News & Community eLanka

eLanka

Friday, 18 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Dr. Gamini Kariyawasam » ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 9, 2023 12:23 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 42

ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

japan - eLanka

ෆුජියාමා කදු පියස ඔබ්බෙන්වි හිදි කඳුපෙළ ආශ්‍රිතව නිම්නයක පිහිටි,කමකුරා ඉපැරණි නගරය

japan - eLanka

කලකට  පෙර, අපව  ටෝකියෝවේ සිට කවාසකි යොකොහොමා නගර   පසු කරමින් විදුලි දුම්රියෙන් ජපානයේ කමකුරා ඉපැරණි නගරය  වෙත ළඟා වීමේ අවස්ථාවක් උදාවිය‍‍. මෙම ලිපිය, එහිදී අප සියැසින් දුටු කමකුරාවේ අති ආකර්ෂණීය ඉසව් කිහිපයක් පිලිබඳව පාඨක මනසෙහි කිසියම්  සිත්තමක්  නිමැවුම සඳහා ගත් ප්‍රයත්නයක පිළිබිඹුවකි. මෙමගින්, ලෝක ප්‍රකට කමකුරාවේ බුදු පිළිම වහන්සේ සහ ඒ ආශ්‍රිත වැදගත් ස්ථානයන්හි  අසිරිය පාඨක පිරිසට මනසින් ස්පර්ශ කිරීමට අවස්ථාවක් සැලසෙනු නියති.ආචාර්ය අනුරාධ වික්‍රමසිංහයන් සහ  එවකට ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතුන් මා සමග  මෙම අසිරිමත් සංචාරයට එක්  විය.  කමකුරාව හා සබැඳි ඓතිහාසික තොරතුරු ,අප්‍රකට තොරතුරු ,පැහැදිලි කරමින් ජපන් ජාතික විද්වතෙකුද  අපේ සංචාරයට  එක් වීම ,අපට සුවිසල්අ නුබලයක් වූවා සේ හැ‌ඟේ.හේ ජපානයේ ශුකෝතොකු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තත්සුරු  අකිමෝටෝ මහතාය.

ජපන් ඉතිහාසයේ කමකුරා යුගයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.මිනාමෝටෝ යොරිටෝමෝ සමුරායිවරයා සිය පාලන කේන්ද්‍රස්ථානය කර ගත්තේ කමකුරා නගරයයි.

ජපන් මුහුදු තීරය ආශ්‍රිතව විහිදි කඳුපෙළට ඔබ්බෙන් වූ රමණීය නිම්නයක   කමකුරා ඉපැරණි නගරය පිහිටියේය. කඳුයායෙන් මතුවූ  , නගරය මැදිකර පැතිරුණු වනපෙත නගරයේ ප්‍රෞඩත්වය සුරකින්නාසේ  දිස්වේ. වනපෙත සිප හැමූ සිහිල් මදනල හමා ගියේ අප විඩාවද පිසගෙනය.

ජපන්  හා චීන ගෘහ නිර්මාණ ශිල්පය මතු කළ සුවිසල් මකර තොරණ වෙත පියමන් කළ අප,   ලෝක ප්‍රකට කමකුරා පිළිමය ස්ථාපිත චතුරශ්‍රය වෙත සමීප වීමු.

japan - eLanka

japan - eLanka

දැකුම්කළු කුඩා පොකුණකි.පොකුණු තෙර අත් දෝවනය  සඳහා පැන් ලබාගැනීම පිණිස දිගුමිටක් සහිත කෙන්ඩි කිහිපයක්  විය.අත් දෝවනය කරගැනීමට අප යුහුසුළු වීමු. අප දැන් කමකුරා කෝතුකු ඉන් විහාරයේ අමිතාභ  බුදුන් වහන්සේ ගේ යෝධ තඹ පිළිම වහන්සේ අබියස ය. අප කමකුරා බුදු පිළිමයේ ඈත අතීතයට කැඳවාගෙන ගියේය. හේ අප ගමනට එක්වූ අප සුමිතුරු ජපන් ජාතික  තත්සුරු මහාචාර්යවරයානන්ය.

