දැක්කොත් පද්මාවතී… – By ආචාර්ය ගාමිණී කාරියවසම් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී ළමැද හංසයින් සේ පෙනේ ( මෙම පැරණි ප්‍රකට ගීතය,පහත යොමුව Click කිරීමෙන් ඔබට ශ්‍රවණය කල හැකිය.) 1910 වසරේ ජෝන් ද සිල්වා නූර්තිවේදියා විසින් පද්මාවත් කාව්‍යය ඇසුරෙන් නිර්මාණිත පද්මාවතී නූර්තියේ ගී ඛණ්ඩය, අප මතකයන් දශක කිහිපයක් ඈතට යොමු කරවන්නේ නිරායාසයෙනි. නීතිඥ චාල්ස් ඩයස් මහතා තමන් අතට පත් මෙම පිටපත ඇසුරෙන් පද්මාවතී නූර්ති නාට්‍යය නිමවා, හෙතෙම ක්‍රි.ව. 1914 දී ටවර් රඟහලෙහි වේදිකාගත කළේය. එම නාට්‍යයේ එන තත් ගීතය යුග යුග ගණනාවක් තුළ රසික හදවත් ප්‍රීනනය කළ, පැරැන්නන් මුවඟ නිරතුරු නින්නාද වූ සදා අමරණීයත්වයට පත් නූරති ගීයකි. පද්මාවතී කුමරියගේ කාලයේ කඩතුරාවෙන් වැසී ගිය තොරතුරු , මලික් මොහොමඩ් ජයසි නම්ක වියා අතින් පර්සියානු භාෂාවෙන් රචිත පද්මාවත් කාව්‍යය  තුළින් මැනවින් විද්‍යාමානවේ.පද්මාවත් කාව්‍ය ලියවෙන්නේ ක්‍රි.ව. 1540 වසරේදීය. මෙම කාව්‍ය ආකෘතිය හැඳින්වෙන්නේ සුෆි කාව්‍ය සම්ප්‍රදාය ලෙසිනි. කාව්‍යයට තේමා වන්නේ, අද්විතීය රූ සපුවකින් හෙබි පද්මාවතී කුමරියගේ ලාවන්‍යයීය දිවි පෙවෙතයි. සිංඝල් දේශය ඇයගේ ජන්ම භූමිය බැව් කාව්‍යයේ ...

Read More →