සුවිසල් සමාජ මෙහෙවරක නියැළි – පැල්පොල විපස්සි නාහිමි – ජන්ම සංවත්සරය සැමරේ. – ආචාර්ය ගාමිණී කාරියවසම් අදින් දශක කිහිපයකට පෙර, මාර්තු 04 වන දින කළුතර දිස්ත්‍රික්කයේ,පැල්පොල කුඩාඋඩුව ග්‍රාමයෙහි උදුගොඩගේ විල්බට් රුද්‍රිගු නමින් ජන්ම ලාභය ලත් පින්වත් කුමරුවන්,මතු ජාත්‍යන්තර කීර්තියට පත්වන ,සුවිසල් ජාතික , ආගමික හා සමාජ මෙහෙවරක නියැලෙණ යතිවරයාණන් වහන්සේ කෙනෙක් වෙතැයි පවසන්නට, එදවස කිසිවෙක් සමත් නුවුවායැයි හැගේ.ලක් මව බිහිකළ මෙම උදාර බුද්ධ පුත්‍රයානන් වහන්සේ, අති පුජ්‍ය පැල්පොල විපස්සී ස්වාමිපාදයානන් වහන්සේය. පැල්පොල නිජබිම කරගෙන උපන් මෙම කුමරුවාගේ මාපිය යුවළ , භක්තිමත් බෞද්ධයන් වූ උදූගොඩගේ රෙමානිස් රුද්‍රිගු සහ හපුතන්ත්‍රීගේ මේරිනෝනා යන දෙමහල්ලන්ය.උඳුගොඩගේ සොපි නෝනා ,කොරනේරිස්,ප්‍රේමවර්ධන,ජිනදාස රුද්‍රිගු යන වැඩිමල් සහෝදරයින් තුන් දෙනෙකුගේ සහ සහෝදරියක ගෙන් යුත් මෙම පවුලේ බාලයා වුයේ අප කතා නායකයානන්ය. පැල්පොල කණිෂ්ට රජයේ විද්‍යාලයෙන් සිවුවන ශ්‍රේණිය සමත්වන විල්බට් රුද්‍රිගු සිසුවා ,කුඩාඋඩුවේ නාලන්දා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය.අනතුරුව කෙසෙල්හේනාවේ ප්රඥාතිස්ස පස්දුන්රට ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්;පැල්පොළ විපස්සී නමින් උන්වහන්සේ පැවිදි බිමට පිවිසියේ 14 වැනි වියේදීය.මෙම සාමනේරයන් වහන්සේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන ...
Mar 3, 2025
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged Sri Lankan Buddhist monks, Ven. Pelpola Vipassi, Vipassi Thero