News & Community eLanka

eLanka

Friday, 14 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය – ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය – ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: February 6, 2025 6:46 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 37

විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය – ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Mount Vesuvius (1)

Image Source : wikipedia

Mount Vesuvius (1)

Image Source : storyworks

ක්‍රි.ව. 79 අගෝස්තු 24 වැනි දින,විසුවියස් ගිනි කන්ද පුපුරා ගිය මොහොත.

Mount Vesuvius (1)

ගිනි කන්දෙන් විසිරී ලාවා තුළ පාෂාණ බවට පත් මිනිසුන් සමූහයක්

Image Source : sciencing

පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවය වූ වල්කනාලියා සැමරුමට පසු දින, ක්‍රි.ව. 79 අගෝස්තු 24 වැනි දින, ලෝ දිය උතුරන නිරය නේපල්ස් බොක්ක වෙත කඩා වැදුණේ අනපේක්ෂිත මොහොතකය. ලෝදිය ගලා ආවේ විසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙනි. පොම්පෙයි නගරය විසුවියස් ගිනි කඳුවැටිය සහ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයකි. පොම්පෙයි දේශයට සුන්දරත්වය, සෞම්‍ය දේශගුණය, සරතැස නිවන සිහිලැල් සුළඟ ගෙන දුන් විසුවියස් කඳු පියස, මෙවන් ඛේදාන්තයක් තමන් වෙත රැගෙන එතැයි එරට වැසියන් කිසි දිනෙක අපේක්ෂා කරන්නට නැත.

Mount Vesuvius (1)

Image Source : pinterest 

විසුවියස්  කන්ද පිහිටි නේපල්ස් මුහුදු බොක්ක ආශ්‍රිත මිටියාවත.

මහා  විනාශයක පෙර නිමිති ලෙසින්, විසුවියස් ගිනි ශිඛරය වෙතින් සියුම් ධුමාරයක් නිකුත් වන්නට වූයේ, පුපුරා යාමට සති ගණනාවකට පෙර සිටය.

Mount Vesuvius (1)

Image Source : render.fineartamerica.

 නිරන්තරයෙන් ම ලලනාව සහ මීවිත ඇසුරෙන් වින්දනීය දිවි පෙවෙතකට අනුගතව සිටි පොම්පෙයි ජනතාවට, තම ගම් පියස ඉස්මත්තේ පිහිටි විසුවියස් කඳු ශිඛරයෙන් අහසට නිකුත් සියුම් දුමාරය, මරණයේ සෙවනැල්ල දැක ගැනීමට තරම් විරාමයක් නොවූ සෙයකි. මහා විනාශයේ පෙරනිමිති ඔවුන් ඇස ගැසුණේ නම් ඔවුනට ආරක්ෂක ප්‍රදේශයක් කරා යාමට ප්‍රමාණවත් කාලයක් තිබිණි. ක්‍රි.ව. 79 පුපුරා ගිය විසුවියස් කන්ද, ඊට පෙර සියවස් ගණනාවක් පුරා උදාසීනව පැවතීම නිසා, ඒ අවට ජනතාව තුළ මෙම කන්ද තමන්ට තර්ජනයක් නොවන බවට විශ්වාසයක් පැවතීම ද ඔවුනගේ මෙම අකර්මන්‍යතාවට, නොසැලකිල්ලට හේතුවක් වූවා විය හැකිය .

Mount Vesuvius (1)

Image Source : sightseeing

විසූවියස් ගිනි කන්ද පාමුල පොම්පෙයි නගරයේ නටබුන්

 මෙම ප්‍රාග් ඓතිහාසික ව්‍යසනයෙන් විසුවියස් කන්දෙන් සැතපුම් 15 ක් ඇතුළත සෑම ගමක්, නිවසක් හා ගොවිපළක්ම පාහේ විනාශ විය. සරුසාර පොම්පෙයි සහ හර්කියුලේනියම් යන සමෘද්ධිමත් රෝමානු නගර විසුවියස් ශිඛරයේ පිපිරීමෙන් ටොන් දහස් ගණනක අළු හා ගිනියම් වූ ලාවා තට්ටුවලින් වැසී ගියේ ඇසිල්ලකිනි. පොම්පේ හි මිනිස් සංහතිය සහ ගොඩනැගිලි, මංමාවත් ඇතුළු සියලුම භෞතික වස්තූන් අඩි 19 සිට 23 දක්වා ගැඹුරු ලාවා තට්ටුවක් හා අළු තට්ටුවක් යට වැළලී සැඟවී ගොස් තිබූ බව අනාවරණය වූයේ පසුකාලීන පුරා විද්‍යාත්මක කැණීම් තුළිනි.

