News & Community eLanka

eLanka

Saturday, 15 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජීවන යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කළ ගුණදාස කපුගේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජීවන යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කළ ගුණදාස කපුගේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: April 6, 2025 11:02 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 81

ජීවන යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කළ ගුණදාස කපුගේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Contents
  • ජීවන යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කළ ගුණදාස කපුගේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
  • ගුණදාස කපුගේ  ලද හරසර,  උපහාර.

කපුගේ සිය මව සමග

Image Source – fragmenteyes

 

 

“කවමදාවත් නොයෙන ගමනක් ගියාදෝ වැහිලිහිණියෝ

ලිහිණියෝ  නාඹර වියේ තටු සැලූ   කළු වාතලේ

සාදයේ මධු ගීතිකා නොව නුඹ මුවග රැදුනේ

දියට හැඩු  දා පවස වෙනුවට නුබෙ ගෙළද සිඳුනේ..”

ගීතයේ පසුබිමින් මල බෙර හඩක් ඇසේ  .මළ හිරු බස්නා  සැදෑ යාමයකි.ඒ , අප සහෘද ගුණදාස කපුගේ ගාන්ධර්වයන් මුවින්, හැඟුම්බර ස්වරයෙන් ගැයෙන  ගීතයක පදමාලාවකි.එහි නාද රටාවන් සෝ සුසුම්හි  රිද්මයකට අනුගත සෙයක් හැඟේ. එවන් ගීතයකින්,ගුණදාස කපුගේ පිළිබඳව වූ මෙම අනුස්මරණ ලිපිය ආරම්භ කරන්නට මා සිත් යොමු වූයේ මන්දැයි ඔබ සිත් හි  කුකුසත් ඇතිවනු  නිසැකි.

එය  1988 මාර්තු 07 වැනි දින  සරසවි  සිසු අරගලයේදී ඝාතනයට ලක්වූ ත්‍රීමාවිතාන ඇතුළු    ශිෂ්‍ය සමුහයක්  වෙනුවෙන්, ගැයෙන  සංවේදී ගීතයකි. වැහිලිහිණියෝ ගීතය

මහින්ද දිසානායකයන්ගේ පද රචනයට,  තමන් නිර්මාණය කළ තනුවක දවටා,තම   කම්පන ප්‍රසංගයට, ගුණදාස කපුගේ,කම්පිත ස්වරයෙන් ගායනා කරන ලද්දකි.

ගුණදාස කපුගේ නම් වූ ඒ  සොඳුරු මිනිසාගේ, මුළු මහත් ජීවිතයම ශෝකාලාපයක් විය. තත්  ගීතය ශ්‍රවණයේ දී,  ජීවන මංතලාවේ ඔහුට උරුම වූ, අති ශෝචනීය කටුක  සෝභාවයද උද්වහනය වන සෙයක් හැඟෙයි. එම ගීතයේ පදවැලක්  ,ඔහුගේ ජීවන වෘත්තාන්තයේ  ආරම්භක සිත්තම ලෙසින් යොදා ගැනීමට  අදහස් කළේ , ඔහු සිත්හි නිරතුරු  නින්නාද වූ ,සංවේදීතාව මූර්තිමත් කිරීම උදෙසාය.

මට මගේ යොවුන් වියේ සිටම ,මෙම  ගුණවත් සුමිතුරා  සමග  සමීප ඇසුරක්,ළෙන්ගතු සබඳතාවක් පැවැත්වීමට අවකාශය සැලසිණි. ඔහුත් මාත්,  හැත්තෑව දශකයේ මුල් භාගයේ, ජාතික ගුවන් විදුලියේ රාජකාරියට පිවිසෙන්නේ එකටය.ඒ , එදවස  ගුවන් විදුලි වැඩසටහන් ශබ්ද පරිපාලකයින් ලෙසිනි. අවංකත්වය,නිර්ව්‍යාජත්වය ,අන්‍යයන්ගේ දුකේදී නොපැකිළව පිළිසරණ වීමට ඉදිරිපත් වීමේ ස්වභාවය ඔහුගේ චරිතාංගය තුළින් මා විනිවිද දුටු  ,අති දුර්ලභ මානව ගුණාංගයන්ය.  සරසවි සිසුන්ගේ අරගල ,සමාජයේ පීඩිත  ජනකොටස්වල ජනහමු   ,කපුගේ නිරතුරු ගැවසී ,රැදුණු , දැකගැනීමට ලැබුණු ස්ථානයන් විය.

