Dr. Gamini Kariyawasam

ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම් පුර්විකාව  විශේෂයෙන් විදේශයන්හි වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මනසෙහි  ප්‍රියජනක හා  මින්පෙර අවධානයට යොමු නොවූ සමාජ පැතිකඩක් විචිත්‍රණය මෙවර  මවිසින් ඉදිරිපත් කරන ලිපියේ මූලික  අරමුණ බැව් සදහන් කරනු රිසියෙමි.   ගැල   අපේ දේශයේ අතීත සමාජයේ ජන දිවිය සමග  අවියෝජනීය ලෙසින් බද්ධව පැවතිණි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා විහිදුණු බරකරත්ත යුගයේදී රට සුන්දරත්වයෙන් හා සංස්කෘතියෙන් සමෘද්ධිමත්ව පැවතිණි . එය සෞභාග්‍යයේ සහ එකමුතුකමේ යුගයක්  වූ අතර, විවිධ පසුබිම්වලින් පැමිණි අය ජීවිතයේ සරල ප්‍රීතිය සැමරීමට එක් වූ කාලයකි. බරකරත්ත යුගයේ මෙරට පැවති සරල,සහජීවනයෙන් බැදුණු සමාජ වටාපිටාව ද මෙම අවස්ථාවේ අපගේ සිහියට නැගේ. සඳ එළිය පැතිරී  අහස යට,ගෙවත්තේ හෝ මැ ද මිදුලේ ,තමා වටා රැදී සිටි දූ දරු මුණුපුරන්ට ආත්තම්මා  කියා දුන් දැනමුතුකම් දැවටුණු     ජන කතා  අපුර්වත්වයෙන් අනුන විය.වීරයන්, මිථ්‍යා ජීවීන් , ඉන්ද්‍රජාලිකන් පිළිබදව මෙන් ම,සාර ධර්ම, ප්‍රඥාවේ මහිම උද්දීපනය කළ ,ආත්තම්මාගේ කතාන්දර  ළමා මනස,තීව්ර ලෙස ආකර්ෂණය කළේය. විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපගේ දේශයේ විවිධ යුගයන් සහ  මූලයන් පිලිබදව පුළුල් අබෝධයක් ලබා ගැනීමේ නොතිත් ආශාව  සපුරාලීමේ අපේක්ෂාවෙන් යුතුව “ගැල් ...

Read More →

King Kavantissa: A Great Character in a New Dimension – By Dr Gamini Kariyawasam King Kavantissa and Viharamahadevi deserve the utmost respect of the nation, just like the Gemunu kings who played a crucial role in uniting Sri Lanka in 161 AD. It was once argued by Mr. Senarath Paranavitana that King Kavantissa lost his rightful place in history due to being overshadowed by his heroic son. King Kavantissa is credited with creating a prosperous land that set the stage for Prince Gamunu to lead a successful war with ten powerful Giants. His efforts to build numerous temples for the economic prosperity of the country, as well as for fostering harmony among the people and religious devotion, are clearly evident in ancient works like Maha Vamsa, Dhatu Vamsa, and Rasavahini. Kavantissa, also known as Kaka Wanna Tissa, means someone who has black skin tone like a crow.  King Kavantissa is ...

Read More →

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) – By Dr. Gamini Kariyawasam නාගොයා සයුරේ මුතු මුතු නෙළුමට  රළ මත පාවෙන දියෙඹ් කිමිදෙන  සොඳුරු කිඳුරු මීන නයන සරි යුවති අමා වන් කිඳුරු අමා වන් උවන සදිසි මිහිරිය යළි යළි ඔබ  සිහි වේ තනිවා රජ මැඳුර ඔබ පා යුග කවුළුව අසළම ගැටෙනා සද  මනරම් ඔබ රුව අභිමුව  නිරිඳකු විලසින ඔබ නෙත් දැහැනෙ දැවටෙන්නට පෙරුම්පුරමි  මිහිරිය ඉහත නිසඳැස් පද්‍ය 8 වන සියවසේ රචිත ජපන් සාහිත්‍යයේ දෘෂ්‍ය අංශයට නැඹුරු වූ මන් යොෂු උදන කාව්‍යයේ ඇතුළත් පද්‍ය පංතියක ඡායානුවාදයකි. එය මිනිස් මනසේ  අහ්ලාදජනක මනෝභාවයන්උ ද්දීපනය කරන සුලුය. සිය පෙම්වතිය පැමිණෙන තුරා වෙරළ ඉම පෙර මඟ බලා සිටින ජපන් තරුණයාට නිතැතින්ම සිහිත් වන්නේ මුතු සොයා සමුදුර කිමිදෙනා සොඳුරු කිඳුරු ළඳුන්ය. සිය පෙම්වතියගේ උවන සොඳුරු අමා යුවතියන්ගේ උවන හා සමාන බව ද හෙතෙම උපකල්පනය කරයි. මෙම පැදි පෙළෙහි උපමා රූපකයක් ලෙසින් මතුවන සොඳුරු කිඳුරු අමා යුවතියන් කාල්පනික ලෝකයෙහි සැරිසරන්නියන් විය හැකි යැයි සහෘදයන් සිත්හි කුකුසක් ඇති වනු නිසැකි. එනමුදු එහි නිරූපත අමා නම් වූ යුවතියන් ජපානයෙන් පාරම්පරික මුතු කිමිදීම වෘත්තියෙහි නිරත ජන කොට්ඨාසයක් බැව්, කරුණු අධ්‍යයනයේ දී අනාවරණය වේ. ජපන් බසින් උමි අමා යන වදනේ අරුත මුහුදේ මුතු සොයා ...

