News & Community eLanka

eLanka

Thursday, 8 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජපන් සංස්කෘතියේ අනන්‍යතාව – ගීෂා ළදුන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජපන් සංස්කෘතියේ අනන්‍යතාව – ගීෂා ළදුන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 22, 2023 12:32 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 35

ජපන් සංස්කෘතියේ අනන්‍යතාව – ගීෂා ළදුන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

japan geesha lady - eLanka

ජපන් සංස්කෘතියෙහි   සජීවී සංකේතයක් ලෙස සැලකිය හැකි ගීෂාවන් පිලිබදව කලකට ඉහත , ජපානයේ සරද්දී  මවිසින්  සියැසින් ස්පර්ශිත තොරතුරු සමුදායක්  මගේ මතකයට නැගිණි.

සෑම වසරකම  මැදභාගයට ආසන්නව එළඹෙන වසන්ත සමය,  ජපානයට ගෙන එන්නේ අති ප්‍රබෝධමත්  අසිරිමත් කාල පරිච්ඡේදයකි.  වසර කිහිපයකට පෙර එවන් අසිරිමත් සමයක ජපානයේ  කියොතෝහි ගීෂා ගම්මානයක් වන  හනාමචි ( මලින් ගැවසී නගරය ) වෙත පිවිසීමට අපට අවස්ථාවක් උදා විය.එම අවස්ථාවේ නෙතින්  ස්පර්ශ කළ,සවනින් අසා සිතින් ග්‍රහණය කළ අතීත ස්මරණයන් සජීවීමත් කරන්නට ගත් ප්‍රයත්නයක් ලෙසින්  මෙම ලිපිය සැකසිණි.

ගීෂා සුන්දර යුවතියන්   මෙම මල් ගම්මානයේ පමණක් නොව,මුළු මහත් ජපානයෙහිම  ජීවමාන ප්‍රතිරූපය බැව් මෙහිදී විශේෂයෙන් සනිටුහන් කිරීම යෝග්‍යවේ.

geisha-girl - elanka

ජපාන සංස්කෘතිය තුළ ගීෂාගේ භූමිකාව වසර සිය ගණනක් තිස්සේ විකාශනය වී ඇති අතර,වර්තමානයේ  ගීෂා ජීවන රටාව  සුවිශේෂී සංස්කෘතියක් බවට  පත්ව  ඇත .

කියොතෝහි ගීෂා ගම්මානයක් වන  හනාමචි 

( මලින් ගැවසී නගරය )

japan geisha girls - eLanka

හනාමිචි  ගම්මානය ජපානයේ පවත්නා සම්ප්‍රදායික  ගීෂා ගම්මාන අතර ඉපැරණිම,ප්‍රකට ගම්මානය සේ සැලකේ. කියෝතෝවේ ,සජිගාටා නම් රමණීය කදුකරයේ සිට ගලා බස්නා  කමෝ ගංගා දෑළ ඇසුරු කොට මෙම සුන්දර  පුෂ්පිත මල් නගරය පිහිටියේය.ඒ වන විට  ගං දෑළ පැතිරී, සකුරා තුරු පෙළ සිරස, රෝස පැහැ සකුරා මල් පිබිදෙමින්  වසත් සමයට  ගම්මානය වෙත පියමන් කරන්නට ඇරයුම් කර සිටිනා  සෙයකි.ගංගාවේ  කිරි ගල් අතරින්, සිහින් සිනා මුමුනන ලයාන්විත  රිද්මයකින්   ගලා බස්නා කමෝ ගංගාවේ ගීතය මල් ගම්මාන මිටියාවතට ලැබ දුන්නේ අමුතුම මිහිරියාවකි. සොදුරු බවකි.

