News & Community eLanka

eLanka

Sunday, 19 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැක්කොත් පද්මාවතී… – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

දැක්කොත් පද්මාවතී… – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: August 13, 2023 9:12 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 41

දැක්කොත් පද්මාවතී… – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

sri lankan queen padmawathi

දැක්කොත් පද්මාවතී

ආලේ නොකරා බැරී

ළමැද හංසයින් සේ පෙනේ

( මෙම පැරණි ප්‍රකට ගීතය,පහත යොමුව Click කිරීමෙන් ඔබට ශ්‍රවණය කල හැකිය.)

1910 වසරේ ජෝන් ද සිල්වා නූර්තිවේදියා විසින් පද්මාවත් කාව්‍යය ඇසුරෙන් නිර්මාණිත පද්මාවතී නූර්තියේ ගී ඛණ්ඩය, අප මතකයන් දශක කිහිපයක් ඈතට යොමු කරවන්නේ නිරායාසයෙනි. නීතිඥ චාල්ස් ඩයස් මහතා තමන් අතට පත් මෙම පිටපත ඇසුරෙන් පද්මාවතී නූර්ති නාට්‍යය නිමවා, හෙතෙම ක්‍රි.ව. 1914 දී ටවර් රඟහලෙහි වේදිකාගත කළේය. එම නාට්‍යයේ එන තත් ගීතය යුග යුග ගණනාවක් තුළ රසික හදවත් ප්‍රීනනය කළ, පැරැන්නන් මුවඟ නිරතුරු නින්නාද වූ සදා අමරණීයත්වයට පත් නූරති ගීයකි.

පද්මාවතී කුමරියගේ කාලයේ කඩතුරාවෙන් වැසී ගිය තොරතුරු , මලික් මොහොමඩ් ජයසි නම්ක වියා අතින් පර්සියානු භාෂාවෙන් රචිත පද්මාවත් කාව්‍යය  තුළින් මැනවින් විද්‍යාමානවේ.පද්මාවත් කාව්‍ය ලියවෙන්නේ ක්‍රි.ව. 1540 වසරේදීය. මෙම කාව්‍ය ආකෘතිය හැඳින්වෙන්නේ සුෆි කාව්‍ය සම්ප්‍රදාය ලෙසිනි. කාව්‍යයට තේමා වන්නේ, අද්විතීය රූ සපුවකින් හෙබි පද්මාවතී කුමරියගේ ලාවන්‍යයීය දිවි පෙවෙතයි.

සිංඝල් දේශය ඇයගේ ජන්ම භූමිය බැව් කාව්‍යයේ සඳහනි. කාලවකවානු වශයෙන් ඇය ජීවත්ව ඇත්තේ දඹදෙණි යුගයෙහිය. එහි සිංඝල් දේශයේ රජුගේ දුව ලෙසින් ඇය හැඳින්වේ.

සිංඝල් දේශය ලෙස කාව්‍යයේ වන සඳහන සිංහල දේශය යන අරුත් ගෙනදේ. පද්මාවත් කාව්‍යයේ පැවසෙන පරිදි, පද්මාවතිගේ පියා ගාන්ධර්ව සේනා නමැති පාලකයෙකි. චම්පාවතී බිසව මව ලෙසින් දැක්වේ. දඹදෙණි රාජ්‍ය පාලන කාලය තුළ ගාන්ධර්ව සේනා නමින් රජ කෙනෙක් පිළිබඳව කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවේ. ඒ අනුව මොහු ප්‍රාදේශීය පාලකයකු වශයෙන් සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඒ අතර ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය නමින් 1963 වසරේදී ඇල්.ඩී.ඒ. රත්නායක මහතා විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් වන්නේ පද්මාවතී නාටකය ජෝන් ද සිල්වා මහතා වර්ෂ 1910 දී ප්‍රබන්ධ කළේ එවකට ඇතුගල්පුර රාජධානියේ කතාවක් ආශ්‍රයෙන් බවය. භාරතයේ රාජස්ථානයේ හමීර් සිං නමැති රාජ්පුත් කුමරෙකුට දාව සරස්වතී නම් කුමරියක පුත් කුමරෙක් බිහි කළාය. එම කුමරුවා ඇතුගල්පුරයෙහි රජ කළ සිවු වැනි බුවනෙකබා රජු විසින් පුත්‍ර ස්ථානයේ තබා ඇතිදැඩි කළ බව දැක්වේ. ඔහු වැඩිවිය පත්ව බලඇණි ගෙනැවිත් බුවනෙකබා රජු නෙරපා සිංහලය අත්පත් කොට රාජ්‍යය විචාල බව සඳහනි. පසු කලෙක ඒ කුමරුන්ගේ සුන්දර රූ සපුවකින් යුත්දි යණිය පද්මිණිය රාජ්පුත්හි චිත්තෝර් නගරයේ භීම සිං රජුගේ බිසව වූ බවත්, කොඩ්ඩ්‍රිංටන් මහතා සටහනක් තබා ඇති බව රත්නායක මහතා ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් කරයි. මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාව මතුකර ගැනීම පිණිස පුළුල් පුරා විද්‍යා සමීක්ෂණයක් කළ යුතුව ඇත.

