සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව, සිංහල රාජ වංශයේ, රාජිනියන් පස් දෙනෙක් රාජ්‍ය විචාල බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ. මුළුමහත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඔටුනු පළන් ප්‍රථම රැජිණිය වශයෙන් ඉතිහාසයට එක්වන්නේ අනුලා දේවියයි. ඇය වෙත සිහසුන හිමිවන්නේ ක්‍රි.පූර්ව 47 වන සියවසෙහිය. අනතුරුව පිළිවෙළින් සීවලි බිසව (ක්‍රි.ව. 35), ලීලාවතී බිසව (ක්‍රි.ව. 1197), කල්‍යාණවතී බිසව (ක්‍රි.ව. 1202), දෝන කුසුමාසන දේවිය (1581) යන රාජිනියන් ඔටුණු දරමින් මෙරට රාජ්‍ය පාලනයෙහි නිරත වූහ.   මෙරට කිරුළ දැරූ සිංහල රාජ්‍ය වංශයෙහි අවසන් සහ ලා බාලම බිසවුන් ලෙස සැලකෙන්නේ කුසුමාසන දේවියයි. කනස්සල්ල, සන්තාපය සහ දුක්ඛ දෝමනස්සයන්    ඇයගේ මුළු දිවිය පුරාම ඇය ලුහුබැඳි සෙයක් අපට ඓතිහාසික මූලාශ්‍ර තුළින් විද්‍යමාන වේ. ඒ නිසාම ඇය ඉතිහාසයෙහි සනිටුහන් වන්නේ සිංහල රාජවංශයෙහි කඳුළු බිඳුව ලෙසිණි.  කුසුමාසන දේවී , දෝන කතිරිනා ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර ආදී  නම් කිහිපයකින් ඇය හැදින්වේ. ඕ තොමෝ උපත ලබන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බෙහෙවින්ම අවුල් වියවුල්ව පැවැති කාල වකවානුවකය. කුසුමාසන දේවිය. කුසුමාසන දේවිය, කරලියැද්ද බණ්ඩාර සහ ගලගම දෙනවක  දේවියගේ ...

Read More →

එදවස කොළොම්පුරේ ශ්‍රියා – By ආචාර්ය ගාමිණී කාරියවසම් කැලණි ගඟේ පැරැණි පාරු පාලම ‘‘පාරු පාලමෙන් කොළඹට – ගැල් පේලිය සැපැත් උනා ගෑස් පහට ළං වෙනකොට – අපි හොඳටම හවස් උනා සෙක්කු වීදියේ කම්බා දැක – උඹ මට මතක් උනා කයිමන් දොර කොඩ ඉදපං – මං එනතුරු සෙලෙස්තිනා කොළඹ රටේ ඉපදුනාට – මටම ඔබින සෙලෙස්තිනා බේරෙ වැවට හඳ පෑව්වා වාගේ මට ඔබේ සිනා කබාකුරුත්තාව ඇඳං – මුතු දෙපොටක් ගෙලේ දමා සාන්ත බස්තියන් ඇළේ – පාරු පදිමු සෙලෙස්තිනා පාමංකඩ කවි මඩුවක් – හෙට හවසට පැවැත් වෙනා ට්‍රෑම් කාර් එකේ ගිහින් – කවි අහමුද සෙලෙස්තිනා ඉංගිරීසි රැජිණ වගෙයි – මට නං උඹ සෙලෙස්තිනා…’’   මෙම ලිපිය කියවීම ආරම්භ කිරීමට පෙර,එදවස කොලොම්පුර සමාජමය සහ  පරිසරයේ භෞතිකමය පැතිකඩ සබැඳි සජීවී චිත්‍රයක් මනසින් ස්පර්ශ කර  ගැනීම පිණිස පහත දැක්වෙන යොමුවට පිවිසීම  ( CLICK  ) මැනවි. යුරෝපා අධිරාජ්‍යවාදීන් කොලොම් පුර ඉතිරි කර ගිය මග සලකුණු ස්මාරක පිළිබඳව විමංශනාත්මක තොරතුරු සංග්‍රහ කෙරෙන මෙම ලිපිය තත් ගීතයේ පද වැලින් ආරම්භ කළේ, එවක සමාජ  සහ භෞතික පරිසරයේ පැතිකඩක් සංක්ෂිප්තව එමගින් නිරූපනය වන නිසාවෙනි.  මෙම ගීතය, අප සිත් සතන් නිරායාශයෙන් ම ශතක කිහිපයක් ඇත අතීතය වෙත ගෙන ගොස් එහි රඳවන සුළුය. එවකට යුරෝපීයයන් ගේ ගති සිරිත් කොලොම්පුර දේශීය සමාජය ද දැඩි සේ වැළඳ ගත් අයුරු මෙම ගීතයෙන් සංකේතාත්මකව මැනවින් සජීවීමත් වේ. මෙහිදී කොලොම් පුර මානව සමාජ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් සංස්කෘතිය, සමාජ පරිසරය හැඩ ගැසෙන්නේ විජාතික අභාෂයට අනුගතවය.  කැලණි නදී නිසලව ගලා බසී. සියනෑ කෝරළේ හද්ද පිටිසර ගමක තරුණයෙක් ගැලක නැගී, කොලොම් පුර වෙසෙන යුරෝපා පන්නෙට ...