japan geisha girls - eLankaගීෂා ගම්මානය මැදින්  ගලා බස්නා කමෝ 

ගංගාව

මුළු පරිසරය සැදෑ හිරු කිරණින් වර්ණවත් වී තිබූ නිමේෂයකි.ගම්මානයේ “ඔකියා”  වෙතින්  ගීෂා ලදුන් යුහුසුළු  ගමනින් ගං තීරයේ පිහිටි රංග මණ්ඩපයට පියමන් කරනු අප දුටිමු. ගීෂා ළදුන් ගේ නිවාස හැදින්වෙන්නේ “ඔකියා”යන ජපන් වදනෙනි. මද වෙලාවකින් ගීෂා ලලනාවන්ගේ සම්ප්‍රදායික රැගුම් ආරම්භ වුයේ ,ප්‍රසංගය මෙහෙයවන ජේෂ්ඨ ගීෂාවකගේ හදුන්වා දීමේ ගීතාත්මක  වදන් වැලකට  අනතුරුවය. ආරම්භක වාද්‍ය වෘන්දයෙන් පසුව රූමත්  යොවුන් ගීෂා යුවතියන් පිරිසක්කරලියට  පිවිසියේ අමුත්තන්ගේ අත්පොලසන් නාදය මධ්‍යයේය. ඔවුහු නන් වන්  පැහැ ආකර්ශනීය කිමෝනා ඇදුමින් සැරසී සිටියහ.

japan geisha girls - eLanka

සොදුරු මුදු

හදවත නිපන්

මිහිරි ගැයුමන්

සකුරා  සුවද

මුසුවී

හමා යයි

දසත

දුර සිටින

ඔබ උවන

ආගන්තුක මුහුණුමත

දිස්වේ

මහද නතරවේ

ඒ ඔබම නොවන බව

පසක්වූ සද

ගයන්නෙමි

නිබදවම

හිරු අබියස

අදුරු සෙවනැලිය

සදු අබියස මැවෙන්නේ

සොදුරු සෙවනැලිය

ඒ , ලලනා ලාලිත්‍යයෙන් අනූන ගීෂා ළදුන් ,සිය  සුරත රැදි අවන් පත් ,  වැයෙන සංගීත රිද්මයට ලෙළවමින් ,උකුල් තල  සලමින්,  සිය දෑස බිගු  කැළුම් ව්හිදුවමින්    ආගන්තුක සහෘදයන්  උන්මාදයට පත් කරමින් ගැයූ ගීතයක අරුතය. ජපන් බසින් ගැයුණු තත් ගීතයේ අරුත,මා ඉහත සටහන්කි රීමට  ග්‍රහණය කර ගත්තේ ,  මෙම ගීෂා ගම්මානය වෙත මා  කැදවා ගෙන ගිය මගේ ජපන්   ජාතික මිත්‍ර යොශිනොරි කුසේ  සන් විසින් කරනු ලැබුණු  පැහැදිලි  කිරීම තුළිණි.

japan geisha girls - eLanka

 

ගීෂා ගම්මානය 

එම ගමනේදී  ගීෂා ළදුන් පිලිබදව තොරතුරු දැන ගන්නට මා සිත්හි පැවති  කුහුළ අවබෝධ කර ගත්,ජපන් සමාජය පිළිබදව පුළුල් අවබෝධයකින් යුක්ත  මගේ මිතුරා ,  ගීෂා සංස්කෘතිය පිලිබදව  තොරතුරු සමුදායකින්,මගේ දැනුම පුළුල් කළ අයුරු මෙහිදී සිහිපත් කරන්නේ නොමද කෘතවෙදීත්වයෙනි. ගීෂාවන් සිය රංගනයේදී උපයෝගී කර ගන්නා විවිධත්වයෙන් යුතු  මෙම    ගීත සම්ප්‍රදාය  හැදින්වෙන්නේ “ කොතෝ “යනුවෙනි. එහි අරුත ඉතා සරල කෙටි කාව්‍යොක්තිය යන්නයි.

