News & Community eLanka

eLanka

Saturday, 22 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජගත් වැඩිහිටි දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ජගත් වැඩිහිටි දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: September 30, 2023 10:57 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 34

ජගත් වැඩිහිටි දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Elder’s day - eLanka

Dr.Gamini Kariyawasam.වැඩිහිටි පරපුරේ මෙහෙවර,  ප්‍රඥාව සහ අත්දැකීම් ඇගයෙන  : ජාත්‍යන්තර වැඩිහිටි දිනය මේ වසරේ ඔක්තෝම්බර් 1 වන දිනට යෙදේ. “  මානව හිමිකම්  විශ්ව ප්‍රකාශනයේ,වැඩිහිටි ප්‍රජාවේ ප්‍රතිඥා ඉටු කිරීමට කැපවෙමු” යන්න , 2023 ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ තේමාව ලෙසින් ප්‍රකාශයට පත්වේ.

මෙදින  ලොව පුරා විසිරි  වැඩිහිටි ප්‍රජාවේ  වටිනා දායකත්වය සහ ජයග්‍රහණ ඉහලම  ඇගයුමට බදුන්වේ.සමාජ ප්‍රගමනය උදෙසා  ඔවුන් ඉටු කළ මෙහෙවර හා  වැදගත් කාර්යභාරයට  ගෞරවය,උපහාරය පිදෙන මෙම දිනයේ  භූමිකාව  පිළිබදව තුලනාත්මකව විමසා බැලීම අතිශයින් ම වැදගති. දුරාතීතයේ සිට,   වැඩිහිටි පරම්පරාව සෙනෙහසින් ඇපවී,කැපවී රැක බලා ගැනීම උදෙසා,  අපේ දේශයේ ජනතාව  අනුගතව සිටි සාර ධර්මයන්ගෙන් පිරිපුන් ජීවන රටාව පිලිබදව විමංසනයකින්  මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථාන්විත වනු නිසැකි.

වයෝවෘද්ධ භාවයට පත් වීම කාලයත් සමඟ සිදු වන ක්‍රියාදාමයකි.මෙලොව උපන් සෑම  සත්ත්වයෙක් ම වයස්ගත වීම ස්වභාවික සංසිද්ධියකි.එය වළක්වාලිය නොහැකි ධර්මතාවකි.මව් කුස කලලයක් ලෙසින් ප්‍රතිසන්ධිය ලබන මිනිසා, එවක් පටන් මරණය දක්වාම කාලීනව වෙනස් වෙමින් ක්‍රමිකව පරිණාමය වන බව සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයේ සදහනි.එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයක් ප්‍රකාශයට පත්කරමින් ,වැඩිහිටියන්ට සැලකීමේ ප්‍රවනතාවය කෙරෙහි වත්මන්  බටහිර සමාජය යොමු කරවන්නේ ,  1991 ඔක්තෝබර් 1 වන දින සිටය. එනමුදු බුදු සමයෙන් පෝෂිත ශ්‍රීලාංකික  සමාජය ,දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිට ,වැඩිහිටියන්ට සැලකීමේ,ගරු බුහුමන් දැක්වීමේ උත්තරීතර ගමන් මගට අවතීර්ණව  සිටියහ.

“අභිවාදනසීලිස්ස – නිච්චං වුද්ධා පචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං”

උක්ත ධම්ම පාඨයෙන් අවධාරණය කෙරෙන්නේ,වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුය, ශරීර වර්ණය, සැපය, බලය යන සිවු මහා සැප වර්ධනය සපත  වන බවය.

ඇත පුරාණයේ පටන් ම ලාංකික ,විශේෂයෙන් ම සිංහල  සමාජය හා වැඩිහිටි පරපුර අතර පැවතියේ ඉතා සමීප,අවියෝජනීය සබැදියාවකි. බාල  හා තරුණ දරු දැරියන්,සාර ධර්මවලින් පිරිපුන්  ,ආගමට දහමට ලැදි පරම්පරාවක් ලෙස මෙහෙයවන්නට වැඩිහිටි පරපුරෙන් සැලසුණු මග පෙන්වීම අති ප්‍රශස්තය. මෙකල මෙන් ,එකල ජන මාධ්‍ය සමාජගතව නොපැවතිනි. එබැවින් දරුවන් පාසල් වෙත පියමන් කිරීමට පෙර,  සමාජමය වටා පිටාව, පරිසරය,හොද නොහොද ,යහ ගති සිරිත් සිය දිවියට සමීප කර ගත්තේ දෙමාපියන්,ආච්චි සීයලා, මුත්තනුවන්,මිත්තනියන් වන්  වැඩිහිටි පරපුර ඇසුරෙනි.මෙහිදී,වැඩිහිටියන් වෙතින් ,පුළුල් ජීවන අත්දැකීම් ස්පර්ශිත  ජන කතා,ජන කවි, ජාතක කතා අසන්නට දරුවන් දැක්වුයේ අසීමිත   ආශාවකි. තම ජීවිතය හා සමීපව බැදී සිටි වැඩිහිටියන් ගිලන්වූ විට රැකබලා ගත්තේ ද බාල පරපුර විසිනි.

