News & Community eLanka

eLanka

Saturday, 20 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 12, 2025 5:11 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE
Views: 26

විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

    

Contents
  • විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
  • කංසා අපනයනයට වත්මන් රජයෙන් තීරණයක් –

Dr.Gamini Kariyawasam.

 

“ත්‍රෛලෝක විජය පත්‍ර”    

කංසා අපනයනයට වත්මන් රජයෙන් තීරණයක් –

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් මේ වන විට අනුමැතිය ලබාදී ඇත. ඉකුත් අගෝස්තු 12 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්   එම පුවත,ප්‍රථම වරට අනාවරණය කරනු ලැබීය. 

ආයුර්වේද දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එකතුව අයෝජන කලාපවල පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද,එතුමා විසින් සඳහන් කරන්නට යෙදිණි. 

මීරිගම සහ හම්බන්තොට ප්‍රදේශවල මෙම වගාව සඳහා ඉඩම් වෙන්කර ඇත. මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක් පමණ වෙන්කර තිබේ. මෙම වගාවන් සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. ඒ අනුව වගාබිම් වටා ශක්තිමත් ආරක්ෂිත වැටක්ඉදිකිරීමට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාගැනීම ද අනිවාර්යවේ.

කංසා  නොහොත් ගංජා යන වදන සවන් වැකුණු සැනින්,සමාජ ස්ථරයෙහි කිසියම් තැති ගැන්මක් ඇති වන්නේ නිරායාසයෙනි.ඒ, වැරදි අවබෝධයක් කාලාන්තරයක් තිස්සේ සමාජගත වී ඇති නිසාවෙනි. කංසා පැළෑටියෙහි ගුණාත්මක ස්වභාවය සහ එහි ආර්ථික වටිනාකම පිළිබඳව, සමාජය දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන්,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමු විය.

මෙම ලිපියෙන්,කංසා ශාඛයේ ඓතිහාසික පසුබිම, ඖෂධ නිෂ්පාදනය සඳහා  ජාත්‍යන්තරයේ  ඊට ඇති පුළුල් ඉල්ලුම සහ එය මෙරට  සමාජ උවදුරක්නොවන  පරිද්දෙන් වගා කිරීමේ හැකියාව විමසුමට බඳුන් කෙරේ .

විදේශණය ලබා ගැනීම කෙරෙහිම පමණක් විශ්වාශය නොතබා,ආර්ථික අර්භූදයෙන්  මිදීම පිණිස,අපනයනයෙන්  විදේශ විනිමය ඉපයිය හැකි නවකෘෂිකාර්මික සහ වෙනත් නවෝත්පාදක දේශීය නිෂ්පාදන ආරම්භ කිරීමෙහිලා  රජයේ සැළකිල්ල යොමුව පවතින සෙයක්  දිසේ.ඒ අතර මෙරට දේශගුණික තත්වයන් යටත අධික පිරිවැයකින් තොරව පහසුවෙන් වගා කළ හැකි කංසා අපනයනය කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර තිබීම තිශයින්ම වැදගති.

ආශ්චර්යමත් කංසා  පැළෑටිය.                                                

“ත්‍රෛලෝක විජය පත්‍ර,ත්‍රෛලෝක්‍ය විජයා, ආනන්ද ගන්ජාකිනි, විදල්හාද, චපල, චරාස්, මාදිනි, වීරපත්‍ර, විජ්පත්‍ර, ආදී නම් රාශියක් ම ඈත පුරාණයේ සිට  කංසාවලට භාවිතවූ බැව් සංස්කෘත.සාහිත්‍යය ග්‍රන්ථයන්හී සදහනි.”සිත,කය,වචනය” යන  තුන් දොර එක් තැන් කෙරෙන, සමෝදානයට පත්  කෙරෙන , යන අරුත “ත්‍රෛලෝක විජයපත්‍ර” යන්නෙන් ගම්‍යවේ.

