Mother ( අම්මා ) – By Gamini Kariyawasam ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය – ” අම්මා ” ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 14වන දිනට යෙදේ.නිවසේ,වැඩබිමේ,සිටින මව්වරුන් මෙන් ම තනිකඩව හුදකලාවේ ගැලී සිටිනා සමාජයේ සෑම තරාතිරමකම මව්වරුන්ගේ සමාජ දායකත්වය හඳුනා ගැනීම 2023 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත. දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා,දෙවියන් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ පැතිර පවතී. මවක් දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට තම දරුවා වෙනුවෙන් ඉටු කළන හැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි. මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවීයෙකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණිය නිර්මාතෘත්වය මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් තුළ කුස දරා සිටිනා කාලය පුරාවට,බිහිවන දරුවා ගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින් පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේ ද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප‍්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ ගනිමිණි..දරුවා බිහි කරත්ම ,දරුවා වෙනුවෙන් ඇය හද පත්ලෙන් මතු වන හෘදයංගමඅසීමිත සෙනෙහසින්, ඇය සිරුරේ දිවෙනා රත් පැහැ රුධිරය ශ්වේත වර්ණමව් කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි. කිරෙන් බරවූ පියයුරෙහිතුඩු ඇය සිය බිළිදාගේ සුසිනිදු දෙතොල් ...