පරණවිතාන මහතාගේ Collected articles of Paranavithana නම් ලිපි සංග්‍රහයෙහි, පද්මාවතී ලංකාවේ ජීවත්වුණු ඉන්දියානු රජ කුමරියක් විය හැකි බවට අදහසක් දක්වා ඇත. ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි ක්‍රි.ව. 1220 – 1345 ත් අතර කාල වකවානුවේ දඹදෙණි රාජධානිය සහ ඉන්දියාවේ රාජ්පුත්වරුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවති බැව් සනාථවේ.

පද්මාවතී කුමරිය ඕනෑම බසක් පැහැදිලිව කතා කළ හැකි, හිරාමන් නම් අද්භූත ගිරවෙක් සුරතලයට ඇති කළාය. දවසේ වැඩි කාලයක් තම දූ කුමරිය ගිරවා සමග සල්ලාපයෙහි යදී සිටීම පිය නිරිඳුන්නො රිස්සනා සුළුවිය. ගිරවා තම දුවණියට හොරා මරා දමන ලෙස රජු රාජ පුරුෂයෙකුට අණදිණි.

sri lankan queen padmawathi( පද්මාවතිය රාණි බිසව් යන අන්වර්ථ නමින්  ද හැදින්විණි.)

ගිරවා දිවි රැකගන්නට රජ මැදුරෙන් පලා යද්දී දඩයක්කරුවකුට හසුවෙයි. ඔහු චිතෝර් නමැති රාජධානියෙන් පැමිණි බ්‍රාහ්මණයෙකුට ගිරවා විකුණා දමයි. බ්‍රාහ්මණයා සිය රටට ගොස්, මිනිස්බ සින් කතා කරන ගිරවා චිතෝර් රජු රතන් සේන් වෙත භාරදෙයි.

පද්මාවතී කුමරිය රූ සොබා, හිරාමන් ගිරවා රතන් සේන් රජු සිත් උමතු වන සෙයින්, ඔහු සවනත තබයි. රජුට පද්මාවතිය සියසින් දකිනතුරු ඉවසුමක් නොවීය. ඒ අනුව, ගිරවාගේ උපදෙස් අනුව, පද්මාවතී විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් රතන් සේන් 16,000 ක සේනාවක් සමග සිංහල දේශය බලා පැමිණෙන්නේ සත් සමුදුර තරණය කරමිණි. තම සේනාව සඟවා, තාපසයකු මෙන්වෙ ස්වලාගෙන රතන් සේන් ආශ්‍රමයකට වී අපේක්ෂාවෙන් සිටියේ, පද්මාවතී එහි පැමිණෙන බව ගිරවා පවසා තිබූ හෙයිණි.
sri lankan queen padmawathi