පැරණි දේශීය වෛද්‍ය පුස්කොළ පොත් ඖෂධ වට්ටෝරු වල  “කංසා” යනුවෙන්  නම් කෙරෙන  මෙම ප්‍රබල ඖෂධීය පැලෑටිය ,ආසියාතික රටවල  ගංජා ලෙසත් බටහිර රටවල දී මරිජුවානා ලෙසත් හැදින්වේ.වනේ සරණ ගජිදෙකුට සම ශක්තියක් මෙම පැළෑටියේ  නියමිත මාත්‍රාව ගැනීමෙන්  මිනිස් සිරුරට ලබා දෙන බව පැරැන්නන් තදින්  විශ්වාස කළහ. ගංජා පැළෑටිය දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නීය.’හිමාලය ආශ්‍රිත කාෂ්මීරයේ සිට දකුණු කසකස්ථානය’ දක්වා ද, චීනයේ අල්තායි කඳුකරය ආශ්‍රිත  ගංඟා නිම්නයේ  විශාල පෙදෙසක ද  කංසා ව්‍යාප්තව පැවති  බැව් පුරාවිද්‍යා කැණීම් මඟින් සනාථ වී ඇත. ‘කාබන් 14’ පරික්ෂණ මගින්, මෙම ශාඛයෙහි ප්‍රභවය  “අවුරුදු මිලියන 37 ක අතීතය දක්වා දිවෙන බැව් අනාවරණය වේ.  

මෙම ඔසු පැළෑටිය   සශ්‍රීකව වැඩෙන  දේශයන් අතරෙන් ශ්‍රීලංකාවට ප්‍රමුඛත්වයක් හිමිවේ. පාරම්පරික’හෙළ වෙද ශාස්ත්‍රයෙහි  ඖෂධ වට්ටෝරූ දහසකට  වැඩි ප්‍රමාණයක ප්‍රධානම ඖෂධය ලෙසින් කංසා ශාක කොටස් නිර්දේශ කෙරේ.

කංසා වගා කළ හේනක්

                                                                      Image Source : therealseedcompany.com                                                           .

දුර අතීතයේ   දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයෙහි   සුප්‍රකට වෛද්‍යවරයකු ලෙස සැළකෙන,   මීට වසර 4400 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජීවත්වූ පුලස්ති ඍෂිවරයා (රාවණ රජතුමගේ මුත්තනුවන් )   විසින්  සකසන ලද  ඖෂධ වට්ටෝරු සැලකියයුතු සංඛ්‍යාවක කංසා පැළෑටිය ප්‍රබල ඖෂධයක් ලෙසින් පෙළ ගස්වා තිබිණි. ක්‍රි.පූර්ව 2554 ජීවත්වූ , රාවණ  අධිරාජයා විසින් රචිත    අර්කප්‍රකාශය, නාඩිවිඤ්ඤාණය, කුමාරතන්ත්‍රය සහ උදිශතන්ත්‍රය යන ඉපැරණි චතුර්  වෛද්‍ය ග්‍රන්ථයන් හි කංසා ශාඛයෙහි යෝගකාරක ගුණය මතු කර දක්වා තිබු බැව්   රාමායනය සනාථ  කරයි. ඍග් වේදයේ සදහන්  විශ්මිත ශාඛා පංචකයට කංසා පැලෑටිය ඇතුළති. බුද්ධදාස රජු ( ක්‍රි. ව. 341 – 370- )   විසින් සංග්‍රහ කළ වෛද්‍ය ග්‍රන්ථයක්වූ . සාරාර්ථ සංග්‍රහයේ කංසා ශාඛයේ  ඖෂධීය වටිනාකම් මැනවින්  විස්තර කෙරේ. යෝගාර්ණවය සහ ප්‍රයගෝරත්නාවලිය ( ක්‍රි.ව.1232 )වැනි ඉපැරණි සම්භාවනීය දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් හි ද කංසා  පැළෑටියේ ඖෂධීය ගුණය සවිස්තරව සදහනි.

