මනෝ රම්‍ය නෘත්‍ය ගීත උල්පත සදා වියැකී යයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : divaina ටවර් රංග ශාලිකාවේ පෙර දවස නිපන් නාඩගම් නෘත්‍ය ගීත,වාදන ආශ්‍රිත යශෝරාවය වත්මන් පරපුරේ හද ගැස්මට මුසු කළ, නූර්ති ගායන සහ වාදන ශිල්පී විල් ආරච්චිගේ ලයනල් විජේසිංහ ගුණතිලක මහතා,ඉකුත් දෙසැම්බර් 01 දින සිය දිවි සැරිය නිම කළේය.එතුමා  මියයන විට 92 වන වියේ පසු විය. ලයනල්  ගුණතිලක මහතා නාඩගම් යුගය මුර්තිමත් කළ ,ප්‍රතිභා  පුර්ණ,ප්‍රවීන  ගායන හා වාද්‍ය විශාරදයෙකි. ලයනල්  ගුණතිලක යන නම ඇසු පමණින් නාඩගම් යුගය අප මතකයට නැගෙන්නේ නිතැතිනි.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නිරිඳුන්ගේ ඉන්දියානු බිසව සමග මේ රටට පැමිණි අලග නායිදු නම් ද්‍රවිඩ  සංගීත ශිල්පියාණන් නාඩගම් කලාව ,අප දේශයට හදුන්වා දීමට මුල් විය.දක්ශිණ භාරතීය කර්ණාටක සංගීතයෙන් පෝෂිත ,නාඩගම්  ගැමි නාටක ශෛලිය,වත්මන් පරපුර වෙත හඳුන්වා දීමේ පූර්ණ ගරුත්වය හිමිවන්නේ ලයනල් ගුණතිලක ශූරීන් වෙතය. ගුණතිලක ශූරීන්ගේ දෙමාපියන් ,  නූර්ති කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ, ඩී. ජේ. ඩබ්ලිව්. ගුණතිලක නාට්‍යවේදියා සහ කළුතන්ත්‍රී දෝන මාග්‍රට් ජයවීර දෙමහල්ලන්ය.සීතා ගුණතිලක,එතුමාගේ එකම සොහොයුරියයි. ලයනල් ගුණතිලක ශුරීන් ජන්ම ලාභය ලබන්නේ ...

Read More →

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : apkpure ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට ,පෙර දවස ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි . Image Source : genspark තෝකියෝ ජාතික පුස්තකාලය. පුස්තකාලයේ පොත් රාක්ක පිරික්සමින් සිටි මා දෙනෙත එක එල්ලේ ම යොමු වුයේ   “කොයිජිකි” නම් වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබු පුස්තකයක් කෙරෙහිය. ග්‍රන්ථයේ නමට පහළින්මුද්‍රණය වී තිබු , “ජපානයේ ඉතිහාසය පිළිබදව ලියැවුණු මුල්ම හා පැරණිතම ග්‍රන්ථය “යන සටහන ,තත් කෘතිය කියවා බැලීමේ රුචිය මා සිත් හී දැල්වූ සෙයක් මට හැගිණි. එසැනින් අපේ මහා වංශය ද මට සිහිපත් විය. වර්ෂ 712 දී ලියැවී ඇති මෙහි කතුවරයා , ජපන් අධිරාජ්‍යයාගේ ඉම්පීරියල් මාලිගාවේ රාජ්‍ය සේවකයකුවූ ඔනෝ යසුමරෝය. Image Source : amazon කොයිජිකි” කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය. මෙම මාලිගයේ එවකට ජීවත් වූ 43 වන ජපන් අධිරාජ පෙන්වෙයි ගේ ආරාධනය මත හෙතෙම මෙම ඉතිහාස කෘතිය ලිවීමට පෙලබී අති බව සදහන්වේ. Image ...

