News & Community eLanka

eLanka

Friday, 28 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අසිරිමත් මොරටු පුත්‍රයා, දැයෙන් සමුගෙන 17 වසරක් සපිරේ. –  ටිරෝන් ප්‍රනාන්දු  –  ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අසිරිමත් මොරටු පුත්‍රයා, දැයෙන් සමුගෙන 17 වසරක් සපිරේ. –  ටිරෝන් ප්‍රනාන්දු  –  ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: February 24, 2025 1:43 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 56

අසිරිමත් මොරටු පුත්‍රයා, දැයෙන් සමුගෙන 17 වසරක් සපිරේ. –  ටිරෝන් ප්‍රනාන්දු  –  ආචාර්ය ගාමිණී කාරියවසම්.

Tiron Pranandu

Dr.Gamini Kariyawasam.ඔහු අසිරිමත් මිනිසෙකි. මානව භක්තියෙන් පිරිපුන් නායකයෙකි. තමන්ට නොව දැයට යමක් ඉතිරි කළ අවංක දේශපාලඥයෙකි. මෙම අපූර්වතම මිනිසා දැයෙන් සමුගෙන 2025  පෙබරවාරි 26 දිනට 17 වසරක් සපිරේ. මිනිසත් බවින් පිරිපුන් ඒ සහෘදයා ටිරෝන් ප්‍රනාන්දු නම් වෙයි.

                ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසි දින සිට දශක 30 කට ආසන්න කාලයක්, ඔහුට ඉතාමත්ව සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මට හිමි විය. එබැවින් අන් කවරෙකුටද වඩා එතුමාගේ ආත්මීය විශේෂතා පසක් කර ගැනීමට මට අවස්ථාව උදාවිය. එතුමාගේ අභාවයෙන් 17 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ එතුමාගේ උදාරතර ජීවින  ගමනේ පිය සටහන් කිහිපයක් අනුස්මරණය නොකළහොත් මම මහත් අකෘතඥයෙක්ය  යන හැඟීම මා තුළ ලියලන්නට විය. මෙම ලිපිය මා පෑන් තුඩින් කඩදාසියෙහි සටහන් වූයේ එහි ඵලයක් ලෙසිනි.

ටිරෝන් ප්‍රනාන්දු මැතිඳුන් මට මුලින්ම හමුවන්නේ අසූව දශකයෙහි මුල් භාගයෙහි ය. තම ඡන්ද කොට්ඨාශය වූ මොරටුවෙහි සංවර්ධනය ක්‍රියාත්මක කිරීම උදෙසා සුදුසුතම රාජ්‍ය නිලධාරියෙකු සොයා ගැනීමට ඔහු සෑහෙන වෙහෙසක් දැරීය. වරක් හෙතෙම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්‍ෂ පදවිය ඉසිලූ ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන මහතා හමු විය. ඒ අවස්ථාව වන විට පළාත් පරිපාලන සේවා විවෘත තරග  විභාගයෙහි ප්‍රතිඵල නිකුත් වී තිබුණි. අභයවර්ධන මහතා එම ලේඛනය ටිරෝන් ප්‍රනාන්දු මහතාට පෙන්වා සුදුස්සෙකු තෝරා ගන්නා ලෙස පවසා ඇත. විවෘත තරග විභාගයේදී වැඩිම ලකුණු ලබා   ප්‍රතිඵල ලේඛනයේ මුලින්ම නම තිබූ පුද්ගලයා මොරටුවට ලබා දෙන ලෙස ඔහුගේ ඉල්ලීම විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මා මොරටුව නගර සභාවේ සහකාර නාගරික ලේකම් වශයෙන් වැඩ භාර ගතිමි. එවක් පටන් අඛණ්ඩව අට වසරක් මොරටුවේ  එතුමාගේ පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා පුරෝගාමීව කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි.

“හිසට සෙවණක් සිතට නිවනක් ˜ තේමාව අර්ථවත් කරමින් එතුමා විසින් මොරටුව පැල්පත්වාසීන් 5000 කට අධික පිරිසකට නිවාස ඉදිකර දීමට පෙරමුණ ගත්තේ ය. වීර පුරන්අප්පු ගම, සිරිබර මැණික්පුර, ගඟසිරි පුර,  කොරියන් පුර, ස්විඩන්, ජපන් මිත්‍රත්ව ගම්මානය, ජයගත් පුර, ශාලංකාපුර යන ගම්මානයන් එතුමාගේ ජනහිතකාමී සේවාව මූර්තිමත් කරවන සුළුය.

අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි නමක් දිනා ඇති වීර පුරන් අප්පු, ජනජය, පොදු ජය විද්‍යාල තුන ආරම්භ කිරීමෙන් ටිරෝන් මැතිඳුන් විසින්  මොරටුවෙහි අධ්‍යාපනය නංවාලීමට සුවිශේෂ මෙහෙවරක් ඉටු කරනු ලැබිණි.

1984 දී මිලියන 10 ක යුනිසෙෆ් ආධාර ලබා දී  මොරටුව නගරය තුළ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද හෙතෙම වෙහෙසීය. මෙතුමාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ ඉදි වූ ටිරෝන් පුනාන්දු ක්‍රීඩාංගනය 1992 දී ලෝකයෙහි 67 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසට වාර්තා ගත විය.

Tiron Pranandu

            

මොරටුව නගරයෙහි තරුණ පරපුරට සිය විවේකය අර්ථවත් අන්දමින් ගත කිරීම පිණිස අංග සම්පූර්ණ ප්‍රජා ශාලා 20 ක් පිහිටවූයේ එතුමාගේ මැදිහත්වීම මතය.

Tiron Pranandu

            එතුමා මොරටුව ප්‍රථම ප්‍රජා ශාලාව විවෘත කළ අවස්ථාව. 

   මොරටුව නගර මධ්‍යයේ සිට පානදුර නගරය දක්වා දිවෙන පුළුල් අධිවේගී මාර්ගය ද ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි. පල්ලි, නිවාස හා සුසාන භූමි කිහිපයක්  හරහා මෙම මාර්ගය ඉදිවිය. පාර සඳහා අත්පත් කර ගත් සුසාන භූමිවල සොහොන් සහ මෘත ශරීර නව සුසාන භූමියේ තැම්පත් කිරීමට යාමේදී එතුමාට මහත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ අයුරු අපට මතකය. එයින් නොසැලුණු එතුමා වැඩි ජනතාවකගේ සේවය පිණිස එම පාරේ වැඩ නිමවන තුරුම සමීප අධීක්‍ෂණයකින් කටයුතු කළේ ය.

කිලෝ මීටර් 8 ක් දිග් වූ මෙම නව මහා  මාර්ගය එතුමාට කරන උපහාරයක් වශයෙන් ටිරෝන් ප්‍රනාන්දු මාවත නමින් මේ වන විට  නම් කර ඇත.

බොල්ගොඩ වැව ආශ්‍රිත ප්‍රදේශය සංචාරක පුරවරයක් කිරීමේ අදහසද  එතුමන් තුළ පැවතිණි. බොල්ගොඩ වැව වටා ඉදි වූ සැතපුම් 1  1/2  ක් පමණ වූ මාර්ගය එම උත්සාහයේ එක් ප්‍රතිඵලයකි.

ටිරෝන් ප්‍රනාන්දු මහතා විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්. >

 

මොරටුව ආතර් සී කාල්ක් මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමේදී ද ටිරෝන් මැතිඳුන්ගෙන් ලද පිටුවහල අතිමහත්ය.

දේශපාලනයට පිවිසීමට පෙර ටිරෝන් ප්‍රනාන්දු මහතා රජයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ නඩු විවාද ශෛලිය වඩාත් ආක්‍රමණශීලී විය. 1968 දී දෙහිවල පෝලින්ද කෲස් නඩුවේදී තරුණ නීතිවේදී ටිරෝන් ප්‍රනාන්දු උසාවියෙහිදී පෑ පෙළහර අද පවා නීති ක්ෂේත්‍රයෙහි අවධානයට යොමු වේ.

1989  දී අධිකරණ රාජ්‍ය ඇමති වශයෙන් ටිරෝන් ප්‍රනාන්දු මහතා නීති පද්ධතියට එක් කළ සමථ මණ්ඩල පනත නිසා ජනතාව ලද සහනය සුළු පටු නොවේ. මෙමගින් වසරකට දස දහසකට නොඅඩු පැමිණිලි අධිකරණය හමුවට නොගොස් සමථ මණ්ඩල මගින් නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි විය.

