News & Community eLanka

eLanka

Tuesday, 13 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 7, 2023 6:50 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 42

ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

sunil siriwardena - eLanka

Dr.Gamini Kariyawasam.1965 ජුනි 15 වන දින, රාජ්‍ය  පරිපාලන  ‍අමාත්‍යංශයේ ලේකම් කාර්යාලය තුළ එම්.ජේ.පෙරේරා, වින්සන්ට් පණ්ඩිත යන මහතුන්  ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්සන් බඳවා ගැනීමේ  සම්මුඛ පරීක්ෂන මණ්ඩලයයේ අසුන් ගෙන සිටිති.එක් අපේක්ෂකයෙක් සම්මුඛ  පරීක්ෂණයට පෙනී සිට පිටතට පැමිණේ.  මීලඟ අපේක්ෂකයා කැඳවීමට සිණුව නාදවේ. රෙද්දෙන් බැනියමෙන් සැරසුණු ,පන් මල්ලක් අතැති පුද්ගලයෙක් කාමරයට පියමනී. පරීක්ෂණ මණ්ඩලය එම පුද්ගලයා කාර්යාල කාර්ය සහයකයෙක් යයි සිතා , ” ගිහිල්ල සුසිල් සිරිවර්ධන මහත්තයට එන්න කියනවා….” කාමරය දෙසින්වි ධානයක් නිකුත්වේ. ඇතුල්වූ පුද්ගලයා  මුවඟ සියුම් සිනහවක් පාමින්    “මම තමයි සුසිල් සිරිවර්ධන..”යනුවෙන් පිළිවදන් දෙමින් කාමරය  ඇතුළට පිවිසේ. 

සුදු දිග දොතියකින් , සැහැල්ලු සුදු සරමකින්  දෙපා රැදී හම් සෙරෙප්පු ජෝඩුවකින් සැරසී සිටි ඇදුමේ විලාශයෙන් හා අමුත්තාගේ  නිහතමානී පෙනුමෙන් සම්මුඛ  පරීක්ෂණ මණ්ඩලයට හැගී ගියේ ,සීනුවේ නාදය ඇසී කාර්යාල කාර්ය සහයකයෙක් අවශ්‍යතාව  විමසීමට කාමරයට එබිකම් කළ සෙයකි.

යථෝක්ත සිදුවීම අප හා පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණයට ම ,එදවස  පෙනී සිටීමට පෙළ ගැසී සිටි  ,ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජේෂ්ඨතමයෙක්වූ කේ.ජී.කීර්තිරත්න මහතාය.      

ශ්‍රීලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක්වූ, සුසිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී,ඉකුත්  අගෝස්තු 23 වන දිනට දෙවසරක් සපිරේ. එතුමා අනුස්මරණය වෙනුවෙන්  ලියවෙන මෙම ලිපිය ,  එතුමාගේ අතිශයෝක්තියක් නොවන සරල ජාතික ඇඳුම  ,චාම්,නිහතමානී,නිහඬ  හැසිරීම් රටාව මුර්තිමත් කෙරෙන සිදුවීමකින් ආරම්භ කිරීම මැනවයි හැඟීණි.

පරිපාලන සේවයෙන් නොබැබළුණු ,පරිපාලන සේවය බැබලවූ නිලධාරියෙක් ලෙසින් ශ්‍රීලංකා පරිපාලන සේවයෙහි සුසිල් සිරිවර්ධන ශ්‍රීමතුන්ට අද්විතීය ස්ථානයක් හිමිවේ. සාමාන්‍ය ජනතාව සමඟ පැවති සුහදශීලී  සමීප  මිත්‍රත්වය සහ එතුමන්  විසින් ඉටු කරන ලද ජන මෙහෙවර , මුළු මහත් පරිපාලන සේවය බැබලවීමට,බුහුමනට   බඳුන්වීමට ඉවහල් විය.