Read More →

නීති රෙගුලාසි අතික්‍රමණය කළ , ශ්‍රී ලංකාවේ ඉකුත් රාජ්‍ය නායක පිළිවෙත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.     “සර් කිවූ ලෝ” (Circular – “සර්කියුලර්” )  Image Source : clker තමන් විසින්  වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන ,  රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන  අමනෝඥ ප්‍රතිපත්තියක්,  ශ්‍රීලංකාවේ ඉකුත්  රජයන්  මගින්  ක්‍රියාත්මක කරනු ලැබිණි. එම අහිතකර ප්‍රවණතාව , පසු ගිය පාලන සමයේ  මාධ්‍ය ඔස්සේ අපට නිරන්තරයෙන් කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබිණි.  දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා, නව රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා  මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි  මසිත් පෙළෙඹිණි. Image Source : cleanpng Source : flexiconsultancy ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි  සිතමි. එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින්  ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. “සර් ඔබ තුමා ගිය ...

Read More →

මහනුවර බහිරව කඳු මුදුනේ දැහැන් ගත බුදු පිළිම වහන්සේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : Sri Lankan Heritage Facebook Page මහනුවර නගරයට පිවිසෙන අවස්ථාවන්හිදී,නගරයට ඉහලින් කඳු සිරසක වැඩ හිඳිනා  බහිරව කන්ද  බුදු පිළිම වහන්සේ ,අප සිත් සතන් බැතිබර සිතිවිලි සමුදායකින් සනහාලයි. රන් වියනෙන් සෙවණිත ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා පත්තිරිප්පුව අසල පිය ගැට පෙළ පියමන් කරන බැතිමතුන් නෙත් ,නිතැතින් ම යොමුවන්නේ  ද,බහිරව කන්දේ වැඩ හිදිනා   බුදු පිළිම වහන්සේ වෙතින් ගලනා  මෙත් සිළිලාර වෙතය. Image Source : expedia මහනුවර නගරයට පමණක් නොව, මුළු මහත් සෙංකඩගල පුරවරයටම ශාන්තිය උදාකරලන සුළු බහිරව කන්දන් බුද්ධ ප්‍රතිමා පුරාණය පිළිබඳව කිසියම් සටහනක් තැබීම කෙරෙහි, මසිත් යොමු වූයේ, පිළිම වහන්සේ ඉදිකිරීම කෙරෙහි,එදවස  කිසියම් දායකත්වයක් ලබා දීමට මම ද භාග්‍යවත් වූ හෙයිනි. 1992 ජනවාරි 6 වන දින හවස් වරුවේ ප්‍රේමදාස ජනපතිදුන් මහනුවරට සම්ප්‍රාප්ත වන බැව්, ජනාධිපති ලේකම් කේ.එච්.ජේ.විජේදාස මහතා  විසින් මා වෙත දැනුම් දෙනු ලැබිණි. ඒ , මම මහනුවර නාගරික කොමසාරිස් ලෙසින් සේවයෙහි නිරතව  සිටි කාල වකවානුවකි. මගේ  සමකාලීනයෙක්වූ  මධ්‍යම පළාතේ ජේෂ්ඨ ...

Read More →

දේශජ අභිමානයේ ජාතික සලකුණ අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් න වේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල්භා ගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. Image Source : thearchitect දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය  ශක්තියත්  අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන්  අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය මීට වසර කිහිපයකට පෙර   අපේ දේශයට  උදා විය.  එවන් ප්‍රතිපත්තිමය තීරණයක්    ගනු ලැබුවේ,එවකට   නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ධුරය හෙබවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ  නොමද ප්‍රණාමය හිමිවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට ...

Read More →

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : sridaladamaligawa නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ  තරංග  ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය. රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය  එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී,  දළදා වහන්සේ වැඳපුදා ගැනීමට  ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය ,  සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට  වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ ...

