අසිරිමත් මොරටු පුත්‍රයා, දැයෙන් සමුගෙන 17 වසරක් සපිරේ. – ටිරෝන් ප්‍රනාන්දු – ආචාර්ය ගාමිණී කාරියවසම්. ඔහු අසිරිමත් මිනිසෙකි. මානව භක්තියෙන් පිරිපුන් නායකයෙකි. තමන්ට නොව දැයට යමක් ඉතිරි කළ අවංක දේශපාලඥයෙකි. මෙම අපූර්වතම මිනිසා දැයෙන් සමුගෙන 2025 පෙබරවාරි 26 දිනට 17 වසරක් සපිරේ. මිනිසත් බවින් පිරිපුන් ඒ සහෘදයා ටිරෝන් ප්‍රනාන්දු නම් වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසි දින සිට දශක 30 කට ආසන්න කාලයක්, ඔහුට ඉතාමත්ව සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මට හිමි විය. එබැවින් අන් කවරෙකුටද වඩා එතුමාගේ ආත්මීය විශේෂතා පසක් කර ගැනීමට මට අවස්ථාව උදාවිය. එතුමාගේ අභාවයෙන් 17 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ එතුමාගේ උදාරතර ජීවින ගමනේ පිය සටහන් කිහිපයක් අනුස්මරණය නොකළහොත් මම මහත් අකෘතඥයෙක්ය යන හැඟීම මා තුළ ලියලන්නට විය. මෙම ලිපිය මා පෑන් තුඩින් කඩදාසියෙහි සටහන් වූයේ එහි ඵලයක් ලෙසිනි. ටිරෝන් ප්‍රනාන්දු මැතිඳුන් මට මුලින්ම හමුවන්නේ අසූව දශකයෙහි මුල් භාගයෙහි ය. තම ඡන්ද කොට්ඨාශය වූ මොරටුවෙහි සංවර්ධනය ක්‍රියාත්මක කිරීම උදෙසා සුදුසුතම රාජ්‍ය නිලධාරියෙකු සොයා ගැනීමට ඔහු සෑහෙන වෙහෙසක් දැරීය. වරක් ...
Feb 24, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged Moratuwa development, Moratuwa leader, Moratuwa road development, Sri Lanka administration service, Sri Lanka cricket stadium history, Sri Lanka politics, Sri Lankan politician, Tiron Fernando, Tiron Fernando biography, Tyron Fernando, Tyron Fernando commemoration