News & Community eLanka

eLanka

Tuesday, 27 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ටවර් හෝල් රඟහල පදනම් දිනය – දෙසැම්බර් 16 – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ටවර් හෝල් රඟහල පදනම් දිනය – දෙසැම්බර් 16 – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 15, 2023 5:04 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 61

ටවර් හෝල් රඟහල පදනම් දිනය – දෙසැම්බර් 16 – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Tower Hall Theatre

‘ජාතික රංගකලාව පෝෂණය නොකරන, දිරි නොගන්වන ජාතිය මියැදෙයි’ -බර්ටෝල් බ්‍රෙස්ට්

බර්ටෝල් බ්‍රෙස්ට්ගේ මෙම ප්‍රකාශය මැනවින් පසක් කරගෙන සිටි යුග පුරුෂයෙක් 1978 නිදහස් සමරු සතියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙයි. හේ  කවරෙක්ද යත් , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතානන්ය. දැයේ මුල්ම රඟහල ටවර් ශාලාවත්, ඒ හා සබැඳුණු ඉපැරැණි, ජාතික මෙන් ම ඓතිහාසික වටිනාකමක් ඇති එල්ෆින්ස්ටන් රඟහලත්, දැය සතු කරලන්නට එතුමා පෙරමුණ ගන්නේ, ජාතික රංග කලාවන්ගේ අභිනන්දනය උදෙසා වූ පුළුල් සැලැස්මක් සිතින් දරාගෙනය. එම උදාර අරමුණු ප්‍රායෝගික තලයකට ගෙන ඒම පිණිස එතුමා මුලින්ම 1978 මාර්තු 15 වන දින ටවර් රඟහල රජයට පවරා ගැනීමට පියවර ගති. එම වසරේ ම ඔක්තෝබර් 19 දින සුවිශේෂී පනතක් මඟින් ටවර් හෝල් රඟහල පදනම ස්ථාපනය කළේ එහි සියලුම ප්‍රවර්ධන සහ සුරක්ෂණ කාර්යභාරය පදනම වෙත පවරා දෙමිනි. ටවර් රඟහල පදනම පනත ප්‍රකාරව එහි ප්‍රථම සභාපතිවරයා ලෙසින් සුවිසල් සේවාවක් සැලසීමට ද හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ට අවස්ථාව සැලසිණි.

Tower Hall Theatre

Tower Hall Theatre

ටවර් රගහළ ඉදිකර  ,2023 දෙසැම්බර් 16 වන දිනට වසර 112 ක් සපිරේ.එම ඓතිහාසික සිදුවීම පාදක කොටගෙන, සෑම වසරකම දෙසැම්බර් 16 ටවර්  හෝල් රඟහල පදනම්  දිනය ලෙසින් ,රජය මගින් ප්‍රකාශෙට පත් කළේය.  හෙන්ද්‍රික් අප්පුහාමි  සෙනවිරත්න  නම්වූ ව්‍යාපාරිකයෙක් ,1907 සැප්තැම්බර් 27 දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත් බැව් වාර්තාවේ. පර්චස් 68කින් යුත් ඒ ඉඩම හැඳින්වුණේ “මෙරෙඤ්ඤගේ වත්ත”නමිනි. එවකට බහුලව භාවිත වුණූ අශ්වකරත්තවල අශ්වයන් බැඳ  තැබීමට මෙම බිම්කඩ භාවිතා විය.ප්‍රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් ශිල්පීය  සහය ලබා ගති. රඟහලට මුල්ගල තබන අවස්ථාවට අනගාරික ධර්මපාලතුමා, ඩී. එස්. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ප්‍රකට චරිත රාශියක් පැමිණි බැව් සදහනි.

Tower Hall Theatre

Tower Hall Theatre

ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුවේ අනුරුවක් ලෙසින් රංග ශාලාව ඉදිරිපස ඔරලෝසු කණුව සැලසුම් කරනු ලැබීය.නව නෘත්‍යයාගාරයට  “ටවර් හෝල්”යන නාමයෙන් හැදින්වීමට මෙම සංකේතය මුල් විය. මේ අතර හෙන්ද්‍රික් සෙනවිරත්නගේ දියණිය විවාහකරගත් බෑණන්ඩියවූ  , නීතිඥ චාල්ස් ඩයස් ගේ මුල්ම නාට්‍යය පණ්ඩුකාභය , මෙම රංග ශාලාවේ  මුල්වරට වේදිකා ගත විය.