 නේපල්ස් ආසන්න මුහුදේ නැවක යාත්‍රා කරමින් සිටි ප්ලිනි නම් ලේඛකයා මෙම පිපිරීම සියැසින් දුටුවෙකි. පසු කලෙක මෙම අතිබිහිසුණු අත්දැකීම ඔහු සටහන් කළේ, “දිවියේ කිසි දිනෙක අසා නොමැති දැක නොමැති බියකරු හෙණ පිපිරුම් හඬට වඩා දහස් ගුණයක් ප්‍රබල පිපුරුම් හඬක් සමග විසුවියස් කඳු මුදුනින් යොදුන් ගණන් උසට දැවැන්ත ගිනිදැල් වේගවත්ව අහස තරණය කරනු දුටිමි. චණ්ඩ මාරුතයෙන් එම ගිනි දැල් සමග උතුරන ලාවා, අළු සහ සුවිසල් පාෂාණ කොටස් ගොඩබිම දෙසට වීසිවූයේ කාලතුවක්කු උණ්ඩ නිකුත්වනසුළු ඇදහිය නොහැකි වේගයකිනි.”
මහ මග ගමන් කරමින් සිටි පිරිස්, නිවාසවල විවිධ කටයුතුවල නියැලී සිටි පවුල්, විවිධ වෘත්තීන්හි යෙදෙමින් සිටි ජනතාව ගිනියම් ලාවා ස්කන්ධයන් තුළ සැඟව ගියේ ඔවුන් විපතට පත්වන අවස්ථාවේ ක්‍රියාකාරීව සිටි ඉරියව් හැඩතලවලින්ම නිර්මිත පාෂාණයන්  බවට පත්වෙමිනි.

Mount Vesuvius (1)

Image Source : pinterest

විසුවියස් ශිඛරයේ කේතුවක උස අඩි 4,203 ක් විය.  සෑම විශාල පිපිරීමකින් පසු එහි උස සැලකිය යුතු ලෙස වෙනස්වීමකට බඳුන් වේ. මිලියන දෙකක ජනතාවක් විසුවියස් පහළ බෑවුම්වල ජීවත් වූහ. නේපල්ස් බොක්ක වෙරළතීරයේ කාර්මික නගර සහ උතුරු බෑවුම්වල කෘෂිකාර්මික ගම් පිහිටා   තිබිණි. මිදි වතු සහ පලතුරු වතුවලින් වැසී ගිය විසුවියස් කඳු බෑවුම් ප්‍රදේශය සාරවත් බවින් අනූනව පැවතිණි.  එහි වගා කෙරෙන මිදිවලින් ලබාගන්නා යුෂයෙන් ලැක්‍රීමා ක්‍රිස්ටි නමින් ලොව සුපතල වයින් නිෂ්පාදනය සිදුවිය. ලැක්‍රීමා ක්‍රිස්ටි යන ලතින් වදනේ අරුත ‘ක්‍රිස්තුස්ගේ කඳුළු’ යන්නයි.