1938 දෙසැම්බර් 09 දින  දී  සුසිල් සිරිවර්ධන ශුරීන් උපත ලබන්නේ මතුගම  ග්‍රාමයෙහිය. කුඩා විය ගත කළ, රබර්  යායකින් සෙවනිත , හාත්පස නිසළ, නිහඬ පරිසරය පිලිබදව එතුමා වරක් පැවසූ කරුණක් මෙහිදී මගේ මතකයට නැගේ.        

” භෞතික වශයෙන් විශාල අවකාශයක පැතිරී නිසළ, නිහඬ පරිසරය  මගේ මානසික වර්ධනයට බෙහෙවින් බලපෑවා සීමා රහිතව හිතන්න, සිහින දකින්න , පුළුල් චින්තන ශක්තියක් පුබුදුවා ගන්නට  බාල වියේ මා ගත කළ  ස්වභාවික පරිසරය අසීමිත ගැම්මක් ලබා දුන්නා ….”

sunil siriwardena - eLanka

සුසිල් බිළිදා  මව් සෙනෙහස හා සොහොයුරු

 උණුසුම ලබමින්.

sunil siriwardena - eLanka

දෙමාපිය යුවළ 

එංගලන්ත ප්‍රකට සරසවියක  උපාධිධාරියෙක්වූ ,  ඔබේසේකර පරපුරෙන් පැවතෙන්නෙක් වූ, එතුමා ගේ   පියා ,ඩබ්.අයි.පීරිස් මහතා  සේවය කලේ  අගලවත්ත රබර් පර්යේෂණායතනයෙහිය. අනුලා පීරිස් මැතිනිය එතුමන්ගේ මෑණියන්දෑය. එස්.ඩබ්.ආර්.ඩී . බණ්ඩාරනායක මැතිතුමා ගේ  මව සහ    සුසිල් සිරිවර්ධන මහතාගේ පියාගේ  මව ( මිත්තණිය ) එක කුස හොත්  සහෝදරියන් වුහ.

sunil siriwardena - eLanka

සුසිල් තුරුණු වියේදී සිය සොයුරු ප්‍රියංග සහ

  සොයුරි මල්කාන්තිය සමග ප්‍රමෝදයෙන්….

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලබද්දී ,එහි ගුරු මණ්ඩලයෙහි සේවය කළ විනී විතාරණ, සඳදත් කෝප හේවා වන්  හෙළ බසෙහි ප්‍රවීනයන් ගේ ඇසුර ලබන්නට මෙතුමා ට අවස්ථාව සැලසිණි. 

1957 වසරේදී  එතුමන් බ්‍රිතාන්‍යයේ  ඔක්ස්ෆර්ඩ් සරසවි වරම් හිමිකර ගනී.එහි අධ්‍යාපනය ලබන සමයේ සංස්කෘතිය, චිත්‍රපට, නාට්‍ය ,සාහිත්‍යය, සංගීතය වන් සෞන්දර්ය කාමී විෂයයන්  කෙරෙහි ද ඔහු සුවිශේෂී  ලැදියාවක් දැක්වීය.

sunil siriwardena - eLanka

ලලිත් ඇතුළත්මුදලි හා ලක්ෂ්මන් කදිරගාමර් ඔක්ස්ෆර්ඩ්හි මෙතුමන් ගේ සමකාලීන ජ්‍යෙෂ්ටයෝ  වූහ. 1961 දී  උපාධිය ලබා යළි සිය රට පැමිණි මෙම තරුණයාගේ   ප්‍රධාන අභිලාශය වුයේ ,ලංකාවේ ජන ජීවිතය පිලිබදව සමීප, ගැඹුරු අධ්‍යයනයක නියැලීමයි. ඒ සදහා හොදම  උපාය මාර්ගය සාමාන්‍ය  ගුරුවරයෙක් ලෙස  දුෂ්කර පළාතකට ගොස්  ඉගැන්වීම  බවට  ඔහු සිත්හී තදබල විශ්වාසයක් පැවැතිණි .ඒ අවධියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස රාජකාරියේ නියුතුව සිටි  ආනන්ද ගුරුගේ මහතා මුණ ගැසී, උතුරුමැද පළාතට  ගුරු පත්වීමක් ලබා ගැනීමට කටයුතු කළේය. ඔහුගේ ධනයෙන් ඔහුට පහසුවෙන් අනුරාධපුරයේ සුඛෝපභෝගී දිවියක් ගත කළ හැකිව තිබුනද , ඔහු මධ්‍යම විද්‍යාල නේවාසිකාගාරයෙහි නේවාසිකව  ගුරුවරුන් හා සිසුන් සමඟ එකට දිවි ගෙවීය.

