News & Community eLanka

eLanka

Monday, 25 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදී හිල්ටන් පෙරේරා – දිවි සැරිය නිම කරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදී හිල්ටන් පෙරේරා – දිවි සැරිය නිම කරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: November 2, 2024 9:41 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE
Views: 19

ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදී හිල්ටන් පෙරේරා – දිවි සැරිය නිම කරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

hilton perera

ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ සහ ප්‍රාදේශීය සේවාවන්හි දීර්ඝ කාලයක් සේවයෙහි නිරතව සිටි හිල්ටන්පෙරේරා මහතා  ඔක්තෝම්බර් 29 වන දින මහනුවර, පේරාදෙණියේ දී අභාවප්‍රාප්ත විය. 

ගුවන් විදුලි මහ ගෙදර මගේ සමකාලීන නිලධාරියෙකුවූ ඔහු පිළිබඳව, මෙවන් මතක සටහනක් තැබීමට අදහස් කළේ, ඔහු වෙනුවෙන් දක්වන ලබැඳි උපහාරයක් ලෙසිනි.

1934 වසරේ ඊ.එස්.ටී.ප්‍රනාන්දු දෙමහල්ලන්ට දාව ජන්මලාභය  ලද හිල්ටන්,තමන්  පාසල් කිහිපයකින්  අධ්‍යාපනය ලද බව වරක් මා සමග පැවසීය. තම පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වූ බැවින්, විටින් විට ලද ස්ථාන මාරු නිසා, මෙසේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට යොමු වූ බැව් ද හේ  පවසා තිබිණි.ඒ අතර ,කොළඹ ශාන්ත ජෝසප් සහ පන්නිපිටියේ ධර්මපාල  විද්‍යාලය ඔහු සිප් සතර හදාළ  විද්‍යාස්ථානයන්ය.

හිල්ටන් සෙනෙහෙබර දරුවන් සිව්  දෙනෙකුගේ පියෙකි. ශ්‍රීනාත් ,ශාවන් ,චන්දිමාල් පුතුන් තිදෙනා සහ අයේෂිකා දියණිය එම  දරුවන් සිවු දෙනාය.

 

hilton perera

හිල්ටන් සිය බිරිද සහ දරුවන් සිව් දෙනා සමග 

hilton perera

හිල්ටන් පේරාදෙණි සරසවි සිසුවකු ලෙසින් 

පේරාදෙණියේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද හිල්ටන් පෙරේරා මහතා සිය  වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ  ලේක් හවුස් ආයතනයෙනි. 1963 වසරේ හෙතෙම ගුවන් විදුලි මහ ගෙදර වෙත පියමං කළේය.ඒ ඉංග්‍රීසි සේවයේ  සහකාර සංස්කාරක ලෙසිනි. 

ඔහුගේ කාර්යක්ෂමතාව සහ වෘත්තිය කෙරෙහි දැක් වූ කැපවීම නිසා,  කාර්යභාර සංස්කාරක තනතුරටත්  ,පසුව අධ්‍යක්ෂක තනතුරට ද,හේ  උසස් විමේ භාග්‍ය ලද්දේය.

hilton perera

හිල්ටන් පෙරේරා සිය බිරිද අනුලාවන් හා අතිනත් ගත්මොහොත.

මහනුවර සේවය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ හිල්ටන් පෙරේරා මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙසටද පත් විය. ප්‍රාදේශීය ගුවන් විදුලි  සේවා වන රුහුණු සේවය-රජරට සේවය- මහනුවර සේවය-යන ප්‍රාදේශීය සේවා තුනෙහිම අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කිරීමෙන් ගුවන් විදුලි ඉතිහාසයේ ඔහුගේ නම  අමරණීයත්වයට පත්වේ.පසුව ඔහු ගුවන් විදුලි  සංස්ථාවේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂක තනතුරට ද පත් වූ අතර ඊට පසු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවෘත්ති හා ප්‍රාදේශීය සේවා තනතුරට ද පත්විය.

හිල්ටන් පෙරේරා  මහතා ලේඛකයෙක් ලෙසින් මාධ්‍ය  සාහිත්‍යයයේ පෝෂණය පිණිස දායකත්වය ලබා දුන් විද්වතෙකි. “ප්‍රවෘත්ති කලාව”, “ ගුවන් විදුලිය බැබල වූ තරු” ඔහු පන්හිඳින් නිපන් කෘතීන්ය.

hilton perera

Image Source : slbooks.lk

hilton perera

Image Source : sarasavi.lk

හිල්ටන් පෙරේරා විසින් ලියන ලද “ ප්‍රේමකීර්ති ද අල්විස් “නම්වූ කෘතියෙන්,ප්‍රේම් නම්වූ ඒ අමරණීය මිනිසා ගේ ආකස්මික චරිතය, සජීවී ලෙසින්ම පාඨක මනසේ සිත්තම් කෙරෙන බව, එම කෘතිය පරිශීලනය කළ අවස්ථාවේ මට හැඟිණි. හිල්ටන් , ඒ අසහාය ප්‍රේමකීර්ති  චරිතය සමීපයෙන් ඇසුරු කළ අයෙකි. හිල්ටන් ඒ බැව්, එම කෘතියෙහි පෙරවදනට සටහනක් තබමින්,  මෙවන් ප්‍රකාශයක් කර ඇත.

