News & Community eLanka

eLanka

Sunday, 20 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Gamini Kariyawasam

eLanka admin
Last updated: August 19, 2023 3:17 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 39

ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Dr.Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

chocolate fudge with cashew - eLanka

ලොව සුපතල පුදුම හත පිළිබදව අප කොතෙකුත් අසා ඇත.අනන්තවත්  කියවන්නට ලැබී ඇත. එනමුදු ලොව මවිත කරවන සුළුවූ එම  පුදුම නිර්මාණයන් සිදුකළ ග්‍රීක හා ඊජිප්තු ජාතිකයන් සතුව පැවති ධෛර්යය , සෞන්දර්ය කාමීත්වය මෙන්ම  ඒ හා සබැඳි තාක්ෂණික ඥානය පිළිබඳව කිසිවිටෙක  සොයා නොබැලූ  සෙයක්   හැ.ඟේ . උසස් යැයි සම්මත මානවයා ඈත අතීතයේ පටන් විස්මයජනක අපූර්ව  නිර්මාණ බිහි කරන්නට සිය නැණස සහ ශ්‍රමය මෙහෙයවුහ .ඔවුන්ගේ එම නිර්මාණ කුසලතාවයන් නිරීක්ෂණය කිරීමේදී,තාක්ෂණික උපකරණ නොතිබූ යුගයක  ඔවුන්ට මිනිස් මොලයෙන් සහ සිය ශ්‍රමයෙන් මෙවන් විසල් විස්මිත නිමැවුම් කළ හැකිවිණිදැයි සිතෙන තරමටම විමතියක් අප සිත්හි පැන නැගේ.එම නිසාම තත් නිමැවුම් ලොව පුදුම හත ලෙසින් සැලකීමට ලෝක ප්‍රජාව  පෙළඹුණහ.

පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය, එහි විධිමත්  ව්‍යුහමය   ලක්ෂණයන්ගෙන්  හා සැරසිලි යන අංශයන්  ද්වයෙන් ම සමතුලිතව  ඉස්මතුව  පෙනේ. සෑම ගොඩනැගිල්ලක්ම භූ දර්ශනය තුළ මූර්තිමය අංගයක් විලසින්  පිළිඹිබුවේ. බොහෝ විට ඔවුන්ගේ නිර්මාණයන්  උස් බිමක මතු කර ඇති අතර එමඟින්  ගොඩනැගිල්ල සහ  හාත්පස භූමි භාගය සමානුපාතිකව  ආකර්ෂණයට බඳුන් වේ.

, සමබරතාවය හා සමානුපාතිකය මත පදනම් වූ වාස්තු විද්‍යාත්මක අලංකරණ ග්‍රීක සංකල්පය එම නිර්මාණයන්ට සජීවි භාවයක් ආරෝපණය කිරීමට සමත්වේ.

           නිර්මාණාත්මක සෞන්දර්යයමය  ආකර්ෂණයෙන් අනූන ලොව සුපතල ඉපැරණි පුදුම හතෙහි ඉතිහාසය ක්‍රි.පූර්ව  යුග දක්වා  දුරාතීතයට විහිදේ. මුල් වරට ලොව පුදුම හත පිලිබදව ලිඛිත සදහනක් දක්නට ලැබෙන්නේ ,ක්‍රි.පූ 225 දී බයිසැන්තියම් හි ෆිලෝ විසින් රචිත ඔන් ද සෙවන් වොන්ඩර්ස් නම් කෘතියෙහිය.

කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ,ඉතිහාසයේ  පියා ලෙස සැලකෙන හෙරඩෝටස්, මුලින්ම ලෝකයේ පුදුම හත නම් කළ තැනැත්තා ලෙස සැලකේ.

හෙරඩෝටස්

ඔහු එය පෙළ ගැස්වුයේ  ක්ලොසස් හි රාඩෝස් ප්‍රතිමාව ,   මිසරයේ ගීසාහී  පිරමීඩය, බැබිලෝනියාවේ  එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව,   ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය, හාලිකනාසස් සොහොන්ගෙය,ආටෙමීස් දේව මාලිගාව  යන අනුපිළිවෙලිණි.. වර්තමානයේ යථෝක්ත පුදුම  හත අතරින් සුරැකී පවතින්නේ ගීශාහි පිරමිඩය පමණි.සෙසු ස්මාරක භුමි කම්පා සහ යුද්ධ නිසා විනාශයට පත්ව ඉතිරිව ඇත්තේ ඒවායේ නටබුන් පමණි.

