භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව – මන්දෝදරී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : fox13.id රාමායණයෙහි රාම සහ ඔහුගේ බිරිඳ සීතා ලක්ෂ්මණ,හනුමාන් යන ප්‍රධාන චරිත සමූහය අතරේ, ඉතාමත් ආකර්ශනීය භූමිකාවක් නිරූපණය කරන සොදුරු රජිණකි , මන්දෝදරී. Image Source : grantha.lk රාමායනය සහ මහා භාරතය පුරාණ ඉන්දියාවේ සංස්කෘත මහා වීර කාව්‍ය ද්වයකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දුනීසියාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ගැඹුරු අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ සංස්කෘතික වැදගත්කමක් දරන ග්‍රන්ථයන් ලෙසින්,මෙම කෘතීන් ද්වය මහත් ඇඟයීමකට බඳුන්වේ. සංස්කෘත භාෂාවෙන් රචිත රාමායණයෙහි කතුවරයා වාල්මිකී මුනිවරයාය.ග්‍රන්ථය කාණ්ඩ 7 කින් සමන්විතවේ. බලවත් යක් නිරිඳෙක් වන රාවණා රුදුරු ගති ඇති සටන්කාමියෙකි. ඔහු ගේ බිරිඳ ලෙසින් මන්දෝදරි,ස්වාමියා යහපතේ පිහිටුවාලීමට ගන්නා උත්සාහය,රාමායනය ග්‍රන්ථයෙන්, කදිමට නිරූපිතය. මන්දෝදරී අති ප්‍රසන්නය. ප්‍රඥාවන්තය. ගුණවත්ය. ඇගේ බුද්ධි මහිමය,ස්වාමි භක්තිය සහ සදාචාරාත්මක ජීවන රටාව,රාමායන ග්‍රන්ථයේ සෙසු චරිත යටපත් කරමින් නිරුපනයවේ. මන්දෝදරි, නපුර මැද සාමයේ දිදුලන සංකේතයක් ලෙස ඉන්දියානු පුරාවෘත්තයන්හි අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. Image Source : facebook වාල්මීකී සිය රාමායන ග්‍රන්ථයෙහි මන්දෝදරියගේ චරිතය ...