අනතුරුව රතන් සේන්, ගාන්ධර්ව් සේන් රජුගේ මාලිගයට රහසිගතව පිවිසෙයි. එම අවස්ථාවේදී හේ ගාන්ධර්ව් සේන්ගේ අත්අඩංගුවට පත්වේ. ඔහුට මරණ දඬුවම දීමට රජු නියම කරද්දී, තම අත්අඩංගුවේ සිටින්නේ චිතෝරයේ රතන් සේන් රජු යැයි අනාවරණය වෙයි. දෙපාර්ශවය අතර මිත්‍රත්වයක් ගොඩනැගෙයි. ගාන්ධර්ව් සේන් සිය දියණිය පද්මාවතී රතන් සේන්ට විවාහ කරදෙයි.

sri lankan queen padmawathiරතන් සෙන් සහ පද්මාවතිය.

පද්මාවතී, රතන් සෙන් සමඟ චිතෝර් දේශය බලා යෑමට සැරැසෙන්නේ තවත් කුල ස්ත්‍රීන් 16,000 දෙනකු, රතන් සේන් තමන් සමග පැමිණි සගයන්ට විවාහ කරදීමෙන් පසුවය.

චිතෝරයට පැමිණීමෙන් පසු, රතන් සේන්ගේ පළමු බිරිය නාග්මතී සිත්හි පද්මාවතී ගේ විස්මිත රූ සපුව කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවක් පහළවේ. නාග්මතී, පද්මාවතීට වෛර කරයි. මේ අතරතුරේ රාජ සභාවේ අර්බුදයක් හටගනී. ඒ රතන් සේන් සහ ඔහුගේ රාජසභාවේ බ්‍රාහ්මණයකු වන රාඝව්චේ තන් අතරේය.

රතන් සේන් රජු, රාඝව් චේතන් රටින් පිටුවහල් කරයි. රාඝව් චේතන් දිල්ලිය බලා යන්නේ පළිගැනීමේ චේතනාව සිත්හි දරාගෙනය. දිල්ලියේ පාලකයා සුල්තාන්වරයෙකි. ඔහු අලාඋද්දීන් කලීජිය. රාඝව් චේතන්, කලීජි හමුවී, පද්මාවතී බිසවගේ රූසපුව පිළිබඳව අතිශෝක්තියෙන් වර්ණනා කරයි.

sri lankan queen padmawathi

පද්මාවතී තම බිසව කර ගැනීමට කලීජි පෙළඹෙන්නේ මෙම අවස්ථාවේදීය. කලීජි කුරිරු මෙන්ම ප්‍රචණ්ඩ මෝගල් ආක්‍රමණිකයෙකි. කලීජි සිය මහා හමුදාව මෙහෙයවා විතෝර් රාජ්‍යය වටලයි. කලීජිට චිතෝර් රාජ්‍යය අල්ලා ගැනීමට නොහැකිවූ තන්හි, කලීජි රතන් සේන් රජු මිතුරු කරගැනීමට සමත්වෙයි. ඒ සාම ගිවිසුමක් හරහාය. ඉන්පසු රතන් සේන් රජු මිත්‍රත්වයෙන් දිල්ලියට කැඳවා ගෙන යාමට හේ උපායශීලී වෙයි. මෙම කෘර රජු සිය රට පැමිණි විගස රතන් සෙන් අල්ලා සිර කරයි.

sri lankan queen padmawathiපද්මාවතිය ජීවත්වූ චිතගොන් රජ මැදුර.

චිතෝර් රාජ්‍යයේ අසල්වැසි රාජ්‍යය වූ කුම්භාල්නේර් රාජ්පුත් පාලක දේව්පාල් ද පද්මාවතීට ඇලුම් කිරීමට පෙළඹෙයි. රතන් සේන් දිල්ලියේ සිරකරුවකුව සිටියදී ඔහු පද්මාවතී විවාහ කරගැනීමට සැරසෙයි. පද්මාවතී ඊට විරෝධතාවය දක්වයි.

