News & Community eLanka

eLanka

Wednesday, 9 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සුවිසල් සමාජ මෙහෙවරක නියැළි -පැල්පොල විපස්සි නාහිමි –  ජන්ම සංවත්සරය සැමරේ. – ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

සුවිසල් සමාජ මෙහෙවරක නියැළි -පැල්පොල විපස්සි නාහිමි –  ජන්ම සංවත්සරය සැමරේ. – ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: March 3, 2025 8:45 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 40

සුවිසල් සමාජ මෙහෙවරක නියැළි –

පැල්පොල විපස්සි නාහිමි – 

ජන්ම සංවත්සරය සැමරේ. –    ආචාර්ය ගාමිණී කාරියවසම්

පැල්පොල විපස්සි නාහිමි

Contents
  • සුවිසල් සමාජ මෙහෙවරක නියැළි –
  • පැල්පොල විපස්සි නාහිමි – 
  • ජන්ම සංවත්සරය සැමරේ. –    ආචාර්ය ගාමිණී කාරියවසම්

අදින් දශක කිහිපයකට පෙර, මාර්තු 04 වන දින කළුතර දිස්ත්‍රික්කයේ,පැල්පොල කුඩාඋඩුව ග්‍රාමයෙහි උදුගොඩගේ  විල්බට් රුද්‍රිගු නමින් ජන්ම ලාභය ලත් පින්වත්  කුමරුවන්,මතු  ජාත්‍යන්තර කීර්තියට පත්වන ,සුවිසල් ජාතික , ආගමික හා සමාජ මෙහෙවරක නියැලෙණ   යතිවරයාණන් වහන්සේ කෙනෙක් වෙතැයි පවසන්නට, එදවස  කිසිවෙක් සමත් නුවුවායැයි හැගේ.ලක් මව බිහිකළ මෙම  උදාර බුද්ධ පුත්‍රයානන් වහන්සේ, අති පුජ්‍ය පැල්පොල විපස්සී ස්වාමිපාදයානන් වහන්සේය.

 පැල්පොල නිජබිම කරගෙන  උපන් මෙම කුමරුවාගේ මාපිය යුවළ  , භක්තිමත් බෞද්ධයන් වූ උදූගොඩගේ රෙමානිස් රුද්‍රිගු සහ හපුතන්ත්‍රීගේ මේරිනෝනා යන දෙමහල්ලන්ය.උඳුගොඩගේ සොපි නෝනා ,කොරනේරිස්,ප්‍රේමවර්ධන,ජිනදාස රුද්‍රිගු යන  වැඩිමල් සහෝදරයින් තුන් දෙනෙකුගේ සහ සහෝදරියක ගෙන් යුත් මෙම පවුලේ බාලයා වුයේ අප කතා නායකයානන්ය.

පැල්පොල කණිෂ්ට රජයේ විද්‍යාලයෙන් සිවුවන ශ්‍රේණිය සමත්වන  විල්බට් රුද්‍රිගු සිසුවා ,කුඩාඋඩුවේ නාලන්දා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය.අනතුරුව  කෙසෙල්හේනාවේ ප්‍රඥාතිස්ස පස්දුන්රට ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්;පැල්පොළ විපස්සී නමින් උන්වහන්සේ  පැවිදි බිමට පිවිසියේ 14 වැනි වියේදීය.මෙම සාමනේරයන් වහන්සේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන වෙතින් පිරිවෙන් අවසන් විභාගය සමත්වූ සේක.1970 වසරේ දී , උන්වහන්සේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්වුයේ   

 වැඩිදුර අධ්‍යාපනය ලැබීම පිණිසය.

විද්‍යෝදය පිරිවෙනින් මහත් කැපවීමෙන්, උනන්දුවෙන්, ධර්මය ඉගෙනගත් උන්වහන්සේ,  ධර්මදූත සේවය සඳහා 1971 දී ඉන්දියාවේ  මහාබෝධි සංගමයට වැඩම කළේය.

උන්වහන්සේගේ සමාජ සේවා ජීවිතය  හාපුරා කියා ,ආරම්භ වූයේ ඉන්දියාවේ මහාබෝධි සංගමයේ කල්කටා ශාඛාවේ නියෝජ්‍ය පරිපාලක ලෙස පත්වීමෙන් අනතුරුවය. 