ගුරු සේවයෙන්  මුළු රටටම බලපානා සුළු සමාජ ප්‍රතිසංස්කරණයක් කිරීම අපහසු බැව් , කලකට පසුව ඔහුට අවබෝධ විය.සිය අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගත හැකි   ප්‍රශස්තම මාවත පරිපාලන සේවයට පිවිසීමෙන් විවර කර ගත හැකි බව ඔහුට හැඟිණි. ඒ අනුව 1963 වසරේ ශ්‍රී  ලංකා පරිපාලන සේවයේ විවෘත තරඟ විභාගයට අයදුම් කිරීමට ඔහු පෙළඹිණි. හෙතෙම මෙම විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා  ලෙසින් සාමාර්ථය ලබා ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසේ.

sunil siriwardena - eLanka

නව මසක පමණ කාලයක් විවිධ රාජ්‍ය  ආයතනයන්හී පුහුණුවෙන් අනතුරුව සුසිල් සිරිවර්ධනයන්ට  ඉඩම් අමාත්‍යාංශයට පළමු පත්වීම ලැබිණි.ගොවිජන පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ  ලෙසින්  රාජ්‍ය  සේවයෙහි නිරතව සිටි අවධියේ , අනුරාධපුරේ පොඩි ලකී නම් ඔහු වෙතින් සිප්සතර හදාළ   ගෝලයෙක් අමුතු පණිවිඩයක් රැගෙන ඔහු හමුවට පැමිණියේය. එහි ප්‍රතිපලයක් ලෙසින් , එක්තරා මැදියම්රැ යක කතරගම හේනකදී ඔහුට ජීවිතයේ ප්‍රථම වරට රෝහණ විජේවීර මුණ ගැසෙයි.තරුණ අසහනය, තරුණ ගැටළු සඳහා පිළියම් සොයන , සමාජ මෙහෙයුමකට සම්බන්ධ වීමට විජේවීරයන් මෙම රාජ්‍ය  නිලධාරියාට ඇරයුම් කළේය.   එතැන් පටන් ජාතික විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන වෙනුවෙන් ,මෙම පරිපාලන වේදියාගේ අනුග්‍රහය හිමිවේ.එහි ප්‍රතිපලයක් ලෙසින් ,1971 මැයි මාසයේදී ඔහු රහස් පොලිස්  අත්අඩංගුවට පත්වේ. කැරැල්ලට සම්බන්ධ වූවන්ට එරෙහිව පැවති   නඩුවේ  මොහු වෙත  24 වැනි සැකකරු ලෙසින් චෝදනා ගොණු කෙරිණි. අධිකරණ තීන්දුව මත ,ඔහුට වසර  හතරහමාරක් බන්ධනාගාර ගත වීමට සිදු විය. ඊට සමගාමීව රජයේ  සේවයෙන් පහ කළ  බව දැක්වෙන ලිපිය ද ඔහු අතට පත්වේ. ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ  රජය යටතේ සමාව ලබන මොහුට යළි පරිපාලන සේවයට ඇතුල් වීමේ භාග්‍ය  හිමිවේ. 

