නීති රෙගුලාසි අතික්‍රමණය කළ , ශ්‍රී ලංකාවේ ඉකුත් රාජ්‍ය නායක පිළිවෙත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
“සර් කිවූ ලෝ” (Circular – “සර්කියුලර්” )
Image Source : clker
තමන් විසින් වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන , රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන අමනෝඥ ප්‍රතිපත්තියක්, ශ්‍රීලංකාවේ ඉකුත් රජයන් මගින් ක්‍රියාත්මක කරනු ලැබිණි. එම අහිතකර ප්‍රවණතාව , පසු ගිය පාලන සමයේ මාධ්‍ය ඔස්සේ අපට නිරන්තරයෙන් කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබිණි. දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා, නව රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි මසිත් පෙළෙඹිණි.
Image Source : cleanpng
Source : flexiconsultancy
ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි සිතමි.
එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින් ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි.
“සර් ඔබ තුමා ගිය වතාවේ නිලධාරීන්ට නියෝග කලාට තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දීල නෑ. කෑලේ සුද්ද කරන්ඩ ගිය වෙලාවේ වන ජීවී මහත්තුරු අපි අල්ලලා නඩු දැම්ම .” ගැමියා ජනාධිපති ඉදිරියේ ප්‍රාදේශීය ලේකම්වරයාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Image Source : hirunews
ජනාධිපති ගෝඨාභය, ප්‍රාදේශීය ලේකම් ගෙන් මෙසේ විමසයි. ” ඇයි මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට බලපත්‍ර නොදෙන්නේ?”
සර්, ඒ සඳහා ඉහළින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන සර්කියුලර් එකක් (චක්‍රලේඛයක්) මගින් එවනවා නම්, මට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.” යැයි ප්‍රාදේශීය ලේකම් නිවැරැදි ක්‍රමය පැහැදිලි කරයි.
ජනාධිපති ගෝඨාභය ප්‍රකෝපයට පත්ව මෙසේ කියයි.
“මේ කියන්නේ රටේ ජනාධිපති. ආයි මොන සර්කියුලර්ද ඉල්ලන්නේ ? ලියා ගන්නවා. ඒක තමයි සර්කියුලර් එක. රටේ නීතිය වෙන්නේ ජනාධිපති කියන ඒකයි.” ( සර් කියූ ලෝ හෙවත් සර්කියූලර් – Circular ? )
හල්දු
ඉඩම් නීති , පරිපාලන නීති , මුදල් නීති, අපරාධ හා සිවිල් නීති, භාෂා ඇතුළු විවිධ විෂය කරුණු වලට අමතරව ක්ෂේත්‍ර පුහුණුව ලබා,ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් ( SLIDA ) ක්ෂේත්‍රයේ සේවය සඳහා පිවිසෙන පරිපාලන හා සමාන්තර සේවයේ නිලධාරීන්ට තාවකාලිකව බලයට එන දේශපාලකයන් කරන බලපෑම් කෙතරම් අනීතිකද? ඒවා ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පරම අයිතියක් පවත්නා බව ඔවුන් අවබෝධ කරගත යුතුය.
Image Source : Travelling Nuwara Eliya Facebook
Image Source : virakesari
සජීවී වීඩියෝ පටය.
හිටපු ශ්‍රීලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නුවරඑළියේදී එවැනි තර්ජනයක් කළ අයුරු , 2023 නොවැම්බර් මුල් සතියේ වාර්තා විය.
නුවර එළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා තැපැල් පතිට නියෝග කොට තිබිණි . එහෙත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව එම රැස්වීමේදී අනාවරණය විය.
එස්.ආර්.ඩබ්.එම් .ආර් .පී.සත්කුමාර. තැපැල්පති.
Image Source : slpost
“ජනාධිපති දෙන නියෝග පිළිපදින්න බැරි නම් වෙනත් තැනකට යන්න වෙයි.” රනිල් වික්‍රමසිංහ ජනාධිපති තැපැල්පති ට කියයි.
මම ජනාධිපති. ඒක ජනාධිපති නියෝගයක්. හ්ම්… දැන් යන්න කලින් ඒක භාර දෙන්න.” ජනාධිපති නියෝග කරයි.
මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් දෙයි. ජනාධිපතිගේ බලාපොරොත්තුව සපල වෙයි.
නුවර එළියේ මෙම ගොඩනැගිල්ල පමණක් නොව ජනාධිපති මන්දිරය ඇතුළුව තවත් විශාල දේපළ සංඛ්‍යාවක් යටත් විජිත යුගයේ ගොඩ නැගූ ඒවාය. ඒවා බොහෝමයක් පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි වන අතර ඒවා සඳහා බලපැවත්වෙන නීති අනුව ජනාධිපති නොව වෙනත් කිසිවෙකුට වුවත් සිතැඟි සේ පරිහරණය කල නොහැක. එසේ අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කොට රාජ්‍ය නිළධාරීන්ට බලය පැවරිය යුතුය. එසේ නොමැතිව , මුවට ආ පලියට ජනයා සහ මාධ්‍ය ඉදිරියේ නිලධාරීන්ට බලපෑම් කිරීමට යෑමෙන්
ලාභ ප්‍රසිද්ධියක් (Cheap Popularity) ) ලැබුණද යමක් කමක් තේරෙන ජනයා ඉදිරියේ පාලකයන් තව තවත් ගරහෙඑඅත ලක් වනු නියතය.
Image Source : travellersroutes
එංගලන්තයෙන් අප ලද වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම නුවරඑලිය ගුරු පැහැ තැපැල් කාර්යාලය දැක බලා ගැනීමට විදේශිකයෝ ඉමහත් ආශාවක් දක්වති.1894 දී ඉදිකරන ලද,නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි මෙම රතු ගඩොල් ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් විසින් ඔවුනගේ ටියුඩර් ශෛලියට අනුව ඉදිකරන ලද අතර එය ඔරලෝසු කණුවක් සහිත දෙමහල් ගොඩනැගිල්ලකි.
Image Source : facebook
Image Source : trip
Image Source : dailymirror
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 නොවැම්බර් 04 දින පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ,තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගැනීමට එරෙහිවූ තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජිතයින් විරෝධතා දක්වමින්.
මේ අතර නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටල් ව්‍යාපෘතියක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට පැවරීමට රජය තීරණය කර ඇති බව හිටපු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනය කර තිබිණි.
දේශපාලඥයෙක් විසින් සිදුකරගෙන යමින් තිබූ, අම්බුළුවාවේ වන සංහාරය සහ එහි ගොඩනැගිලි ආදායම් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම නතර කිරීමට මැදිහත්වූ ප්‍රාදේශීය ලේකම්වරිය අනීතික අන්දමින් ස්ථාන මාරු කිරීමේ සිද්ධියද මෙහිදී ගෙනහැර දැක්විය හැකිය.
හිටපු අමාත්‍යවරයෙක් සිදු කළ අම්බුළුවාවේ වන සංහාරය
අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍ය ලෙස රාජකාරි කළ කාලයේ, රජයේ වියදමින් අම්බුලුවාවේ ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය කුලියට දීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායම, අනීතික ලෙස තම නමින් වූ භාරයට බැර කර ගැනීම වසර ගණනාවක් සිට සිදුවෙමින් පැවැතිණි. ඊට එරෙහිව, නීතිය ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වූ,උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මිය , රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතියකින් තොරව, වහා ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන සංචිතයට මාරු කරනු ලැබීය. මෙහිදී දේශපාලනඥයින් පමණක් නොව එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට මැදිහත්වූ බව පැවසේ.මෙම අවස්ථාවේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති සහ ,එහි සාමාජිකයෙක් වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා ද ,අභීතව සිය රාජකාරිය ඉටුකිරීම නිසා,ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුව අවලංගු විය.
අම්බුළුවාවේ වන සංහාරය නතර කිරීමට මැදිහත්වූ ,ප්‍රාදේශීය ලේකම්වරිය අනීතික අන්දමින් ස්ථාන මාරු කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම
ශ්‍රීලංකා රාජ්‍ය නායකයින්ගේ මේවන් අමනෝඥ නියෝග නිකුත් කිරීමේ පිළිවෙත වෙනස් කරවීමට යෝග්‍ය කාල පරිච්චේදයක් මේ වන විට අප හමුවේ එළඹ ඇත. නුවරඑළිය තැපැල් කාර්යාලය ,යළි තැපැල් දෙපාර්තුමේන්තුවට පැවරීමට වත්මන් ජනාධිපති තුමා පියවර ගෙන තිබීම,එතුමන් දේශපාලනික භේදයකින් තොරව , සමස්ත ජනතාවගේ බුහුමනට බඳුන් වීමට හේතුවේ.