පැල්පොල විපස්සි හිමි,1998 අංක 16 දරන පාර්ලිමේන්තු පනත මගින්  පැල්පොල විපස්සි පදනම ස්ථාපනය කළේ, සිය සමාජ මෙහෙවර පුළුල් ලෙසින් දියත් කිරීමේ පරම අධ්‍යාශයෙනි. 

දේශීය සහ ජාත්‍යන්තර  වාර්ගික,ආගමික සහ ගෝත්‍රික එකමුතුව සාධනය මෙම පදනමෙහි මූලික අපේක්ෂාවන්ය.යථෝක්ත පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීම පිණිස විපස්සි පදනම මගින් , අධ්‍යාපනික පුහුණු  ආයතන පිහිටුවීම, සෞඛ්‍ය සංරක්ෂණ උදෙසා ආරෝග්‍ය ශාලා ආරම්භ කර පවත්වාගෙන යාම,

සම්බුදු දහම ‍ප්‍රචාරය කිරීම සඳහා මූල්‍ය ආධාර  සැපයීම  වැනි සමාජ සුභසාධනය උදෙසා  අවැසි ක්‍රියාකාරකම් රාශියක් දියත්කර පවත්වාගෙන යනු දුටහැකිය. පැල්පොල විපස්සි පදනම , දශක පහකට ආසන්න කාලයක සිට මෙම සත්කාරයන්හි අඛන්ඩව නිමග්නව සිටී.

මෙම සත්කාරයන් ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන්නේ කොළඹ  ශ්‍රී සුදර්ශනාරාමයයි.කොළඹ කාසල් වීදියේ දේවි බාලිකා විදුහලත් කොළඹ කනත්ත අතර මැදි  කපුහේන්තුඩුව නමැති පැරණි ගම්පෙතක කෙළවර ශ්‍රී  සුදර්ශනාරාමය පිහිටියේය.මෙම භූමි භාගය වෙත  පැල්පෙළ විපස්සී හිමියන් 1964 වසරේ මුල් වරට   වැඩමවන අවස්ථාවේ එහි පැවැතියේ ආවාස ගෙයක් ලෙසින් භාවිතා කළ කුඩා මඩුවක් පමණි. 

   පැල්පොල විපස්සි නාහිමි

පැල්පොල විපස්සි නාහිමි

පැල්පොල විපස්සි නාහිමි

1896 බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජෝසප් වෙස්ට් රිජ්වේ විසින් විවෘත කළ ගොල්ෆ් පිටියට යාබදව, සොදුරු කුඩා වන වදුලක් පසුබිමේ  සුදර්ශනා රාමය පිහිටියේය. 

පැල්පොල විපස්සි නාහිමි

                                    පුජ්‍ය  විපස්සි ස්වාමීන් වහන්සේ විසින් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ළදරු පාසල ආරම්භ කරන ලද්දේ ද මෙම විහාරස්ථානය මුල්කරගෙනය. මෙයට වසර 44 කට පෙර, එවකට ජපානයේ ඔටුන්න හිමිව සිටි අකිහිතෝ කුමාරයා හා මිචිකෝ කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස 1981 ජනවාරි මස 10 වන දින මෙම ළදරු පාසල ආරම්භ කරන්නට යෙදිනි. ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී දරු දැරියන්ට නොමිලයේ පෙරපාසල් අධ්‍යාපනය ලබාදීම මෙහි අරමුණය. ජපන් ශ්‍රී ලංකා  මිත්‍රත්ව නිදහස් ළදරු පාසලින් අධ්‍යාපනය ලබා මේ වන විට 6000 කට ආසන්න විද්වතුන් පිරිසක් සමාජයට එක්ව සිටිති. 

              පැල්පොල විපස්සි නාහිමි

     පැල්පොල විපස්සි නාහිමි

ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ළමා පාසල් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරව,දේශීය හා  විදේශීය ආගමික සහ සමාජයීය  කටයුතු ඉදිරියට මෙහෙයවීමේ යහ අධ්‍යාශයෙන්,පූජ්‍ය පැල්පොල විපස්සී ස්වාමිපාදයන් වහන්සේ ක්‍රියාකාරී සංවිධාන සහ ආයතන  රාශියක මුල් පුටුව හොඹවයි. 