මාධ්‍ය ක්ෂේත්‍රයෙහි නව නැම්මක් , ප්‍රවණතාවයක් ඇති කිරීමට, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් ටිරෝන් ප්‍රනාන්දු මහතා වෙතින්  ඉටු වූයේද අමිල සේවාවකි. මාධ්‍ය නිදහස බෙහෙවින් අගය කල එතුමා, රාජ්‍ය මාධ්‍යය හා තරඟ කිරීමට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා ඇති කිරීමට නීතිමය අනුමැතිය ලබා දුන්නේය.

එතුමා මාධ්‍ය අමාත්‍ය ලෙසින් කටයුතු කළ අවදියේ , කොළඹ උසස් පාසල් වල ගුරුවරුන්ගේ විෂය දැනුම ගුවන් විදුලිය ඔස්සේ ඈත ගම් දනව් වල ශිෂ්‍ය ප්‍රජාව වෙත ගෙන යාමට  — ගුවන් තක්‍ෂිලාව ˜ නමින් වෙනමම ගුවන් විදුලි නාලිකාවක්  ආරම්භ කිරීමට මුල් විය. ; ඒ සඳහා එවකට ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් ,  සුවිසල් දායකත්වයක් ලබා දීමේ භාග්‍ය ම වෙත හිමිවූ අයුරු  මෙහිදී සිහිපත්වේ.

Tiron Pranandu

ටිරෝන් ප්‍රනාන්දු මැතිතුමා ,මාධ්‍ය අමාත්‍ය ලෙසින් කටයුතු කළ අවදියේ,ගුවන්විදුලි කාර්යාලයට පැමිණි අවස්තාවක්.

                        අනතුරුව මට ටිරෝන් ප්‍රනාන්දු මහතා සමීපයෙහි සේවය කිරීමට ලැබෙන්නේ 2000 වසරේදී විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයෙහිදීය.

විදේශ අමාත්‍යාංශයෙහි කන්සියුලර් අංශයෙහි විවිධ රාජකාරී ඉටු කරවා ගැනීමට පැමිණෙන ජනතාවට පුළුල් විධිමත් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට එතුමා මා මෙහෙය වනු ලැබිණි.

9 වසරක් නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ තෙවසරක් විදේශ අමාත්‍ය ලෙස ජනතා සේවයෙහි යෙදුණු ටිරෝන් ප්‍රනාන්දු මහතා ප්‍රබුද්ධ රාජ්‍ය ත්‍රාන්තිකයෙකු වශයෙන් ජාත්‍යන්තර තලයෙහි පැසසුමට බඳුන් වූ නායකයෙකි.

විදේශ අමාත්‍යවරයා වශයෙන් ඔහු ආසියාකරයේ, මැද පෙරදිග මෙන්ම යුරෝපාකරයේ රාජ්‍යයන් සමඟද ද්වි පාර්ශ්වික සබඳතා හා ආර්ථික බැඳුම් ශක්තිමත් කර ගැනීමට පුරෝගාමීව ක්‍රියා කළේ ය. 2002 දී ඕස්ට්‍රේලියාවේ කුලම් නගරයෙන් හා 2004 නයිජීරියාවේ අබුජා නගරයෙහි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු දෙක නියෝජනය කරමින් පැවැත්වූ දේශන ජාත්‍යන්තර තලයේ දැඩි අවධානයට යොමු විය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්, හිටපු ඉරාන ජනාධිපති කටාම්, ඔක්ස්ෆර්ඩ් ට්‍රින්ටි විද්‍යාලයීය සභාපති මයිකල් බෙලොක් ආදී විද්වතුන් ඔහු සමීපයෙන් ඇසුරු කළේ ය. සබරගමුව මහා ගංවතුරෙන් විනාශයට පත් වූ අවස්ථාවේ ටිරෝන් ප්‍රනාන්දු  මහතා රාජ්‍ය ත්‍රාන්තික කටයුත්තක් සඳහා අයර්ලන්තයට ගොස් සිටියේය. ශ්‍රී ලංකාවේ ගංවතුර විපත සැලවූ ඔහු එරට අගමැති බර්ටි අරේන් සමඟ සාකච්ඡා කර රුපියල් මිලියන 20 ක් වහා ලංකාවට එවීමට කටයුතු කළේ ය. මෙතුමා 2002 සිට 2004 දක්වා ඉංදියානු සාගර කලාපීය සහයෝගිතා ආයතනයහි (IORAC) සභාපති වශයෙන් සේවය කර ඇත.

