ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 1965 ජුනි 15 වන දින, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් කාර්යාලය තුළ එම්.ජේ.පෙරේරා, වින්සන්ට් පණ්ඩිත යන මහතුන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂන මණ්ඩලයයේ අසුන් ගෙන සිටිති.එක් අපේක්ෂකයෙක් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට පිටතට පැමිණේ. මීලඟ අපේක්ෂකයා කැඳවීමට සිණුව නාදවේ. රෙද්දෙන් බැනියමෙන් සැරසුණු ,පන් මල්ලක් අතැති පුද්ගලයෙක් කාමරයට පියමනී. පරීක්ෂණ මණ්ඩලය එම පුද්ගලයා කාර්යාල කාර්ය සහයකයෙක් යයි සිතා , ” ගිහිල්ල සුසිල් සිරිවර්ධන මහත්තයට එන්න කියනවා….” කාමරය දෙසින්වි ධානයක් නිකුත්වේ. ඇතුල්වූ පුද්ගලයා මුවඟ සියුම් සිනහවක් පාමින් “මම තමයි සුසිල් සිරිවර්ධන..”යනුවෙන් පිළිවදන් දෙමින් කාමරය ඇතුළට පිවිසේ. සුදු දිග දොතියකින් , සැහැල්ලු සුදු සරමකින් දෙපා රැදී හම් සෙරෙප්පු ජෝඩුවකින් සැරසී සිටි ඇදුමේ විලාශයෙන් හා අමුත්තාගේ නිහතමානී පෙනුමෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හැගී ගියේ ,සීනුවේ නාදය ඇසී කාර්යාල කාර්ය සහයකයෙක් අවශ්‍යතාව විමසීමට කාමරයට එබිකම් කළ සෙයකි. යථෝක්ත සිදුවීම අප හා පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණයට ම ,එදවස පෙනී සිටීමට පෙළ ගැසී සිටි ,ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජේෂ්ඨතමයෙක්වූ කේ.ජී.කීර්තිරත්න මහතාය. ශ්‍රීලංකා පරිපාලන සේවයේ ...
Sep 7, 2023
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්, ආනන්ද ගුරුගේ, ජනසවිය, නිරංජලා මඩුගල්ල, රණසිංහ ප්‍රේමදාස, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුළත්මුදලි, සුබා සිරිවර්ධන