ජපාන  ශ්‍රී ලංකා සංස්කෘතික මිත්‍රත්ව සංගමය,සාරානාත් මහාබෝධි සංගමය,ජපානයේ ලෝක සාම බෞද්ධ විහාරස්ථානය,ජපන් ශ්‍රී ලංකා සංස්කෘතික මිත්‍ර සම්මේලනය,කෝට්ටේ කල්‍යාණි සාම ශ්‍රී මහා ධර්ම සභාව විසින් පිරිනමන ලද  අග්නිදිග ආසියාවේ ප්‍රධානසංඝනායක,ජපානයේ ප්‍රධාන සංඝනායක වන් උත්තරීතර උසස්  තනතුරු දරමින් උන්වහන්සේ සුවිසල්  ආගමික සහ සමාජ මෙහෙවරක  නිරතවේ.

උන්වහන්සේගේ ජන්ම දිනය යෙදෙන සෑම වසරකම මාර්තු  04 වන දින ,ජාති , ආගම්,කුල 

භේදයන්ගෙන්  තොරව අධ්‍යාපන, සහන සත්කාරක සේවා රැසක්  සැළසීම,උන්වහන්සේ ගේ  ජීවන ගමනේ   සම්ප්‍රදායක් බවට පත්ව ඇත.

   පැල්පොල විපස්සි නාහිමි

                        ජපන් ආධාර යටතේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට සහ සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට රුපියල් මිලියන 50 ක මුදලක් පරිත්‍යාග කරමින් නව ශල්‍ය වාට්ටුවක් ඉදිකිරීමට ද උන්වහන්සේ  මූලිකත්වය ගෙන කටයුතු කළේය. 

ආරක්‍ෂක අංශවල සහ පොලිසියේ සාමාජිකයන්ට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල් උපකරණ  සඳහා මේ වන විට වැය කර ඇති මුදල  රුපියල් කෝටි 8 ඉක්මවා ඇත. 

                    සුනාමි ව්‍යසන කාලයේ උන්වහන්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 12 ක ඖෂධ පරිත්‍යාග කළ අතර වාසස්ථාන අහිමි වූ කිහිප දෙනෙකුට නව නිවාස ඉදිකර දීමට පරිත්‍යාගශීලි විය.උන්වහන්සේ කොළඹ  කනත්ත වටා  යකඩ වැට ඉදිකිරීම් සඳහා  රුපියල් ලක්‍ෂ 60 ක් මුදලක් ,1986 වසරේදී  සිරිසේන කුරේ නගරාධිපති තුමාට පරිත්‍යාග කළේය.

                                   1974 වසරේ සිට ජපානය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත් උන්වහන්සේට, දෙරට අතර බුද්ධ ශාසනය ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිසල් දායකත්වයක් ලබා දීමේ  භාග්‍ය උදාවුයේ නිතැතිනි.උන්වහන්සේගේ කුළුණුබුර හදවත අවබෝධ කරගත් ජපන් දානපතියන් සහ පරිත්‍යාගශීලීන්,  උන්වහන්සේ ගේ ආගමික හා සමාජීය කටයුතු සඳහා අරමුදල් සහ වෙනත් ආධාර ලබා දීමට සැදී පැහැදී සිටිති.සිරිපා කරුණාකරන බැතිමතුන්ගේ බැතිය  වඩවමින් නෙතඟට යොමුවන, ශ්‍රී පාද හිමේ වන පෙත අතරින් මතුවන,  සාම චෛත්‍යය ඉදිකිරීමට,ජපන් දානපතියන්ගේ ආධාර ලබාදීමට මූල්  වූයේ ද, පැල්‍පොළ විපස්සී නාහිමියන්ය. 

             පැල්පොල විපස්සි නාහිමි              

 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ධර්මශාලාව ඉදි වූයේ ද උන්වහන්සේගේ මුල්‍යමය දායකත්වයෙනි

   පැල්පොල විපස්සි නාහිමි

                                     විපස්සි හිමි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් අතර ජපන් භාෂාව ප්‍රචලිත කිරීම පිණිස යටිතල පහසුකම් සලසා දීමටද මූලික විය. ජපන් භාෂා අධ්‍යයනය සඳහා, සසකාවා ශාලාව ඉදි කරවීමට  පැල්පොල විපස්සි හිමියන් තම සමීප  මිතුරෙකු වන ජපන් දානපති රියෝයිචි සසකාවා මහතාගේ අනුග්‍රහය ලබා ගැනීමට සමත්වූහ. 