ජපන් ජාතික මහාචාර්යවරයා  අප අමතයි. ”මෙහි කළින් දැවයෙන් කළ යෝධ පිළිමයක් තිබුනා 1243 දී එය ඉදිකරන්නට මුල් වූයේ ඉනාඩා ආර්යාව සහ තෝතොමිනි ජෝකෝ භික්ෂුව. පසු කළක සුනාමි රළ පහරට හසුව පිළිමය සහමුලින්ම විනාශ වුණා.  එම විනාශය ගැන මුළුමහත් ජපන් ජාතියම මහත්  කම්පාවට පත්වුනා.ඔවුන් සෑම ජපන් ජාතිකයකුගෙන්ම යෙන් එකේ තඹ කාසිය බැගින් එකතු කළා . ඒ සියල්ල උණු කරවා ටොන් 121 ක් බර මේ යෝධ පිළිමය ඉදිකළා.ඒ් 1252 අවුරුද්දේ.සෑම ජපන් ජාතිකයෙකුම හෙළු දහඩිය , කැපවීම ඉස්මතු කර දක්වන සංකේතයක්  ලෙසයි,ජපන් අප මේ පිළිමය දකින්නේ.

1948 මෙම පෙදෙසෙට බලපෑ නන්කායි භූමිකම්පාවෙන් පිළිමයටවිශාල හානියක් සිදුවුනා.පසුව ජපන් ජාතිකයින්හැ මදෙනාම එකතුවෙලා දේශගුණ විපර්යාසයන්ට ඔරෝත්තු දෙන ලෙස මෙය ශක්තිමත්ව යළි ගොඩනැගුවා.පිළිමය උස මීටර් 13 ක් විතර වෙනවා …..”

ප්‍රතිමාව දකුණු දෙසට ඔබ්බෙන් පිහිටුවා තිබූ ස්මාරකය කෙරෙහි අප විශේෂ අවධානය යොමුවූයේ නිතැතිනි.  ස්ථම්භයේ  සටහන්ව තිබූ සිංහල වදන් පෙළක් දැකීමෙන් අප මහත් විමතියට පත්වීමු. ජපානයේ බැලූ බැලූ අත ජපන් බස මිස ,අඩුම තරමින් ඉංග්‍රීසියෙන් ලියැවුනු නාම පුවරුවක් හෝ දකින්නට නොලැබේ. සිංහල අකුරු ප්‍රදර්ශිත සමරු ටැඹ වෙත අප සමීප වූයේ මහත් කුහුල් සිතිනි.

”වෛරය වෛරයෙන් නොව මෛත්‍රියෙන් සංසිංඳ්.” එහි කෙටුම් පත්ව තිබූ තත් සටහන අප කියවූයේ මහත්  උද්යෝගයකිනි. ස්මාරකය ඉහළ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක්වූ ජේ.ආර් ජයවර්ධන මැතිඳුන් ගේ මුහුණේ පිලිබිඹුව කැටයම් කර තිබිණි. ස්මාරකය පාදමේ ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ අත්සන දිස්විය. මෙවන් සිහිවටනයක් කමකුරා වේ ස්ථාපිත කිරීමට හේතු ,මම  ජපන්ම හාචාර්යතුමාගෙන් විමසීමි.

japan - eLanka

”ඔබලා ගේ රට පිළිබඳව ජපන් ජාතිකයින් තුළ පවතින්නේ අප්‍රමාණ භක්තියක් ,අසීමිත ආදරයක් ,දෙවන ‌ලෝක යුද්ධයේදී ඇමරිකාව අපේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ දමා විශාල විනාශයක් කළා.ඇමරිකාව හා ජපානය අතර දැඩි වෛරයක් පැවතුනා 1952 දී ඇමරිකාව සැන්ප්‍රැස්සිකෝ නගරයේ ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කරලා ,ජපානයට විවිධ ආර්ථික තහංචි සම්බාධක පැණවීමේ දැඩි උත්සාහයක යෙදුනා.ඒ අවස්ථාවේ සමුළුවට සහභාගි වූ සෙසු රටවල් නිහඬව සිටියදී ඔබලා ගේ ර‌ටේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා තමයි මේ යෝජනාව පරද්දවන්න මුල්වෙලා කටයුතු කළේ.  එතුමා සමුළුවේ කථාව අවසාන කළේ නහී වේරේන වේරානි ……..වෛරය වෛරයෙන්නො සන්සිදේ අවෛරයෙන්ම වෛරය සංසිඳේ. කියන බුදු දන සිහිපත් කරදෙමින්….”

