News & Community eLanka

eLanka

Monday, 5 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: July 5, 2023 4:25 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 52

දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

malwathu oya - elanka

 

Dr. Gamini Kariyawasamගංගාවන් මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසු,සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර් 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උන කන්ද,ආඬියාකන්ද , අමරපති කන්ද, උල්පත් කන්ද යන සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත් ඇසුරෙන්   මල් වතු ඔය උපත ලබන්නීය.

මල්වතු ඔයට උපත දෙන,  සප්ත කදු සිරසින් සුසැදි  , රිටිගල ගිරි ශිඛරය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇල දොල අවුරා , කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. මෙනයින්  සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ වැව් පද්ධතිය වන අභය වැව,  නාච්චදුව , නුවර වැව, තිසාවැව, මහකනදරා වැව,අකතිමුරුප්පු වැව හා යෝධ වැව  බිහි වන්නේ මල්වතු ඔය ජල ධාරිතාව  ආශ්‍රයෙනි.   මල්වතු ඔය ජලයෙන් පෝෂිත මෙම වැව්,  ඇල මාර්ග  ඔස්සේ එකිනෙක සම්බන්ධ කර තිබිණි.මෙමගින් යම් වැවක ජල අතිරික්කයක් වේනම් ඇළ මාර්ග ඔස්සේ අනෙක් වැව් වලට ජලය  ගලා යන පරිදී  සැකසීමේ අපුර්වතම වාරි තාක්ෂණ දැනුමකින්  අප මුතුන්මිත්තෝ සන්නද්ධව සිටියහ. එක් වැවකින් ඊට යාබදව පිහිටි වැව පෝෂණ කරන පරිදි දම්වැල් ස්වරුපයෙන් පැවති තත් වාරි තාක්ෂනණය, එල්ලංගා වැව් පද්ධතිය(Cascade system) යනුවෙන් හැදින්විණි. 

දැයේ  ශිෂ්ඨාචාරයේ  තිඹිරිගෙය වන අනුරාධපුර රාජධානිය පෝෂණය පිණිස,මල්වතු ඔය වෙතින් සුවිසල්   මෙහෙවරක් සැළසිණි .

malwathu oya - elanka

මල්වතු ඔය.

හෙළදිව පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර රාජධානිය  ක්‍රි.පූ.377  බිහිවීමට  සහ එවක් පටන්  ක්‍රි.ව.1070 තෙක් දීර්ඝ කාලයක්  පවත්වා ගෙන යාමට අවකාශය සැළසු ,ස්වභාවික පරිසර  සාධක අතරින් මල්වතු ඔයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පණ්ඩුකාභය රජු විසින්පිහිටවනු ලැබූ අනුරාධපුර රාජධානියේ ,සිංහල රජවරුන් 108 දෙනෙක්ද ද්‍රවිඩ රජවරුන් 18 දෙනෙක් ද  රාජ්‍යය පාලනයෙහි නිරත වුහ. වසර 1400 .පුරාවට දිවෙන තත් කාල වකවානුවේ,  අනුරාධපුරය කේන්ද්‍රීයව  සංස්කෘතිය,සභ්‍යත්වය හා  සබැඳි  හෙළ  ශිෂ්ඨාචාරය ගොඩ නැගෙන්නේ  මල්වතු ඔය ගංගා නිම්නය ආශ්‍රිතවය.  වාරි කර්මාන්ත, කෘෂිකාර්මික  සහ  ගෘහ නිර්මාණ ශිල්පීය දියුණුව, වෙහෙර විහාර ඉදිකිරීම, ජනතාව ආගමට දහමට නැඹුරුවීම  ආදී  සිංහල සභ්‍යත්වයේ අරුනළු පැතිරෙන්නේ මෙම කාල පරාසය තුළය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනයා, ආර්ථික සමෘද්ධිය ලදහ.අනතුරුව  සිය විවේක බුද්ධිය,ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණයටත්   කලා නිර්මාණවලටත් යොදාගත්හ. 

