News & Community eLanka

eLanka

Friday, 21 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr Gamini Goonetilleke

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 25, 2024 2:51 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 54

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : apkpure

ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට ,පෙර දවස ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි .

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : genspark

තෝකියෝ ජාතික පුස්තකාලය.

පුස්තකාලයේ පොත් රාක්ක පිරික්සමින් සිටි මා දෙනෙත එක එල්ලේ ම යොමු වුයේ   “කොයිජිකි” නම් වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබු පුස්තකයක් කෙරෙහිය. ග්‍රන්ථයේ නමට පහළින්මුද්‍රණය වී තිබු , “ජපානයේ ඉතිහාසය පිළිබදව ලියැවුණු මුල්ම හා පැරණිතම ග්‍රන්ථය “යන සටහන ,තත් කෘතිය කියවා බැලීමේ රුචිය මා සිත් හී දැල්වූ සෙයක් මට හැගිණි. එසැනින් අපේ මහා වංශය ද මට සිහිපත් විය. වර්ෂ 712 දී ලියැවී ඇති මෙහි කතුවරයා , ජපන් අධිරාජ්‍යයාගේ ඉම්පීරියල් මාලිගාවේ රාජ්‍ය සේවකයකුවූ ඔනෝ යසුමරෝය.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : amazon

කොයිජිකි” කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය.

මෙම මාලිගයේ එවකට ජීවත් වූ 43 වන ජපන් අධිරාජ පෙන්වෙයි ගේ ආරාධනය මත හෙතෙම මෙම ඉතිහාස කෘතිය ලිවීමට පෙලබී අති බව සදහන්වේ.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : allabout-japan

ජපන් අධිරාජ්‍ය පරපුරේ විකාශනය, ජපානයේ ජන විශ්වාස, ඇදහිළි, මුඛ පරම්පරාගතව පැවතී වෘතාන්ත ,දේශීය චිකිත්සා ආදී ඉපැරණි තොරතුරු “කොයිජිකි “ කෘතියෙහි මැනවින් සංගෘහිතව තිබිණි. ගෞතම බුදුන්වහන්සේ ලොව පහළ වීමට ද පෙර , ජපානයේ ඈත අතීතයේ සිට ප්‍රචලිතව පැවතී, ආශ්චර්යමත් අන්දමින් රෝග සුවපත් කිරීමේ ශිල්පයක් පිලිබදවවූ වාර්තාවක් මෙම ග්‍රන්ථය අධ්‍යයනයේදී මගේ දැඩි අවධානයට යොමු විය. “ජින් ශින් ජුත්සු “ නම්වූ දැගිලි මුද්‍රාවන් සහ ඇගිලි තුඩු එකිනෙක ස්පර්ශයෙන් හා තෙරපීම තුළින් ද්වනිත වන ස්නායු කම්පනයෙන් විවිධ රෝගාබාධ සහ වේදනාවන් සුවපත් කිරීමේ පාරම්පරික විශ්මිත චිකිත්සාවක් ජපානය පුරා ව්‍යාප්තව පැවතී බව එම වාර්තාව තහවුරු කරයි. ජපන් බසින් “ ජින් ශින් ජුත්සු “යන්නෙහි සමස්ත අර්ථය දයානුකම්පාව හා දැනුම මුලිකව , දෑගිලි තෙරපීමෙන් සුවතාව සලසන ශිල්පය යන්නයි.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : jinshinmidcoast 

ජිරෝ මුරයි

ඔහුගේ ශිෂ්‍යාවක වූ මේරි බර්වෙස්ටර් 1950 වසරේදී මුළු යුරෝපාකරයටම මෙම ශිල්ප ක්‍රමය හදුන්වා දීම පිණිස පුරෝගාමීව කටයුතු කළාය. වර්තමානයේ ආසියාතික රටවල පමණක් නොව ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ සංවර්ධිත රටවල බටහිර වෛද්‍යවරු පවා ,ඇතැම් රෝග සුවපත් කිරීම පිණිස “ජින් ශින් ජුත්සු “ චිකිත්සාව භාවිතා කරති.කෙන්ටකි විශ්වවිද්‍යාලයේ බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසින් පිළිකා රෝගයෙන් පෙළුණු රෝගීන්ගේ ඔක්කාරය,වේදනාව සහ මානසික ආතතිය දුරලීම පිණිස මෙම චිකිත්සාව භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලබා ඇති බව වාර්තාවේ.“ජින්ශින් ජුත්සු “ ශිල්පය ලොව මුළුල්ලේ බෙහෙවින්ම ජනප්‍රියව පැවතියද , ඒ පිලිබදව මෙරට ජනතාව අතරෙන් වැඩි පිරිසක් තුළ අල්පමාත්‍ර හෝ දැනුමක්,අවබෝධයක් නොමැති බැව් හැගේ. මෙරට ජනතාවට, ඉතාමත් සරල වූ මෙම චිකිත්සාව හදුන්වා දීම තුළින් , ඔවුහු යහපත් නිරෝගීමත් දිවියකට නැබුරු වනු නිසැකය.