 

japan geisha girls - eLanka

කොතෝ ගීත සම්ප්‍රදායේ මිහිරියාව ,පහත යොමුවෙන් ඔබට ද රසාස්වාදනය කල හැකිය.

ගීෂාවන් විසින් වසර පුරා රංගන රාශියක් සංවිධානයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගනිති. මෙම  රංගන අතරින්  අප්‍රේල්  මාසයේ දී පැවැත්වෙන  මියාකෝ-ඔඩෝරි නොහොත්  “චෙරි මල් නැටුම” බෙහෙවින්ම ජනප්‍රිය ආකර්ශනීය රංගනයක් සේ සැළකේ. 

japan festivals

මීට අමතරව ගීෂාවන් උත්සව හා රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා  නැටුමින්,ගැයුමෙන්  විනෝදාස්වාදය සැපයීම සදහා සහභාගී වෙති. 

ගීෂා යන්නෙන් ජපන් බසින් ගම්‍ය වන්නේ  නර්තන දැරිය යන්නයි. ගීෂා බොහෝ විට ඔවුන්ගේ පුහුණුවේ මුල් අවධීන් ආරම්භ කළේ ඉතා කුඩා අවධියේදීය. 

japan geisha girls - eLanka

පුහුණුව වන ගීෂා මයිකෝ ලෙසින්ද ,අවුරුදු හතරක් හෝ පහක  පුහුණුවක් ලද  විට, තරුණිය ගයිකෝ ලෙසින් ද  හැදින්වේ.මයිකෝ රතු කොලර් සහිත කිමෝනෝවකින් සැරසීමත්  ගයිකෝ සුදුපැහැ කොලරයක් සහිත කිමෝනාවකින්  සැරසීමත් , අතීතයේ පටන් පැවත එන පිළිවෙතකි.  . මයිකෝ බොහෝ විට දිගු අත් සහිත කිමෝනෝ පැළඳ සිටින අතර, ගයිකෝ සාමාන්‍යයෙන් කෙටි අත් සහිත කිමෝනාවන්  පැළඳ සිටිති. 

japan geisha girls - eLanka

හනාමිචි ගීෂා ගම්මානයේ එම යුවතියන් පුහුණු  කිරීම පිණිස ශිල්ප ශාලිකා  පහක් පවත්වා ගෙන යනු ලැබේ. ගමේ පාසලේ ද්වීතීය අධ්‍යාපනය මැනවින් සම්පුර්ණ කරන සිසුවියන්ට පමණක් පුහණු ශිල්ප  ශාලිකාවකට පිවිසීමට අවස්ථාව හිමිවේ.

ගීෂා යුවතියන්ගේ  කැපී පෙනෙන  අංගයක් වන්නේ මුහුණේ  සුදු පැහැති වේශ නිරූපණය සහ චෙරි පැහැ  තොල් සහිත පෙනුමයි.මීට අමතරව ගීෂා සම්ප්‍රදායික ඇදුම් කට්ටලයට  විසිතුරු  කිමෝනාව , කොණ්ඩා මෝස්තර,  කන්සාෂි ලෙස හැඳින්වෙන අලංකාර හිසකෙස් ආභරණය,සහ සම්ප්‍රදායික  වේශ නිරූපණය ඇතුළත් වේ. කිමෝනාවේ පිටුපස ඕබි නොහොත් පිරුණු  ගමන් මල්ලක ස්වරූපයේ  සැරසිල්ලකි.

japan geisha girls - eLanka

ආකර්ශනීය  පෙනුමට අමතරව, ජපානයේ ගීෂා එතරම් ප්‍රසිද්ධියට පත්වීමට එක් හේතුවක් වන්නේ සාම්ප්‍රදායික කලාව පිළිබඳ ඔවුන්ගේ දැනුමයි. 