 විජයාවතරණයෙන් පසුව, මුල්ම ආර්ය ජනාවාසය උපතිස්ස ග්‍රාමය ස්ථාපනය වන්නේ  මල්වතුඔය සමීපයේ  වර්තමාන විල්පත්තු භූමියෙහිය. රිටිගල කන්දෙන් පටන් ගන්නා වැලිඔයත්, කනදරා ඔයත් ගලා විත් මල්වතු ඔයට එක්වන ස්ථානය ආසන්නයේ උපතිස්සග්‍රාමය ගොඩනැඟුණ බව සඳහනි.  ලංකාවේ ඉදි කළ  ‘මහගල්කඩවල‘ නමින් හැඳින්වෙන  මුල්ම  වැවෙහි නටබුන් උපතිස්සග්‍රාමයේ අද ද දක්නට ලැබේ.

මහාවංශ කතුවරයා  සඳහන් කරන  පරිදී, විජය කුමරු ගේ පිරිවරේ සිටි අනුරාධ  නම් ඇමතිවරයා ප්‍රථම වතාවට මල්වතු ඔය අසබඩ තැනිතලා පෙදෙසක අනුරාධ නමින්   ගමක් ඉදි කිරීමට මුලිකත්වය ගනී..  ක්‍රිස්තු පූර්ව 437 දී ලංකා රාජාවලියේ පළමු සම්මත  නිරිදුන් ලෙසින් සැළකෙන  පණ්ඩුකාභය රජු  මල්වතුඔය බඩ පිහිටි  අනුරාධ ග්‍රාමය  මෙරට පළමු අගනුවර ලෙස සැකසීමට පුරෝගාමී වෙයි.

මල්වතු ඔය දෑලේ,  පුරාවිද්‍යාත්මක අගයෙන් අනුන ඓතිහාසික නටබුන් රාශියක් විසිර පවතී. ඒ අතර, නගරයේ සිට කි. මී. 2ක් පමණ දුරින් පෙරිමියන්කුලමේ , මල්වතු ඔය හරහා ඉදිකර ඇති ගල් පාලම ,සංඝමිත්තා මහරහත් තෙරණියගේ පාද ස්පර්ශය ලද පුරා වස්තුවක් ලෙස මහත් ඇගයුමට බදුන්වේ.දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දඹකොළ පටුනට වඩම්මවන ලද  ශ්‍රී මහා බෝධිය, මහමෙව්නා උයනට වැඩමවා ඇත්තේ මෙම  ගල් පාලම මතිනි.අනුරාධපුර සිට   උතුරු ප්‍රදේශය  වෙත  වැටී තිබූ මහා මාර්ගය, මල්වතු ඔය තරණය කළේ මේ ගල්පාලම ඔස්සේය. සංඝතිස්ස,ගෝඨාභය,සහ සිරිසගබෝ රාජකීය කුමරුවන් තිදෙනා, මුල්වරට අනුරාධ පුරයට පිවිසියේ ද මෙම ගල් පාලම හරහා බවට විශ්වාසයක් පවතී.එම පාලම අද්දර සිටි අන්ධ ශාස්ත්‍ර කරුවෙක්,කුමාරවරුන්ගේ පිය ගැට පොලවේ ස්පර්ශ වන රිද්මය ආශ්‍රයෙන් අනාවැකියක් පළ කරමින්, සංඝතිස්ස කුමරු  අනුරාධපුර රාජධානියේ මුලින් ම රාජ්‍යත්වයට පත්වන්නේ  යැයි  ප්‍රකාශ කළ බවට  මෙම ප්‍රදේශයේ ජනප්‍රවාදයක් පවතී.එම අනාවැකිය සපත කරමින් ලම්බකර්ණ වංශික සංඝතිස්ස කුමරු  ක්‍රි.ව.248 දී අනුරපුරවරයේ  රාජ්‍යත්වයට පත් විය.

malwathu oya - elanka

මල්වතු ඔයෙන්. අනුරාධපුර නගරයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ,  ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ දී මල්වතු ඔය හරස් කර නගරයට ජලය ගෙන යාමට ඇළක් තැනූ බව මහාවංශය  කතුවරයා සඳහන් කරයි.මේ අමුණෙහි නටබුන්  ඉසුරුමුණිය වත්මන් පාලම අසල දිස්වේ.