ලොව පුදුම හත  ලෙසින් සැලකෙන  විශ්මිත නිමැවුම් එකිනෙක ආසන්න කලාප දෙකකට සීමා වී ඇති සෙයක් විද්‍යාමානවේ. එනම් ඒවා  දක්නට ලැබෙන්නේ

මධ්‍යධරණි හා මැද පෙරදිග කලාපයන්හීය. මෙම අපූර්වතම නිර්මාණයන් පිහිටි ප්‍රදේශයන්   බටහිරෙන් මධ්‍යධරණි සාගරයට, නැගෙනහිර දෙසින්  කැස්පියන් සාගරයට , උතුරින් කළු  මුහුදට   සහ දකුණු දෙසින් රතු මුහුදට  ද  මැදිව පිහිටියේය. මෙම  ඉදිකිරීම් සිදුකර ඇත්තේ  ග්‍රීක මෙන් ම ඊජිප්තු වාස්තු සහ මුර්ති  නිර්මාණ ශිල්පයන්ට අනුගතවය.   පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රභවය ලැබුවේ ග්‍රීක භාෂාව කතා කරන හෙලනික් වර්ගයාගෙනි.

                 කොලෝසස්  – වසර 12 කට‍ වැඩි කාලයක් පුරා ඉදිකරන ලද, රෝඩ්ස්හි  හීලියෝස් නම් හිරු දෙවියන්ගේ කොලෝසස් නම්  අතිවිශාල  ලෝකඩ මූර්තිය පළමු ලෝක පුදුමය ලෙසින් සැලකේ. චරෙස් නම් මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව අඩි 110 ක් උසැති පුරාණ ලෝකයේ උසම ඉදිකිරීම  විය  ක්‍රි.පූ. 280 දී පමණ නිම කළ මෙම මූර්තිය , භූමිකම්පාවකින් විනාශ වන  තෙක් වසර  හැටක පමණ කාලයක් නිරුපද්‍රිතව පැවති  බැව් පැවසේ.     සූර්ය දෙවියන් නිරුවතින් සිටගෙන සිටියදී ඔහු එක් අතක දැල්වෙන ගිනි හුලක් දරමින්  අනෙක් අතෙන් හෙල්ලයක් දරා ගෙන සිටින ඉරියවුවෙන් ප්‍රතිමාව නිර්මාණය කර තිබිණි.. ප්‍රතිමාවේ දෙපා  වරායේ දෙපස සුවිසල් ගොඩනැගිලි දෙකක් මත තබා ගෙන සිටි බව ද විශ්වාස කෙරේ.ලෝකඩයෙන් සාදන ලද මෙම ප්‍රතිමාව හිරු එළියෙන් දිදුලන විට  නිකුත්  දීප්තිමත්  දසුන දුටුවන් විශ්මයට පත් කළේය.

                         ගීසාහි මහා පිරමිඩය ලොව දෙවැනි පුදුමය ලෙසින් සැලකේ.    පුරාණ ඊජිප්තුවේ ජීවත් වූ  හේමියුනු නැමැත්තා  ගීසාහි මහා පිරමිඩයේ ගෘහ නිර්මාණ ශිල්පියා යැයි විශ්වාස කෙරේ. උතුරු ඊජිප්තුවේ අල්-ජාසා නොහොත්  ගීසා අසල නයිල් ගඟේ බටහිර ඉවුරේ පිහිටි සානුවක මෙම  පිරමීඩය  ඉදිකර ඇත්තේ අවුරුදු 4500 කට පුර්වයෙහිය. මෙය පාරාවෝ  කුෆු රජු ගේ ,බෙහෙත් ගලවන ලද සිරුර සුරක්ෂිතව තැන්පත් කිරීම පිණිස නිර්මාණය කරන ලද්දකි.

