News & Community eLanka

eLanka

Wednesday, 14 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Mother ( අම්මා ) – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

Mother ( අම්මා ) – By Gamini Kariyawasam

eLanka admin
Last updated: May 22, 2023 4:18 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 57

Mother ( අම්මා ) –  By Gamini Kariyawasam

ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය – ” අම්මා ” 

mother elanka

 Gamini Kariyawasam - elankaජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 14වන දිනට යෙදේ.නිවසේ,වැඩබිමේ,සිටින මව්වරුන්  මෙන් ම තනිකඩව  හුදකලාවේ ගැලී සිටිනා සමාජයේ සෑම තරාතිරමකම මව්වරුන්ගේ සමාජ දායකත්වය හඳුනා ගැනීම 2023 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා,දෙවියන්  තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ පැතිර   පවතී. මවක්  දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට  තම දරුවා වෙනුවෙන් ඉටු කළන හැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි.

මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවීයෙකුම බිහි කිරීමේ

උදාර කර්තව්‍යයේ ගෞරවණිය නිර්මාතෘත්වය  මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් තුළ කුස දරා සිටිනා කාලය පුරාවට,බිහිවන දරුවා ගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින්  පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේ ද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප‍්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ  ගනිමිණි..දරුවා බිහි කරත්ම ,දරුවා වෙනුවෙන් ඇය  හද පත්ලෙන් මතු වන  හෘදයංගමඅසීමිත සෙනෙහසින්, ඇය සිරුරේ දිවෙනා   රත් පැහැ රුධිරය ශ්වේත වර්ණමව්  කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි.   කිරෙන් බරවූ පියයුරෙහිතුඩු  ඇය  සිය බිළිදාගේ   සුසිනිදු දෙතොල් අතර රදවන්නේ,බිළිදා හිස ඇගිළි තුඩින්  පිරිමදිමින් අසීමිත දයාවක්  සිය සන්තානයෙහි දරාගෙනය .මෙම නිමේෂය බිළිදාගේ කායික පෝෂණය  මෙන්ම මානසික වර්ධනය උදෙසා අතිශයින්ම හේතු කාරක වන බව නුතන වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇත. 

බුදුන් වහන්සේ  මාපිය උපස්ථානය මංගල කාරණාවක් සේ දැක්වූ  සේක.යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව වසල සුත්‍රයෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ තරම් මවගේ පියාගේ  අගය, වටිනාකම ධර්මානුකූලව විග‍්‍රහ කළ වෙනත් ශාස්තෘවරයෙක් මිහිපිට නොමැති තරම්ය.      

යුරෝපයෙහි මාතෘත්වයට  ප්‍රණාමය දැක්වීමේ ප්‍රවණතාව  ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට පුර්වයෙහි  ග්‍රීක රෝම යුගයන් දක්වා ඈත අතීතයට දිවයයි. එම යුගයේ මවුවරුන්ගේ අධිපති දෙවගන ලෙසින් රියා දෙව්දුව මවුවරුන් අතර ඉහලම ගෞරවයට බදුන්වූ බැව් පැවසේ. 

තම මව වන ඇනා එම් ජාවිස් මහත්මියට සහ ලෝකයේ අනෙකුත් සියලුම මව්වරුන්ට උපහාර දැක්ව මට තීරණය කළ දියණියක වන ඇනා මේරි  ජාවිස්ගේ දැඩි  අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙසින්  ලෝක මව්වරුන් සැමරීමේ මුල්ම උත්සවය 1908 මැයි 09 වන දින මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදිණි.ජාවිස් මැතිණිය1948 නොවැම්බර් 24 වන දින මිය ගියාය. ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හිල් සුසාන භූමියේදී තැන්පත් කරන ලදී. එදින  ග්‍රැෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට  ගෞරවය පිණිස 84 වතාවක් නාද වුයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක්  බැව්  සනිටුහන් කිරීම පිණිසය. සුසානයට  සැතපුම් හතරක් ඔබ්බෙන් පිහිටි  ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි.