Elder’s day - eLanka

මෙරට වැඩිහිටි  පරපුර සහ බාල පරපුර අතර අතීතයේ පැවති තත් හෘදයාංගම බැදීම  , වර්තමානයේ බොහෝ දුරට ගිලිහී ගොස් ඇති සෙයක් දිසේ. පාසල් කාලයෙන් පසුව බාල පරපුර කාලය ගත කරන්නේ ජංගම දුර කථනය,පරිඝනකය වන්  විද්යුත්උ පකරණ  ඇසුරෙහිය. එම දරුවන්ගේ මාපියන්, රැකියාවන්හී නිරතව ඇදිරි වැටෙන මොහොතේ නිවෙස් බලා එනතුරා වියපත් පිරිස හුදකලා ලොවක කනස්සල්ලෙන්ක ල් ගෙවති.

Elder’s day - eLanka

දරුවනේ – නිහඩ වියපත් මා නිසාවෙන් නුඹේ මග සැදුනේ

අති ශෝචනීය ගැඹුරු හුදකලා මං පෙතක තනිවූ මොහොතේ, ඔබේ සමකාලීනයන් ඇසුර තුළින් ,එම මනස්තාපය දුරු කර ගත හැකි බව වැඩිහිටියන් අවබෝධ කර ගැනීම ද වැදගති.

world grand perend day

මෙවන් ඛේදනීය සමාජ පසුබිමක,එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයක් ප්‍රකාශට පත් කර, වසරකට වරක් හෝ වැඩිහිටි පරපුර ඇගයීමේ වැඩසටහනක් ලොව පුරා ක්‍රියාත්මක කිරීම අගය කල යුත්තේය.

Elder’s day - eLanka

යුනෙස්කෝ නවතම වාර්තාවන්ට අනුව , 2030 වන විට ලෝකයේ පුද්ගලයන් 6 දෙනකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය වේ. වයස අවුරුදු 80 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 2020 සහ 2050 අතර තුන් ගුණයකින් මිලියන 426 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අනුව වැඩිහිටියන් රැකබලා ගැනීම සහ ඔවුනගේ  සුබ සාධනය උදෙසා විධිමත්,තිරසාර  සැලස්මන් ක්‍රියාත්මක කිරීම අද ලොව මුහුණ දෙන  ප්‍රධාන අභියෝගයකි. වසරකට එක් දිනක් ජාත්‍යන්තර වැඩිහිටි දිනය ලෙස ප්‍රකාශයට පත්කර එදින පමණක් උත්සව පවත්වා ,වැඩිවන වියපත්ජ නතාව ඇගයුමට ලක් කිරීම ප්‍රමාණවත් නොවේ.

Elder’s day - eLanka

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීමේ එක් ප්‍රධාන අංගයක් වන්නේ පරම්පරා අතර සංවාදයක්  ගොඩනැංවීම හා  සහ  එම දෙපිරිස අතර  අවබෝධය පුළුල් කිරීමයි. පරම්පරා අතර පරතරය සමනය කිරීම සහජීවනයෙන් පිරිපුන්  සමාජයක් සඳහා මූලික අඩිතාලමවේ. තරුණ පරම්පරාවට තම වැඩිහිටියන්ගෙන් වටිනා ජීවිත පාඩම්, ප්‍රඥාව සහ සම්ප්‍රදායන් උගත හැකිය. වැඩිහිටි පුද්ගලයින්ට තරුණයන් වෙතින් නවීන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම ,පෝෂණය ආදී නිරෝගී දිවියක් ගත කිරීමට අවැසි උපදේශනය ලද හැකිය.