Read More →

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිව් දෙස රැඳි සේනා සපිරි සෙන්පතීන් නවදෙනෙක් විසින් නිබදවම රක්නා ලබන පුරවරයකි. ඒ වටා ගලනා පුළුල් දිය අගලෙන් පුරවරය ආරක්ෂාව වඩාත් තහවුරු කරන සෙයකි. දැයේ ජීවමාන සංස්කෘතික උරමය සුරැකි මෙම පවර පුරවරය නමින් බදුල්ල ය සිව් දෙසින් නැගී සිට පුරවර රක්නා සෙන්පතීන් ලෙසින් නමුණු කුල ගිරිකුල ශිඛර නමය දිස්වේ. නමුණුකුල කදුපෙළ සිසාරා පැතිරී මහා වන පෙත සෙන්පතීන් පිරිවරා සිටිනා සෙබල මුලක් සේ හැගේ. බදුලු ඔය කෝමලිය පුරවර ආරක්ෂාව තර කරනා දිය අගල වශයෙන් අපට උපකල්පනය කළ හැකිය. නමුණුකුල කදු වැටි  පද්ධතිය. තමන්ටම ආවේණික ආවෘත සංස්කෘතිය (බාහිරව නොපෙනන අදහස් විශ්වාස පුරුෂාර්ථ ආදී) රැකගැනීමට ඌවේ ජනතාවට හැකිවූයේ, ඉහත දක්වන ලද පරිදි, එම පළාතට රැකවරණය සලසන සොබා  පිහිටීම බව සැළකේ.අදීන සංස්කෘතියක් නිර්මාණය වීමේ සහ එය සම්මිශ්‍රණයකින් තොරව පවත්වාගෙන යාම උදෙසා කාලගුණික සහ දේශගුණික සාධක, භූගෝලීය සාධක, ඵෙතිහාසික සාධක, අර්ථ ක්‍රමය හා ආගමික ආකල්ප අත්‍යන්තයෙන්ම වැදගත් වේ. බදුලු ඔය  පරම්පරාවෙන් පරම්පරාවට පැවැතගෙන එන්නා වූ සිරිත් විරිත්, සාරධර්ම, ඇදහිලි, ජන ...

Read More →

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම් මුළු මහත් පරිසරය වසා බිම් කරුවල පැතිරෙමින් පැවැති නිමේෂයකි. ගං තෙර, තරමක් උස බිම්පෙ තක,මා   අහස වෙත  දෙනෙත් රඳවා සිටියේ කිසියම් කුසීත හැඟීමකිනි.  නදී  තොමෝ මොහොතින් මොහොත,නෙතට හසු නොවන  සෙයින්  වෙනස් වෙමින් ,ඉදිරියට ගලා යනු දිස්වේ.  එම අපූර්වතම දසුන  ,කාලය අපට නොදැනීම,අප වියපත් කරමින් ඈතින් ඈතට ගලා යන සදාතනික සත්‍යතාව පසක් කරවන සුළු විය .  “කොළොම්තොට නැත මහලු වී   අවන්හල නැත පැරැණි වී   එදා හඳමයි අදත් යෞවනයේ   එහෙත් අප දෙන්නා   බලන් කැඩපත සොඳුරියේ – පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා   පෙරුම් පුරමින් හමුවෙලා – උනුන් රහසින් බැන්ද ආදර පෙම්   බලන් කැඩපත සොඳුරියේ – කුමන අරුමද   නර කෙසක් නැගිලා…” ( පහත දැක්වෙන උපුටනය Click කිරීමෙන් ,ඔබට මෙම ගීතය ශ්‍රවණය කල හැකිය.) එම මොහොතේ ,නිහඬ නිසල පරිසරයේ ශෝකාකූලතාවය අර්ථවත් ලෙසින් තීව්‍ර කරවන තත් ගී පදවැල ,මගේ මතකයට නැගිණි. කාලය විසින් අනුකම්පා විරහිතව මිනිස් දිවිපෙවෙත ශෝචනීය විප්‍රයෝගයකට බඳුන් කර ...

Read More →

දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්   ගංගාවන් මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසු,සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර් 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උන කන්ද,ආඬියාකන්ද , අමරපති කන්ද, උල්පත් කන්ද යන සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත් ඇසුරෙන්   මල් වතු ඔය උපත ලබන්නීය. මල්වතු ඔයට උපත දෙන,  සප්ත කදු සිරසින් සුසැදි  , රිටිගල ගිරි ශිඛරය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇල දොල අවුරා , කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. මෙනයින්  සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ වැව් පද්ධතිය වන අභය වැව,  නාච්චදුව , නුවර වැව, තිසාවැව, මහකනදරා වැව,අකතිමුරුප්පු වැව හා යෝධ වැව  බිහි වන්නේ මල්වතු ඔය ජල ධාරිතාව  ආශ්‍රයෙනි.   මල්වතු ඔය ජලයෙන් පෝෂිත මෙම වැව්,  ඇල මාර්ග  ඔස්සේ එකිනෙක සම්බන්ධ කර තිබිණි.මෙමගින් යම් ...

Read More →