මව්වරුන්ගේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස  විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරේ. ආහාරපාන ,ඇදුම්පැළදුම්,ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගිබෝග පිරිනැමීම පමණක් නොව ඔවුන් විනෝද චාරිකාවන්ට සහභාගී කරවා ගැනීම ද සිදු කෙරේ. සංගීත සහ විවිධ  ආගමික උත්සව ද මව්වරුන් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකිය. දුර බැහැර ප්‍රදේශයන්හි  සේවයෙහි නිරත දුදරුවන් ,තෑගිභෝග රැගෙන සිය මවු වරුන්ගේ  සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ   සම්ප්‍රදායික චාරිත්‍රයක්  බවට පත්ව  ඇත.

mother elanka

තම දරුවන් මැනවින් හදා වඩා,ඔවුන්  රටේ දැයේ උන්නතියට උර දීම පිණිස සමාජය වෙත යමු කිරීට එහා ගිය සුවිසල් කාර්ය භාරයක් මව්වරුන් වෙතින් ඉටුවන බව විශේෂයෙන් සදහන් කළ යුතුවේ.  දේශයේ  නිවහල් භාවය   රැක ගන්නට  ගැමුණු කුමරුන් බිහි කළ විහාර මහා දේවිය,තම පුතු  මෙහෙයවූ සේනා සංවිධානයේදී  සිය පුතුගේ සෙවනැල්ලක් සේ රැදෙමින් ගැමුණු කුමරුන්  දිරිමත් කළ  අයුරු ඉතිහාසය අපට සිහි ගන්වයි.  තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන  සම්ප්‍රදායික ආප්තෝපදේශය තුළින් ද ජනගත කෙරෙන්නේ රටක් දේශයක් යහපත්දි ශානතියකට යොමු කිරීමට ඇය තුළ  පවත්නා  උත්තරීතර අධිෂ්ටානශීලී ශක්තියයි.

“තාරුණ්‍යය මැකී යයි; සියලු  ආදර බැදීම්  පෑල දොරින් පලා යයි.එනමුදු දරුවා  වියපත් වුවද මවකගේ දරු  සෙනෙහස බිදකුදු , කෙදිනවක වත්  කෙලෙසකවත්  නොසිදෙන්නේය.…” යනුවෙන් වරක්   ප්‍රංශ ජාතික සාහිත්‍යධර  වික්ටර් හියුගෝ ( 1802- 1885 ) පැවසීය . දරුවා කෙතරම්   වියපත් වුවද  මව ඔහු  වෙත සෙනෙහස  දල්වන්නේ , බාල කාලයේ තම ඇකයේ නැළවුණු බිළිදාට   දැක්වූ සෙනෙහස  විලසින්ම  බව යථෝක්ත ප්‍රකාශයෙන් ගම්‍යවේ.