නවීන විද්‍යාත්මක පර්යේෂණයන්හී අරුණළු ලොව පැතිරෙන්නට පුර්වයෙන්වූ යුගයක (ගෞතම බුදුන්වහන්සේගේ උපතට ද පෙර සිට) ජපානයේ පැරැන්නන් , මිනිස් සිරුරේ අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය පිලිබදව නිවැරදි පුළුල් අවබෝධයකින් පසුවූ බැව් , “ජින් ශින් ජුත්සු” ශිල්පයේ මුලධර්ම පිරික්සීමේදී මොනවට පැහැදිලිවේ. වත්මන් විද්‍යා පර්යේෂකයින් ද සනාථ කර ඇති පරිදි මොලය හා දැගිලි අතර මෙන්ම දැගිලි අතර සහ ශරීරයේ ප්‍රධාන අභ්‍යන්තරික ඉන්ද්‍රිය පද්ධතිය අතරත් අති සියුම් ස්නායු සම්බන්ධතාවක් පවතින බවට ඔවුන් තුළ ගැබුරු අවබෝධයක් පැවතිණි. අතක සෑම  ඇගිල්ලක් ම මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය යුග්මයක් හා ඍජුව බැදී පවතී. ඒ අනුව මාපටගිල්ල උදරය හා පිලාවට ද,දබරැගිල්ල වකුගඩු හා මුත්‍රාශයට ද,මැදගිල්ල අක්මාව හා පිත්තාශයට ද,වෙදැගිල්ල පෙනහළු හා මහා බඩවැලට ද,සුලැගිල්ල හදවත හා කුඩා බඩ වැලට ද සම්බන්ධව පවතී.

කායවිච්ඡේද විද්‍යාව අනුව මොළයෙහි ප්‍රධාන කලාප තුන ලෙස සැලකෙන පෙර මොලය, මැද මොලය සහ පසු මොලය යන කලාපයන් සමග දෑතේ ඇගිලි අතර ඍජු සම්බන්ධතාවක් පවතී.

වමතේ ඇගිලි සහ මොලයේ ඍජු සම්බන්ධතාවය.

වමතේ ඇගිලි සහ මොලයේ ඍජු සම්බන්ධතාවය.

යමක් හදුනා ගැනීම සදහා සංවේදී වන මොළයේ පෙර (පුර්ව) කලාපය සමග වමතේ සුලැගිල්ල (5) ද ශබ්දය පිලිබදව සංවේදීතාව රැදී මොළයේ මැද කලාපයේ මුල් කොටස සමග වමතේ වෙදැගිල්ල (4) ද, ස්පර්ශය පිලිබදව සංවේදීතාව දක්වන මොළයේ මැද කලාපයේ දෙවන කොටස වමතේ මැදගිල්ල (3) සමග ද, පරිකල්පන ශක්තිය මෙහෙයවන මොලයේ පසු කලාපයේ පුර්ව කොටස වමතේ දබරැගිල්ල (2) සමග ද, නායකත්වය උදෙසා සංවේදීතාව දක්වන මොලයේ පසු කලාපයේ අපර කොටස වමතේ මාපටගිල්ල  ( 1) සමග ද අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී ක්‍රියා කරන බව හෙළිවේ.

දකුණු අතේ ඇගිලි සහ මොලයේ ඍජු සම්බන්ධතාවය.

දකුණු අතේ සුලැගිල්ල(5) නිරීක්ෂණය උදෙසා සංවේදී මොළයේ පුර්ව කලාපය සමග ද, දකුණු අතේ වෙදැගිල්ල(4)වාග් කෞශල්‍ය කෙරෙහි සංවේදීතාව දරන මොළයේ මැද කලාපයේ පුර්ව කොටස සමග  ද , දකුණු අතේ මැදගිල්ල (3) , පාලනය උදෙසා සංවේදීතාව දක්වන මොළයේ මැද කලාපයේ අපර කොටස සමග ද, දබරැගිල්ල (2) තර්කනය උදෙසා සංවේදීතාවක් දක්වන මොළයේ පසු කලාපයේ මුල් කොටස සමග ද, මාපටගිල්ල (1)කළමනාකරණය පිලිබදව සංවේදී, මොළයේ පසු කලාපයේ අපර කොටස සමග ද අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී ක්‍රියාත්මක වේ.

