ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ෆුජියාමා කදු පියස ඔබ්බෙන්වි හිදි කඳුපෙළ ආශ්‍රිතව නිම්නයක පිහිටි,කමකුරා ඉපැරණි නගරය කලකට  පෙර, අපව  ටෝකියෝවේ සිට කවාසකි යොකොහොමා නගර   පසු කරමින් විදුලි දුම්රියෙන් ජපානයේ කමකුරා ඉපැරණි නගරය  වෙත ළඟා වීමේ අවස්ථාවක් උදාවිය‍‍. මෙම ලිපිය, එහිදී අප සියැසින් දුටු කමකුරාවේ අති ආකර්ෂණීය ඉසව් කිහිපයක් පිලිබඳව පාඨක මනසෙහි කිසියම්  සිත්තමක්  නිමැවුම සඳහා ගත් ප්‍රයත්නයක පිළිබිඹුවකි. මෙමගින්, ලෝක ප්‍රකට කමකුරාවේ බුදු පිළිම වහන්සේ සහ ඒ ආශ්‍රිත වැදගත් ස්ථානයන්හි  අසිරිය පාඨක පිරිසට මනසින් ස්පර්ශ කිරීමට අවස්ථාවක් සැලසෙනු නියති.ආචාර්ය අනුරාධ වික්‍රමසිංහයන් සහ  එවකට ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතුන් මා සමග  මෙම අසිරිමත් සංචාරයට එක්  විය.  කමකුරාව හා සබැඳි ඓතිහාසික තොරතුරු ,අප්‍රකට තොරතුරු ,පැහැදිලි කරමින් ජපන් ජාතික විද්වතෙකුද  අපේ සංචාරයට  එක් වීම ,අපට සුවිසල්අ නුබලයක් වූවා සේ හැ‌ඟේ.හේ ජපානයේ ශුකෝතොකු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තත්සුරු  අකිමෝටෝ මහතාය. ජපන් ඉතිහාසයේ කමකුරා යුගයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.මිනාමෝටෝ යොරිටෝමෝ සමුරායිවරයා සිය පාලන කේන්ද්‍රස්ථානය කර ගත්තේ කමකුරා නගරයයි. ජපන් මුහුදු තීරය ආශ්‍රිතව විහිදි කඳුපෙළට ඔබ්බෙන් වූ රමණීය නිම්නයක   කමකුරා ඉපැරණි නගරය පිහිටියේය. කඳුයායෙන් මතුවූ  , නගරය මැදිකර පැතිරුණු වනපෙත නගරයේ ...

Read More →