අභාවප්‍රාප්ත ටිරෝන් ප්‍රනාන්දු මහතා දේශපාලන ක්ෂේත්‍රයෙහි රඟපෑ භූමිකාවට අමතරව ව්‍යක්ත ගත්කරුවෙක් හා සිනමාකරුවෙක් වශයෙන්ද වැදගත්  නිර්මාණයන්  තම රටට ප්‍රදානය කළ දුර්ලභ ගනයේ මිනිසෙකි.

— ගිනිදැල් මැද්දෙන් ˜ කෘතියට අමතරව ඔහු අතින් ග්‍රන්ථ 10 ක් රචනා වී ඇත. රැවි පිළිරැව්, ක්‍රිකට් රජවරු, සංග්‍රාමයක සටහන් යන සිංහල කෘතීන් හා Trail of Pauline De Cross , 100 days in Sri Lanka ,Selected Writing of S.C. Fernando. Kings of Cricket , Action in opposition , Alien in winds across paradises to the edge of doom යන ඉංග්‍රීසි  ග්‍රන්ථයන්  ඔහු අතින්  ලියවී ඇති සෙසු කෘතීන්ය.

Tiron Pranandu

   

             චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන්ද හේ  සිය කුසලතා විදහා දැක්වීය. කොළඹ සන්නිය හා වීර පුරන් අප්පු එම චිත්‍රපට දෙක හාස්‍යයට හා ඉතිහාසගත වීර චරිත කෙරෙහි ඔහු තුළ පැවති ලැදියාව මොනවට ප්‍රකට කරවයි. වීර පුරන් අප්පු මුළු ජීවිත කාලය පුරාවට ඔහු අතිශයින් අගය කළ පූර්වාදර්ශී චරිතයක් විය. 1848 දී බ්‍රිත්‍යාන්‍යයින්ට විරුද්ධව මෙහෙය වූ කැරැල්ලේ නායකයා වූ පුරන් අප්පු ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මී මුත්තා විය.

ටිරෝන් ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කළ වීර පුරන්අප්පු ච්ත්‍රපටයේ තේමා ගීතය.>  

            ටිරෝන් මැතිඳුන්ගේ පියා කීර්තිමත් සිවිල් සේවකයෙකු වූ ෂෙල්ටන් ප්‍රනාන්දුය. මව එඩ්නා ප්‍රනාන්දුය. ඔහුගේ උපත 1941 අගෝස්තු 8 වන දින සිදු වූ අතර පුරන් අප්පු ඉංග්‍රීසීන් අතින් ජීවිතක්‍ෂයට පත් වූයේ ද අගෝස්තු 8 වන දිනකය. තමන්ගේ උපන් දිනයෙහි එතුමන් මුලින්ම කළ කාර්යය නම් මොරටුව නගර සභාව අභියස පිහිටි වීර පුරන් අප්පු පිළිරුවට මල් කළඹක් තබා ගුණානුස්මරණය කිරීමයි.

      Tiron Pranandu     

 ටිරෝන් ප්‍රනාන්දු මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේය. කුඩා කාලයේ පටන්ම යුක්තිය හා පරෝපකාරය පිළිබඳවත් ගැඹුරු හැඟීමකින් ක්‍රියා කළ හෙතෙම  මානව හිතවාදියෙකි. නිවැරදි හා ඍජු දේ නිවැරදිව හා සාධරණව ඉටු කිරීම කුඩා කල සිට අභාවප්‍රාප්ත වන තුරුම ඔහුගේ ජීවිතයෙහි කැපී පෙනුණ චරිත ලක්‍ෂණය වේ. ඔහු වැඩි දුර අධ්‍යාපනය සඳහා 18 වන වියේදී එංගලන්තය බලා පිටත් විය.

වසර 07 ක අධ්‍යාපන කාලයෙන් පසුව හෙතෙම ඔක්ස්ෆර්ඩ් සරසවියෙන්  ශාස්ත්‍රපති උපාධියත්,  බැරිස්ටර් උපාධියත් ලැබීය. සරසවි අධ්‍යාපන සමයේදී ඔහු ශිෂ්‍ය දේශපාලනයට යොමු විය. පසුව ඔක්ස්ෆර්ඩ් සරසවි ලේඛක  සමාජයේ ලේකම්වරයා වීමට තරම් ඔහු සිසුන් අතර ජනප්‍රියතාවය දිනා ගත්තේ ය.  