දක්ෂිණාංශික රජයන් පැවති යුගයන්හි, ඔහු අවස්ථා කිහිපයකදීම ,ගුවන් විදුලියේ වැඩ තහනමට බඳුන් වී සිටි වෘත්තීය වේදියෙකි .රැකියාව අහිමිව හුදකලා වූ ඔහු,සිය පාළුව සාංකාව දුරු කර ගැනීම උදෙසා වඩ වඩාත් මධු විත සහ ගී විත  වෙත සමීපවූ සෙයක් දුට හැකිය. මධු විතට ලොල්වීම ,පසුකාලයේ  අකල් වියෝව කරා ඔහු  යොමු කිරීමට,   මඟපෙන්වූ සෙයකි.

<p “>දක්ෂිණාංශික රජයක් පැවති,1993 අගෝස්තු 15 වන දින ,මා ජාතික ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය භාර ගන්නා අවස්ථාවේ ,ගුණදාස කපුගේ සහ අමරසිරි පීරිස්, වැඩ තහනමට බඳුන් වී සිටියහ.මම  ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ලිපිගොනු ගෙන්වාගෙන පරීක්ෂා කිරීමට යහුසුළු වූවෙමි.ඔවුන් වැඩ තහනමට ලක්කර ඇත්තේ,නිර්නාමික පෙත්සම් කිහිපයක් මත බැව් නිරීක්ෂණය විය.යම් යම් පුද්ගලයින් විසින්,එම ශිල්පින් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද,චෝදනාවන්හි සත්‍යතාවක් නොමැති බව,කරුණු සොයා බැලීමේදී අනාවරණය විය.මම  ඔවුන් යළි වහා  සේවයෙහි  ස්ථාපනය කිරීමේ ලිපි අත්සන් කර , මාතින්ම ඒවා එම දෙදෙනාට භාරදීමට කටයුතු කළ අයුරු සිහිපත්වේ.

ඇල්ලමුල්ල කපුගේ ගුණදාස  නොහොත් ගුණදාස කපුගේ ජන්ම  ලාභය ලබන්නේ1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ, ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ගම්  පෙතකය.  අට දෙනෙකුගෙන් යුත් පවුලක,ඔහු උපත ලබන්නේ පවුලේ දෙවනියා ලෙසිනි.එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය ඔහු ගේ මුල්ම පාසලය.එහිදී පස්වන  ශ්‍රේණියේ  ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් හේ  කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍ය ලැබීය. ඔහු සිය පාසැල් අධ්‍යාපනය නිම කරන්නේ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.

කපුගේ සිය මව සමග

කපුගේ සිය මව සමග

ගුණදාසයන්ගේ ජීවන සහකාරිය වන්නේ,පොළොන්නරුව නිජබිම කර ගත්  ප්‍රේමාවන්ය. ඇය රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් මෙන්ම,උපාධිධාරී ගුරුවරියක් ද වුවාය. මිත්‍ර,රිද්ම සහ සජාණි ,එම දෙපළගේ දූ දරුවන් වීමේ  භාග්‍ය ලදහ.

කපුගේ සිය මව සමග

Image Source – facebook.

1963 දී රජයේ ලලිත කලා ආයතනයෙන් ද,1965 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත ආයතනයෙන් ද හෙතෙම සංගීතය පිළිබඳව පශ්චාත් අධ්‍යාපනය ලැබීමට සමත්වේ.1969 වසරේදී ඔහු සිය  අධ්‍යාපන කටයුතු නිමවා,භාරතයේ සිට සිය  මව් බිමට සැපත්  වන්නේ සංගීත විශාරද උපාධිය හිමිකර ගනිමිනි.

1970  වර්ෂයේදී ගුවන් විදුලි සංස්ථාවේ  ශබ්ද පරිපාලකයකු ලෙසින් හේ සිය ජීවන වෘත්තීය  ආරම්භ කළේය. 1981 දී රජරට සේවයේ  සංගීත අංශයේ ප්‍රධානියා වශයෙන් ද, පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසද,සේවය කිරීමට ඔහුට අවස්ථාවන්  උදා විය.එහිදී ඔහු විසින්,සංගීත ක්ෂේත්‍රයේ සිදුකළ නව්‍ය අත්හදා බැලීම්  ඇසුරෙන් නිෂ්පාදිත ගුවන් විදුලි වැඩසටහන්,රජරට ජනතාව,බෙහෙවින්  ආකර්ෂණය කර ගැනීමට  සමත් විය.  ප්‍රාදේශීය සේවාව මගින් ,රජරට ජනතාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ කපුගේ  1990 වසරේ ජනවාරි 29 වැනිදා රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවෙන්නේ දේශපාලන බලපෑම් හේතුකොට ගෙනය.

ගුණදාස කපුගේ සංගීත විශාදරයාගේ ,නොනිමි  සෞන්දර්ය චාරිකාව.