ක්‍රි.ව.8 වන සියවසේ අනුරපුර මල්වතු ඔය අසල ගල්වෙහෙර නම් ස්ථානයේ,දළනා නම් යතිවරයෙක්වි සින් ජනතා හිත සුව පිනිස පියගැට පෙළක් ඉදිකළ බව, මල්වතු ඔය අසබඩ හමුවූ  සෙල්ලිපියක දැක්වේ.

අතීතයේ, මල්වතු ඔය ඔස්සේ ගැලූ ජල කද  අවුරා  අනුරපුරයේ  අමුණක් බැඳ මල්වතු ඔය වම් ඉවුරෙන් කුඩා ඇළක් නිර්මාණය කර තිබිණි “හාල්පානු  ඇළ’ නම්වූ මෙම ජල මාර්ගය . කිලෝමීටර 20 ක් පමණ දුර ගලාබසිමින්,මල්වතුඔයේ වම් ඉවුරේ පිහිටි කුඹුරු සඳහා දියවර ගෙන යාමේ මෙහෙවර ඉටුකරනු ලැබිණි.  හාල්පානු  ඇළ  හරහා ඉදිකළ   ගල් පාලමින්  එවකට දෙගම්බඩ සම්බන්ධ කර තිබිණි. 

malwathu oya

අනුරාධපුර නගරයේ උතුරු දෙසින්, ගල්කඩවල නම් ගම්මානයේ   තවත් අමුණක්‌,   මල්වතු ඔය හරස්‌ කර ඉදි කර තිබිණි. මල්වතුඔය ද්‍රෝණියේ පිහිටි මාමිණියා ඔය, ඉහළ කනදරා ඔය,වැලි ඔය, කඩහටු ඔය,කල් ආරූ ඔය,නරිවිලි ආරු ඔය මල්වතු ඔය ආශ්‍රිත ප්‍රධාන ඇල මාර්ගයන්ය. මෙනයින් මල්වතු ඔයේ ඉහළ ජල පෝෂකයෙන් 70% ක පමණ වපසරියක්  අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත හිමිවේ . මල්වතු ඔය  ජල පෝශක ප්‍රදේශය වර්ගකිලෝමීටර 3246 ක් පමණවේ.

malwathu oya - elanka

අනුරාධපුර  රාජධානි සමය තුළ පණ්ඩුකාභය,  දේවානම් පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන වැනි රජවරුන්ට  වෙහෙර විහාර, දාගැබ්  තැනවීමට අවැසි ජල සම්පාදනහිලා මල්වතු ඔය නොතිත් මෙහෙවරක් ඉටු කර ඇත. වැව් නිර්මානයේදී ඉවතලූ මැටි  පස්,දාගැබ් නිර්මානයෙහිලා ගඩොල්නි පැයුමට  උපයෝගී විය.