මවකගේ  නොපසුබස්නා වීර්යය මූර්තිමත් කෙරෙන, මැක්සිම් ගෝර්කි විසින් ලියන ලද “අම්මා”නමැති කෘතියේ ‘අම්මා’ මැයෙන්වූ  ප්‍රධාන චරිතය ද මෙහිදී අපට නිතැතින්ම සිහිපත්වේ. ඉතාමත්  ධෛර්යවන්ත කාන්තාවකගේ චරිත ස්වභාවය කදිමට නිරූපනය කරන.‘නීලව්නා’, ඒ දිරිය සම්පන්න අභීත අම්මාය.ඇගේ ස්වාමිපුරුෂයා සාමාන්‍ය  කම්කරුවෙකි. නිරන්තරයෙන්  බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා තම බිරින්දෑට  තලා පෙලා පමුණුවන අනේක විධ වද හිංසා අපමණය. ඒ සියලු ගැහැට  විද දරා ගනිමින් සිය එකම පුතු පෝෂණය කරමින් මැනවින් හදා වඩා ගැනීමට ඇය කාර්යශුර වුවාය.සැමියා අකාලයේ මියැදුණු පසුව ඇය සිය පුතු සමග අනන්ත අසරණ භාවයට පත්වූවාය. තරුණ වියට එළබි ඇයගේ පුතු,  එවකට රුසියාවේ පැවති  අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීම පිණිස    විප්ලවාදී ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. තම පුතුගේ ක්‍රියාකාරකම් සදහා සහය දීම පිණිස ඇය  වෙස්වලාගෙන   ප්‍රචාරක පත්‍රිකා රහසින් ගෙන ගොස්  කර්මාන්ත ශාලා සේවකයින් , ගොවීන් අතරේ බෙදා හරිමින් ඔවුන් දැනුවත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබුවාය. මේ අතර  . දුම්රියපොළකදී ඇය  පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට පත්ව  ඔවුනගේ කෘර වධ හිංසාවලට නොසැළී  මුහුණ දුන්නේ සිය දැඩි ආත්ම ශක්තිය මැනවින් ප්‍රකට කරවමිණි.  

“අම්මා “. කතාව පුරාම ගලා යන මේ දිරිය මවගේ චරිතය, මවකගේ වීරත්වය මොනවට ඉස්මතු  කර දක්වයි. මැක්සිම් ගෝර්කි ගේ සැබෑ ජීවිතයේ මවවූ වාවරා පෙෂ්කෝව් ගේ චරිතය ආශ්‍රයෙන් “අම්මා” නවකතාව නිර්මාණය කරන්නට ඇතැයි අපට අනුමාණ කළ හැකිය.

ජපානය ,මහා භාරතය වියට්නාමය, ඇමරිකාව වන්  රටවල් ගණනාවක, අම්මාවරුන්ගේ   ශේෂ්ඨත්ය නිරූපණය කෙරෙන  කෞතුකාගාර ගණනාවක් ස්ථාපනය කර ඇත.එම කෞතුකාගාරයන්හි විශේෂයෙන්ම තම රට  කීර්තියට පත් කළ ප්‍රකට දේශපාලකයින්,සාහිත්‍යයධරයින් , නව්‍ය  නිෂ්පාදනයන්  ලොවට    හඳුන්වාදුන් වියතුන් ලොවට බිහිකළ  අම්මා වරුන්ගේ  චරිතාපදානයන්, ඔවුන් ලද අත්දැකීම් , මුර්තීන් සහ  ඡායාරූප  මගින්  ප්‍රදර්ශනය කෙරේ.

wax musium - elanka

ශ්‍රීලංකාවේ ද මෙවන් කෞතුකාගාරයක් ස්ථාපනයකිරීමේ යෝග්‍යතාවපිළිබඳවසංස්කෘතික අමාත්‍යංශයේ සුවිශේෂී අවධානය යොමුකිරීම යුගයේකාලීනඅවශ්‍යතාවයකි.මෙම ගින්දේශයේප්‍රගමනයට උරදුන් අප්‍රකට,නන්නාදුන දැයේ වීර මාතාවන්ගේ මාතෘත්වයේ සුවදඅපගේ බාල පරපුරට මැනවින් ග්‍රහණය කරගනීමට අවකාශයක් සැසනු නියති.