මෙම ප්‍ර බුද්ධ,සරල ,නිහතමානී  මිනිසාගේ හැකියාවන් පිලිබදව ඉව වැටුණු රණසිංහ ප්‍රේමදාස මැතිදුන්, සුසිල් සිරිවර්ධන  පරිපාලන වේදියා , නිවාස අධිකාරියේ නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී  ලෙස පත් කිරීමට පෙළඹේ. අනතුරුව හේ  නිවාස අධිකාරියේ  සභාපති තනතුරට උසස් වීමක් ලබයි.1989 දී  ප්‍රේමදාස මැතිදුන්  ජනාධිපති ධුරයට පත් වීමෙන්ප සුව ,ඔහු  ජනසවිය කොමසාරිස් තනතුරට පත් කෙරේ. එතුමා විවාහපත් වන්නේ උඩුදුම්බර මඩුගල්ල වලව්වේ නිරංජලා මඩුගල්ල මෙනෙවිය සමගිනි .

sunil siriwardena - eLanka

sunil siriwardena - eLanka

එදා එම යුවලගේ  පුංචි කැදැල්ල ආලෝකමත් කළ,  සිගිති දියණිය සුබා සිරිවර්ධන ,අද කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියකි.

ග්‍රාමීය  ආර්ථිකයට නැවුම්  පුනර්ජීවනයක් ලබාදීම උදෙසා   වෘත්තීය පුහුණුව  ජනසවියට ඇතුළත් කිරීමට හෙතෙම ක්‍රමවේදයක් සැලසුම් කළේය.එසේම   ප්‍රාදේශිය මට්ටමින් නිවාස වැඩසටහන් වලට අනුයුක්ත  විවිධ ආයතන වල සේවය කරන නිලධාරීන් එක අරමුණක් කරා යොමු කිරීම කෙරෙහි ද හෙතෙම සුවිශේෂී උනන්දුවක් දැක්වීය. ඒ සදහා ප්‍රජා මූලික සංවර්ධන ක්‍රියාදාමය මෙහෙය වීමට  නිලධාරීන් පුහුණු කිරීමේ නව්‍ය වැඩපිළිවෙල හදුන්වා දුනි. ප්‍රජාව සමග සමීප  සංහිඳියාවකින් කටයුතු කර, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයයන් හදුනා ගැනීමේ අපුර්ව හැකියාව එතුමන්ගේ පෞරුෂයෙන් පිළිබිඹු විය. හදුනා ගත්  ජන අවශ්‍යතා කඩිනමින්  සපුරා දීමට හැකි යාන්ත්‍රණයක් හේ නිර්මාණය කළේය., ප්‍රජාවගේ  ස්වශක්තිය දියුණු කිරීමේ සංකල්පය,ප්‍රයෝගික යථාර්තයක් බවට පමුණුවාලීය.  සාමුහිකව ප්‍රජා සහභාගිත්වය සහිතව, අවම රාජ්‍ය වියදමකින්, අප ව්‍යුහය පහසුකම් සංවර්ධනය කර එහි ප්‍රතිලාභ  ජනතා උරුමයන්බ වට පත් කිරීමට හැකි පරිදි එතුමා ජනසවිය ඉදිරියට මෙහෙයවීය.‘ජනසවිය’ හිටපු ජනාධිපති ප්‍රේමදාස රණසිංහ මැතිතුමාගේ  සංකල්පයක්  මත නිර්මාණය වුවද , එය ප්‍රායෝගික  වැඩපිළිවෙළක් බවට පත් කළ නියමුවා වූයේ සුසිල්සි රිවර්ධන ශුරීන්ය.

සුසිල් සිරිවර්ධන ශුරීන් තම  හෘද සාක්ෂියට එකඟව රාජකාරි ඉටු කිරීමේ හා වැරදි දේශපාලන තීරණයන්ට එරෙහිව අභීතව විරුද්ධ වීමේ උත්තරීතර ස්වභාවය සනාත කෙරෙන, මා සියැසින් දුටු සිදුවීමක් මෙහිදී සිහිපත්වේ.  ප්‍රේමදාස ජනාධිපති තුමාගේ අභාවයෙන් පසුව පවා සුසිල් සිරිවර්ධන මහතා   නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසින්  සේවයෙහි නිරතව සිටියේය. එවකට නිවාස හා  ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ  සිරිසේන කුරේ මැතිතුමා ගේ   ප්‍රධානත්වයෙන් සෙත්සිරි පායේ රැස්වීමක් පැවැත්වෙමින් තිබිණි. ඇමැතිතුමාගේ කිසියම් යෝජනාවකට එකහෙළාම විරුද්ධවූ සුසිල් සිරිවර්ධන මහතා ,   “ඇමතිතුමෝ මං වැඩ කරන්නෙ මෙන්න මෙතැනට එකඟව” කියලා තම ළය මත සිය සුරත තබා පෙන්වමින් ,ලිපි ගොණු  සහිත  පන් මල්ලත් රැගෙන රැස්වීමෙන් බැහැරව ගියේ,සැනෙකින්  සිය  ඉල්ලා අස්වීමේ ලියුම ලියා  ඇමැතිතුමාට භාර දෙමිණි.