 ගීසාහි මහා පිරමිඩයට වඩා උස ගොඩනැගිල්ලක් තැනීමට 19 වන සියවස වන තෙක් නූතන මිනිසාට නොහැකි  විය. එය ලොව ප්‍රථම උසම ස්ථානය ලෙස වාර්තා විය.. අඩි 481 ක් උස පිරමීඩය අක්කර 13 ක භූමි භාගයක ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2560 දීය. පිරමිඩ තැනීමේදී දක්ෂ ඊජිප්තු ශ්‍රමිකයින්  100,000 ක් පමණ සේවයෙහි නියුක්තව  සිටි බවද  වාර්තාවේ.. මෙම ව්‍යුහය තැනීම සඳහා ටොන් 2 ත් 30 ත් අතර බරකින් යුත් ගල් කුට්ටි මිලියන දෙකක් පමණ භාවිතා කරන ලද අතර එය ඉදිකිරීමට වසර 20 ක් ගතවිය. මෙම  ස්මාරකයෙහි  ව්‍යුහය කෙතරම් ශක්තිමත් අයුරින් ගොඩනඟා ඇත්ද යන්න, එම ප්‍රදේශයේ ඇතිවූ ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාසයන්ට  නොසැලී මුහුණ දෙමින් අද දවසේ පවා මහත් අභිමානයෙන් නැගී සිටීමෙන් මොනවට තහවුරුවේ.

ලොව තෙවන පුදුමය. බැබිලෝනියේ එල්ලෙන අද්භූත උද්‍යානයයි. “බැබිලෝනිය” යන්නෙහි අරුත  “දෙවියන්ගේ දොරටුව” යන්නයි.  මෙම උයන පිහිටි නිශ්චිත ස්ථානය මෙතෙක් තහවුරුවී නොමැත. ක්‍රි.පූ. 605 ත් 562 ත් අතර

3

කාලයකදී දෙවන නෙබුකද්නෙශර් රජ තුමන්ගේ මෙහෙයවීමෙන්  මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බැව් පැවසේ. ක්‍රි.පූ තුන්වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ බෙරොසස් නම් බැබිලෝනීය පූජකයා උද්‍යානය    පිලිබදව වැදගත් තොරතුරු ඇතුලත් සටහනක් තබා තිබිණි.  දෙවන නෙබුකද්‍රෙසර් රජතුමා තම උපන් ගම වන පර්සියාවේ සශ්‍රීක කඳුකර භූ දර්ශනය සඳහා මහත් ඇල්මක්  දැක්වූ ඔහුගේ පෙම්වතිය  වන මාධ්යයේ අමිටිස්ගේ ඉල්වීමක්  ඉටුකිරීම පිණිස බැබිලෝනියේ උද්‍යානය ඉදිකළ බැව් බෙරොසස් සිය මුලාශ්‍රයෙහි සදහන් කරයි.

  ඔලිම්පියාවේ සියුස් ප්‍රතිමාව ලොව සිව් වන පුදුමය ලෙසින් බුහුමන් ලබයි

ග්‍රීසියේ ඒජියන් මුහුද ආශ්‍රිත  ඔලිම්පියා නගරයෙහි ක්‍රි.පූ. 435 දී   සියුස්ගේ ප්‍රතිමාව ස්ථාපිත කෙරිණි  මෙම ප්‍රතිමාවෙන් , ග්‍රීක දෙවියා විසිතුරු සිංහාසනයක වැඩ  සිටින අයුරු නිරුපනයවේ. සියුස් දෙවියා තම දකුණු අත ජයග්‍රාහී දේවතාවිය වන නයික්ගේ පිළිරුවක් ද  වම් අත රාජාලියෙකු සිටින යෂ්ටියක් ද දරා  සිටියේය. දුර්භාග්‍ය  තත්ත්වය වළක්වා ගැනීම සඳහා යමෙකු තම ජීවිත කාලය තුළ,එක්වරක් හෝ  මෙම ප්‍රතිමාව දර්ශනය කළ යුතු බවට විශ්වාසයක් පැවතිනි..

   අඩි හතළිහක් උසැති සියුස් දෙවියන්ගේ පිළිමය නෙලීම සදහා රන් හා ඇත්දළ ද උපයෝගී කරගෙන තිබිණි. ග්‍රීක මූර්ති ශිල්පී ෆීඩියාස්ගේ නිර්මාණයක්වූ  වූ මෙම ප්‍රතිමාව එය තැන්පත් කර ඇති දේවමාළිගාවේ උස් වහල මට්ටම දක්වා පැතිරිණි. සියුස්ගේ පිළිරුව.පසු කාලයේදී   දේවමාළිගාවෙන් ඉවත් කර කොන්ස්තන්තිනෝපලය වෙත   ගෙන ගිය බව දැක්වේ.  වර්තමානයේ  තුර්කියේ ඉස්තාන්බුල් නගරය ලෙසින් හැදින්වෙන කොන්ස්තන්තිනොපලයේදී ප්‍රතිමාව    ගින්නෙන් විනාශ වී ගියබැව් සදහනි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆාරෝස්  ප්‍රදීපාගාරය ලොව පස්වන පුදුමයයි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆාරෝස් ප්‍රදීපාගාරය පිහිටියේ  ගීසා පිරමිඩයට  උතුරු දෙසින් වූ    ෆාරෝස් දූපතෙහි ය. ෆාරෝස් ලොව මුල්ම    ප්‍රදීපාගාරයවේ. එය රාත්‍රියේ ඇලෙක්සැන්ඩ්‍රියා වරාය ආලෝකමත් කළේය. 1300 ගණන්වල ඇති වූ භූමිකම්පාවකින් ප්‍රදීපාගාරයේ විනාශයට පත් විය.