Read More →

මහා වංශය , ලෝක උරුමයක් ලෙසින් අභිසෙස් ලබයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය, ලෝක උරුමයක් ලෙස,නොබෝදා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු විය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී, එම පුස්තකයට අදාළ සහතික පත්‍රය,කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත ප්‍රධානය කිරීම, යුනෙස්කෝ සංවිධානයේ  අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය.ඇය  ඊට අදාළ සමරු පලකයක්ද  ඇය අතින්  විවෘත විය. Image Source : newsi Image Source : newsi මහා වංශය  ලෝක උරුමයක් ලෙසින් අභිසෙස් ලබන  අවස්ථාවේ ,එම ග්‍රන්ථය පිළිබඳව ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කර, අප තරුණ පරපුර දැනුවත් කිරීමේ අධ්‍යාශයෙන් මෙවන් ලිපියක් සම්පාදනයෙහිලා මසිත් යොමුවිය.ඉලෙක්ට්‍රොනික යුගයක නව්‍ය අත්දැකීම් අතරේ දෝලනය වන අප තරුණ පරපුර ,  දේශයේ අභිමානය මතු කරන, මහාවංශය කෘතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලීම අතිශයින් ම වැදගත්ය. මහාවංශය, ශ්‍රී ලංකාවේ පුරාණ හා ගෞරවාන්විත ඓතිහාසික වාර්තාවකි. පාලි භාෂාවෙන් ලියා ඇති මෙම වංශකතාව දිවයිනේ පුරාවෘත්ත ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ මහාසේන රජුගේ පාලන සමය දක්වා වූ විස්තරාත්මක වාර්තාවක් ...

Read More →

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : etsy Image Source : fineartamerica ඇය කරත්තයක නැගී යමින් සිටියේ විද්‍යාර්තීන් පිරිසකට ගණිතය පිලිබදව දැනුවත් කිරීමේ දේශනයකටය.අනපේක්ෂිත මොහොතක උග්‍ර ක්‍රිස්තියානි අන්ත  වාදී    ගල් මුගුරු රැගත්,හැදී දැඩි පිරිසක් ඇයගේ ගමන අවහිර කළහ .ඔවුහු ඇය කරත්තයෙන් ඉවතට ගෙන බිම දිගේ සිසරීන් දොවොල තුළට ඇදගෙන ගියහ.එහිදී කාන්තාව  සමිපූර්ණයෙන් ම   නිරුවත් කරනු ලැබිණි.පිරිස කුරිරු ලෙසින් ඇයට පහරදී , යළි බිම දිගේ ඇදගෙන ගොස්   ඇය   කණුවකට තබා බැද , පණ පිටින් ගිනි තබා   පුලුස්සා දැමූහ. Image Source : fineartamerica 1866 නාඳුනන කලාකරුවෙකු විසින් නිර්මිත  ඇලෙක්සැන්ඩ්‍රියාවේදී හයිපතියා බිම දිගේ ඇදගෙන යාම  Image Source : english.elpais Image Source : wikipedia ලුවී ෆිගුයර් (  Louis Figuier, )  විසින්  1866 දී ලියන ලද “Death of the philosopher Hypatia, in Alexandria”- කෘතියෙහි යථෝක්ත සත්‍ය සිදුවීම සනිටුහන් කරන්නේ සජීවී ආකාරයෙනි.  හයිපතියා උපත ලැබුවේ ක්‍රි.ව. 355 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියා දේශයෙහිය.නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඊජිප්තු ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියාව පිහිටියේය.     Image ...