Tower Hall Theatre

Tower Hall Theatre

ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුව

1911 දෙසැම්බර් 06  වන දින  පැවති ,ටවර් හෝල් රඟහල විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වශයෙන් ,එවකට  කොළඹ නගරාධිපති කේ. වී. බී. මැක්ලියඩ් මහතා සහභාගීවූ බව පැවසේ. අලුත් රංග ශාලාවේ මංගල නාට්‍යය ලෙසින් වේදිකාගත   පණ්ඩුකාභය නාට්‍ය,  ටවර් හෝල් නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කිරීමට මුල්වූ නිර්මාණය ලෙසින් ද ඉතිහාස ගතය. ආරම්භයේ දී ටවර් රඟහල වෙන්කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කෙරුණු නාට්‍ය සඳහා පමණි.  පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට ද අවස්තාව සැලසිනි. මෙම යුගය හඳුන්වන්නේ ටවර් “නූර්ති” ‍යුගය නමිනි.එකල නිෂ්පාදීත නාට්‍ය ඉන්දියානු නාට්‍ය ආභාෂයට අනුගතව පැවති  බැව් නිරීක්ෂනයවේ.

එල්ෆින්ස්ටන් රඟහල, 1979 ජනවාරි 04 වන දින ටවර්හෝල් රඟහල පදනම වෙත පවරාගනු ලැබිණි.. ටවර් සහ එල්ෆින්ස්ටන් රංගශාලා, 19 වැනි සියවසේ මුල් භාගයේ බාල – තරුණ, වියපත් සියල්ලන්ගේම නොමඳ සම්භාවනාවට හා ආදරයට පාත්‍ර වූ රස නිෂ්පත්තිය කුළුගන්වන සුළු කලා කේන්ද්‍රයක් බවට පත්ව පැවතිණි. ඒ යුගයේ රූප පෙට්ටිය (රූපවාහිනිය) නිවෙස්  වෙත පියමං කර නොතිබූ බැවින්, ජනතාවගේ ඒකායන විනෝදාස්වාදනීය මාර්ගය වූයේ ඔවුන්ගේ බසින් ම සඳහන් කරන ලෙස ‘බයිස්කෝප් මඩුවයි’. ජීවිතයේ දුක් දොම්නස් මොහොතකට හෝ අමතක කර, කිසියම් රසාස්වාදයක්, වින්දනයක් ලබන්නට කලාලෝලී ජනතාව නිබඳව ම මෙම රඟහලේ රොදබැඳගෙන සිටියහ.

පැරණි ටවර්හෝල් රංග මණ්ඩපය එකළු කළ  කලාකරුවන් ඉතාම අන්ත අසරණ ජීවිකාවක නිමග්න පිරිසක් බව ප්‍රේමදාස මැතිදුන්ගේ නිරීක්ෂණයට යොමුවේ. ඉපැරණි ටවර්හෝල් රංග ධාරිනියකවූ සරලා බායි ඇඳුම් මැසීමෙන් සිය දිවි පෙවෙත සරි කර ගත්තීය. ටවර් රංග ශිල්පිනී සුසිලා ජයසිංහ තම නිවෙස කුලියට දී, ඒ ආසන්නයේ මඩුවක ජීවත්වුවාය.

ලක්ෂ්මි බායි

ලක්ෂ්මි බායි, විමලා කාන්ති, එම්. ජී. තුංගසේන, මාෂල් පෙරේරා, දේවි සකුන්තලා, ඒ. ඇසිලින් රණසිංහ, ෆ්ලෝරි දේවි වැනි,ටවර් හෝල් යුගය ඒකාලෝක කළ   තරු අන්ත අසරණ දිවියක් ගත කරන බැව්, අගමැතිදුන් වෙත වැඩිදුරටත්  වාර්තාවී තිබිණි.මේ අසරණ කලාකරුවන්ට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමෙන් පමණක් ප්‍රේමදාස මැතිදුන් සෑහීමට පත් නොවූ සෙයකි.ටවර් හෝල් ශිල්පීන්ට පිළිසරණ වීම ද , ටවර් හෝල්  රඟහල පදනම  පිහිටුවීම කෙරෙහි ප්‍රේමදාස අගමැති තුමාගේ  අවධානයට යොමුවීමට ප්‍රබල හේතුවක් වූ බැව් සැළකේ .