සිරුරේ සියලුම ශෛල වෙත ජීව ශක්තිය ගලා යන මාර්ග එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවහිර වීමෙන් වේදනාව සමග විවිධ රෝග ප්‍රභවයන් සිදුවේ. රෝගීවූ අභ්‍යන්තර ඉන්ද්‍රිය හා සබැදී පවත්නා නියමිත ඇගිල්ල “ජින් ශින් ජුත්සු “ ශිල්පය මගින් නිර්දේශිත මුද්‍රාවක් මගින් තෙරපීමට බදුන් කර සියුම් කම්පනයක් ජනනය කිරීමෙන් අබාධය පිටුදැකිය හැකිවේ. මෙහිදී අදාළ ඇගිල්ලට සම්බන්ධිත මොලයේ නිශ්චිත කලාපය ද උත්තේජනයට පත්වීම තුළින් වේදනාව හා රෝගය සුවපත් වීම කඩිනම්වේ.

“ජින් ශින් ජුත්සු“ කම්පන තාක්ෂනය මගින් රෝබිය පිටුදැකීම පිණිස හදුන්වා දී ඇති මුද්‍රා රාශිය අතරින් අතිශයින් වැදගත් මුද්‍රා කිහිපයක් ඔබ පරිශීලනය සදහා පහත පෙළ ගස්වා දැක්වීමට අදහස් කළෙමි.

01.ගයන් මුද්‍රාව; මෙම මුද්‍රාවේ පෙන්වාදී ඇති පරිදි ඇගිලි හැසිරවීමෙන් මානසික ඒකාග්‍රතාවය,ස්මරන ශක්ති වර්ධනය, දැනුම හා අවබෝධය පුළුල් වීම ද සිදුවේ.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : pinterest

දෑතේ මාපටගිලි තුඩෙන් දබරගිලි තුඩුව තෙරපීම ගයන් මුද්‍රාව සේ සැලකේ.

02. වායු මුද්‍රාව; සන්ධි ප්‍රමේහය,රක්ත වාතය, පාර්කින්සන් රෝගය,අංශ භාග වන් රෝග නිවාරණය සදහා වායු මුද්‍රාව නොවරදින ප්‍රතිකාර විධියක් සේ සැලකේ.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : researchgate

දබරැගිල්ල මදක් නවා මාපැටගිලි තුඩුවට සමීපව විරුද්ධ දිශාවට විහිදුවීම වායු මුද්‍රාවයි.

03 .පෘතුවී මුද්‍රාව ; ශරීර දුර්වලතා සමනය කෙරේ.රුධිර සංසරණය හා ජීර්ණ පද්ධතියෙහි මනා ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරේ. ශාරීරික විඩාව සහ මානසික පීඩනය අවම කිරීමට ද මෙම මුද්‍රාව ඉවහල්වේ.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : pinterest

මාපට ඇගිලි තුඩුව හා වෙදගිල්ලේ තුඩුව එකට ස්පර්ශ කර තෙරපීම පෘතුවි මුද්‍රාවයි.

04. අග්නි මුද්‍රාව; තයිරොයිඩ් ග්‍රන්ථීන් උත්තේජනය කර එහි මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම උදෙසා මෙම මුද්‍රාව ප්‍රගුණ කිරීමට නිර්දේශිතය.ශරීර ස්ථුල භාවය අවම කර ගැනීමටත් ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය උදෙසාත් අග්නි මුද්‍රාව ප්‍රශස්ත මෙහෙවරක් සලසයි.

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය

Image Source : facebook

වෙදැගිල්ල නමා, එහි දෙවන පුරුක මත මාපටගිල්ලේ තුඩ තබා තෙරපුමට ලක් කිරීම අග්නි මුද්‍රාව සේ සැලකේ.

05. වරුණ මුද්‍රාව; දෑසේ දීප්තිය වඩාලයි.රුධිර සංසරණය විධිමත් වීම සහ දද කුෂ්ඨ සුවපත් කිරීමෙහිලා ද මෙම මුද්‍රාව යහපත් මෙහෙවරක් සලසයි .මෙලනින් වර්ණක ශෛලවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් අන්දමින් පාලනය කර චවි වර්ණය පැහැපත් කරලයි.වියපත් වුවද තරුණ පෙනුම රැකගැනීමට ද වරුණ මුද්‍රාව ඉවහල්වේ.

සුලැගිල්ල හා මාපටගිල්ලේ තුඩු එකිනෙක ස්පර්ශ කරමින් තෙරපීමට ලක් කිරීම වරුණ මුද්‍රාවේ ස්රූපයයි.