විසුවියස් ගිනි කන්දෙන් විදාරණය වූ තට්ටුවලින් ශතවර්ෂ ගණනාවක් වැසී පැවති පොම්පෙයි දේශය නිවැරදි ලෙසින් හඳුනා ගැනීමට හැකිවූයේ 1763 දී සොයාගත් ‘රී පබ්ලී පොම්පියානෝරම්’ නම් වූ ඓතිහාසික සෙල්ලිපියේ තොරතුරු ආශ්‍රයෙනි.
නේපල්ස්හි රාජ්‍යත්වයට පත් දොන් කාලෝස්ගේ අනුග්‍රහය යටතේ හමුදා ඉංජිනේරු කාල් වෙබර් 1750 සිට 1764 දක්වා ක්‍රමානුකූල අධ්‍යයනයන් සිදුකර කැණීම් ආරම්භ කරනු ලැබිණි. නගරය ගිනිකඳු අළුවලින් වළලනු ලැබූ බැවින්, වසර දහස් ගණනකට පෙර මුළු නගරයක්ම ගිනි කන්දකින් අතුගා දැමූ බව කිසිවකු දැන සිටියේ නැත. වසර දහස් ගණනක් තිස්සේ පොම්පෙයි මුළු නගරයම තද නින්දක නිමග්නව සිටි සෙයකි.
කැණීම් කිරීමට පටන් ගන්නා තෙක් පොම්පෙයි බොහෝ දුරට මිනිස් ස්පර්ශයෙන් තොරව පැවතිණි. ලාවා අළු විශ්මිත ලෙස භෞතික දෑ කල් තබාගන්නා ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කර ඇති බව පර්යේෂකයන්ට අවබෝධ විය. එම ලාවා දූවිලි සියල්ලටම යටින්, පොම්පෙයි නිශ්චිතවම අවුරුදු 2000කට පෙර තිබූ ආකාරයටම දැකගත හැකිවිය. එහි ගොඩනැගිලි නොවෙනස්ව පැවතුනි. මිනිස් මළ කඳන් වැටී තිබූ තැන්වල්මය. ඔවුන් එදිනෙදා භාවිත කළ භාණ්ඩ ද ඒ අයුරින්ම විය.

පොම්පෙයි නගරයෙහි කැණීම් කටයුතු නිරීක්ෂණය පිණිස, 1752 දී එවකට නේප්ල්ස් හි රජුවූ VII චාර්ල්ස් එහි පැමිණි අවස්ථාවක දී පුරාවිද්‍යා කැණීම්වලින් හමුව තිබූ කිරිගරුඬ ප්‍රතිමාව දැක හේ මහත් උදහසට පත්වූ බැව් පැවසේ. හර්කියුලේනියම් ප්‍රදේශයෙන් හමුවූ මෙම කිරිගරුඬ ප්‍රතිමාවෙන් නිරූපිත වූයේ ග්‍රීක සහ රෝම දෙවියෙකු වූ පෑන්, එළු දෙනක සමග මෛථුන්‍යයේ යෙදෙන දර්ශනයකි. චාර්ල්ස් රජු මෙම ප්‍රතිමාව පොදු මහජනතාවගෙන් සඟවා තබන්නටත්, කැණීම් කටයුතු නවතා දමන්නටත් නියෝග කළේය.

Mount Vesuvius (1)

Image Source : standard

පුරාවිද්‍යා කැණීම් මගින් මතු කරගත් දෑ නිරීක්ෂණයෙන්, ඉපැරණි පොම්පෙයි සමාජයේ ලැදියාව, දෛනික ජීවන රටාව පිළිබඳව චර්යාත්මක පුරාවිද්‍යාව ආශ්‍රයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත.

Mount Vesuvius (1)

Image Source : pompeiitourguide

පුරාවිද්‍යාව ආශ්‍රයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත.

මෛථුන්‍යය යෙහි නියැළී සිටි යුවලක් ,විසුවියස් කන්දෙන් විධාරනයවූ ගිනියම් ලාවා,(ඔවුනගේ සිරුරු වසා ගලා යාමෙන් ),ඔවුන් සිටි ඉරියවුවෙන් ම ගල් ප්‍රතිමා බවට පත්ව තිබු  අයුරු.

Mount Vesuvius (1)

Image Source : venetosecrets

චර්යාත්මක පුරාවිද්‍යාව (Behavioral Archaeology) යනු ආදි මානවයන්ගේ කලා ශිල්ප, ඔවුන් පරිහරණය කළ, පාරිභෝජනය කළ භෞතික භාණ්ඩයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ හැසිරීම් රටාව විශ්ලේෂණය කර හඳුනාගැනීමේ ක්‍රමවේදයයි. නිවාස, විලා, විනෝදාගාර, ආගමික ස්ථාන සහ එම ස්ථානයන්හි දැකගන්නට ලැබුණු භාණ්ඩ, චිත්‍ර, මූර්ති විශ්ලේෂණය කිරීමෙන් පසුව පුරාවිද්‍යාඥයින් අදහස් දක්වා ඇත්තේ, ඈත අතීතයෙහි පොම්පෙයි නාගරිකයන් දැඩි කාමසුඛල්ලිකානුයෝගී දිවිපෙවෙතකට අනුගත වී සිටි බවකි. පොම්පෙයිහි දැඩි පුරුෂාධිපත්‍යයක් තිබූ බවත්, පුරුෂ ශිෂ්ණය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැලකූ බවත් සනාථ කෙරෙන නටබුන් විශාල සංඛ්‍යාවක් සොයා ගෙන ඇත.