Image Source : srilankacourse
පාර්ලිමේන්තු මහා මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රීලංකා වාසීන් අපේක්ෂාවන් දල්වා ගෙන සිටින කාල වකවානුවකට අප එළඹ සිටිමු. පවත්නා නීති රෙගුලාසිවලට අනුගත වීමේ අවශ්‍යතාව අවබෝධ කරදීම උදෙසා, ශ්‍රීලංකා පරිපාලන සේවය ප්‍රමුඛ සියලුම රාජ්‍ය සේවාවන්හී නිලධාරීන් ඒකාබද්ධව ,රාජ්‍ය නායකයින් සහ සියලු පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ යෝධ ප්‍රයත්නයක යෙදීම කෙරෙහි උත්සුක විය යුතුය.
මෙහිදී රාජ්‍ය නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛනයන්හී ප්‍රායෝගික වැදගත්කම පිලිබදව සමාලෝචනයක් කිරීම කෙරෙහි ද මගේ අවධානය යොමුවූයේ නිතැතිණි.
රජයේ චක්‍රලේඛනයන්හී කාර්යභාරය සහ ඒවා පිළිපැදීමේදී නිලධාරීන්ගේ වගකීම
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරීත්වය සඳහා රජයේ චක්‍රලේඛ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඒවා රාජ්‍ය නිලධාරීන්ට, සේවකයින්ට සහ අදාළ පාර්ශවකරුවන්ට වැදගත් තොරතුරු, උපදෙස්, ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ලබා දෙන නිල ලේඛනයන්ය. මෙම චක්‍රලේඛ ස්ථාවරත්වය සහ ඵලදායී පාලනයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය මගින් රජයේ චක්‍රලේඛ නිකුත් කිරීම පසුබිමේ පවත්නා හේතු සාධක ගවේෂණය කරමින් , ඒවා පිළිපැදීමේදී නිලධාරීන්ගේත් , විශේෂයෙන් දේශපාලනඥයන්ගේ සදාචාරාත්මක හා නීතිමය බැඳීම් සාකච්ඡා කිරීමට අදහස් කළෙමි
රජයේ චක්‍රලේඛවල අරමුණ
සන්නිවේදනය: රජයේ චක්‍රලේඛ යනු රජයේ විවිධ මට්ටම් සහ ශාඛා අතර සන්නිවේදන මාධ්‍යයකි. සියලුම රජයේ ආයතන නවතම වර්ධනයන් පිළිබඳව දැනුවත් බව සහතික කිරීම සඳහා නව නීති, රෙගුලාසි, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි වෙනස්කම් වැනි වැදගත් තොරතුරු ලබා දීමට ඒවා භාවිතා කෙරේ.
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම: රජයේ ප්‍රතිපත්ති ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ චක්‍රලේඛ මගින් සපයයි. රාජ්‍ය නිලධාරීන් අනුගමනය කළ යුතු සංයුක්ත ක්‍රියා සහ ක්‍රියා පටිපාටි පිළිබඳව චක්‍රලේඛ කදිම මගපෙන්වීමක් ලබාදෙයි.
ප්‍රමිතිකරණය: විවිධ රජයේ දෙපාර්තමේන්තු හරහා ක්‍රියා පටිපාටි සහ භාවිතයන් ප්‍රමිතිකරණය කිරීමේදී චක්‍රලේඛ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙමගින් රාජ්‍ය ආයතන අඛණ්ඩව සහ ඒකාකාරව ක්‍රියාත්මක වන බව සහතික කරන අතර, නොගැලපීම් සහ දෝෂ ඇතිවීමේ අවදානම අඩු කරයි.