විවිධ වයස් කාණ්ඩ අතර අර්ථවත් සංවාද සඳහා පහසුකම් සැලසීම සඳහා ප්‍රජා සත්කාරයන් , වැඩමුළු සහ සම්මන්ත්‍රණ බොහෝ විට සංවිධානය කරනු ලැබේ. මෙමගින් පරම්පරා අතර සමගිය සහ ගෞරවය පිළිබඳ හැඟීමක් ඇති කරමින් අත්දැකීම්, කථා සහ දැනුම බෙදා ගැනීමට පුළුල්  වේදිකාවක් නිර්මාණයවේ..

වැඩිහිටි පුද්ගලයින්ගේ අමිල දායකත්වය හඳුනා ගැනීමට අමතරව, ඔවුන් මුහුණ දෙන  අභියෝගවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ. වැඩිහිටි අපයෝජනය, සමාජ හුදකලාව, සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශ්‍යතාව සහ මූල්‍ය සුරක්ෂිතභාවය වැනි ගැටළු අවධානයට යොමු විය යුතු සහ ක්‍රියාමාර්ග අවශ්‍ය වන තීරණාත්මක ක්ෂේත්‍ර වේ.වැඩිහිටි පුද්ගලයින්ගේ යහපැවැත්ම සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ මුලපිරීම් සංවර්ධනය කිරීමට රජයන්, සංවිධාන සහ ප්‍රජාවන් එක්ව කටයුතු කළ යුතුය..

වයස් භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුම සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් බව සිහියට  නංවන සුළු වැඩසටහන්  වැඩිහිටි ජාත්‍යන්තර දිනයේදී ක්‍රියාත්මකවේ.  වැඩිහිටි පරම්පරාව අගය කිරීම සහ ඔවුන් කෙරෙහි ගෞර්ව  සම්පයුක්තව පිළිගැනීම මගින්,දෙපාර්ශවයට  ම , සංවේදී සහ සුහද ලෝකයක් ගොඩනගා ගැනීමට කදිම අවස්ථාවක් උදාවේ.

විවිධ රටවල ,ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම පිණිස උත්සව සංවිධානයට අමතරව,  තරුණ තරුණියන් ,වැඩිහිටි නිවාසවල නේවාසික වැඩිහිටියන්   බැහැදැකීමට ගොස් මුළු දිනයම ඔවුන් සමග සතුටින් කල් ගත කිරීම කෙරෙහි  වැඩි උනන්දුවක් දක්වති.එදින වැඩිහිටි නිවාසයන්හී සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ වැදගත්කම අවධාරනය කෙරෙන වැඩමුළු මෙන් ම ,වියපත් නෙවාසිකයින් අතර නාට්‍ය,ගායනා තරග පවත්වා ,ඔවුනට තෑගි බෝග පිරි නැමීම ද සිදු කරනු දැකිය හැකිය.ශ්‍රීලංකාවේ වැඩිහිටි නිවාසයන්හී  නේවාසිකයන් අතර ද මෙවන් උත්සව සංවිධානය කරනු ලබයි.

මිහිරිගම කුලදෙටු සෙවනේමිහිරිගම කුලදෙටු සෙවනේ ,
නෙවාසිකාවන්ගේ රංගනයක්.

මිහිරිගම වැඩිහිටි නිවාසයේදී , 2009 වසරේ වැඩිහිටි දින, සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් ,වැඩිහිටි කොඩිය.

මිහිරිගම වැඩිහිටි නිවාසයේදී   , 2009 වසරේ වැඩිහිටි දින,  සමාජසේවාදෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් ,වැඩිහිටි කොඩිය.

එපමණකින් නොනැවතී , අත්දැකීම් බහුලතාවයෙන් සන්නද්ධ ,දේශයේ  වියපත් ජනගහනය සතු දැනුම සැලකිල්ලට ගෙන,ආර්ථික සංවර්ධනය සඳහා,උපදේශාත්මක මට්ටමින් ,වැඩිහිටි සංවිධානයන්ගේ අනුග්‍රහය ලබා ගැනීම කෙරෙහි ,මෙම ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීම බෙහෙවින් ම වැදගත්වේ. 

Elder’s day - eLanka

අවසාන සැදෑ සක්මන – නොදැනීම ගෙවූ ඉක්මන….”