“මෙවන් කෘතියක් ලිවීමට මා යොමුවුණේ රුහුණු, රජරට හා මහනුවර යන ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන තුනෙහිම  අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ එකම තැනැත්තා මා වීම නිසාත්, ප්‍රේමකීර්ති ද මා සමඟ මෙම ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනෙහිම සේවය කිරීම නිසාත්ය. එමෙන්ම ඉන්පසුව මා කොළඹ ප්‍රධාන කාර්යාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙනුත් පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ පසුවත් ප්‍රේමකීර්ති ද ස්ථාන මාරැවක් ලැබ ප්‍රවෘත්ති අංශයේ මා සමඟ සේවය කිරීමත් නිසාත්ය.”

hilton perera

Image Source : Bandula Jayasekara Twitter

හිල්ටන් පෙරේරා මහතාගේ අවසන් කටයුතු නොවැම්බර් 02 දින පස්වරුවේ  මහනුවර මහය්යාව පොදු සුසාන භූමියේදී  සිදු කිරීමට නියමිතය.අප එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු

කොත්මලේ ප්‍රාදේශීය ගුවන් විදුලි  සේවාව,හිල්ටන් පෙරේරා මහතාට උපහාර පිණිස තැබූ අනුස්මරන හඩ පටයකින් මෙම අනුස්මරන් ලිපිය සමාප්ත කරමි.

තොරතුරු සහ සේයා රූ කිහිපයක් ලබා දීමෙන් සිය අනුග්‍රහය දැක්වූ ,හිල්ටන් දියණිය අයේෂිකා කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.     

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:හිල්ටන් පෙරේරා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Aukana Unveiling of the Replica of the Avukana Buddha Statue – By Donald Sarath Gunatillake
Next Article sunday choice SUNDAY CHOICE – His Mercy is More – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read

Trump States that the Peace Agreement with Iran is ‘Largely Negotiated’ as the Hormuz Discussions Reach the Final Stage-by Harold Gunatillake

SUNDAY CHOICE – LOVE LIFTED ME – by Charles Schokman

Free ETA , Sri Lanka Tourism , Tourist Visa , Travel Update

Sri Lanka Officially Opens Free 30-Day ETA Access to 40 Countries from May 25

Beach Clean-Up , British School Colombo, Dehiwala Beach

Young Eco-Warriors: British School Colombo Leads Dehiwala Beach Clean-Up

Ahmedabad , FitsAir launches , MICE

FitsAir Connects Ahmedabad and Colombo with New Direct Flights

Related News
Shelley Nitschke signs contact extension
Articles

Shelley Nitschke signs contact extension

Vesak 2026 Melbourne, Millennium Imports Australia, Vesak Bath Dansala Melbourne, Drive-Thru Vesak Dansala, Sri Lankan community Australia, Buddhist celebrations Melbourne, Vesak Sri Lanka Australia, Dandenong South Vesak event, Dana tradition Buddhism, Vesak almsgiving Australia, Sri Lankan Australians, Melbourne Sri Lankan events, Vesak lanterns Melbourne, Buddhist community Australia, Sri Lankan culture in Australia, Vesak Full Moon Poya Day, Sannasa Digital, community service Melbourne, Sri Lankan diaspora Australia, Buddhist charity event, Vesak rice dansala, Melbourne Buddhist events, Sri Lankan heritage Australia, eLanka news, Australian Sri Lankan community, cultural events Melbourne, Buddhist generosity tradition, Vesak food donation, Millennium Imports Dandenong, Sri Lankan Vesak celebration
Articles

Millennium Imports Serves Over 5,000 in Successful 3rd Annual Drive-Thru Vesak Almsgiving

Artificial Intelligence (AI)
Articles

Artificial Intelligence and workforce vulnerability-by Dr. Chandrika Subramaniyan

Articles Charles Schokman

Pentecost Global Day of Prayer-by Charles Schokman

The Ghosts of Mount Mary-A Forgotten Railway Legacy
Articles

The Ghosts of Mount Mary: A Forgotten Railway Legacy

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.