පහත දැක්වෙන සාධනීය පරමාර්ථයන් කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ පරම අධ්‍යාශයෙන් යුක්තවය එතුමන්  , 1978 ඔක්තෝබර් 19 දින සුවිශේෂී පනතක් මඟින්  ටවර් හෝල් රඟහල පදනම ස්ථාපිත කරන ලද්දේ.

  • දේශීය  සංස්කෘතික පසුබිමේ හර පද්ධතියේ   අගය හා විවිධත්වය සැළකිල්ලට ගෙන, ටවර් හෝල් රඟහල පදනම, කලා නිර්මාණ  ඉදිරිපත් කිරීමේ භාරකරුවන් ලෙස කටයුතු කරමින්,දේශීය සාම්ප්‍රදායික රංග කලාව පෝෂණය කිරීම..
  • ඉපැරණි කලාශිල්පීන් ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම උදෙසා කැපවීම.
  • සාම්ප්‍රදායික න්‍යායාත්මක කලා කෘතීන් පිළිබඳව ජනතා දැනුවත්භාවය ඉහළ නැංවීම.
  • ජනවාර්ගික ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරන අතරම සංස්කෘතික කලා ආකෘතීන්, අනාගත පරපුර වෙනුවෙන්  සංරක්ෂණය කර  තැබීම.

Tower Hall Theatre

මුල් කාලීන ටවර් රංග ශිල්පිනියක

මා ටවර් හෝල් රඟහල අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සේවයෙහි නිරතව සිටි 2018 වසරේදී , මගේ මැදිහත් වීමෙන් ,එම ආයතනය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර ද්වයක් පිළිබදව මෙහිදී සිහිපත් කරන්නේ නිරාමිශ සතුටක් ද භුක්ති විදිමිනි . ඒ කිමෙක්ද යත්, ටවර් හෝල් වියපත් ශිල්පීන්ගේ රුපියල් 2500 ක්වූ  මාසික දීමනාව,  2018 සැප්තැම්බර් මාසයේ සිට  ක්‍රියාත්මක වන පරිදි රු:7500  දක්වා  වැඩි කිරීමට,  එම  ආයතනය භාරව සිටි  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශේෂ අනුමැතිය ලබා දීමට කටයුතු  කිරීමය. ඔවුහු මාසික දීමනාව ලබා ගැනීමට කාර්යාලයට පැමිණෙන සෑම මසකම  අන්තයේ  ඔවුන් වෙනුවෙන් ,ඔවුනගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වීමටත්,දිවා ආහාර වේල පිරිනැමීමටත් ක්‍රියා කළෙමි.මෙමගින් වියපත් ශිල්පීන්ට තම ගීතයන් ඉදිරිපත් කිරීමට පමණක් නොව  තම සමකාලීන මිතුරන් හමුවී සතුටින් අල්ලාප සල්ලාපයේ යෙදීමට ද උදාවුයේ  කදිම අවස්ථාවකි.ඔවුහු සිය තුරුණු වියේ දී රංග ශාලාව ආශ්‍රිතව සියැසින් දුටු චමත්කාර ජනක අත්දැකීම් හුවමාරු  කර ගනිද්දී අසන්නට ලැබුණු  ප්‍රවාද කිහිපයක් ,ඔබ රසාස්වාදය පිණිස හුවා දක්වන්නට අදහස් කළෙමි.