Read More →

Religious Legends and Natural Wonders Near the Dead Sea – by Dr. Gamini Kariyawasam Between the sky and the sea, the mountain range towards Jerusalem is golden in color from the distance as the sun sets. The area is covered by the vast sea and a quiet plain covered with fog, which makes the human mind drowsy. A closer inspection of the milky rock that rises from place to place in the sun shows that it is a water table made of salt. Some time ago, when I was working in the Ministry of Foreign Affairs, I had to go to Jordan for some official work. That’s how I pictured the Dead Sea, a wonderful creation of nature that I saw there. This academic article was prepared using the wealth of knowledge extracted from the views that caught my eye, the information I heard, and the reference to academic documents. The Dead ...

Read More →

Mother ( අම්මා ) –  By Gamini Kariyawasam ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය – ” අම්මා ”  ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 14වන දිනට යෙදේ.නිවසේ,වැඩබිමේ,සිටින මව්වරුන්  මෙන් ම තනිකඩව  හුදකලාවේ ගැලී සිටිනා සමාජයේ සෑම තරාතිරමකම මව්වරුන්ගේ සමාජ දායකත්වය හඳුනා ගැනීම 2023 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත. දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා,දෙවියන්  තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ පැතිර   පවතී. මවක්  දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට  තම දරුවා වෙනුවෙන් ඉටු කළන හැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි. මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවීයෙකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණිය නිර්මාතෘත්වය  මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් තුළ කුස දරා සිටිනා කාලය පුරාවට,බිහිවන දරුවා ගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින්  පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේ ද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප‍්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ  ගනිමිණි..දරුවා බිහි කරත්ම ,දරුවා වෙනුවෙන් ඇය  හද පත්ලෙන් මතු වන  හෘදයංගමඅසීමිත සෙනෙහසින්, ඇය සිරුරේ දිවෙනා   රත් පැහැ රුධිරය ශ්වේත වර්ණමව්  කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි.   කිරෙන් බරවූ පියයුරෙහිතුඩු  ඇය  සිය බිළිදාගේ   සුසිනිදු දෙතොල් ...

Read More →

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත – By ආචාර්ය ගාමිණී කාරියවසම් ශ්‍රී ‍ලංකාවේ ඉන්දියන් සයුරේ මුතු  ඇටය යන විරුදාවලියෙන් සම්මානිත වූයේ,  දිවයිනේ භෞතික ස්වරූපය මුතු ඇටයක් ලෙසින් දිගටි හැඩයෙන්  යුක්තවීම  නිසාත්.  අප වෙරළ තීර මුතු  පර වලින් ගහනව පැවතීම නිසාත් විය යුතුය.   පෙර සිංහල රජ දවස පටන්, මෙරට දේශීය ආර්ථිකය පෝෂණය උදෙසා මෙන්ම, පෙර දිග මුතු ඇටයේ කීර්තිය දස දෙස පතුරුවන්නට, හලාවත සිට මන්නාරම දක්වා පැතිරි මුතු පරවලින් ලද්දේ අනුපමේයදායකත්වයකි. එහෙත් මිනිසා විසින් පරිසරයට සිදු කරන ලද හානි  සහ මුතු නිෂ්පාදනය අප දේශයෙන් අතුරුදන්ව ගොස්අඩ සිය වසකට වැඩි කාලයක් ද ඉක්ම ගොසිනි.  මන්නාරම් බොක්ක බලා මිරිදියවර රැගෙන ගලන මල්වතු ඔය, අතීතයේ පෙර නොවූවිරූලෙසින්කෘෂි රසායනද්‍රව්‍ය රැගෙන ඒමේ දැඩි ප්‍රවණතාව  හේතුකොට ගෙන මුතු පර විනාශ වී ඇති බැව්අනාවරණය වේ. කඩොලාන සහ  මුහුදු වෙරළ ආසන්නයේ තුරු ලතා මේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වීමෙන් ගෝලීය උෂ්ණත්වයඉහළ යාමද මුතු  පර වඳවී යාමට හේතු වූ සාධකයක් සේ සැලකේ.    අනුරාධපුරයේ සිට ගලා බස්නා මල්වතු ඔයේ මිරි දියවර,සමුදුර කර දිය හාමුසුවීමත්, මුහුදු ජලයේ කොරල් පර මත මුතු බෙල්ලන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණයක් පැවතීත්. ජීවියාගේ පැවැත්මට උචිත ගැඹුරක කොරල් පර ස්ථානගතව පැවතීමත් යන සොබා දහමේ  නියමිත සාධක ඒකරාශිවීමෙන් මෙම මුහුදු කලාපය මුතු බෙල්ලාගේ මුල්ම වාස භූමි බවට පත්විය.වැලි කැටයක් මුතු ඇටයක් නිර්මාණය වීමේ මූලික අවස්ථාව සේ සැලකේ.  මල්වතු ඔය රැගෙන එන දියවර, වේගවත්ව මන්නාරම් සමුදුරට පිවිසෙන්නේ වෙරළ හා ගංගා දෑල පැතිරී වැලි පර පිස ගෙනය. නිරන්තරයෙන් සිදුවන මෙම ක්‍රියාදාමය නිසා මුතු පරවල වැඩෙන බෙල්ලන්ගේ සිරුරු තුළට වැලි කැට විටින් විට පිවිසෙනස්වභාවයක් නිර්මාණය වේ. ඒ අයුරින් පිවිසි වැලි කැට බෙල්ලාගේ ...

Read More →