කාලයාගේ ප්‍රවාහයට නතුව,වියපත්වුවන් ගතින් ප්‍රකට වන දේහ ලක්ෂණ පිලිබදව නව අර්ථ කතනයක් දෙමින්,වැඩිහිටි පරපුරට  උපහාරයක් ලෙසින් සැකසු මෙම ලිපිය අවසන් කිරීම මැනවයි හැගිණි.   

young and old

Elder’s day - eLanka

grandmother  

වියපත් වුවන්ගේ සමෙහි මතු වන රැලි , වියපත් බවේ අනන්‍යතාව ප්‍රකට කරවන්නක් පමණක් නොවේ.ඒ, තමන් යොවුන් වියේ සිය දූ දරුවන් පෝෂණය දැයේ අභිවෘද්ධිය වෙනුවෙන් දැරූ කටුක,වෙහෙසකර ප්‍රයත්නයන්ගේ යශෝරාවය ලොවට හඩගාක යන සජීවී කුරුටු ගී ලෙසින් අරුත් ගැන්විය හැකිය.තරුණ වියේ කාල මේඝයක පැහය දැරූ හිස කෙස් , දිවියේ සැදෑ සමය එළැඹෙත්ම සුදු පැහැ ගැන්වෙන්නේ  ,  වියපත්දී ව යට උප ශාන්ත පෙනුමක්ලැ බ දෙමිනි .

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

මා සමාජසේවා අධ්‍යක්ෂ ලෙස රාජකාරියේ නියැළී සිටි අවධියේ,සුනිල් ගමගේ ගීත න බන්ධකයා වෙතින්, වැඩිහිටි තේමා ගීතයක් නිර්මාණය කරවා ගෙන, අමරසිරි පීරිස් ශිල්පියාගේ භාව පුර්ණ සරින්, 2009 වසරේ ඔක්තෝම්බර් 1 වන දින ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ජනගත කළ තේමා ගීතය -පහත  යොමුවෙන් ඔබට ශ්‍රවණය කළ  හැකිය.

https://www.elanka.com.au/wp-content/uploads/2023/09/WhatsApp-Video-2023-09-26-at-19.43.47.mp4
TAGGED:elder's Dayආචාර්ය ගාමිණී කාරියවසම්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Anger and its controls - eLanka Understanding and Managing Anger for a Balanced Life – By Malsha – eLanka
Next Article  Qld Sri Lankan Newsletter - Dæhæna - October 2023 Qld Sri Lankan Newsletter – Dæhæna – October 2023
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
“The fear of the Lord is the beginning of wisdom, And the knowledge of the Holy One is understanding”-by Lakshman Navaratne

“The fear of the Lord is the beginning of wisdom, And the knowledge of the Holy One is understanding”-by Lakshman Navaratne

invest in Sri Lanka - eLanka

Invest (in) Sri Lanka While promises abound will the diaspora respond?- By Aubrey Joachim

Farmers in Welimada protest 15-year delay in compensation By Arundathie Abeysinghe

Farmers in Welimada protest 15-year delay in compensation By Arundathie Abeysinghe

patolenin-social-media-8673410_1920

AI ChatGPT Internet addiction and the need of safe Future of Humans-by Nisal Rukshan

DYNAMIC INDIKA SUBASINGHE TV HOST,ACTRESS IN AN UNBLEMISHED CAREER SPANNING 26 YEARS-by Sunil Thenabadu

Related News
KAMIL AND SAHAN IN 14 MEMBER SQUAD FOR 2nd TEST-by Sunil Thenabadu
Articles Sunil Thenabadu

KAMIL AND SAHAN IN 14 MEMBER SQUAD FOR 2nd TEST-by Sunil Thenabadu

Multicultural Communities Reception Certificates 046
Articles

Queensland Multicultural Awards 2026

Articles

Hindu Council of Australia Newsletter

Hilton Colombo Residences, Hilton Colombo, luxury accommodation Colombo, serviced apartments Colombo, Colombo 2 hotel, luxury hotels in Colombo, Colombo accommodation, five-star hotel Colombo, serviced apartments in Colombo, business hotel Colombo, family accommodation Colombo, luxury Colombo accommodation, hotels in Colombo 2, Sri Lanka hospitality, Colombo travel, Colombo hotels
Articles

Hilton Colombo Residences: The Pinnacle of Sri Lankan Hospitality

Articles

SriLankan Airlines Supports Seneesa Goonewardena’s Mission ShakthiSAT Journey to India

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.