60 දශකයේ මැද භාගයේ දිනෙක, එස්. බී. රත්නායක  නිෂ්පාදනය කළ  අමල් බිසෝ  නාට්‍යය ටවර්  රඟහලේ වේදිකා ගත විය. අමල් බිසෝ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා ය. යක්ෂයාගේ චරිතය චන්ද්‍ර ශ්‍ර‍ී රණසිංහයන්  නිරුපනය කළේය.සන්දෝරිස් ජයන්ත ගේ  බෙර වාදන තාලයට අනුගතව පා තබමින්  ඔවුහු  මැනවින් රංගනයේ  යෙදුනු අයුරු ,පැරණි ටවර් ශිල්පීන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නොතිබුණු සෙයකි.

ශේක්ස්පියර් ගේ නාට්‍යයක්  ටවර් රඟහලේ වේදිකා ගත කිරීමේ දී වූ රසවත් සිද්ධියක්, මගේ කාර්යාලයට පැමිණ සිටි පැරණි ශිල්පීන් ගෙන්  අසන්නට ලැබිණි. වියපත් ටවර් ශිල්පියෙක් තම අත්දැකීමක්  ආදී මිතුරු කැළ වෙත ඉදිරිපත් කරන්නට සිය මුව රැදී බුලත් විට ,මුඛයෙන් ඉවත් කර ,සිලි සිලි බෑගයකට ඔබා ගනු මම දිටිමි. “රෝමියෝ ජුලියට්ගේ මුහුණ සිපගන්නා අවස්ථාව දැක්වෙන විට රසිකයෝ නොසන්සුන් වූහ. මොහොතකින් වේදිකාවට කෙසෙල් ලෙල්ලක් වැටුණි. අනතුරුව සෙරෙප්පු දෙක තුනක්  වේදිකාවට පතිත වීම ඇරැඹිණ. ආදී යුගයේ සමාජ සාර ධර්ම මැනවින් සුරැකුණු අයුරු මෙම සිදුවීමෙන් ගම්‍යවේ.

දිනක් ටවර් රඟහලට පැමිණි ,රඟ හල හිමි හෙන්ද්‍රික් අප්පුහාමිට   නාට්‍යයක් නරඹනු නොහැකිව ළතැවෙන ළමයකු දක්නට ලැබුණි. නාට්‍යය නරඹන්නට ශත 10 ක් අවශ්‍ය නමුත් තමා  ළඟ ඇත්තේ ශත 5 ක් යැයි ළමයා හෙන්දිරික් අප්පුහාමිට කීවේ ය. හෙන්දිරික් අප්පුහාමි මුදලාලි වහා සිය පොකැට්ටුවෙන් සත 5 ක් රැගෙන ළමයාට දී නාට්‍යය බලන්නට ළමයාට අවස්ථාව සැළසීය.

මේ සිදුවීම බලා සිටි කෙනෙක් මුදලාලිගේ සත්ගුණවත් භාවය ගැන ස්තුති කළේ ය. මගේ සත පහ දුන්නෙ නැත්නම් ඒකා ගාව තිබූ  ශත 5 අරගන්නේ කොහොමදැයි හෙන්දිරික් සෙනෙවිරත්න මුදලාලි එවිට ඇගට නොදැනෙන ලෙස පවසා ඇත.

ටවර් රංග ශාලාවේ සොදුරු  අතීතය සිහිපත් කරවන සුළු ,තේමා ගීතයක් නිර්මාණය කරවා  ගැනීමට සුනිල් සරත් පෙරේරා ශුරීන් සහ සංගීතය සහ ගායනය සදහා ගාන්ධර්ව අමරසිරි පීරිස් යොමු කරවා ගැනීමට ද මට හැකියාව ලැබිණි.එම ටවර් රංග ශාලා තේමා ගීතය ඔබ රසාස්වාදනය පිණිස පහත පෙළ ගැස්වීමට මා සිත් යොමු විය.

Tower Hall Theatre

මුල් කාලීන ටවර් රංග ශිල්පිනියක වූ ඇනී බොතේජු

මෑතකදී ජාතික උරුම ගීතයක් ලෙසින්  ප්‍රකාශයට පත්, සිරිසගබෝ නාට්‍යයේ “ දන්නෝ බුදුන්ගේ…” නෘත්‍ය ගීතය මුලින්ම  වේදිකා ගතවන්නේ ද  ටවර් රංග මණ්ඩපයෙහිය.ජෝන් ද සිල්වා ශුරීන් රචනා කළ ,විශ්වනාත් ලව්ජි විසින් සංගීතවත් කළ මෙම රම්‍ය ගීතය , 1920 වසරේදී මුල් වරට ගායනා කරනු ලැබුවේ  හියුබට් රාජපක්ෂන් විසිනි.