සාමාන්‍යයෙන්ගී ෂාවන් සාම්ප්‍රදායික ජපන් නැටුම් ගායනය සාහිත්‍යය කවි නිර්මාණය මල් සැකසීම සහ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වාදනය කිරීම වැනි කලාවන් කිහිපයක ප්‍රවීණයෙකු වීම අත්‍යාවශ්‍යවේ. ගීෂා කලාව තුළින්විනෝදාස්වා යට අමතරව සංවාද කලාව පිළිබඳව මෙන්ම සම්ප්‍රදායික තේපැන් සාදය පැවැත්වීම පිලිබදව ද මනා දැනුමක් ආධුනික ලයේදී ඔවුන් විසින් අනිවාර්යයෙන් ම ප්‍රගුණ කළ යුතුවේ.

geisha

ගීෂාගේ නැටුම් විලාසය සාම්ප්‍රදායික ජපන් නාට්‍ය කලාවට බලපෑම් කළ අතර සෑම නර්තනයකින්   හා චලනයකින් ම  කිසියම්  ජන  වෘත්තාන්තයක  කොටසක් ප්‍රකාශිතය.

හනාමිචි  ගම්මානයේදී අපට ගීෂා  විසින් මෙහෙයවනු ලබන ජපන් සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභගී වීමේ  අවස්ථාව ද උදා විය.

japan geisha girls - eLanka

ගීෂා ලදුන්ගේ ජපන් තේ උත්සව කලාව 

ජපන් සංස්කෘතිහි තේ උත්සවයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.තේ පිළියෙළ කිරීම සහ පානය කිරීම යනු එදිනෙදා ජීවිතයේ ගැටලු අමතක කරවන සුළු මොහොත සේ සැලකේ.තේ පානයෙහි නියැළීමට අවස්ථාව සැලසීමෙන්සහභාගිවන්නන් සිත් සතන්හී උපශාන්ත සන්සුන් භාවයක් මෙන්ම මානසික සමබරතාවය ගෙන දෙන භාවනා ක්‍රියවලියකට පිවිසීමක්සේ ඔවුන් තුළ විශ්වාසයක් පවතී .

japan geisha girls - eLanka

ගීෂාවන්ගේ මෙම අපුර්ව උත්සවයේදී අපට සාම්ප්‍රදායික ජපන් ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට සහ ජපන් ජීවන දර්ශනය පසක් කර ගැනීමට කදිම අවස්ථාවක් උදාවිය ජපන් භාෂාවෙන් තේ පිළියෙල කිරීම හා පිළිගැන්වීමේ චාරිත්‍රය සාඩේ හෝ චැඩේ ලෙස හැඳින්වේ . මෙහිදී තේ හැදින්වෙන්නේ ඕචා යන වදනෙනි .

අපතේසාදය සංවිධානය කර තිබු කුටියේ පිව්සුම් දොර අසලට පැමිණි මොහොතේ ගීෂා යුවතියන් දෙපලක් හිස නමා ආචාර කර ඔවුන්ගේ
නිහතමානිකම හා ගෞරවය පළ කරනු ලැබිණි . අනතුරුව ඔවුහු අමුත්තන්ට විශේෂයෙන් සකස් රන ලද කුෂන් දෙසට අත යොමු කරමින්  ,” ස්වත්තේ කුදාසයි “ යනුවෙන් පවසමින් අසුන් ගන්නා ලෙස දැන්වූහ.