මෙම ලිපිය සැකසීමට අදාළ තොරතුරු හා චායාරූප  එක්රැස් කර ගැනීම පිණිස මෑතකදී අනුරාධපුරයට ගිය අවස්ථාවක,  මා සිත්හී සිත්තම්වූ අපුර්ව දර්ශනයක් මෙහි සනිටුහන් කිරීම මැනවයි හැගිණි. පණ්ඩුකාභය නිරිදුන් අතින් නිමවූ,අභය වැව් බැම්ම ඉස්මත්තේ සිට, ඈතින් ඈතට මා   දෑස්  යොමුවූයේ නිතැතිනි.  වැවේ එහා ඉමේ, චමත්කාරීව අහසට  මතුවූ,අභයගිරි ස්ථුපය  අබිමානවත් විලසින් දිසේ.  වැව් මතුපිට පැතිරී ඔලු,නෙලුම්,කුමුදු වන් සුපුෂ්පිත මල්  යාය සසළ කරමින් නිරන්තරයෙන්  හමනා   , මල්   සුගන්දය පිස ගත්  මන්ද මාරුතය, වෙහෙර වහන්සේ වෙත සමීප වූයේ, තත්  සෑ රදුන් පැදකුණු කරන සෙයක් මා  සිත්හී ජනනය කරමිණි. 

අභය වැව් තෙර අභයගිරි වෙහෙර

අභය වැව් තෙර අභයගිරි වෙහෙර

මල්වතු ඔය ආශ්‍රිත වාරිමාර්ග,  වසර මුළුල්ලේ ජල සැපයුමෙන්,  දේශය කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත විය.එහි පලයක් ලෙසින්  විදේශයන් හා ආනයන අපනයන වෙළදාම ද , මුදල් භාවිතයද මේ සමයේ වර්ධනය වීය.විදේශ කාසි,මැටි බදුන් කහවණු ,මල්වතු ඔය දෑලෙන් හමුවීම.,ඒ බව මැනවින්  නාථ කරවන සුළුය.

කුඩා පරි­මාණ වැව් 179 ක් , මධ්‍ය සහ මහා පරි­මාණ වැව් 15 ක් පෝෂ­ණයෙහි ලා නිමග්න වෙමින් , මල්වතු ඔය කි.මී.164 ක දිගු ගමන් මග නිමවා මහා සමුදුර වෙත පිවිසන්නේ  ශිලාවතුර ප්‍රදේශයෙනි. එහි  මහාතීර්ථ නොහොත් මාන්තොට නම්, ආනයන අපනයන වාණිජ කටයුතු සදහා භාවිතා කළ ප්‍රධාන වරාය පිහිටියේය.

 මල්වතු ඔය  ,වත්මන් ඛේදාන්තය.

malwathu oya

malwathu oya

malwathu oya

දේශයේ ශිෂ්ඨාචාරය ගොඩ නගන්නට අමිල මෙහෙවරක නියැළි මල්වතු ඔය , වර්ත­මා­නයේ අනු­රා­ධ­පුර නගර සීමා­වේදී  දැඩි පාරි­ස­රික හානි­ය­කට සහ දුෂ­ණ­ය­ක ට ලක්වෙ­මින් පව­තින බැව්,සියැසින් දැක ගන්නට ලැබිණි.රජ­රට විශ්ව විද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨය මගින් සිදු­කළ පර්යේ­ෂ­ණ­ය­ක් අවසානයේ, ආචාර්ය තුෂිත අම­ර­සේ­කර මහතා මෑතකදී ජන මාධ්‍යට  කළ ප්‍රකාශයකින්  මෙම පරිසර දුෂණය   මැනවින් තහ­වුරුවේ.

මෙම අව­ධා­නම මතුව ඇත්තේ ,අනු­රා­ධ­පුර මහ රෝහල පිටු­ප­සින් ගලා යන ඇළ මාර්ගය, කුබි­ච්ච­න්කු­ලම සහ කඩ පනහ ආසන්නයෙන් ඇර­ඹෙන ඇළ මාර්ගය සහ පැරණි බස් නැව­තු­ම්පළ හා මාර්කට් පෙදෙස හරහා ගලා යන ඇළ මාර්ගය මගින් ගලා එන අප ජලය සහ විවිධ අප­ද්‍රව්‍ය මල්වතු ඔයට එක්වී­මෙනි.