Mount Vesuvius (1)

Image Source : scroll

මේ හේතු නිසාම ඔවුන් එදිනෙදා භාවිත කෙරෙන පිඟන්, පහන් ආවරණ වන් භාණ්ඩයන්හි ද එම සංකේතය යොදා ගත් අවස්ථා බහුල වශයෙන් දක්නට ඇත.

Mount Vesuvius (1)

Image Source : wikimedia

පොම්පෙයිහි රාගික සන්තර්පණය ලද හැකි පරිදි පවත්වාගෙන යන ලද ප්‍රධාන මධ්‍යස්ථානය වුයේ ලූපනාරේ ග්‍රෑන්ඩ් ය. එහි අරුත ‘විනෝදජනක නිවහන’ යන්නයි. මෙම නිවාසයන්හි හාත්පස බිත්ති ස්ත්‍රීන්ගේ නිරුවත් සිතුවම්වලින් වැසී තිබිණි.

Mount Vesuvius (1)

Image Source : wikipedia

මෙම නිවාසවල දිශාව දැක්වීම සඳහා ඊතල ලෙස නගරයේ වීදිවල යොදා තිබූ පුරුෂ ශිෂ්නයන්ගේ ස්වරූපයේ කැටයම් ද පුරාවිද්‍යාඥයින්ට හමුවිය. තරුණ වහල් කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන ද පොම්පෙයිහි පැවති බව තහවුරු කෙරෙන, බිත්තිවල සිතුවම් කළ ඉපැරණි චිත්‍ර ගණනාවක් ද හමුවී ඇත.

Mount Vesuvius (1)

වහල් කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක සිතුවමක්.

බොහෝ කාමරවල භූ දර්ශන සහ වෙනත් පුරාවෘත්ත කලාවන් අතර ස්ත්‍රී පුරුෂ සම්භෝගය දැක්වෙන චිත්‍ර දක්නට ලැබුණි. පොම්පෙයිහි ගොඩනැගිලිවල චිත්‍ර ඇඳීම යුගයේ වාස්තු විද්‍යාත්මක ප්‍රවණතා හැඩගැස්වීමට බෙහෙවින් උපකාරී වූ බව ද සැලකේ.

Mount Vesuvius (1)

Image Source : wikipedia

යුරෝපා සමාජය, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජ්‍ය සමයේ සමාජගතව පැවති කාන්තාවකගේ නිරුවත් දෙපතුල් ප්‍රදර්ශනය පවා සදාචාර විරෝධී යැයි සැලකූ සුචරිතවාදී වික්ටෝරියානු හර පද්ධතීන්ට අනුගත දිවි පෙවෙතකට නැඹුරුව සිටියහ. ඔවුහු පොම්පෙයි හි කැණීම්වලින් මතුවූ මෙවන් ශෘංගාරාත්මක ප්‍රතිමා, චිත්‍ර, සංකේත දර්ශනයෙන් ඉමහත් කම්පනයකට පත්වූහ.

Mount Vesuvius (1)

Image Source : wikimedia

පොම්පෙයි හි අයිසිස් දේවාලය.
පුරාවිද්‍යා කැණීම් කරගෙන යාමේදී මතුවූ පොම්පෙයි හි අයිසිස් දේවාලය මැනවින් ආරක්ෂා වී තිබිණි. අයිසිස් ඇදහීම ආරම්භ වූයේ පුරාණ ඊජිප්තුවේ දේවතාවියක් ලෙසිනි. ඇය නයිල් ගඟේ ඩෙල්ටාවේ කෘෂිකාර්මික දේවතාවිය ලෙස වන්දනාමානයට පාත්‍රවූ අතර පොම්පෙයි ජනතාව ඇය සොබාදහමේ දේවතාවිය ලෙසින් සලකා පුද පූජා පැවැත්වූහ. විසුවියස් ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේදී පූජකවරු අයිසිස් දේව මාලිගාවේ නිධන් බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයකුගේ මළ සිරුර සහ ඔහු අත රැඳි රන් භාණ්ඩ ඇසිරූ මල්ලක් දක්නට ලැබිණි.