   පැල්පොල විපස්සි නාහිමි

   හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ඉල්ලීම මත ජනාධිපති අරමුදලට රුපියල් ලක්ෂ 40 ක මූලික පරිත්‍යාගයක්  මෙන්ම මහවැලි අරමුදලට ලක්ෂ 40ක්,සහ සෙවණ අරමුදලට රුපියල් මිලියන 4 ක් පරිත්‍යාග කළේය. සමනලවැව සහ මොරගහකන්දේ ජලාශ ව්‍යාපෘති සඳහා ජපන් ප්‍රතිපාදන ලබාදීමට මැදිහත් වූයේද විපස්සී නාහිමියන්ය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර සෘජු ගුවන් සම්බන්ධතා ආරම්භ කිරීමට මූලික වීමේ ගෞරවය  හිමිවන්නේ ද  විපස්සි හිමිපාණන් වෙතය.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ රන් වියන ඉදිකිරීමට  පැල්පොල විපස්සි හිමියන් විසින් එවකට අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමාට රුපියල් ලක්ෂ 30 ක මූලික දායකත්වයක් ලබා දීමට පරිත්‍යාගශීලී  වූ බැව් ,එවකට දියවඩන නිලමේ ලෙසින් කටයුතු කළ නෙරංජන් විජයරත්න මහතා මා සමඟ පැවසීය.

පැල්පොල විපස්සි නාහිමි

පැල්පොල විපස්සි නාහිමි

             සියලුම ආගම් සමග මිත්‍රශීලීත්වයක් ගොඩනගා ගැනීමට සමත් වූ නාහිමියන්, පාප් වහන්සේ බැහැ  දුටු මොහොත

         පූජ්‍ය පැල්පොළ විපස්සී හිමියන් අවධාරණය කරන පරිදි,ශ්‍රීලංකාව  පිළිබඳව ජපන් ජාතිකයින් තුළ පවත්නේ අප්‍රමාණ භක්තියක් හා අසීමිත ආදරයකි. දෙවන ‌ලෝක යුද්ධයේදී ඇමරිකාව ජපානයේ  හිරෝෂිමාවට පරමාණු බෝම්බ දමා විශාල විනාශයක් කරනු ලැබිණි. මේ පරිද්දෙන්.ඇමරිකාව හා ජපානය අතර දැඩි වෛරයක් පැවතිනි. 1952 දී ඇමරිකාව සැන්ප්‍රැස්සිකෝ නගරයේ ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කර ,ජපානයට විවිධ ආර්ථික තහංචි සම්බාධක පැණවීමේ දැඩි උත්සාහයක යෙදුනු බව පැවසේ.ඒ අවස්ථාවේ සමුළුවට සහභාගි වූ සෙසු රටවල් නිහඬව සිටියදී ශ්‍රීලංකාවේ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා තත් යෝජනාව පරදවන්න මුල්වී  කටයුතු කළේය.  එතුමා සමුළුවේ කථාව අවසාන කළේ, “නහී වේරේන වේරානි ……..වෛරය වෛරයෙන් නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සංසිඳේ. යන බුදු වදන සිහිපත් කරදෙමිනි. 

පැල්පොල විපස්සි නාහිමි

                    ”වෛරය වෛරයෙන් නොව මෛත්‍රියෙන් සංසිංඳ්.” කෙටුම් පත් සටහන  සහිත ජපානයේ  කමකුරාහි ස්ථාපිත ස්මාරකය.

    ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගේ මෙම ඓතිහාසික දේශනය ජපාන පාසල් පෙළපොත්වලට ද ඇතුළත් කිරීමට ජපාන රජය සමඟ,පුජ්‍ය විපස්සි හිමි  සාකච්ඡා පවත්වා ඇත.

       වාර්ෂිකව මිලියන 20 ක් පමණ වන්දනාකරුවන් පැමිණෙන චීනයේ ලූයින් නගරයේ විශාලතම ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා,මේ දිනවල විපස්සි හිමියන්   කාර්යබහුලව නිරතව  සිටින බැව් දැනගන්නට ලැබිණි.

