ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Dr.Gamini Kariyawasam ලොව සුපතල පුදුම හත පිළිබදව අප කොතෙකුත් අසා ඇත.අනන්තවත්  කියවන්නට ලැබී ඇත. එනමුදු ලොව මවිත කරවන සුළුවූ එම  පුදුම නිර්මාණයන් සිදුකළ ග්‍රීක හා ඊජිප්තු ජාතිකයන් සතුව පැවති ධෛර්යය , සෞන්දර්ය කාමීත්වය මෙන්ම  ඒ හා සබැඳි තාක්ෂණික ඥානය පිළිබඳව කිසිවිටෙක  සොයා නොබැලූ  සෙයක්   හැ.ඟේ . උසස් යැයි සම්මත මානවයා ඈත අතීතයේ පටන් විස්මයජනක අපූර්ව  නිර්මාණ බිහි කරන්නට සිය නැණස සහ ශ්‍රමය මෙහෙයවුහ .ඔවුන්ගේ එම නිර්මාණ කුසලතාවයන් නිරීක්ෂණය කිරීමේදී,තාක්ෂණික උපකරණ නොතිබූ යුගයක  ඔවුන්ට මිනිස් මොලයෙන් සහ සිය ශ්‍රමයෙන් මෙවන් විසල් විස්මිත නිමැවුම් කළ හැකිවිණිදැයි සිතෙන තරමටම විමතියක් අප සිත්හි පැන නැගේ.එම නිසාම තත් නිමැවුම් ලොව පුදුම හත ලෙසින් සැලකීමට ලෝක ප්‍රජාව  පෙළඹුණහ. පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය, එහි විධිමත්  ව්‍යුහමය   ලක්ෂණයන්ගෙන්  හා සැරසිලි යන අංශයන්  ද්වයෙන් ම සමතුලිතව  ඉස්මතුව  පෙනේ. සෑම ගොඩනැගිල්ලක්ම භූ දර්ශනය තුළ මූර්තිමය අංගයක් විලසින්  පිළිඹිබුවේ. බොහෝ විට ඔවුන්ගේ නිර්මාණයන්  උස් බිමක මතු කර ඇති අතර එමඟින්  ගොඩනැගිල්ල ...

Read More →