කංසා  අයත් වන්නේ Cannabaceae කුලයට අයත් Cannabis sativa නමින් හැඳින්වෙන ශාක සමූහයකටය.කංසා .ශාකය සෞම්‍ය සහ නිවර්තන දේශගුණික කලාපවල වර්ධනය වේ.කංසා නිසැකවම බහුකාර්ය ශාකයකි. ශාඛය මුදුනේ සිට මුල දක්වා විවිධ කොටස්හි , කැනබිනොයිඩ් ලෙස හඳුන්වන {Tetrahydrocannabinol (THC) සහ Cannabidiol (CBD)} යන මනෝ ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය සංයෝග දෙකක් අඩංගු වේ. මෙම සංඝටකය ඔබේ මොළයේ සතුටට ප්‍රතිචාර දක්වන කොටස උත්තේජනය කරවයි. එමගින් කංසා  ගන්නා පුද්ගලයින්ගේ මනස  කිසියම්  සැහැල්ලු ,සතුටකින්  සහ වින්දනීය ආස්වාදයකින්  සන්තර්පණය කෙරේ.

 කංසා  කොටස්  දවා දුම් පානය කිරීමෙන් හෝ ආශ්වාස කිරීමෙන් පසුව  මානව  මනෝ ක්‍රියාකාරීතත්වයේ උද්දීපන ස්වරුපයක් මතු කෙරේ. 

කංසා සයිටොකයින් ප්‍රතිචාර වැඩි කරන ප්‍රබල ප්‍රතිශක්තිකරණ කාරකයකි.   දේශීය හා    ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පිළිකා සුවපත් කිරීම , “ඇල්ෂයිමර්” නමින් හැඳින්වෙන මොළයේ සෛල විනාශ වීම  පාලනය,    චර්ම රෝග,බඩේ අජීර්ණ සුවකිරීම, සමේ පැහැපත් බව, හිසකෙස්‌ වර්ධනය, සම රැලිවැටීම පාලනය සඳහා මෙන්ම   විෂබීජ නාශකයක්‌ ලෙස ද කංසා  මුලිඛ ඔසුවක් ලෙසින්  භාවිතයට, යොදාගනු ලැබේ.ලිංගික ජව  ශක්‌තිය වර්ධනය කිරීම මෙන්ම කායික ශක්‌තිය වර්ධනය  කෙරන ප්‍රති ඔක්‌සිකාරක ඖෂධයක්‌ ලෙසද සලකා ,කංසා භාවිතය කෙරෙහි සමාජයේ ඇතැම්  පිරිස් යොමුව සිටිති..                                                       

පෙර දවස ග්‍රාමීය ගොවි ජනතාවට  , දවස මුළුලේ   ගොවිතැනෙහි නිරතව ලද විඩාව සංසිදුවා ගැනීම පිණිස ,කංසා පැළෑටිය අපුර්ව උත්තේජනයක් ලබා දීමට සමත් විය. සන්ධ්‍යා භාගයේ ඇලෙන් දොලෙන් නා ගම ගෙදරට  ගොඩවන ගොවියා ,සිය අසල්වාසී පිරිස් හා  එක්ව එළිමහනේ   පොඩි ගිනි මැලයක්  දල්වා ගැනීම ඔවුන්ගේ දෛනික චර්යාවේ අනිවාර්ය අංගයක් විය. අනතුරුව ඔවුහු ,අමු කංසා පැළ ඒ ගිනි මැලයට දමා,ඒ   වටා රැදී ,  කංසා දුම ආඝ්‍රහණයෙන් අපුර්ව වින්දනයක් ලැබුහ.ඒ අතර, මද විරාමයකින්  ගෙවිලිය විසින් කංසා යොදා  සැරට සකසා ගිනි මැලය අසලට ගෙනෙන ලද  දඩ මස් හොද්ද සමග කුරහන් රොටි යහමින් අනුභව කරමින් ඔව්හු මහත්සේ    ප්‍රමුදිත වුහ.

මෙපරිද්දෙන් ජනතාව කංසා භාවිතයෙන් ලද වින්දනය මෙන්ම   ඔසුවක් ලෙසින් යොදා ගැනීමේ නිදහස අහෝසි වන්නේ 1935 වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත මගින් ගංජා භාවිතය  අපරාධයක් බව ප්‍රකාශයට පත් කිරීමත් සමගය. 