ජපන් තේ උත්සවය පියවර කිහිපයකින් සමන්විත වෙයි.උඳුනෙනහි ගිනි මොලවා වතුර උණුකර තේ පිළියෙළ  කර අමුත්තන්ට පිළිගැන්වීම දක්වා කාර්ය දාමය ගීෂා යුවතිය අතින් සිදු වනුයේ කිසියම් සන්සුන් ඉරියවු සහිත පිළිවෙතකට අනුගතවය. 

japan geisha girls - eLanka

ගීෂා වෘත්තිය ඇතැම් බටහිර රටවල ගණිකා වෘත්තිය සමඟ සම්බන්ධ වී ඇත . එනමුදු ජපානයේ සම්ප්‍රදායික ගීෂා කිසි විටෙකත් ගණිකා වෘත්තියේ නොයෙදුණු අතර , ඔවුහු සාම්ප්‍රදායික ජපන් කලාවන්හි විශිෂ්ටත්වය තුළින් ප්‍රේක්ෂකයින් වින්දනයට පත් කරවන සංස්කෘතිමය ප්‍රවාහයක්වූ බැව් සදහන් කළ යුතුය.

japan geisha girls - eLanka

කිසියම් දිනක ජපානයේ   ගීෂා යුවතියක් නෙත ගැටුණු කවර පුද්ගලයෙක් තුළ වුවද , එම ළදුන් ගේ  සුරූපී තාවය,ලලනා  ලාලිත්‍ය, නෙතග  කැළුමන්, සංයමයෙන් පිරිපුන් ඇවතුම් පැවතුම්, විසිතුරු කිමෝනා ඇදුම් කට්ටලයෙන් මතුවන  සාම්ප්‍රදායික රම්‍යතාව   මුළුමහත්   ජීවිත කාලයටම අමතක නොවන  සුළුය.

japan geisha girls - eLanka
1968 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ජපන් කතුවර යසුනාරි කවාබතාගේ  “යුකිගුවානි “(හිම දේශය)නව කතාවෙහි කේන්ද්‍රීය  චරිතය වන ෂිමාමුරා නමැති ධනවත් ,වියපත් ව්‍යාපාරිකයාගේ  මනෝභාවයන්   යෝකෝ නම් සුරූපී ගීෂා තරුණිය ඇසුරින් උන්මාදයට පත්වූ  අයුරු ඉහත නිගමනය මැනවින් තහවුරු කරවන සුළුය.

ආචාර්ය  ගාමිණී කාරියවසම්.

gaminee@ gmail.com 

පහත යොමු වෙත පිවිසීමෙන් ඔබට ජපන් ගීෂා ළදුන්ගේ සජීවී රැගුම් දැකගත හැකිය

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ඔකියාකමෝ ගංගාවකියොතෝහි ගීෂා ගම්මානයගීෂා ළදුන්චෙරි මල් නැටුමහනාමචි
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Australia higher education - eLanka Australia higher education promotion draws Sri Lanka students – By APSARA RODRIGO
Next Article Nipah Virus - eLanka Sri Lankan Health Authorities on alert about Nipah Virus
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
A snapshot of Basil D 'Oliveira

A snapshot of Basil D ‘Oliveira

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

2FORTY2 PADURA attracted around 1,000 music lovers to Crystal Grand in Slough, celebrating Sri Lankan music, culture and community in the UK.

2FORTY2 – PADURA Draws 1,000 Music Lovers for a Night of Sri Lankan Hits in Slough

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Expolanka Leisure Cluster Wins Seven Awards at the National ICT Awards NBQSA 2026

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

Arpico Insurance Funds the Education of Grade 5 Scholarship Island First Danoj Theekshana Weerasekara

Related News
Rumesh Tharanga World Athlete of the Year
Articles

Rumesh Tharanga Becomes First Sri Lankan Nominated for World Athlete of the Year

Articles

Saudi Arabia Urged to Spare Sri Lankan Sentenced to Death over Facebook post By Dinuk Hettiarachhi and Julianna Khan/BBC

Articles

British Vet to Run 620km Across Sri Lanka For New Animal Hospital By Jim Scott/BBC

Sri Lanka Smart Boards
Articles

Sri Lanka to Teach Entrepreneurship and Financial Literacy to Grade 6 Students from 2027

25 Years of Connecting Sri Lankan and Australian Businesses 01
Articles

25 Years of Connecting Sri Lankan and Australian Businesses

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.