මහාචාර්යතුමා වැඩිදුරටත් අපට කරුණු පැහැදිලි කරමින්, “ජපන් ජාතිකයන්ට පමණක් ‌නොවෙයි, බොහෝ රටවලින්නි රතුරු කමකුරා නැරඹීමට එන විශාල පිරිසකට , ජපානය ශ්‍රී ලංකාවට දක්වන ප්‍රණාමය ,මෙමගින් ප්‍රකට වෙනවා…”

අනතුරුව අප කමතුරාවේ පිහිටි ජපන් ලේඛක  කෞතුකාගාරය නැරඹීමට ගියෙමු. රම්‍ය වූ කුඩා කඳු බෑවුමේ  මෙම පුස්තකාල ගොඩනැගිල්ල පිහිටියේය. ඒ් වෙත ළඟාවීම සඳහා නන්වන් සුපිෂ්පිත මලින් සැදි රෝස උද්‍යානයක් හරහා අප  මන් ක‌ළෙමු.නිරතුරු සංචාරක ආකර්ශනයට බඳුන් වන මෙම රෝස උයනේ සෑම වසරකම ජුනි මාසයේ ”හොෂිසකියෝ” නමින් සාම්ප්‍රධායික  ,වර්ණවත් රෝස සැණකෙළියක් පැවැත්වෙන බව අපට දැනගන්නට ලැබිණි.

japan - eLanka

japan - eLanka

japan - eLanka

දැකුම්කළු රෝස මල් යායේ සෞන්දර්ය උකහාගෙන, ඉමිහිරි මල් සුගන්ධයේ වින්දනය ලබමින්,කමකුරා ලේඛක පුස්තකාලය වෙත අප පිවිසියේ ප්‍රබෝධමත් සතුටක් සිතින් දරාගෙනය.

‌‌‌‌ඓතිහාසික කමකුරාවේ ජීවත්වන ,ජීවත්ව මියැදුණු ලේඛක පරපුරේ සියළු වතගොත අනාගත පරපුර වෙනුවෙන් මෙම පුස්තකාලය තුළ ක්‍රමානුකූලව ප්‍රදර්ශනයට තබාතිබිණි.

1192 – 1333 දක්වා වූ කමකුරා පාලන යුගයේ ජපන් සාහිත්‍යය ඔපවත් කළ ලේඛකයන් රාශියකගේ ජීවන තොරතුරු, ඔවුනගේ නිර්මාණ , ඔවුන් පරිහරණය කළ පන්හිඳ,ඔවුන් ලොව දුටු උපැස් යුවළ,අත්අකුරු , ප්‍රකට කෘතිවල මුල්පිටපත් , ඔවුන් ගේ ජීවිතයේ විවිධ අමරණීය අවස්ථා දැක්වෙන ජායාරූප ආදී නරඹන්නන් සිත්හි ලේඛණ දිවිපෙවෙත සජීවිමත්ක රවන සුළු වූ ප්‍රදර්ශන භාණ්ඩ රාශියක් එහිදී අප දුටුවෙමු.