1867දී බ්‍රිතාන්‍ය අධිරාජිනියගේ  නියමෙන් ලංකාව තුළ ‘කංසා’ භාවිතය තහනම් කිරීමට හේතු සාධක ගණනාවක් අනියම් ලෙසින්  බලපෑ බව විශ්වාස කෙරේ. උතුවන් කන්දේ සරදියෙල් මෙන්ම,බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් වැදුණු සිංහල  සේනාවන්ගේ අයෝමය ශක්තිය බ්‍රිතාන්‍යයන්ගේ මවිතයට හේතු  විය.

උතුවන් කන්දේ සරදියෙල්

Image Source : wikipedia

සිංහලයින්  දිගු කාලයක් වන දුර්ග, ගිරි දුර්ගයන්හි රැදී සටන් මෙහෙයවුව ද ,ඔවුන් ලෙහෙසියෙන් දුර්මුඛ නොවීමට   ,ලෙඩ දුක් වලට ගොදුරු නොවීමට හේතු සාධක සොයන්නට ඔවුහු පෙළඹුණහ. පහසුවෙන් ලෙඩ රෝග වැළදීම වලකන සුළු ප්‍රති ශක්තියකින් හෙබි කංසා භාවිතය සිංහලයින්ගේ  දරා ගැනීමේ ශක්තිය තීව්ර වීමට හේතුවක්වූ   බව, ඔත්තු කරුවන් බ්‍රිතාන්‍ය පාලන අධිකාරියට වාර්තා කළහ. ලංකාව තුළ ඉංග්‍රීසීන්ගේ ඖෂධ වෙලදාම ඉතාම පහල මට්ටමක පැවතීම ද,  සිංහලයින්ගේ කංසා භාවිතය තහනමට  ඉංග්‍රීසීන් පොලඹවන සුළු  සාධකයක් වූවා  සේ සැළකේ . ඊට  අමතරව බ්‍රිතාන්‍යයින් ලකාවට හදුන්වා දීමට සැලසුම් කළ දුම්කොළ වගාව පසු බැසීමට ද කංසා වගාව හා භාවිතය හේතු වන බව ඔවුහු පාලන අධිකාරියට දැනුම් දුන්හ.එමෙන්ම,බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම් ද,කංසා ආශ්‍රිතව නිෂ්පාදන කරන දේශීය ඔසු  ,තම නිෂ්පාදනයන් අභිබවා යාමට පවත්නා අභියෝගයද කංසා තහනමට මුල් වී ඇති බවට පොදු මතයක්  පවතී.”ලංකාව තුළ කංසා වගා කිරීම,ළග තබා ගැනීම,භාවිතා කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්” වන බවට දැඩි නීතියක් පැනවෙන්නේ මෙවන් පසුබිමක් යටතෙහිය

පසු කාලයේ , ආයුර්වේද පනත (1962 අංක 5 දරන පනත මගින් සංශෝධිත 1961 අංක 31 දරන පනත) මගින්  ආයුර්වේද වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඖෂධීය නිෂ්පාදන සඳහා කංසා  ලබා ගැනීමට අවකාශය සලසා දෙනු ලැබිණි.

මෑතක දී අන්තර් ජාතික වශයෙන්  මෙහෙයවන ලද රසායනාගාර   පර්යේෂණ මගින් කංසා ශාඛයේ  ඖෂධීය වටිනාකම නිසැක ලෙසින් තහවුරු කර ඇත. කංසා මානසික උත්තේජනය සදහා නියමිත මාත්‍රාවකට අනුව භාවිතා කරන්නේ නම්     මත්පැන් සහ දුම්කොළවලට සාපේක්ෂව එමගින්  මිනිස්සිරුරට බලපෑ  හැකි  අහිතකර භාවය අල්ප බවද ,රසායනාගාර   පර්යේෂණයන් ගෙන් අනාවරණය වන බැව් වෛද්‍ය පර්යේෂකයින් පෙන්වා දී ඇත.