ප්‍රදීපාගාරයේ උස අඩි  600 ක් වූ අතර ,. ක්‍රි.පූ. 305 ත් ක්‍රි.පූ. 270 ත් අතර කාලයකදී එය ඉදිකරන ලද්දේ  ඊජිප්තු පාලක ටොලමි සොටර් විසිනි.

 හය වන ලෝක පුදුමය වන හැලිකාර්නාසස්හී  සොහොන් ගෙය ඉදිකරන ලද්දේ තුර්කියේ පාලකයෙක් වූ මවුසොලොස් විසිනි. ඔහු තමා මිය ගිය පසුව  සිරුර දවා එහි  අළු තැන්පත් කිරීම පිණිස,ඔහු ජීවතුන් අතර සිටියදීම  මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බව පැවසේ. සොහොන් ගෘහයේ ඉදිකිරීම් අවසන් කිරීමට පෙර ඔහු මිය ගියේය. ඔහුගේ බිරිද වූ    ආටෙමිසියා මෙහි ඉදිකිරීම් නිම කරවා  සිය සැමියාගේ භෂ්මාවශේෂ එහි තැන්පත් කළාය.. සුදු කිරිගරුඩයෙන්   නිමවා ඇති. හැලිකාර්නාසස්හි සොහොන් ගෙය වාස්තු විද්‍යාත්මක හා කලාත්මක සුන්දරත්වයෙන් අනුනව පැවතිණි. හාලිකාර්නාසස්හි සොහොන් ගෙය අඩි 135 ක උසකින් යුක්තය.. පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස එය ප්‍රකටවුයේ  එහි ශක්තිය හෝ ප්‍රමාණය නිසා නොව,ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ හාස්කම් මතුකරවන සූළු  බිත්ති අලංකාර කළ සංකීර්ණ මුර්තීන් නිසාය.  1494 දී යුරෝපීය කුරුස යුද්ධයේදී  එය සම්පූර්ණයෙන්ම විනාශට පත් විය.

        හත්වන පුදුමය ලෙස සැලකෙන ආටෙමිස් දේව මාලිගාව පිහිටා තිබුණේ තුර්කියේ නූතන වරාය නගරය වන ඉස්මීර් සිට කිලෝමීටර් 75 ක් දකුණින් පිහිටි පුරාණ එෆීසයට ආසන්නයේ ය . ආටෙමිස්   නම්  දඩයමට අධිපති   දෙවගන ගේ ප්‍රතිමාව මෙම දෙවොලේ  තැන්පත්කරඇත. මෙමදෙවගන ඇපලෝගේ නිවුන් සහෝදරිය වූ අතර සියුස් ගේ දියණිය සේ සැලකේ

ක්‍රි.පූ. 550 දී ඉදිකිරීම ඇරබි මෙම දේව මාලිගය   නිම කිරීමට වසර 12 ක් පමණ ගත විය. ග්‍රීක ආටෙමිස් දේවතාවිය මහත් භක්තියෙන් ඇදහූ  ලිඩියාහි ක්‍රොයිසස් රජු මෙම  දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකේ.  මෙම දේව මාළිගාවේ දැවැන්ත පියස්සට ආධාරක ලෙසින්   කුළුණු   127 60 ක් ඉදිකර තිබු අතර  එහි උපරිම උස අඩි 425 ක් විය.. මෙම උදාර දේවමාළිගාව බොහෝ වාරයක් විනාශ වූ අතර, සියවස් 10 ක් තුළ දේවමාළිගාව හත් වතාවක් ප්‍රතිසංස්කරණය කරන ලදි,

ඉහත පෙළ ගස්වන ලද්දේ ලොව පැරණිතම පුදුම හත  වන අතර

2007 දී “ලෝකයේ නව පුදුම 7” ලෙසින් යුනෙස්කෝ සංවිධානය මගින් පහත දැක්වෙන  වෙනත් නිර්මාණයන් කිහිපයක්    ප්‍රකාශයට පත් කළේය.