අයිසිස් දෙවඟනට අමතරව පොම්පියානුවන් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළහ. මූලික වශයෙන් ග්‍රීක රෝම දෙවිවරුන් වන බ්‍රහස්පති (ග්‍රීක සියුස්), ජූනෝ (හේරා), මිනර්වා (ඇතීනා) සහ ඇපලෝ ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. 1930 දශකයේ පොම්පෙයි නටබුන් අතුරින් ඉන්දියානු ලක්ෂ්මි දෙවඟනගේ ප්‍රතිමාවට සමාන කුඩා ඇත්දළ ප්‍රතිමාවක් සොයා ගැනිණි. මෙමගින් නිරූපණය වන්නේ සශ්‍රීකත්වය සංකේතවත් කෙරෙන වෘක්ෂ දේවතාවියක බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. මෙම ප්‍රතිමාවේ පැලඳ ඇති ආභරණ රාශිය නොසලකා නිරීක්ෂණය කිරීමේදී, එය බොහෝදුරට නිරුවත් ස්වභාවයක් ගනියි. ක්‍රි.ව. 79 දී විසුවියස් කන්ද විදාරණය වී නගරය වැළලී ගිය අවස්ථාවේ ද මෙම ප්‍රතිමාව පොම්පෙයිහි පැවතීම තුළින් ක්‍රි.ව. 1 වැනි සියවසේ ඉන්දු-රෝම වෙළඳ සබඳතා පැවති බැව් තහවුරු වේ.

Mount Vesuvius (1)

Image Source : wikidata

ජූලියස් සීසර්ගේ මාමණ්ඩිය වූ ලූසියස් කැල්පර්නියස් පිසෝ සීසොනිනස් විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන ගිනි කන්දේ බෑවුමෙන් අඩක් පමණ ඉහළින් පිහිටි නිවසක් වන විලා ඩී පැපිරි කැණීම්වලදී හමුවූ ආකර්ෂණීය ගොඩනැගිල්ලකි. මෙහි ස්ථාපිතව පැවති පුස්තකාලයෙහි සුරැකී පැවති පැපිරස් ලියවිලි 2000කට ආසන්න ප්‍රමාණයක් ද හමුවිය.

 2014 වසරේදී තිරගතවූ, පොම්පෙයි නගරයේ විනාශය තේමා කර ගත් සිනිමා පටයේ දර්ශන කිහිපයක්.

පෞරාණික රෝමයේ සමාජ, ආර්ථික, ආගමික මෙන්ම විශේෂයෙන්ම මිනිස් වර්ගයාගේ සැඟවුණු චර්යාත්මක හැසිරීම් රටා පිළිබඳව ද අද්විතීය තොරතුරු හැදෑරීමේ මූලාශ්‍රයක් ලෙසින්, පොම්පෙයි හි කැණීම් මගින් අනාවරණය කරගත් තොරතුරු මානව විද්‍යාඥයින්ට අතිශයින්ම වැදගත් වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය.විසුවියස් කඳු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The excited organizers of the sold out Valentine's day dinner dance at the Springvale RSL on February15 mapping out final preparations for what promises to be a memorable event. The excited organizers of the sold out Valentine’s day dinner dance at the Springvale RSL on February15 mapping out final preparations for what promises to be a memorable event.
Next Article Kaleidoscope 248 Kaleidoscope 248 ft Layla Gonaduwa, The Bayleaf Piano Bar, ILO’s Pulinda Perera, Trouserless Day, m
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka foreign investment, transparent investment in Sri Lanka, long-term investment Sri Lanka, sustainable investment Sri Lanka, responsible investment, foreign direct investment Sri Lanka, Sri Lanka investment opportunities, sustainable business Sri Lanka, ethical investment, Sri Lankan economy, investment opportunities Sri Lanka, international investors Sri Lanka, renewable energy investment Sri Lanka, tourism investment Sri Lanka, digital investment Sri Lanka, Sri Lankan business community, Sri Lankan diaspora investment, economic recovery Sri Lanka