මෙම ලිපිය හරවත් කරන්නට,සුසිල් සිරිවර්ධන පවුලේ දුර්ලභ සේයා රූ කිහිපයක් ලබා දීමට කරුණිකවූ, එතුමානන් දියණී  සුභා සිරිවර්ධන වෛද්‍යතුමියට,මෙහිදී  අපගේ ඉමහත් කෘතවේදීත්වය හිමිවේ.

මානව හිතවාදීත්වයෙන් , අව්‍යාජත්වයෙන්  පිරිපුන්,වත්මන් පරිපාලන සේවා වෘත්තිකයන්ට නිතැතින් ම  පුර්වාදර්ශයක් විය යුතු, සුසිල් සිරිවර්ධන ශුරීන් දැයෙන් සමු ගෙන දෙවසරක් සපිරෙන මොහොතේ ,අප එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.  

ආචාර්ය ගාමිණී කාරියවසම්.  

gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ආනන්ද ගුරුගේජනසවියනිරංජලා මඩුගල්ලරණසිංහ ප්‍රේමදාසලක්ෂ්මන් කදිරගාමර්ලලිත් ඇතුළත්මුදලිසුබා සිරිවර්ධන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Elanka newsletter eLanka Newsletter – 6th September 2023 – 2nd Edition – Sri Lankans In Australia
Next Article Triumphant Sri Lanka grab a piece of history with first ever emphatic series win over England. - BY TREVINE RODRIGO IN MELBOURNE  (Elanka Sports Editor) Triumphant Sri Lanka grab a piece of history with first ever emphatic series win over England. – BY TREVINE RODRIGO IN MELBOURNE  (Elanka Sports Editor)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Farewell Antoinette, Rest Gently in The Arms Of Your Saviour Jesus Christ By Lawrence Machado

Dulux 1

AkzoNobel Sri Lanka Honours Valued Dulux Painter Community with “Pintharu Pranama”

anura kumara

First Two Years in Power: Reform or Repeat – Paradox of the NPP-by KKS Perera

Building through the Challenges: Why Construction Matters to Sri Lanka’s Economic Future

Building through the Challenges: Why Construction Matters to Sri Lanka’s Economic Future

Yaden Laboratories Makes History at CPHI Europe 2026

Yaden Laboratories Becomes the First Sri Lankan Pharma Manufacturer to Exhibit at CPHI Europe in Milan

Related News
Colombo West International Terminal
Articles

Colombo West International Terminal Hits Two Million Containers in 18 Months, a Port of Colombo Speed Record

Sri Lanka’s First 3D Animated Film Debuts in Italy
Articles

Sri Lanka’s First 3D Animated Feature ‘The Secret of the Moonstone’ Debuts at the VIEW Conference in Italy

Sri Lanka Leading Wellness Destination
Articles

Sri Lanka Named Leading Wellness Destination at the 10th South Asian Travel Awards in the Maldives

Rumesh Tharanga Asian Games Gold
Articles

Sri Lanka Welcomes Home Rumesh Tharanga, the Country’s First Asian Games Javelin Gold Medallist

Articles Trevine Rodrigo

Asanga Senewiratne blasts out of touch sports administrators in Sri Lanka. Sorry Asian Games return underlines the the urgent focus on sports development techniques.BY TREVINE RODRIGO IN MELBOURNE.(eLanka Sports Editor)

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.