යුධ සමයේ ජපන් ජාතියේ සන්තාන  ගතවූ භය, සංකාව, ඔවුන් ගත කළ කටුක ඛේදනීය දිවිපෙවෙත්  පසුබිම් කරගෙන නිර්මාණකරණයේ යෙදුණු යොෂිවා කෙන්කො ජපන් ලේඛකයා පිළබඳව වූ , ඔහුගේ උණුසුම රැඳු‌ණු ප්‍රදර්ශන භාණ්ඩ මුලින්ම අපගේ විමසුමට යොමුවිය. මෙහි ප්‍රදර්ශිත සුප්‍රකට ජපන් කවියෙකු වූ කමෝ වෝමෙයිගේ ”මුමයිඔෂො” – නමක්  නොමැති සටහනක් – කෘතිය සම්ප්‍රදායික ජපන් කාව්‍යයේ ලාලිත්වය හා සුවිශේෂීතා හඳුනා ගැනීමට බෙහෙවින්ම ඉවහල් වන කෘතියක් සේ  සැළකේ.

japan - eLankaකවබතා යසුනරී 

1968 නොබෙල් ත්‍යාග ලාභී ,ප්‍රථම ජපන් ජාතික ලේඛකයා ලෙස සැලකෙන කවබතා යසුනරී ජීවත්වූයේ ද කමකුරා ප්‍රාන්තයේය. මෙම ‌ලේඛක කෞතුකාගාරයෙහි වැඩි  ඉඩ ප්‍රමාණයක් ඔහුගේ කෘති හා ඔහු දිවිපෙවතේ අනුස්මරණීය අවස්ථා විදහා දැක්වීමට වෙන්කර තිබිණි. කවබතා සිය නිර්මාණකරණයේ දී භාවිතාකළ විවිධ භාණ්ඩ සහ  ඔහු පෑන්තු ඩින් කළ විස්කම් අප සියැසින් දුටිමු. ඔහුගේ ප්‍රථම කෘතිය සාහිත්‍ය වංශයට දායාද කෙරෙන්නේ 1926 වසරේදී ය. ඒ ”ඉසුනෝ ඔදාරිකෝ” (කුඩා ඉසි  නලඟන) නම් කෘතියයි. කවබතා විසින් නිර්මාණය කරන        ලද ”යුකුගනි  ”(හිම දේශය) ”යමාකෝ ඔ‌තෝ ”(කඳුකරයේ දෝංකාරය ) ”මිසුමි” (විල) වන් ප්‍රකට කෘතිවල සියළුම අත් පිටපත් කෞතුකාගාරයේ ප්‍රමුඛ ස්ථානයක ප්‍රදර්ශනය පිණිස ස්ථාන ගත කර තිබෙනු දක්නට ලැබිනි.කවබතාගේ මුළු දිවියම පෙළු හුදකලා බව, පාළුව, කාන්සිය ඔහුගේ කෘති තුළින් නිරන්තරයෙන්ම ඉස්මතු වන බව ,  ඒවා පරිශීලනයේ දී පසක් වේ.

ප්‍රේමයේ යථාර්තය හා සෞන්දර්ය පිළිබඳව කවබතා තුළ පැවති පුළුල් දැනුම් සම්භාරය , හැඟුම් සමුදාය ඔහුගේ කෘති තුළින් නොමදව උද්වහන‌ය වේ.ඔහුගේ මුළු දිවියම ගලාගියේ ශෝක ගංඟාවක් විලසිනි.අපට දෙවියන් දැකගත නොහැක්කේ, දෙවියන්සැ මතැනකම සිටින නිසා යැ යි වරක් කවබතා පැවසීය. 1972 වර්ෂයේ දී ඔහු සිය සියළු දුක්ඛ දෝමනස්සයන් වා තලයට මුදාහැරීමේ අදිටන පෙරදැරි කරගෙන සියදිවි  හානි කරගැනීමට පෙළඹිනි.

