දැයෙන් සමු ගන්නා ගංගාරාම පොඩි හාමුදුරුවෝ. By Gamini Kariyawasam 2024 අගෝස්තු 02 දින අපවත් වී වදාළ ගලබඩ ඤාණිස්සර මහා ස්වාමිපාදයන්, ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාස මං තලාවේ , අති ගෞරවයට පාත්රවෙමින් , යුග යුග නින්නාද වන උත්තරීතර චරිතාපදානයකින් හෙබියේය. ගංගාරාම පොඩි හාමුදුරුවෝ නමින් ආදරයෙන් හඳුන්වනු ලබන ගලබඩ ඤාණිස්සර තෙරණුවෝ දැයේ අනාගත පරපුරේ ප්‍රඥාවේ, දයාවේ, ආධ්‍යාත්මික මඟ පෙන්වීමේ ප්‍රදීප ස්ථම්භයක් විය. උන්වහන්සේගේ ජීවින චර්යාව බෞද්ධ සමාජයට සහ පුළුල් ශ්‍රී ලාංකේය සමාජ සංතානයෙහි නොමැකෙන සලකුණක් සන්හිටුහන් කළේය .අධ්‍යාපනය, ප්‍රජා සේවය, සර්වාගමික සමගිය උදෙසා උන්වහන්සේගේ කැපවීම අනාගත භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි සමාජයේ ඉදිරි ගමන කෙරෙහි ලබා දෙන්නේ නොමද ආලෝකයකි. අපවත්වීම > දෙමාපියන් සමග. ළමා වියේ 1943 දෙසැම්බර් මස 14 වන දින මාතර ගල්බොඩ ගම්පෙත විසු, කංකානම්ගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලේනාහාමි යුවළ උන්වහන්සේගේ දෙමාපියන්ය. පවුලේ තුන් වැනි දරුවා ලෙස උපත ලද , ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න කුමරු , නිසැක ලෙසින් ම, මතු සසුන බබළවන්නාවූ ,මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් වන බැව් ...