කලීජිගේ උපායට තම සැමියා හසුවුණු බව වැටහුණු පද්මාවතී, රතන් සේන්ට පක්ෂපාතී කණ්ඩායමක් ද සමඟ වෙස්වලාගෙන දිල්ලියට ගොස් සටන් කර රතන් සෙන් මුදා ගනී. චිතෝරයට පැමිණි පසු පද්මාවතී, දේව්පාල් ගේ අයුතු යෝජනාව රතන් සේන්ට පවසයි. කෝපයට පත්වන රතන්සෙන්, දේව්පාල් සමඟ ද්වන්ධ සටනකට එළඹේ. සටන අවසන් වන්නේ, දේව්පාල් සහ රතන්සෙ න් යන දෙදෙනාම මියයෑමෙනි. රතන් සෙන් මියගිය බව සැලවුණු සැණින්, කලීජි යළි චිතෝර් රාජ්‍යයට පැමිණෙන්නේ එය ආක්‍රමණය කරමින් පද්මාවතී ලබාගැනීමේ අපේක්ෂාවෙනි. එම අවස්ථාවේදී මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් බේරී, තම ගෞරවය රැක ගනිමින් පද්මාවතී, නාග්මනී ඇතුළු සෙසු කාන්තාවෝ රතන් සෙන්ගේ අවමංගල චිතකයට පැන දිවි නසා ගනිති. තම මියගිය ස්වාමියාගේ දැවුම් සෑයට පැන සියදිවි පරිත්‍යාග කිරීමේ ඉන්දියාවේ පවත්නා සති පූජාවට සමාන චාරිත්‍රයක් චිතෝර් රාජ්‍යයේද සුපතලව පැවතිණි. එය හැඳින්වෙන්නේ ජොහාර් (ස්වයං දිවි නසාගැනීම) චාරිත්‍රය යනුවෙනි. මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ගිනි දෙවියාට සිය ජීවිතය පුද කළ වීර හින්දු රැජිනක ලෙසින් හින්දු ජාතිකයෝ අදත් මහත් බැතියෙන් ඇය සමරති.

ඉන්දීය ඉතිහාසඥයන් පැහැදිලිවම අවධාරණය කරන්නේ, කලිජි ක්‍රි.ව. 1303 දී චිතෝර් රාජධානිය වටලෑම ඓතිහාසික සිදුවීමක් බවය. ඊට අමතරව වර්තමානයේ පවා දක්නට ලැබෙන චිත්තෝර් මාලිගය, රතන් සෙන්, අලව්දීන් කල්ජි වන් කතාවේ ප්‍රධාන පාත්‍ර වර්ගයා පිළිබඳව පවත්නා ඓතිහාසික ලිඛිත මූලාශ්‍ර අලව්දීන් මුද්‍රාව සහිතව හමුවී ඇති කාසි ආදියෙන් තහවුරු වන්නේ මෙම කතාව සත්‍ය සිදුවීම් ඇසුරෙන් රචිත වෘතාන්තයක් බවය. මේ අනුව සත්‍ය ඓතිහාසික චරිත කිහිපයකට නිර්මාණශීලී වර්ණනා ද ගලපා පද්මාවතී කාව්‍ය, රස පූර්ණ සාහිත්‍ය කෘතියක් ලෙසින් ඉදිරිපත් කර ඇති සෙයක් විද්‍යාමානිතය. පද්මාවතී ඇසුරෙන් මේ වනවිටත් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී තිබේ. 1964 වසරේදී හින්දි බසින්,පද්මාවතී වෘතාන්තය පාදක කර ගෙන , මහාරාණි පද්මිණි නමින් චිත්‍රපටයක් නිර්මාණය විය. 1963 දී චිතෝර් රාණි පද්මිණි යන නමින් දෙමළ චිත්‍රපටයක් ද සිනමා වංශයට එක්විය.

සන්ජේ ලීලා බන්සාලිගේ සිනමා නිර්මාණය “පද්මාවතී” හි පද්මාවතියගේ  චරිතය සජීවී  ලෙසින් නිරුපාය කළ  දීපිකා  පදුකෝන්ට සන්ජේ ලීලා බන්සාලි විසින් ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලක් ගෙවා තිබෙන බව ද වාර්තාවේ.

sri lankan queen padmawathi

sri lankan queen padmawathiබන්සාලිගේ “පද්මාවතී” සිනමා නිර්මාණයේ   පද්මාවතියගේ  චරිතය සජීවී  ලෙසින් නිරුපාය කළ  දීපිකා  පදුකෝන් නිළිය.