කමකුරා දේශයේ ජීවත්වූ ලේඛක පරපුරේ වෘත්තාන්ත

කමකුරා දේශයේ ජීවත් වූ , ජීවත් වන ලේඛක පරපුරේ වෘත්තාන්ත මතු  පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ මෙහෙවරක නිමග්න මෙම ලේඛක කෞතුකාගාරය ශ්‍රීලංකාවට ද  ආදර්ශයක් කරගත හැකිනම් අගනේය. අනුරාධපුර යුගයේ සිටකොළඹ  යුගය දක්වා ජීවත් වූ අපේ ලේඛක පරපුර පිළිබඳ තොරතුරු  ඒකරාශී කර , ලේඛක කෞතුකාගාර පළාත් මට්ටමින් ස්ථාපන කිරීමේ  යෝග්‍යතාව කෙරෙහි  මෙරට අධ්‍යාපන ,සංස්කෘතික අමාත්‍යාංශයන්හි හා පළාත් සභාවන්හි අවධානයට යොමුවන්නේ නම් යෙහෙකි.කමකුරාවේ නැරඹිය යුතුම ස්ථාන අතර පංච මූල පද්ධතිය ද අතිශයින් වැදගත් ය. ඒ  අතරින් අපට කෙන්වියෝ ආරාමයට ද මොහොතකට ගොඩවන්නට අවස්ථාව සැලසිනි.

අප කෙන්වියෝ අරමට පිවිසෙන අවස්ථාවේ , එහි සම්ප්‍රදායික තේ පැන් සාදයක් මුළුදෙමින් පැවතිණ. ජපන් දේශයේ අතිශයින් ප්‍රචලිත සම්ප්‍රදායික තේ පැන් සාදය හෙවත් තේ පැන් කලාව පිළිබඳව පාඨක ඔබ කොතෙකුත් අසා ඇතුවාට සැක නැත.

japan - eLanka

japan - eLanka

එම මන බන්ධනීය විචිත්‍රවත් අවස්ථාව සියැසින් වින්දනය වත්ම ,අප සිත් සතන් වදනින් පැහැදිලි කළ නොහැකි ඉතා සියුම් චමත්කාරයකට පත් වූ අයුරු දැනුදු අපට සිහිපත් වේ.   පංසල් ගෘහයෙහි කෙළවරක ඉතා මිටි මේසයක් මත ජලය උණුවෙමින් පැවති සුවිශේෂී භාජනයකි.ඒ ආශ්‍රිත කොළ පැහැ තේ කුඩු දැමූ බඳුනක්, ‌තේ මිශ්‍ර කිරීමට දැල් සහිත හැන්දක්ස හ සැකසූ තේ පිළිගැන්වීම පිණිස හිස් බඳුන් කිහිපයක් ද අප නෙත් ගැටිනි. වර්ණවත් සම්ප්‍රදායික කිමෝනාවකින් සැරසී සිටි අති සුන්දර ජපන්  යුවතියක් ඉතාමත් සීරුවට තේ පැන් සාදයේ චාරිත්‍ර ඉටු කිරීමෙහි නියැලී සිටියාය. ඇය ඉදිරියේ විවිධ වර්ණවත් විලාසිතා විසිරී කිමෝනාවෙන් සැරසුනු ජපන් කතුන් දස දෙනෙක් පමණ තේ බඳුනක් තමන් වෙත පිරිනැමෙන තෙක් මහත් උපේක්ෂාවෙන් දෑස් දල්වා ගෙන සිටියහ.  ජපන් සංස්කෘතියේ ප්‍රමුඛ චාරිත්‍රයක් වූ තේ පැන් සාදය පිළිබඳ වැඩිදුර ‌තොරතුරු අප සමග සිටි තත්සුරු  ජපන්  මහාචාර්යතුමා අපට පැහැදිලි කළේ මහත් අභිරුචියකනි.

ජපන් තේ පැන් සාදය ජපන් බසින් හැඳින්වෙන්නේ” සදෝ ” යන නාමයෙනි. තේ පැන් සාදයේ තේ පිළියෙල කිරීමේ සිට තේ පැන් පිරිනැමීමේ හා පානය කිරීමේ අවස්ථාව දක්වා ආකර්ෂණීය පිළිවෙත් සමුදායක් අනුගමනය කෙරේ.තේ සාදයේදී යොදාගැනෙන්නේ ”මච්චා” නමින් හැඳින්වෙන ලා කොළ පැහැති තේ කොළ විශේෂයකි.තේ පැන් සාදයක් පැවැත්වීම ,ඒ පිළිබඳව පුහුණුව,ඒ පිළිබඳව දැනුමැති ප්‍රවීන ගුරුවරයකුගේ අධීක්ෂණය යටතේ ප්‍රගුණ කළ යුතුවේ.

japan - eLanka

මෙහිදී තේ පැන් සාදයට සහභාගීවූ ජපන් යුවතියන් දෙදෙනෙක්, සිහිවටනයක් ලෙසින් , මා හා උදය සෙනෙවිරත්න මහතා  සමග සමුහ  සේයා රුවකට ද පෙනී සිටීමට ඉදිරිපත් වුහ.