Sri Lanka Welcomes Transparent, Long-Term Investment, Says Prime Minister

Forward Faster Now APAC 2026, Sri Lanka sustainability, Colombo sustainability event, UN Global Compact, sustainable business Sri Lanka, sustainable and inclusive growth, Asia-Pacific sustainability, business sustainability, Sri Lanka business leaders, Global Compact Network Sri Lanka, sustainable finance, climate action Sri Lanka, corporate sustainability, APAC sustainability leaders, sustainable development goals, responsible business, sustainability conference Colombo, Sri Lanka international events, ESG Sri Lanka, UN Global Compact APAC

Sri Lanka Hosts ‘Forward Faster Now APAC 2026’, Convening Business Leaders for Sustainable Growth

Sri Lanka digital analytics, MeasureCamp Sri Lanka 2026, MeasureCamp Sri Lanka, Digital Marketing Association of Sri Lanka, DMASL, digital marketing Sri Lanka, digital analytics Sri Lanka, data analytics Sri Lanka, Sri Lankan technology community, digital marketing professionals, data-driven marketing, artificial intelligence marketing, SEO Sri Lanka, search engine optimisation, marketing technology, People’s Tower Colombo, Sri Lanka technology, analytics professionals, digital economy Sri Lanka, MeasureCamp 199th event

Sri Lanka’s Digital Analytics Community Hosts 199th Global MeasureCamp at People’s Tower

ISF Industries, Sri Lankan Engineering, Coconut Processing, Coconut Industry, Automation, Artificial Intelligence, Food Processing Technology, Sri Lankan Innovation, Manufacturing Sri Lanka, Coconut Machinery, Industrial Automation, Engineering Technology, Export Technology, Anjula Sivakumaran

Sri Lankan Engineering Excellence: ISF Launches World’s First Fully Automated Coconut Dewatering System

Sri Lanka, Australia, Sri Lankan Australians, Dineth Fernando, World Youth Scrabble Championship, World Youth Scrabble Championship 2026, Scrabble Australia, Australian Youth Scrabble Championship, Scrabble champion, Sri Lankan origin Australian, young Scrabble champion, Nairobi Kenya, Melbourne Sri Lankan community, Sri Lankan community Australia, youth achievement, Sri Lankan talent, competitive Scrabble, youth Scrabble, Australian Scrabble, Sri Lankan youth, Dr Prasanna Fernando

Melbourne Teen Dineth Fernando Crowned World Youth Scrabble Champion for Australia

Related News
Sri Lankan Cricket, Sri Lanka vs India, India vs Sri Lanka, Test Cricket, Galle Test, ICC World Test Championship, Dhananjaya De Silva, Kamindu Mendis, Niroshan Dickwella, Dilshan Madushanka, Sri Lanka Test Squad
Articles

Sri Lanka Announce 16-Member Squad for First Test Against India in Galle

Isso Prawn Crazy, Isso Prawn Crazy London, Sri Lankan restaurant London, Sri Lankan food London, Sri Lankan restaurant Canary Wharf, Canary Wharf restaurants, Sri Lankan cuisine UK, Sri Lankan prawns, Sri Lankan seafood, Sri Lankan culinary entrepreneurs, Apinash Sivagumaaran, Sri Lankan business in London, Sri Lankan food abroad, Sri Lankan restaurants UK, Sri Lankan entrepreneurs, Sri Lankan seafood London, Prawn Crazy Canary Wharf, 25 Cabot Square, Canary Wharf Sri Lankan restaurant, Sri Lankan cuisine international expansion
Articles

Sri Lanka’s Isso Prawn Crazy Makes International Debut in London’s Canary Wharf

The Coconut Tree Bristol
Articles

Popular Sri Lankan Restaurant Chain ‘The Coconut Tree’ Announces Opening Date for New Bristol Branch

Articles Dr Harold Gunatillake

Lakshman Kadirgamar: A Life of Intellect, Service, and Quiet Greatness-by Harold Gunatillake

Little Japan-eLanka
Articles Savithri Rodrigo

Today – It’s about Japan, Indigo, Zero-Emission Tourism & More!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.