Read More →

සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. එච්.ඩී.ප්‍රේමරත්න-හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න – දිවි සිනිමාවෙන් නික්ම ගොස් මෙම දෙසැම්බර් 26 වන දිනට 18 වසරක් සපිරේ. හෙතෙම  කැලණිය ගුරුකුල විද්‍යාලයේ එකම පන්තියේ මා සමග එකට සිප් සතර හැදෑරීය. ඔහු පිළිබදව මෙවන් සටහනක් තැබීම කෙරෙහි මා සිත් නිරායාසයෙන් ම යොමුවූයේ ,හෙතෙම මගේ පාසල් මිතුරෙක්වූ නිසාම නොවේ.  ඔහු වෙතින් ලංකේය සිනිමාවට ඉටුවූ අනල්පවූ මෙහෙවර ඇගයීම උදෙසාය.ගුරුකුලයේ  මාලණී ෆොන්සේකා ,විමල් කුමාර් ද කොස්තා, පතිරාජ දයානන්ඳ ,ඩොනල්ඩ් කරුණාරත්න වන් සිංහල සිනිමාව එකළු කළ ශිල්පීන් එච්.ඩී.ප්‍රේමරත්න සිනිමා වේදියාගේ සමකාලීන සගයන්ය. එච්.ඩී. ප්‍රේමරත්නයන් කදුළු අතරින් සිනාසුනු කලාකරුවෙකි. 1944 ජනවාරි 27  දින ප්‍රේමරත්න ජන්ම ලාභය ලබන්නේ වත්තල තෙලගපාත ගම් පියසෙ හිය. එච්.ඩී. එලෝසිඤ්ඤෝ සහ ඩබ්.කේ. මැඩ්ලින් නෝනා  ඔහු දෙමාපියන්ය. කුඩා විය ගුරුකුල විදුහලට සමු දෙන  ඔහු උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ මරදාන ශ්‍රීලංකා විද්‍යාලය වෙතය.උසස්පෙළ  සමත්වීමෙන් පසුව හේ ,සිය ප්‍රථම වෘත්තීය දිවිය ටයිම්ස් පත්තර කන්තෝරුවෙන් ආරම්භ කරයි. විවාහ දිනයේ  එච්.ඩී ,සිය භාර්යාව පද්මිණි,දෙදරුවන් වන රේඛා දිලානි සහ රංග ...

Read More →

ළමා ලොව එකළු කළ ගුවන්විදුලියේ හද මාමා 60 වන විය සපුරයි . – By Gamini Kariyawasam ආදරේ ඇයි පොඩි හඳ මාමේ – ඔබට මෙතරම් දරුවෝ කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ..හීන් සැරේ හඳ මාමේ ගී කියා ඔබටයි අමතන්නේ…මේ පුංචි නංගා ඔබගේ චන්ද්‍රා කබ්රාල් චන්ද්‍රා කබ්රාල් දෝනියගේ මියුරු සරින් ගුවන් තරංගයන්ට මුසුවූ තත් ගීතය , බාල, තරුණ, සැදෑ  යන ඕනෑම වයස් පරතරයක දිවි ගෙවන පුද්ගලයෙක් තුළ වුවද රාව ප්‍රතිරාව නංවන සුළු,මතකයේ සදා රැදී පවතින්නකි . සද ගුවන් තලයේ මෝදු වන්නේ ,  සුදු සුමුදු කිරණින් මුළු මහත් පරිසරය   පහන් කරමිනි. ගත සෞම්‍ය සිහිලස ගල්වමිනි.සිත් සතන් චමත්කාරයෙන්   ප්‍රභාශ්වර කරමිනි.  දිවියට මෙවන්සො ම්නසක් ලැබ  දෙමින් , සිය ගෙමිදුලට  පායා එන පුන්   සද ,දරුවන් දකින්නේ  , තම ජීවිතයට  බෙහෙවින් ම සමීප,  ලබැදි සජීවී හද මාමා විලසිනි. හද මාමා යන  අර්ථ පුර්ණ සොදුරු  නාමයක්, තේමාව  ලෙස යොදා ගනිමින්, හද මාමා  ළමා වැඩසටහන 1963 දෙසැම්බර් මස 14 වන දින සැදෑ යාමයේ  මුල් වරට ගුවන් විදුලියේ වෙළද සේවය ඔස්සේ  විකාශනයට පත්  විය. ගුවන්විදුලියේ හද මාමා   සිය දිවියේ 60 වන  පරිනත ඉසව්වට සමීපවන  මෙම  සුවිශේෂී අවස්ථාව තේමා කර ගෙන ලියැවෙන මෙම ලිපිය,  ළමා දිවි පෙවෙත එකළු කරමින්  හදමාමා පැමිණි ගමන් මග විමසා බැලීමේ ප්‍රයත්නයක් ලෙසින් ...

Read More →