මිනිස් වර්ගයාගේ සිත් සතන්හි,සහකම්පනීය තේමාවන්   ගැඹුරින් ස්පර්ශ කරවන සුළු ගීත ගායනයෙහි නිරතව සිටි ගායකයෙක් ලෙසින් ගුණදාස කපුගේ මහත් ඇගයීමට බඳුන්වේ .

ගුණදාස කපුගේ ගැයූ මුල්ම ගීතය වන,“දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා”,මෙතෙක් ඉහළම ශ්‍රාවක ප්‍රතිචාරයක් ලද ගීතය ලෙසින් සම්මානිතය.

අසාධාරණතා හමුවේ තැලෙන පොඩිවෙන  ජනතාවගේ  හිත සුව පිණිස ,අයුක්තියට එරෙහි  විරෝධතා, සමාජ  යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට ගුණදාස කපුගේ කලා ශිල්පියාණන් ගත් උත්සාහය අති උදාරය.

පිය සෙනෙහස අහිමි  දරුවන්ට සෙවන දෙන මව්වරුන්,  අසම්මත ආදර සබඳතාවල මිහිරි හා කටුක  කඳුළු බිංදු , තම තරුණවිය ඉක්මවූ,දිවියේ සන්ධ්‍යා භාගයේ දී වෙන් වන පෙම්වතුන් , මෙම කුරිරු ලෝකයෙන් බැහැරවී , වන පෙතක කටු පඳුරු ඇසුරේ  නවාතැන් සොයන උලලේනා වන් විවිධ තේමා රසික අධ්‍යාත්මයට සමීපකරවන සුළු  ගීත හේ   ගායනා කළේය.

බිරිඳ මගේ ඔබ (නන්දා මාලනී සමඟ)

ජාතීන් අතර සංහිදියාව  කේන්ද්‍රීයව,කපුගේ විසින් ගායනා කළ ගී සමුදාය ,යුග යුග  රසික දන,තදින්ම ආකර්ෂණය කර ගැනීමට සමත්වේ .

ජාතීන් අතර සංහිදියාව තිර කරන්නට කපුගේ දැරූ ප්‍රයත්නය.

සිංහල සිදු කියන කිරිල්ලී …

දුක් විදින මිනිසුන් වෙනුවෙන්,  කපුගේ සිය ගායනා කෞශල්‍යය තුළින් ,වර්ණවත්ව සිත්තම් කළ ගීත ගඟුලේ ,ගී වැල් තේමාවන් රාශිය අතරින්, අතලොස්සක් මෙසේ පෙළගස්වා දැක්විය හැකිය.

දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, දම් පාටින් ළා සඳ බැස යනවා (මාලනී බුලත්සිංහල සමඟ), නාඹර ගොයමට, උන්මාද සිතුවම් (එක්ටැම් ගේ චිත‍්‍රපටයේ) වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට ඔහු  සමත් විය .

“දවසක් පැළ නැති හේනේ” සහ “දම් පාටින් ලා සඳ බැස යනවා” ගීතයන් මම පළමු වරට ගුවන් විදුලියෙන් ඇසුවේ මා තරුණ වියේදීය.

පළමුවැන්නෙන් සංහිඳියාවත්, දෙවැනි ගීතයෙන්  වෙන්වීමේ දුක්ඛ දෝමනස්සයත් සපුරා  ද්වනිතවේ.එම ගීතයන් මා සිත්  ආකර්ෂණය කළේ පද මාලාව  හෝ තනුවට වඩා ඔහුගේ ආකශ්මික,ගැඹුර හා සබැඳි ලයාන්විත   කටහඬ නිසා ය.

ගුණදාස කපුගේ සහෘදයාගේ ජීවනය ,සියලු බාධක බිද ගලනා ගංගාවක් ගීතය  අපට සිහිපත් කරනා සුළුය.

දවසේ කරදර කරපිට, කරගල ගගා ඉන්න, සබද අපි කඳු නොවෙමු හා බිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත තුළින් මෙරට පීඩිත ජනතාවගේ සිතුම් පැතුම් නිරූපනය කරන්නට කපුගේ දක්වා ඇත්තේ මහත්ම සාමාර්ථයකි.ඔහු රසිකයින්ගේ මනදොළ සපුරනු  උදෙසා, සීතල සඳ එළියේ , උන්මාද සිතුවම් , ඉරබටු තරුව හා සඳ රෑ සිහිනේ තේමා යටතේ කැසට් කිහිපයක් ද නිෂ්පාදනය කිරීමට මුල්විය.