දන්නෝ බුදුන්ගේ 

Tower Hall Theatre

අබලන්ව පැවති ටවර් හෝල් රගහල ප්‍රතිසංස්කරණය කර  විවෘත කළ  දිනයේදී අගමැති ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරියේ ගීතයක් ගායනා කරන අති දුර්ලභ වීඩියෝවක්

ටවර් රංග ශාලාව  නවීකරණය කිරීමෙන් පසු ඒ සඳහා පාලනාධිකාරි‍යක් ද ස්ථාපිත කරනු ලැබීය. එහි ප්‍රධානියා බවට පත් කරන ලද්දේ ඒ‍.‍ජේ. රණසිංහ මහතා ය. පසුකලෙක ඔහු රජයේ ප්‍රවෘත්ති  හා ගුවන්විදුලි කටයුතු පිළිබඳ අමාත්‍යවරයා  බවට පත් විය.

80 දශකයේදී ටවර් හෝල් රංග ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මුලින් ම වේදිකා ගතවුයේ ,පැරණි පණ්ඩුකාභය නාට්‍යය ආශ්‍රයෙන් ප්‍රති නිර්මාණිත නව පණ්ඩුකාභය නාට්‍ය සහ සටන නාට්‍යයයි. ප්‍රේමදාස මැතිදුන්ගේ ඉල්වීම මත මෙම නාට්‍ය ද්වයේම ගීත ප්‍රබන්ධය කලේ සුනිල් සරත්  පෙරේරා ශුරීන්ය. සංගීතය සෝමසිරි ඉලේසිංහ සහ සෝමදාස ඇල්විටිගල සංගීතඥයින් දෙපළ විසිනි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

ටවර් හෝල් රංග මණ්ඩපයෙන් බිහිවූ පැරණි නෘත්‍ය ගීත කිහිපයක්, පහත යොමු වෙත  පිවිසීමෙන් ඔබට රස විදීමට අවකාශය සැළසේ –

අහෝ බෝ දොස් කියා 

මගේ මන්ද්‍රි නම් බිසෝගේ

ඉයුජින් නාඩගම
TAGGED:ටවර් හෝල් රඟහල
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article A beautiful writeup from Sudha Murthy
Next Article AVIATION AVIATION CENTENARY SRI LANKA
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Arcare Aged Care
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Easy banter led to love

Love Story: Easy banter led to love. Friendship sustains it- By Vyshnavee Wijekumar

Sri Lanka’s New Tax Policy Unit and the Budget-by Suresh R.I Perera

Digital VAT in Sri Lanka-eLanka

Digital VAT in Sri Lanka: Why platform liability and reverse charge are essential to avoid costing households and Treasury-by Suresh R.I Perera

Sri Lanka Navy, Piyumi Kathriarachchi, Sri Lankan Navy officer, US Naval Postgraduate School, 3.98 GPA, Sword of Honour, Sri Lankan women achievers, Sri Lanka news, military education, naval logistics management, spare parts procurement, IMET programme, American Center Colombo, Sri Lankan achievements, eLanka

Sri Lanka Navy Officer Piyumi Kathriarachchi Earns Near-Perfect GPA at the US Naval Postgraduate School

WSIA is Liverpool’s global opportunity

Related News
Articles Dr Harold Gunatillake

Conserving and Caring for Wild Elephants-by Harold Gunatillake

Celebrating Two Pillars of Sydney’s Sri Lankan Community
Articles Dr Harold Gunatillake

Celebrating Two Pillars of Sydney’s Sri Lankan Community-by Harold Gunatillake

Articles

INTAKE 16 – 45 YEARS OF DUTY & HONOUR-by Nilakshan Perera

Articles

TBWA\Sri Lanka Earns International Recognition at the Dragons of Asia Awards in Kuala Lumpur

Sri Lankan Dance Academy of Sydney
Articles

Sri Lankan Dance Academy of Sydney Performs at the Opening of Western Sydney International Airport

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.