Article පැල්පොල විපස්සි නාහිමි2

 විපස්සි පදනමේ නියෝජිත යාචියෝ අබේ සහ මාධ්‍ය උපදේශක හිසඕ සාටෝ මහතුන් සමග පැල්පොල විපස්සි හිමි සාකච්ඡාවකට සහභාගි වෙමින්. 

  පරිසර සංරක්ෂණය සහ වන සතුන් ආරක්ෂා කරගැනීම කෙරෙහි  උන්වහන්සේ සිය සිතෙහි  දරාගෙන සිටි අදහස් සමුච්චයක් මුදාහළ අවස්ථාවක්.

       ලොව නන්දෙස ජාත්‍යන්තර සංවිධාන , තානාපති කාර්යාල සංස්කෘතික ආගමික උත්සවයන් සඳහා පූජ්‍ය පැල්පෙළ විපස්සී ස්වාමිපාදයන් වෙත ,ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ආරාධනා කිරීම බහුලව සිදුවන ක්‍රියාදාමයකි. මා ජර්මනියේ බොන් ප්‍රාන්තයේ කොන්සල් ජනරාල් ලෙසින් රාජකාරි කළ අවදියේ , තානාපති කාර්යාලය සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන්,ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වීමට ම විසින් උන්වහන්සේට කළ ආරාධනය මෙහිදී සිහිපත් වේ. එම ජාතික උත්සවය සඳහා ,පූජ්‍ය පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේ ජර්මනියට සැපත් වූයේ ගායක සනත්, මල්කාන්ති ගායක යුවළ ද කැටුවය.

පැල්පොල විපස්සි නාහිමි

   2004 වසරේ අප්‍රේල් මාසයේ , පුජ්‍ය විපස්සී හිමි ජර්මනියට සැපත්වූ අවස්ථාව.

පැල්පොල විපස්සි හිමි වසර 40 කට වැඩි කාලයක් ජපානයේ වැඩ සිටිමින්, ජපාන – ශ්‍රී ලංකා සබඳතා වැඩිදියුණු කිරීමේ සුවිසල් මෙහෙවරක යෙදී සිටී.  නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අපරිමිත සේවාව අගය කිරීම උදෙසා ජපානයේ ගුන්මා හි ජාත්‍යන්තර පැල්පොල විපස්සි බෞද්ධ විහාරස්ථානය සහ සාම මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ජපාන රජයේ අනුග්‍රහ ලැබිණි. 

පැල්පොල විපස්සි නාහිමි

ජපානයේ ගුන්මා හි පිහිටි ජාත්‍යන්තර පැල්පොල විපස්සි බෞද්ධ විහාරස්ථානය සහ සාම මධ්‍යස්ථානය,නිර්මල බුදු දහම පිලිබදව  ජපන් ජනතාව දැනුවත් කිරීම පිණිස යුග මෙහෙවරක් ඉටුකරන මධ්‍යස්ථානයක් ලෙසින් ප්‍රකටය. 

උන්වහන්සේ ,පන්සිල් වලට අනුව ජීවිතය  හැඩගස්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අවස්ථාවක්. >

මම  විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබන කාලයේ  සිටම උන්වහන්සේ සමීපයෙන්  ඇසුරු කළෙමි .එමගින්  උන්වහන්සේගේ උදාර මානවීය ගුණාංග මැනවින් අවබෝධ කරගැනීමේ අවස්ථාව මට  හිමි විය. විපස්සී හිමියන් ගේ පරාර්ථකාමී ස්වභාවය,  ඊර්ෂ්‍යාවෙන් විනිර්මුක්ත ගති පැවතුම්,චාම්  ජීවන රටාව. ජාති, ආගම්, ප්‍රජා භේදයකින් තොරව අසරණ වූවන්ට උපකාර කිරීමේ මානවීය උසස් ගුණාංග,උන්වහන්සේ සමීපයෙන් ඇසුරු කිරීමට මා පොළඹවන සුළු විය.