ගොවීන්  කෘමි­නා­ශක සහ වල්නා­ශක, නයි­ට්‍රේට්, පොස්පේට් අඩංගු පොහොර වන්, බැර­ලෝහ අඩංගු විෂ රසා­ය­නික ද්‍රව්‍ය   අධි භාවි­තය ද , මල්ව­තු­ඔයේ ජල දුෂණයට මුල්වී ඇති බැව් පැවසේ.මෙවන් විෂම හේතූන් මත  රජ­රට ඈත ගම්වැසියන් මාරා­න්තික වකු­ගඩු රෝගයන්ට ගොදුරු වෙමින් සිටින  බැව් නිරන්තරයෙන් අසන්නට ලැබේ.මෙම ජල දුෂණය , මානව වර්ගයාගේ විනාශයට පමණක් නොව, අනාදිමත් කාලයක සිට ලංකාවේ කීර්තිය ලොව දස දෙස පැතිරූ, මුතු නිෂ්පාදනය ද, මෙරටින් තුරන්ව යාමට මුල්වී ඇති   බැව් ඔබ නොදන්නවා විය හැකිය. 

පෙර සිංහල රජ දවස පටන්, මෙරට දේශීය ආර්ථිකය පෝෂණය උදෙසා මෙන්ම, පෙර දිග මුතු ඇටය ලෙසින් දේශයේ  කීර්තිය දස දෙස පතුරුවන්නට, හලාවත සිට මන්නාරම දක්වා පැතිරි මුතු පරවලින් අනුපමේය දායකත්වයක ලැබිණි.. එහෙත් පෙර සාකච්චා කළ පරිදි, මිනිසා විසින් මල්වතු ඔය ජලය  දුෂණය කිරීමේ හේතුවෙන්, මුතු නිෂ්පාදනය, අප දේශයෙන්,මින් අඩ සිය වසකට පෙර අතුරුදහන්ව යාමට ප්‍රබල හේතු සාධකයක් විය. මන්නාරම් බොක්ක බලා මිරිදියවර රැගෙන ගලන මල්වතු ඔය,  පෙර නොවූවිරූ ලෙසින් කෘෂි විෂ  රසායන ද්‍රව්‍ය රැගෙන සාගරයට පිවිසීමේ  දැඩි ප්‍රවණතාව හේතුකොට ගෙන, මුතු පර විනාශ වී ඇති බැව්  පරිසර විද්‍යාඥයින් විසින් අනාවරණය කරනු ලැබ   ඇත.

අනුරාධපුරයේ සිට ගලා බස්නා මල්වතු ඔයේ පිරිසිදු  මිරි දියවර, මන්නාරම් බොක්කේදී සමුදුර කර දිදිය හා මුසුවී, මුහුදු ජලයේ කොරල් පර මත මුතු බෙල්ලන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය සොබා දහමේ නියමිත සාධක ඒකරාශිවීමෙන් මෙම මුහුදු කලාපය මුතු බෙල්ලාගේ මුල්ම වාස භූමි බවට පත්ව පැවතියේය..   

වැලි කැටයක් මුතු ඇටයක් නිර්මාණය වීමේ මූලික අවස්ථාව සේ සැලකේ. මල්වතු ඔය රැගෙන එන  පිවිතුරු දියවර, වේගවත්ව මන්නාරම් සමුදුරට පිවිසෙන්නේ වෙරළ හා ගංගා දෑල පැතිරී වැලි පර පිස ගෙනය. නිරන්තරයෙන් සිදුවන මෙම ක්‍රියා දාමය නිසා මුතු පරවල වැඩෙන බෙල්ලන්ගේ සිරුරු තුළට වැලි කැට විටින් විට පිවිසෙන ස්වභාවයක් නිර්මාණය වේ. ඒ අයුරින් පිවිසි වැලි කැට බෙල්ලාගේ උදරයේ මාංශ පේශීන් අතර කැවෙමින් පැවතීම නිසා,,  බෙල්ලාගේ සිරුරු අභ්‍යන්තරයෙන් කැල්සියම් කාබනේට් මිශ්‍රිත රිදී පැහැ දීප්තිමත් ( NACRE ) ශ්‍රාවයක් ගලාවිත් වැලි කැටය වටා තැවරෙන බැව්, පර්යේ ෂණාගාර තුළ කළ පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.ශ්‍රාවය ක්‍රමයෙන් නිසි ලෙස වැලි කැටය මැදි කරගෙන සුමට කුඩා බෝලයක් නිර්මානය කරයි. මුතු ලෙසින් අප හදුන්වන්නේ මෙම අපූර්වතම නිමැවුමයි.  