විහාර මහා දේවිය,මහ පැරකුම්බා නිරිදුන් ගේ  මෑණියන් රත්නාවලී  බිසව,  ශ්‍රී ලංකාවේ ප්‍රථම  අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී .එස්.සේනානායක මැතිදුන්ගේ මෑණී කැතලින් එලිසබෙත් ගුණසේකර මැතිනිය, ජේ.අර ජයවර්ධන මෑණියන්  ඇග්නස් හෙලන් විජේවර්ධන මැතිනිය,  එස්.ඩබ්.ආර්. ඩී.බණ්ඩාරනායක අගමැති මෑණියන් ඩේසි ඔබේසේකර මැතිනිය, ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපති මෑණියන් එන්සිනා ජයසිංහ ආරච්චි,මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මෑණියන් දැන්ඩිනා රාජපක්ෂ මැතිනිය , හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මෑණියන්ලි යනගේ නොච්චිහාමි මැතිනිය,සිංහලයේ මහා ගාන්දර්ව්‍ය අමරදේව මෑණියන් මැගී වෙස්ලිනා මෙන්දිස් මැතිනිය  වන් ලංකාවේ විවිධ   කේෂ්ත්‍රයන්හි විස්කම් පෑ දරුවන් බිහි කළ අම්මාවරුන් පිලිබදව වත්මන් සමාජය දැනුවත් කිරීමට මවුවරුන්ගේ කෞතුකාගාරයකින්  ඉමහත්සේ වාවක් සැලසෙනු නියතය. එසේම එමගින්  ශේෂ්ඨ පුද්ගලයින් බිහි කළ ඒ නන්නාදුනනා අම්මාවරුන් වෙනුවෙන් ඉටුකරනු ලබන නොමියෙන උපහාරයක් ද වනු නිසැකය.

The Woman Behind Mother's Day, Anna M Javis - elanka

ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති   ජෝර්ජ් වොෂින්ටන් (17321799)  තම මව වන මේරි බෝල්  වොෂිංටන් මැතිණිය  අනුස්මරණය කරමින්  තබන ලද කීර්තිමත් සටහනකින් මෙම විශේෂිත  ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි.“මා දුටු ආකර්ශනීයම  කාන්තාව මගේ අම්මා. මම මගේ මවට බෙහෙවින් ම ණයගැතියි. ඇයගෙන් මට ලැබුණු සදාචාරාත්මක මග පෙන්වීම , බුද්ධිමය හා ශාරීරික අධ්‍යාපනය  මගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ බැව් කෘතවේදීත්වයෙන් සනිටුහන් කරමි. ” –

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.  

 gaminee@gmail.com

               gamini kariyawasam - elanka                                              

TAGGED:Happy Mother' day
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article happy mothers day - elanka A Mother’s “Never Ending” Daily Routine. – By Noor Rahim
Next Article The Ryman Auditorium Mother Church of Country Music & The Grand Ole Opry House – By eLanka - elanka The Ryman Auditorium “Mother Church of Country Music” & The Grand Ole Opry House – by eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Janani Dananjana Wickramasinghe at Asian Para Games 2026

Janani Dananjana Wickramasinghe Carries Sri Lanka’s Medal Hopes in Three Events at the Asian Para Games 2026

Sri Lanka U19 Women

Limansa Thilakarathna and Sanjana Kavindi Lead Sri Lanka U-19 Women Past Pakistan for a Fourth Straight Win

Commercial Bank 200th STEM classroom

Commercial Bank Opens Its 200th STEM Classroom at Agamethi Balika Maha Vidyalaya in Panadura

Kithulgala Balsam

From a Social Media Photo to a New Species: Sri Lankan Researchers Record the Kithulgala Balsam

Kusal Mendis 87 vs Pakistan

Kusal Mendis’ Career-Best 87* Powers Sri Lanka to Eight-Wicket Win Over Pakistan in the Third T20I

Related News
Dr Dinesh Palipana Community Champion
Articles

Dr Dinesh Palipana Honoured as a Community Champion at Sri Lanka Day 2026 in Brisbane

Sri Lanka vs Pakistan T20 Series 2026
Articles

Watch Sri Lanka vs of Pakistan T20 series – October 2026

Tourism
Articles Dr Harold Gunatillake

Remittances and tourism are increasing; however, they alone cannot sustain Sri Lanka’s future development-by Harold Gunatillake

Articles Lawrence Machado

Farewell Antoinette, Rest Gently in The Arms Of Your Saviour Jesus Christ By Lawrence Machado

Dulux 1
Articles

AkzoNobel Sri Lanka Honours Valued Dulux Painter Community with “Pintharu Pranama”

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.