තුරඟ සන්නිය, පරපුටුවෝ, නන්දි විසාල, තාරාවෝ ඉගිලෙති හා සසර සෙවනැළි වැනි වේදිකා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණහි යෙදෙමින් ඔහු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි උන්නතියටද දායකත්වය ලබා දුනි.“සඳා”, රතු මකරා, මාල ගිරවී, චුට්ටි, පුතුනි මට සමාවන්න, බව දුක හා භවකර්ම චිත්‍රපට සඳහා,සංගීත අධ්‍යක්ෂණයෙන් හෙතෙම  තම දායකත්වය ලබාදී ඇත.

ගුණදාස කපුගේ  ලද හරසර,  උපහාර.

ඔහු වෙත පිරිනැමුණු සම්මාන රාශිය අතරෙන්,කීපයක් මෙහිදී මගේ මතකයට නැගේ. ස්වර්ණ සංඛ සම්මානය, සරසවි සම්මානය, හොඳම ගායකයා ලෙසින් 1997 ජනාධිපති සම්මානය 1997 OCIC සම්මානය ,ඔහු විසින් පිදුම් ලද සම්මාන රාශිය අතරින් කිහිපයකි

2003 වසරේ බක් මාසය උදා වූයේ,මෙම අසහාය ගායකයා වෙත අභාග්‍ය කැන්දවමිනි.එම වසරේ   අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදීසි අනතුරකින් හෙතෙම  තුවාල ලැබීය.රෝහල් ගත කෙරෙන ඔහු , අවාසනාවන්ත ලෙස මියැදෙන්නේ  දේශීය  කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි ඛේදනීය  හිඩැසක් ඉතුරු කරමිනි.

සිංහල ගීත කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ ගුණදාස කපුගේ සුමිතුරු සහෘදයාණෙනි ,ඔබ  තවමත් ජිවතුන් අතර නැති බව අප රසිකයින්ට නොදැනේ.නොහැගේ . ඔබගේ භාව පුර්ණ  හද කම්පනීය ගී  ගඟුලැල්ල, යුග යුග ඔබ   ජීවමානිතව රඳවනු නියති.නිසැකි.

ඔබ පිය සටහන් මැකී නොමැත.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:ගුණදාස කපුගේ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Zeenath SLRC FEMALE ENGLISH NEWS ANCHOR, ZEENATH BONGSO DAUGHTER OF SENIOR ENGLSH ANCHOR IN SLRC FAIZAL BONGSO FOR THREE DECADES FROM 1985 TO 2016 ESTABLISHING A GLOBAL RECORD PRESENTING NEWS TOGETHER AS FATHER AND DAUGHTER REMINISCED – By Sunil Thenabadu
Next Article sunday choice (3) SUNDAY CHOICE – PRAISE THE LORD – He took my place at Calvary – by Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
What's New at the Foundation of Goodness

What’s New at the Foundation of Goodness

Our Foreign Minister who molded us-by Admiral Ravindra C Wijegunaratne

Darwin Test Match-A Concise Summary of Day Two from an English Aficianado

Darwin Test Match: A Concise Summary of Day Two from an English Aficianado

Kandy Perahera

Dalada Perahara-by Gamini Kariyawasam

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Related News
A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience-eLanka
Articles Michael Roberts

A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience

Sri Lanka Cambodia relations, Sri Lanka Cambodia diplomatic relations, Sri Lankan Embassy Cambodia, Sri Lanka Honorary Consulate Phnom Penh, Honorary Consulate Sri Lanka Cambodia, Pily Wong Honorary Consul, E.A.S. Wijayanthi Edirisinghe, Sri Lankan community in Cambodia, Sri Lankans in Cambodia, Sri Lanka Cambodia trade, Sri Lanka Cambodia investment, Sri Lanka Cambodia tourism, Sri Lanka Cambodia bilateral relations, Sri Lanka Cambodia diplomatic cooperation, Sri Lankan nationals abroad, Phnom Penh Sri Lanka, Sri Lanka Cambodia business opportunities, Sri Lanka Cambodia cultural cooperation, Sri Lanka Cambodia tourism cooperation, Sri Lanka Cambodia bilateral consultations
Articles

Sri Lanka and Cambodia Deepen Ties, Strengthening Support for Sri Lankans Abroad

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Sri Lankan Youth Leader Shukri Salman Honoured as ‘Youth Ecosystem Builder’ at Youth Top 40 Awards

HUTCH Sri Lanka
Articles

HUTCH Bridges Sri Lanka’s Digital Divide, Bringing Connectivity to More Rural Communities

Sri Lanka poultry industry sustainability
Articles

Sri Lankan Poultry Producers Honoured as Global Sustainability Leaders at Soy Connext 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.