 සාදායේදී ජපන් කතුන් අඳින කිමෝනාවේ ස්වරූපයෙන් ඔවුහු, විවාහකද අවිවාහකද යන්න නිගමනය කළ හැකි බව ජපන්  මහාචාර්ය තත්සුරු මහතා අප සමග පැවසීය.විවාහක කාන්තාවන් ”කොමෙසොදෙ ”යනුවෙන් හඳුන්වන කිමෝනා විශේෂයෙන් සැරසෙත්.එම කිමෝනාවේ අත කොටස කෙටි වේ.කිමෝනාවේ විනීවත් බව සුරකිමින් ,අත කොටස දිගු ”පුරිසොදෙ ”නම්වූ  සම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටී නම් ඇය අවිවාහක යුවතියක් සේ සැලකේ.

තොරතුරු සපයා ගැනීමේදී සහය ලබා දුන් හා කමතුරා සංචාරය සංවිධානය කළ පුජ්ය ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමිපාණන් මෙහිදී කෘතවේදිත්වයෙන් සිහිපත්කෙරේ.

පහත  යොමුවට පිවිසීමෙන් 2023 වසරේ මැයි මාසයේ ජපානයේ  පැවති , රෝස කුසුමන් සැණකෙළිය සජීවීව ඔබට නැරබිය  හැකිය

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්කවාසකි යොකොහොමාචීන ගෘහ නිර්මාණ ශිල්පයජපන් ගෘහ නිර්මාණ ශිල්පයජපන් මුහුදු තීරයජපානයේ කමකුරා දේශයජේ. ආර්. ජයවර්ධනටෝකියෝව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Hibiscus-eLanka “The Splendid Hibiscus Flower: Beauty, Uses, and Symbolism”-By Kalani-eLanka
Next Article Sri Lanka scramble into Asia Cup super fours but skipper Shanaka's form slump is concerning Sri Lanka scramble into Asia Cup super fours but skipper Shanaka’s form slump is concerning.  BY TREVINE RODRIGO IN MELBOURNE.  (Elanka Sports Editor)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Origin of Hindi Film Songs and the First Hindi Film Song 01

The Origin of Hindi Film Songs and the First Hindi Film Song-by Gamini Kariyawasam

WORK OF HIS HAND-by Lakshman Navaratne

Happy 91st Birthday-Victor Melder 01

Happy 91st Birthday, Victor Melder!

Brook Shines

Watch Cricket Highlights – Sri Lanka vs England T20 Series September 2026

Health reforms and digital systems in Sri Lanka-by Harold Gunatillake

Health reforms and digital systems in Sri Lanka-by Harold Gunatillake

Related News
Articles Trevine Rodrigo

Chamari Athapaththu laments Asia Cup disappointment but says her team can bounce back at the Asian Games. Defiant skipper is hungry for Gold in Japan. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

patpat.lk Wins Gold at BestWeb.LK Awards 2026 for Best Mobile User Experience
Articles

patpat.lk Wins Gold at BestWeb.LK Awards 2026 for Best Mobile User Experience

Kaleidoscope
Articles Savithri Rodrigo

Today – the Aswesuma formula, book women, economic vignettes & more!

Brazilian Cupuaçu Scrub-in-Oil
Articles

Rediscover your escape with cocooning textures and irresistible fragrances harnessed in exquisite ingredients

Latin beats and big flavours coming to Liverpool Powerhouse 01
Articles

Latin beats and big flavours coming to Liverpool Powerhouse

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.