ඒ නන්නාදුනනා අම්මාවරුන් වෙනුවෙන් ඉටුකරනු ලබන නොමියෙන උපහාරයක් ද වනු නිසැකය.

mothers day

Image Source : .wikipedia

විහාර මහා දේවී

ඇහැලේපොල කුමාරිහාමි.

ඇහැලේපොල කුමාරිහාමි.   

අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිදුන්ගේ මෑණී දෝන කැතරිනා  එලිසබෙත් ගුණසේකර මැතිනිය විවාහප්‍රාප්ත දිනයේදී.

mothers day

Image Source : facebook

mothers day

Image Source : wikipedia

මව්වරුන්ගේ දිනය පමණක් නොව, වසරේ සෑම දිනයක්ම මව්වරුන් ගේ දිනය සේ සළකා දරුවන්ගෙන් මව්වරුනට ඉටුවිය යුතු යුතුකම් සපුරාලන්නට කැපවීම කෙරෙහි අප සැමගේ දැඩි අවධානය යොමුකිරීම අතිශයින් වැදගත්වේ.  

ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් (1732 – 1799) තම මව වන මේරි බෝල් වොෂිංටන් මැතිණිය අනුස්මරණය කරමින් තබන ලද කීර්තිමත් සටහනකින් මෙම ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි. 

“මා දුටු ආකර්ශනීයම කාන්තාව මගේ අම්මා. මම මගේ මවට බෙහෙවින්ම ණයගැතියි. ඇයගෙන් මට ලැබුණු සදාචාරාත්මක මග පෙන්වීම, බුද්ධිමය හා ශාරීරික අධ්‍යාපනය මගේ ජිවිතයේ සාර්ථකත්වයට හේතුවූ බැව් කෘතවේදීත්වයෙන් සනිටුහන් කරමි.”

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:motherMOTHER’S DAYමව් සෙනෙහස
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article SCATS Delegation meets new Consul General of Sri Lanka in Melbourne By -  Leelananda Ihalagamage, Secretary/Admin., SCATS SCATS Delegation meets new Consul General of Sri Lanka in Melbourne By- Leelananda Ihalagamage, Secretary/Admin., SCATS
Next Article GOOD NEWS COLLECTION MAY 2025 GOOD NEWS COLLECTION MAY 2025
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Will El Niño directly impact Sri Lanka-by Harold Gunatillake

Will El Niño directly impact Sri Lanka?by Harold Gunatillake

A Brief History of Diyatalawa-by Anton Edema

A Brief History of Diyatalawa-by Anton Edema

Bold, homegrown flavours to satisfy street food cravings: Adikted arrives onto Colombo’s food scene

eLanka Newsletter

eLanka Newsletter – 30th August 2026 – 5th Edition – Sri Lankans In Australia

hydropower recycling centre in Sri Lanka

Women-Led Hydropower Recycling Centre Sets New Circular-Economy Benchmark in Sri Lanka

Related News
Salesforce Innovation Day Colombo
Articles

Salesforce Hosts First-Ever Innovation Day in Colombo to Support Sri Lanka’s Digital Future

India–Sri Lanka Foundation
Articles

India–Sri Lanka Foundation Approves 13 Projects Worth Rs. 21 Million

Goldsmiths, University of London Partners with BCAS to Offer British Degrees in Sri Lanka
Articles

Goldsmiths, University of London Partners with BCAS to Offer British Degrees in Sri Lanka

The Brad & Kiara Show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Events and Festivals form Liverpool’s identity
Articles

Culture, Events and Festivals form Liverpool’s identity

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.