1977 දී වයස 35 ක තරුණයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවක් පටන් අඛණ්ඩව අවුරුදු 27 ක් ඔහු අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කළේය. සන්ධාන රජය ඔහු ආණ්ඩුකාර පදවියකටත්, පසුව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක තනතුරකටත් පත් කරනු ලැබිණි.  

හෙතෙම 2008 මැයි මස ප්‍රංශයේ මහ කොමසාරිස් පදවියේ වැඩ භාර ගැනීමේ අපේක්‍ෂාවෙන් පසු විය.

එහෙත් පෙබරවාරි 13 වන දින අනපේක්‍ෂිත ලෙස රෝගාතුරව  රෝහල් ගත කරනු ලැබූ ඔහු 2008 පෙබරවාරි 26 වන දින දැයෙන් සමු ගනු ලැබිණි.ඒ වන විට එතුමා 66 වන වියේ පසු විය.

එතුමාගේ ගුණ සමරු උත්සවයක්. >

ටිරෝන් මැතිතුමාගේ එකම දියණිය ටෙහානි මැතිව් මිය ,සිය පියාණන්ගේ ගුණානුස්මරණ උත්සවයේ පොල්තෙල් පහන දල්වමින්.>  

https://www.facebook.com/Eran.Wickramaratne/videos/1741435245911434/

එතුමන්ගේ දාහත් වන ගුනානුස්මරණය යෙදන   අවස්ථාවේ, දේපල,මිල මුදල් නොඉපයූ,ජනතාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක යෙදුණු ටිරෝන් ප්‍රනාන්දු මැතිදුන්ට,එතුමන් ඇදහූ ආගම අනුව මොක් සුව ප්‍රාර්ථනා කරමු.

ටිරෝන් ප්‍රනාන්දු

          ආචාර්ය ගාමිණී කාරියවසම්.

          gaminee@gmail.com

( සේයා රු -මුහුණු පොතෙනි.)

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Moratuwa developmentMoratuwa leaderMoratuwa road developmentSri Lanka administration serviceSri Lanka cricket stadium historySri Lanka politicsSri Lankan politicianTiron FernandoTiron Fernando biographyTyron FernandoTyron Fernando commemoration
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Bam! Bam! Scoop! Aussies Outdo England in High-Scoring ODI-by Michael Roberts
Next Article FOR IMMEDIATE RELEASE FOR IMMEDIATE RELEASE – FEBRUARY 2025 
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Blue Elephant Catering Sydney finalist in 2026 NSW Restaurant & Catering Hostplus Awards for Excellence

Blue Elephant Catering Sydney Named Finalist in 2026 NSW Restaurant & Catering Hostplus Awards for Excellence

Sri Lanka Fintech Festival 2026

Sri Lanka Fintech Festival 2026 to Showcase the Future of Digital Finance

OAM (Aust.) Lt (E) R.Cy.N (SL) Ret’d R.C. Lawton – In Loving Memory (1931–2026)

OAM (Aust.) Lt (E) R.Cy.N (SL) Ret’d R.C. Lawton – In Loving Memory (1931–2026)

Kaleidoscope, Woman of Courage, Namini Wijedasa, investigative journalist, Vines & Roots, renewable energy update, Sri Lanka renewable energy, Sri Lanka markets, Robot Games, positive stories Sri Lanka, daring and different stories, Sri Lankan news, eLanka newsletter, Sri Lankan community

Today – Woman of Courage-Investigative Journalist Namini Wijedasa | Vines & Roots | Renewable energy update | Markets | Robot Games and more!

Amãna Bank

Amãna Bank Celebrates 15 Years with Special Commemorative Stamp and Cover

Related News
Daily Tasks & Shared Living Support | NDIS | Handy Belles Care
Articles

Daily Tasks and Shared Living Support: Helping NDIS Participants Live More Independently

innovative-community-participation3
Articles

Innovative Community Participation NDIS Support: Building Skills, Confidence and Connections

community-nursing-care1
Articles

NDIS Community Nursing Care: Professional, Person-Centred Support at Home

Remove term: Kandy Esala Perahera 2026 Kandy Esala Perahera 2026
Articles

Kandy Esala Perahera 2026 Continues to Unite Sri Lanka in a Celebration of Sacred Heritage

Vale Max Gomez Goodbye Is Not Forever - By Lawrence Machado
Articles Lawrence Machado

Vale Max Gomez: Goodbye Is Not Forever – By Lawrence Machado

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.