කංසා සම්භාවිතය නීතිගත කළ රාජ්‍යයෙන්– 

කංසා මානසික වින්දනය සදහා භාවිතය 2013 දී  නීති ගත කළ  පළමු රට ලෙස සැළකෙන්නේ  උරුගුවේ  රාජ්‍යයයි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 35 ක් ඖෂධීය අරමුණු සඳහා ගංජා භාවිතය නීතිගත කර ඇත. කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල 2014  මරිජුවානා (කංසා ) නීතිගත කිරීම පිළිබදව ප්‍රකාශයක් කළ ,එවකට හිටපු ජනධිපති බැරක් ඔබාමා සදහන් කළේ ,ගංජා දුම්පානය මත්පැන් වලට වඩා හානි දායක  නොවන බවත්,ස්වභාවික ශාඛ ආශ්‍රිත .මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල කිරීම බොහෝ සමාජයීය  අසහනය,  ගැටලු විසඳිය හැකි ක්‍රමවේදයක් බව විශේෂඥ වෛද්‍ය පර්යේෂකයින් මෙන්ම  සමාජ විද්‍යාඥයින් ද  තමන් වෙත  වාර්තා කර ඇති බවය.

කැලිෆෝර්නියාවේ කංසා වගාවේ බහුල වශයෙන් නිරතව සිටින්නේ එරට කතෝලික කන්‍යා සොහොයුරියන්ය.

Image Source : instagram.com

Image Source : allthatsinteresting.com

ඇමෙරික එක්සත් ජනපදයේ නයගරා සරසවියෙහි කංසා වගාව සහ ඒ ආශ්‍රිත ව සිදු කෙරෙන වාණිජ නිෂ්පාදන පිලිබදව අධ්‍යයනය සහ පර්යේෂණ  සදහා වෙනම විද්‍යා පීඨයක් ස්ථාපිත කර ඇත.

කිසි විටෙකත් කංසා තහනම් නොකළ චීනය ලොව විශාලතම කංසා නිෂ්පාදකයා වන අතර ගෝලීය අමු කාර්මික කංසා වෙළඳපොල ඉදිරි වසර පහ තුළ 300% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ඇතුළුව ලොව පුරා රටවල් 70 කට අධික ප්‍රමාණයක් අමු කාර්මික කංසා නිෂ්පාදනය තුළින් වාර්ෂිකව  ඩොලර් බිලියන ගනනක් උපයා  ගැනීමට සමත්ව ඇති බව වාර්තාවේ.

ශ්‍රීලංකාව  වර්තමානයේ මුහුණ දෙන  විදේශ විනිමය අවපාතගැටළුව  මෙන්,    පාකිස්තානයට ද මින්  වසර කිහිපයකට ඉහත ,උග්‍ර  විදේශ විනිමය හිගයකට මුහුණ දෙන්නට සිදු විය  2020 සැප්තැම්බර් 01 වන දින   එරට අපනයන භෝගයක් ලෙස කංසා  වගා කිරීමට නිත්‍යානුකුල අවසරය ලබා දෙන ලද්දේ . විනිමය හිගය පිටුදැකීමේ අභිලාෂයෙනි. දැන් ප්‍රවණතා

What makes a relationship / marriage wo

ශ්‍රීලංකාවේ ආර්ථික අවපාතය පිටු දැකීම සදහා ,  ලොව වේගයෙන්ම වර්ධනය වන ගෝලීය කංසා  වෙළදපලට යෝග්‍ය අයුරින් කංසා වගාව ආරම්භ කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුවීම වැදගති. මෙහිදී .ඖෂධීය කංසා කර්මාන්තය සමෘද්ධිමත් කිරීම සඳහා රජයේ  නිවැරදි මඟ පෙන්වීම, ප්‍රතිපත්ති සහ ක්‍රමවත්  නියාමන රාමුවක් සැකසීම අනිවාර්යවේ. විධිමත් පරිදි පුළුල් ලෙසින්  කංසා වගාව ආරම්භ කර පවත්වා ගෙන යාම පිණිස අධිකාරියක් ස්ථාපනය කිරීම වඩාත් යෝග්‍යවේ.

අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත කංසා අධිකාරියේ මෙහෙයවීමෙන් වගා  කටයුතු ආරම්භ කිරීම, පවත්වා ගෙන යාම සහ විදේශ වෙළද පලට යොමු කිරීම දක්වා සියලු කාර්යයන් සිදු කළ හැකිය. මෙහිදී  කංසා නොනිසි ආකාරයෙන් සමාජයට පිවිසීම වලක්වා ගැනීම පිණිස  ඒ ඒ පළාත්වල යුද්ධ හමුදා ඒකකයන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ක්‍රියා කිරීම වැදගත්වේ. කංසා ගොවිපල පුහුණු ශ්‍රමය සදහා හේන්  වගාවෙහි නිපුන  ගොවීන් යොදවා ගැනීමෙන් ඔවුනට ද මාසික වේතනයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

කංසා  යනු වාර්ෂිකව අස්වනු ලබා දෙන  ශාකයක්  වන නමුත් ,වාණිජ වගාවේදී මෙම චක්‍රය  මාස 3 දක්වා කෙටි කර ගැනීමට හැකි බැව් ,ලොව ව්‍යාපාරික මට්ටමින් කංසා වගා කරන්නන් පෙන්වා දී ඇත.

අත්‍යවශ්‍ය උණුසුම්  දේශගුණික සාධකයන් නොමැති වීම නිසා,විදේශයන් බොහොමයක වාණිජ කංසා වගාව සිදුකර නුයේ ,විශේෂයෙන් වායූ සමීකරණය කළ හරිතාගාර තුළය.ඒ සදහා ඔවුනට අධික පිරි වැයක් දැරීමට සිදුවේ.

Cannabis Plant 

  විදේශයක වායූ සමීකරණය කළ හරිතාගාරයක් 

Image Source : prospiant

අපේ රටේ මෙම වගාවට අත්‍යාවශ්‍ය උණුසුම් දේශගුණික තත්වයන් නිරන්තරයෙන් පවත්නා හෙයින් හරිතාගාර නොමැතිව , අඩු පිරිවැයකින් කංසා වගාව සිදු කිරීමට හිතකර වාතාවරණයක් පවතී.කංසා වෙනත් බොහෝ භෝග වලට පීඩා කරන පළිබෝධකයන්ට ඔරොත්තු දීමේ ශක්තියකින් හෙබිය.එබැවින් පලිබෝධ නාශක රසායන සදහා වැයවන අතිරේක අධික  මුදල මෙන්ම,රසායන දියර වලින් පරිසරයට සිදුවන හානියද ,කංසා වගාවේදී පිටුදැකිය හැකිය. 

අමු කංසා අපනයනයෙන් සුවිසල් ලෙසින්  විදේශය විනිමය ඉපයීමේ ප්‍රධාන අරමුණට අමතරව තවත් අතිරේක ප්‍රතිලාභ රාශියක් එම  වගාවෙන් අප රටට හිමි කර ගැනීමේ නියත ප්‍රවනතාවක් විද්‍යාමනිතය. එම වගාව පුළුල් කිරීම තුළින් ,  කංසා  තෙල් නිෂ්පාදනය කිරීම සහ නිස්සාරණය කරන ලද තෙල්වලින් ඖෂධ පමණක් නොව වෙනත් අතිරේක රුපලාවන්‍ය නිෂ්පාදනයන් දේශීයව ආරම්භ කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කිරීම අතිශය වැදගත්වේ.කංසා මුලිඛ අමුද්‍රව්‍ය ලෙස යොදා , සමේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, නියපොතු ශක්තිමත් කිරීම, ඝන හිසකෙස් වර්ධනය සදහා ආලේපන මෙන් ම,  විලවුන්, සබන් සහ ෂැම්පු ආදී අමතර නිෂ්පාදන මගින් යුරෝපීය රටවල් තම විදේශ වත්කම් වර්ධනය කර ගැනීමට දක්වා ඇති සාමාර්ථය  අපට කදිම මග පෙන්වීමක් ලබාදෙන සුළුය.

කංසා උපයෝගී කරගෙන,විදේශයන්හි නිෂ්පාදිත,විවිධ ඖෂධ සහ  රූප ලාවන්‍ය නිපැයුම්.