චිතෝර්ගාර් කොටුව ඇත්තෙන්ම නටබුන් වී ඇත. එහි වැසියන් මියගොස්ය. සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්ය. එනමුදු නිබයව සිය පති භක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුරූපී පද්මාවතී දේවියගේ ස්වරූපය යුග යුග සජීවීමත්ව පවතිනු නිසැකය. 

ආචාර්ය ගාමිණී කාරියවසම්.     gaminee@gmail.com

පද්මාවතී හින්දි ච්ත්‍රපටයේ ගීත සමුච්චය-

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්චිතගොන් රජ මැදුරචිතෝරයේ රතන් සේන් රජුදීපිකා පදුකෝන්පද්මාවතීවිතෝර් රාජ්‍යය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Omega-3 - eLanka Omega-3 Healthy fats and its health benefits – By Dr harold Gunatillake
Next Article sinhabahu Sinhala drama “Sinhabahu” in Adelaide for Roshan Mahanama Trust-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Chandan Deepal Wickramaratna

The Nation Bids Farewell to Its Distinguished Archaeological Historian and Former Inspector General of Police-by Gamini Kariyawasam

Colombo Port City Development Sri Lanka waterfront skyline

Colombo Port City Development: Shaping Sri Lanka’s Future as a Global Business and Lifestyle Destination – By Malsha – eLanka

Carrying LANKA Within You-eLanka

Leaving Lanka …. Carrying LANKA Within You

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe

brad & kiara show

The Brad & Kiara Show

Related News
Articles Trevine Rodrigo

A Taste of Thailand in Bentleigh – A Labour of Love, Served with Heart-by Trevine Rodrigo

Articles Dr Harold Gunatillake

I’m curious—what were the reasons behind the Burghers leaving the country in the 1980s and before? Understanding their story can offer us some insightful perspectives-by Dr Harold Gunatillake

Taste of the World 2024
Articles

Hornsby Shire to showcase cultures from around the world at Taste of Harmony

Sri Lanka aviation growth 2026, Bandaranaike International Airport, BIA passenger traffic 2026, Sri Lanka airport news, Colombo airport arrivals, Sri Lanka tourism recovery 2026, international flights Sri Lanka, Sri Lanka tourism growth, AASL passenger statistics, Sri Lanka travel updates, Colombo airport expansion, aviation industry Sri Lanka, Sri Lanka international connectivity, Sri Lanka tourist arrivals 2026, Katunayake airport news, Sri Lanka travel industry, BIA aircraft movements, Sri Lankan Airlines growth, South Asia aviation hub, Sri Lanka tourism sector, global Sri Lankan community, Sri Lanka economic recovery, overseas Sri Lankans returning home, Sri Lanka infrastructure development
Articles

BIA Handles 4.7 Million Passengers in Strong First Half of 2026

Resilient Waves Programme Sri Lanka, Sri Lanka coastal conservation, coastal ecosystem restoration Sri Lanka, climate resilience Sri Lanka, Batticaloa fishing communities, Mullaitivu coastal development, sustainable fishing Sri Lanka, mangrove restoration Sri Lanka, marine biodiversity Sri Lanka, climate change adaptation Sri Lanka, ocean conservation Sri Lanka, Defra OCEAN programme Sri Lanka, UK funded environmental projects Sri Lanka, sustainable livelihoods Sri Lanka, fishing communities empowerment, Blue Resources Trust Sri Lanka, Biodiversity Sri Lanka, coastal protection initiatives Sri Lanka, nature based solutions Sri Lanka, sustainable aquaculture Sri Lanka
Articles

‘Resilient Waves’ Programme Launches to Boost Climate Resilience in Sri Lanka’s Coastal Communities

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.