මා මහනුවර නාගරික කොමසාරිස් ලෙසින් රාජාකාරියේ නියැළි  සමයේ, මහනුවර නගරයට පිවිසෙන,මහවැලි නදී  අසබඩ    බිහිදොර,කන්ද උඩරට ප්‍රෞඩත්වය මතුකරවන සුළු නගර  ද්වාර ස්ථම්භයක් ඉදිකරලීමේ අභිලාෂයක් මසිතෙහි මතු විය. ඒ සඳහා මහනුවර නගර සභා රැස්වීමේදී  ඒකමතික අනුමැතිය ලද නමුත් , අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට නගර සභාව අපොහොසත් විය. පුජ්‍ය පැල්පොල විපස්සී හිමියන්ට මෙම  පුවත සැළකළ අවස්ථාවේ, උන්වහන්සේ නොපැකිල ඒ සඳහා අවශ්‍ය ලක්ෂ 08  ක මුදලක්,මහනුවර මහ නගර සභාවට පරිත්‍යාග කිරීමට පෙළඹිණි. මහනුවර නගරයේ තේජාන්විත භාවය, අපරාජිත ඉතිහාසය ජනතා සිත්සතන්හි කුළු ගැන්වීමේ අභිප්‍රායෙන් ඉදිකළ මෙම  නගර ද්වාර ස්ථමිභය නෙත් ගැටෙන අවස්ථාවන්හි, පුජ්‍ය පැල්පොල විපස්සී හිමියන් අප සිහියට නැගෙන්නේ නිතැතිනි.

              පැල්පොල විපස්සි නාහිමි 

විපස්සි නාහිමියන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකළ මහනුවර නගර  ද්වාර ස්ථම්භය.

               අප දේශයේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද සුවිසල්    ජන මෙහෙවරක් ඉටුකිරීමේ නියැළි , අති පූජ්‍ය පැල්පොල විපස්සී නාහිමියන්,සිය ජන්ම සංවත්සරය සමරන අවස්ථාවේ, උන්වහන්සේ වෙත නිරෝගී  චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

   ආචාර්ය ගාමිණී කාරියවසම්.

            gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Sri Lankan Buddhist monksVen. Pelpola VipassiVipassi Thero
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Galways Land National Park Sri Lanka Galway’s Land National Park, Sri Lanka
Next Article First Sri Lankan Family in Australia First Sri Lankan Family in Australia – A Tale of Survival and Mystery
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Verifying the Origin of Everything-by W. Suresh Madusanka 01

Verifying the Origin of Everything-by W. Suresh Madusanka

St. Elizabeth’s Church function in Dandenong North was a spectacular night. BY TREVINE RODRIGO IN MELBOURNE

Sri Lanka will be no pushover against England,  but batting consistency will be key. BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor)

CSE ADX Connection

CSE and Abu Dhabi Securities Exchange Move Closer: Opportunity and Safeguards for Sri Lanka’s Capital Market

Kandy Esala Perahera 2026, Final Randoli Perahera 2026, Kandy Perahera, Randoli Perahera, Sri Dalada Maligawa, Sacred Relic Casket, Kandy Sri Lanka, Sri Lankan Buddhist Heritage, Sri Lankan Culture, Kandyan Dancers, Traditional Drummers, Perahera Elephants, Esala Festival, Kandy Cultural Festival, Sri Lanka Heritage, Buddhist Traditions, Sri Lankan Festivals, Kandy Cultural Events, Sri Lanka Tourism, eLanka

Serendib Flour Mills Brings 100 Elderly Farming Parents to Witness the Sacred Dalada Perahera

Related News
LSBU Pearson Nebula degree pathway Sri Lanka
Articles

LSBU, Pearson and Nebula Institute Open New International Degree Pathways for Sri Lankan Youth

kidney stone treatment
Articles

Philanthropist Nahil Wijesuriya Donates Rs. 161 Million Equipment to Meerigama Kidney Stone Centre

Roar AI: Sri Lanka’s First AI Gateway for 200+ AI Models
Articles

Roar AI: Sri Lanka’s First AI Gateway Brings 200+ Global Models to Local Builders

Articles

Dulux from AkzoNobel Sri Lanka supports restoration of the Galle Lighthouse

Hilton Yala Secures Three Gold Awards at the Inaugural Academy of F&B Artists – Hilton South Asia
Articles

Hilton Yala Secures Three Gold Awards at the Inaugural Academy of F&B Artists – Hilton South Asia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.