·      ඒ අනුව    චීන මහා ප්‍රාකාරය (ක්‍රි.පූ 220 සිට ක්‍රි.ව. 1644)  ඉන්දියාවේ ටජ්මහල (ක්‍රි.ව. 1632-1648)    පෙට්රා, ජෝර්දානය (ක්‍රි.පූ. 4 සියවස ක්‍රි.පූ -2 සියවස) රෝමයේ කොලොසියම් (ක්‍රි.ව. 72-82)රියෝ ද ජැනීරෝහි ක්‍රිස්තු ප්‍රතිමාව. ( 1926-1931)  මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා (ක්‍රි.ව. 5-13)  පේරුහී මචු පික්චු ( 15 වන සියවස ) යන  පහත නිරූපිත නිමැවුම් නව පුදුම හත ලෙසින් ලොව අවධානයට යොමුවේ        .ආචාර්ය ගාමිණී කාරියවසම්.

·

චීන මහා ප්‍රාකාරය (ක්‍රි.පූ 220 සිට ක්‍රි.ව. 1644)

·         ඉන්දියාවේ ටජ්මහල (ක්‍රි.ව. 1632-1648)

·         පෙට්රා, ජෝර්දානය (ක්‍රි.පූ. 4 සියවස ක්‍රි.පූ -2 සියවස)

·         රෝමයේ කොලොසියම් (ක්‍රි.ව. 72-82)

·

      රියෝ ද ජැනීරෝහි ක්‍රිස්තු ප්‍රතිමාව. ( 1926-1931)

·

මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා (ක්‍රි.ව. 5-13)

පේරුහී මචු පික්චු ( 15 වන සියවස )

·

TAGGED:Byzantiumfather of historyGamini KariyawasamHanging Gardens of BabyloniaHerodotusLighthouse of AlexandriaPhiloSeven Wonders of the WorldStatue of Olympia ZeusTemple of ArtemisTomb of Halicarnassus
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article amanté 1 amanté expands exclusive store network with opening of Negombo boutique
Next Article The Brad and Kiara Show Podcast - 2023-8-19 The Brad and Kiara Show Podcast – 2023-8-19
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
eLanka Newsletter

eLanka Newsletter – 20th September 2026 – 3rd Edition – Sri Lankans In Australia

Chamari Athapaththu and Hasini Perera smash their way to Asian Games final. Inspirational skipper tears Pakistani attack apart for another showdown against India. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

The Significance of the Greenland Agreement for Sri Lankans Abroad-by Harold Gunatillake

The Significance of the Greenland Agreement for Sri Lankans Abroad-by Harold Gunatillake

Sri Lanka’s Balancing Act Between India and China-by Harold Gunatillake

Sri Lanka’s Balancing Act Between India and China-by Harold Gunatillake

HOW A SRI LANKAN LAY PERSON SPREAD BUDDHISM TO THE WEST

HOW A SRI LANKAN LAY PERSON SPREAD BUDDHISM TO THE WEST

Related News
Tribute to Bernard Gomez from his fellow architects
Articles Lawrence Machado

Vale Bernard Gomez: Loyal Friend, Quiet Genius and Architect Extraordinaire – By Lawrence Machado

Kings Hospital Colombo AI-powered hospital chatbot
Articles

Kings Hospital Colombo Launches Sri Lanka’s First AI-Powered Hospital Chatbot

Sri Lanka grid-scale battery storage
Articles

President Opens Sri Lanka’s First Grid-Scale Battery Storage Systems in Anuradhapura and Galle

Sri Lanka floating solar power plant
Articles

Sri Lanka’s Locally Built ‘Diyajanani’ Floating Solar Plant Connects to the National Grid in Dambulla

Chamari Athapaththu Marks 300th Cap with Match-Winning 63 as Sri Lanka Women Reach Asian Games Semi-Finals
Articles

Chamari Athapaththu Marks 300th Cap with Match-Winning 63 as Sri Lanka Women Reach Asian Games Semi-Finals

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.