දැයේ  ශිෂ්ඨාචාරයේ  තිඹිරිගෙය  පෝෂණය කළ  මල්වතු ඔය.ජල දුෂණය වැළැක්වීම පිණිස ,පරිසර අමාත්‍යංශයේ මැදිහත් වීමෙන්,රජ­රට විශ්ව විද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨයේ , අනුරාධපුර මහ නගර සභාවේ සහ  උතුරුමැද පළාත් සභාවේ සහභාගීත්වයෙන්  කඩිනම් වැඩපිළිවෙලක් දියත් කිරීමේ ,හදිසි, කාලීන ජාතික අවශ්‍යතාව  මෙහිදී අවධාරණයෙන් පෙන්වා දිය යුතුව ඇත.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්. 

gaminee@gmail.com      

 

TAGGED:අකතිමුරුප්පු වැවඅනුරාධපුරඅභය වැවආචාර්ය ගාමිණී කාරියවසම්තිසාවැවනාච්චදුවනුවර වැවමල්වතු ඔයමහකනදරා වැවයෝධ වැව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Rookantha, & Chandraleka concert in Kandy Live in Concert in Kandy Chandraleka, Rookantha and Raini 1st June 2023 Oakray Regency Hotel Kandy. – By Dr harold Gunatillake
Next Article media alert MEDIA ALERT – STEVE KAMPER – OPENING OF WESTERN SYDNEY MIGRANT RESOURCE CENTRE CAMPBELLTOWN – WEDNESDAY, 5 JULY 2023
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lankan athlete Ayomal Akalanka finishes fifth in the 400m hurdles at the 2026 Asian Games after setting a national record and winning Asian U23 silver.

Ayomal Akalanka Finishes 5th in Asia in the 400m Hurdles at the Asian Games 2026

SriLankan Airlines Riyadh office

SriLankan Airlines Opens Relocated Office in Riyadh to Strengthen Sri Lanka–Saudi Connectivity

Dr Janey Lowes Dog Jog Sri Lanka

British Vet Dr Janey Lowes to Run 620 km Across Sri Lanka for a New Veterinary Hospital for Street Dogs

LankaPropertyWeb National AI Awards 2026

LankaPropertyWeb Becomes Sri Lanka’s First Property Company to Win at the National AI Awards 2026

Bhavithra Gananathan Sita

Bhavithra Gananathan Takes Centre Stage as Sita in ‘Diwali Story: The Journey of Ram’ at Wembley Arena

Related News
DS’s Astuteness
Articles

DS’s Astuteness, Delivered in JR’s Oratory: J. R. Spoke for Ceylon, But Who Sent Him There?-by K.K.S Perera

eLanka Newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 4th September 2026 – 1st Edition – Sri Lankans In Australia

SLASSCOM Foundation Calls for Industry Support to Build an Accessibility Testing Centre for Hearing and Visually Impaired Talent
Articles

SLASSCOM Foundation Calls for Industry Support to Build an Accessibility Testing Centre for Hearing and Visually Impaired Talent

Tharindu Ratnayake Asian Games 2026
Articles

Tharindu Ratnayake’s Blazing 65 Secures Cricket Bronze for Sri Lanka at the Asian Games 2026

Sri Lanka tourism
Articles

SL MICE Expo 2026 Opens in Colombo with 120+ International Buyers from 27 Countries

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.