Image Source : patheos

රජය දැනට විදේශීය ණය ලබා ගැනීමට දරන උත්සාහයට නොදෙවෙනි උත්සාහයක් මෙම කාර්ය  කෙරෙහි යොමු කිරීම අතිශයින්ම වැදගත්වේ. මෙමගින් රටේ වත්මන්  ආර්ථික අවපාතය ඉදිරි වසර කිහිපය තුළ  මඟහරවා ගෙන  සියලූ විදේශ ණය ද  නිසැක වශයෙන් ම පියවිය හැකි අවස්ථාවක් එළඹෙනු   නියති.

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.  

 ( හිටපු ආයුර්වේද කොමසාරිස්.)

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

 
TAGGED:ආයුර්වේද දෙපාර්තුමේන්තුවකංසාගංජාශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article MEDIA RELEASE – SIMON CHAN AM APPOINTMENT AS CHAIR OF MULTICULTURAL NSW
Next Article wilpattu Wilpattu: The Timeless Wilderness of Sri Lanka – Nadeeka – Kumari
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
BAY ONE Residences - Colombo, Sri Lanka_eLanka
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Brad and Kiara Show

The Brad and Kiara Show – Sydney

Josh Fleming, Race caller-eLanka

THE FACES BEHIND THE RACES

MIM Convocation 2026 Celebrates 195 Graduates and a Historic First for Sri Lanka

MIM Convocation 2026 Celebrates 195 Graduates and a Historic First for Sri Lanka

Purple Patch New

Maithri’s “Purple Patch”– bridging continents By Arundathie Abeysinghe

LESSONS FOR MIDDLE EAST COUNTRIES FROM WEST ASIA WAR-by N.S.Venkataraman

Related News
Articles Charles Schokman

SUNDAY CHOICE – GOD’S WINGS – by Charles Schokman

Sri Lanka economy, Sri Lanka economic growth 2026, Sri Lanka GDP growth, Sri Lanka export development plan, NEDP 2026-2030, Sri Lanka exports, Sri Lanka export strategy, Sri Lanka trade growth, Sri Lanka investment opportunities, Sri Lanka business news, Sri Lanka economic recovery, export revenue target Sri Lanka, Sri Lanka logistics hub, knowledge intensive export hub, Sri Lanka logistics sector, Sri Lanka IT exports, Sri Lanka BPM industry, Sri Lanka entrepreneurship, Sri Lanka industry development, Asian Development Bank Sri Lanka, ADB Sri Lanka, export competitiveness, Sri Lanka foreign investment, Sri Lanka sustainable growth, inclusive economic growth, Sri Lanka economic policy, Sri Lanka development strategy, Colombo business news, Sri Lanka finance ministry, Dr Anil Jayantha Fernando, Sri Lanka trade policy, Sri Lanka export board, EDB Sri Lanka, Sri Lanka innovation economy, Sri Lanka startup ecosystem, Sri Lanka international trade, Sri Lanka economic transformation, Sri Lanka global markets, Sri Lankan diaspora investment, Sri Lanka business opportunities, Sri Lanka economic outlook 2026, Sri Lanka growth trajectory, Sri Lanka export revenue, Sri Lanka manufacturing exports, Sri Lanka services exports, Sri Lanka customs modernization, Sri Lanka port development, Sri Lanka national development plan
Articles

Sri Lanka on Trajectory of 7% Growth as Q1 2026 Hits 5.1%

Sri Lanka UN Disability Rights Conference , CRPD Conference 2026 , Sri Lanka chairs UN conference , Rights of Persons with Disabilities , UN Convention on Disability Rights , Ambassador Jayantha Jayasuriya
Articles

Sri Lanka Chairs Prestigious UN Disability Rights Conference in New York

Taavi Samaraweera Table Tennis
Articles

World No.1 Taavi Samaraweera Arrives in Sri Lanka Following Outstanding European Success

AUSTRALIA SRI LANKA ASSOCIATION INC NEWSLETTER
Articles

AUSTRALIA SRI LANKA ASSOCIATION INC NEWSLETTER

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.