කනමරා මත්සුරි – ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය . – By ආචාර්ය ගාමිණී කාරියවසම් ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙන් දරුවකු පිළිසිද ගැනීම ආදී කල්පික මානවයාට හිතා මතා ගැනීමට නොහැකිවූ අති විශ්මිත, ප්‍රාතිහාර්යාත්මක සංසිද්ධියක් විය. එබැවින් ඔවුහු දරු උපතකට ඒකාත්මික වන ස්ත්‍රී යෝනියට සහ පුරුෂ ලිංගයට දේවත්වය ආරෝපණය කිරීමට පෙලඹූනේ නිරායාසයෙනි. එහි ප්‍රතිපලයක් ලෙසින් ක්‍රි.පුර්ව. 3300 වන සියවසේ, ඉන්දුනිම්න හරප්පා ශිෂ්ටාචාරය පහළවූ මුල් යුගයේදී ස්ත්‍රිය- මව දේවත්වයෙන් අතිශයින් බුහුමනට බදුන්වුවාය. ඔවුහු මාතෘත්වයේ සංකේතය ලෙසින් වන්දනයට මුලික කරගනු ලැබුවේ මෝචන ද්වාරය ලෙස සැලකෙන ස්ත්‍රී යෝනියයි.එය භාව රුප සංකේතයක් ලෙසින් ද සැලකිය හැකිය.පුරාවිද්‍යා කැණීම්වලින් එකල වන්දනයට බදුන්වූ ස්ත්‍රී යෝනි ස්වරුපයේ පාෂාණ හමුවී ඇත.  කිහිපයක් ඇවෑමෙන් හරප්පා ශිෂ්ටාචාරයේ අතර මැදි අවධියේ මාතෘ මුලිඛ සමාජය අභිබවමින් පිතෘ මුලිඛ සමාජයක් ඉස්මතු වන්නට විය. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ප්‍රභවය ලැබු ඉන්දු ගංගා නිම්නයේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් කොනාකාරී උල් ස්වභාවයෙන් නිර්මිත පාෂාණ මෙන්ම උද්ගාමක පුරුෂ ලිංගයක් සහිත පුරුෂ පිළිරුවක් සොයා ගෙන ඇත. ඒ තුළින් ගම්‍ය වන්නේ ශිව ලිංග වන්දනයේ ප්‍රාථමික අවස්ථාව ...

Read More →