වගවීම: වගවීම තහවුරු කිරීමටද චක්‍රලේඛ උපකාරී වේ. නිල උපදෙස් සහ මාර්ගෝපදේශ ලේඛනගත කිරීමෙන්, ඒවා රජයේ නිලධාරීන් සඳහා අපේක්ෂාවන් සහ වගකීම් පිළිබඳ පැහැදිලි වාර්තාවක් නිර්මාණය කරයි,එය ඔවුන්ගේ කාර්ය සාධනය තක්සේරු කිරීම සහ ස්ථාපිත නීතිවලට අනුකූල වීම පහසු කරයි.
නිලධාරීන්ගේ සහ විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ වගකීම-
හේතු කිහිපයක් නිසා රජයේ චක්‍රලේඛවලට අවනත වීමට දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන්ට සදාචාරාත්මක සහ නෛතික බැඳීමක් පවතී.
නීතියේ ආධිපත්‍යය: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය මූලික මූලධර්මයකි. රජයේ චක්‍රලේඛ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් හරහා ස්ථාපිත නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිළිබිඹු කරයි. ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් ලෙස දේශපාලනඥයන්ට මෙම නීති සහ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශේෂ වගකීමක් තිබේ.
මහජන විශ්වාසය: මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා රජයේ චක්‍රලේඛ පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. දේශපාලනඥයන් ජනතා සේවකයන් වන අතර ඔවුන් ආදර්ශමත් විය යුතුය. නිල මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ඔවුන්ගේ නායකත්වය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකිය.
කාර්යක්ෂම පාලනය: පහත දැක්වෙන රජයේ චක්‍රලේඛ කාර්යක්ෂම පාලනයක් සහතික කරයි. දේශපාලඥයන් ඇතුළු නිලධාරීන් ස්ථාපිත ක්‍රියාපටිපාටි හා ප්‍රතිපත්තිවලට අනුකූල නොවන විට එය ව්‍යාකූලත්වයට, අකාර්යක්ෂමතාවට සහ රාජ්‍ය සම්පත් අවභාවිතයට හේතු විය හැකිය.
වගවීම: රජයේ චක්‍රලේඛ බොහෝ විට නිලධාරීන්ගේ වගකීම් ගෙනහැර දක්වයි. මෙම චක්‍රලේඛවලට අනුකූල නොවීම නීතිමය ප්‍රතිවිපාක හෝ විනය ක්‍රියාමාර්ගවලට හේතු විය හැකි බැවින්, වගවීම සහතික කිරීමට උපකාරී වේ.
සමානාත්මතාවය සහ සාධාරණත්වය: රජයේ චක්‍රලේඛ පුරවැසියන්ට සැලකීමේදී සමානාත්මතාවය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරයි. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන්, නිලධාරීන්, විශේෂයෙන් දේශපාලනඥයන්, නීතිය යටතේ සියලු පුද්ගලයන්ට සමානව සලකන බව සහතික කිරීමට උපකාරී වේ.
රජයේ චක්‍රලේඛ යනු ප්‍රජාතන්ත්‍රවාදී රජයක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය මෙවලම් වේ. ඔවුන් සන්නිවේදනය, ප්‍රමිතිකරණය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වගවීම සඳහා පහසුකම් සපයයි. දේශපාලනඥයන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට මෙම චක්‍රලේඛ පිළිපැදීමට සදාචාරාත්මක සහ නෛතික බැඳීමක් ඇත. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කරයි, මහජන විශ්වාසය ගොඩ නැංවේ , කාර්යක්ෂම පාලනයක් සහතික කරයි, සමානාත්මතාවය සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරයි. මහජනතාවට තම යුතුකම් ඉටු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල අඛණ්ඩතාව පවත්වා ගැනීම පිණිස රජයේ චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කිරීමේ වගකීම නිලධාරීන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
Image Source : sinhala.news.
රාජ්‍ය නායකයින්, පවත්නා නීති රීති ඉක්මවා ගොස්,රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කර තම තීරණ අන්තනෝමතිකව ඉටුකර ගැනීමට උත්සුක වීමේ ප්‍රවණතාවක් මතු උද්ගත නොවනු දැකීම මුළු මහත් ජාතියේ පරම අධ්‍යාශයයි.
ආචාර්ය ගාමිණී කාරියවසම්.