06.ශුන්‍ය මුද්‍රාව; මෙය ශ්‍රවනේන්ද්‍රියේ ව්‍යාකුලතා පිටුදැකීම සහ කණේ වේදනාවන් දුරලීමට ද සමත් මුද්‍රාවක් සේ සැලකේ.

මැදගිල්ල නමා ඒ මත මාපැටගිල්ල  තබා තෙරපුමට බදුන් කිරීම ශුන්‍ය මුද්‍රාවයි.

07. ප්‍රාණ මුද්‍රාව; ශාරීරික ප්‍රබෝධය සහ ශරීර ශක්තිය උපරිම මට්ටමකට සලසා ගැනීම පිණිස ප්‍රාණමුද්‍රාව උපයෝගීවේ. දිවා කාලයේ කාර්යාලයේ හෝ දේශන ශාලාවේදී දෑසේ තැවරෙන නිදිබර ගතිය දුරලන්නට මෙම මුද්‍රාව බෙහෙවින්ම උපයෝගී කරගත හැකිය.ප්‍රාණ මුද්‍රාව නිරතුරු ප්‍රගුණ කිරීමෙන් ,සිරුරේ ප්‍රතිශක්ති ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට ද අවකාශ සැලසේ.

වෙදගිල්ලේ හා සුලැගිල්ලේ තුඩු මදක් දබරැගිල්ල දෙසට නමා දබරගිල්ලේ තුඩ තෙරපීම ප්‍රාණ මුද්‍රාවේ ස්වරූපයයි.

08.අපනු වාය මුද්‍රාව; හදවත් මාංශ පේශීන් ශක්තිමත් කරමින් ,හදවතේ නිරෝගී භාවය පවත්වා ගෙනයාම සදහා මෙම මුද්‍රාව අතිශයින්ම උපයෝගී වන බැවින් මෙම මුද්‍රාව හදවත් මුද්‍රාව ලෙසින් හැදින්වේ.

මැදගිල්ලේ සහ වෙදගිල්ලේ තුඩු ,මපැටගිල්ලේ මුල ස්පර්ශ කරමින් තෙරපුමට ලක් කිරීම අපනු වාය මුද්‍රාවයි.

finger

9. ක්ලේස්වර මුද්‍රාව; මනස සන්සුන් කිරීමේ හා චිත්ත වේග ලිහිල් කිරීමේ අපුර්ව හැකියාවක් මෙම මුද්රාව තුළ ගැබ්ව ඇත.

දෑතේ මාපැටගිලි දෙක එකට තබා, දබරගිලි දෙක මැද පුරුක් වලින් නමා, මැදගිලි දෙක ඉහලට ව්හිදුවා  එහි තුඩු එකිනෙක තෙරපීම සහ වෙදැගිල්ල හා සුලැගිල්ල මැද පුරුක් වලින් නැමූ විට ක්ලේස්වර මුද්‍රාව නිරුපණයවේ.

10. සුර්ය මුද්‍රාව; තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වය සහ සිරුරේ අධික ස්ථුල භාවය පිටුදැකීමට මෙම මුද්‍රාව උපයෝගීවේ.

වෙදැගිල්ල නමා මපැටගිල්ලෙන් වෙදැගිල්ල තෙරපීමට බදුන් කිරීම සුර්ය මුද්‍රාවේ ස්වරූපයයි.

මෙම සියලුම මුද්‍රාවන් ප්‍රගුණ කරන අවස්ථාවල නිරන්තරයෙන්ම , ආශ්වාස හා ප්‍රශ්වාසය වෙත සිය ස්මෘතිය යොමු කර ගෙන සිටීම අතිශයින්ම වැදගත්වේ. මුද්‍රාවන් සදහා ක්‍රියත්මක කෙරෙන ඇගිලි හැර සෙසු ඇගිලි ඍජුව තබා ගැනීම ද අවශ්‍යවේ.

finger

“ජින් ශින් ජුත්සු “ ශිල්පයේ ඉහත සදහන් මුද්‍රාවන්ට අමතරව, විවිධ රෝග සුවපත් කර ගැනීම උදෙසා, එක් අතක ඇගිලි වෙන් වෙන් වශයෙන් අනෙක් අතින් තදින් අල්ලා තෙරපීමේ ක්‍රමවේදයක් ද හදුන්වා දී ඇත. ඒ අනුව මාපටඇගිල්ල තෙරපීමෙන් නින්ද නොයාම, හිස රදය ,ආතතිය පිටුදැකීමටත් ,මස් පිඩු වේදනාව හා ජීර්ණ පද්ධතියේ විවිධ අකර්මන්‍යතා සුවපත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. දබරැගිල්ල තෙරපීමෙන් මුඛ රෝග, මුත්‍රාශ,වකුගඩු අබාධ,අධික රුධිර පීඩනය කොන්දේ වේදනාව ආදී රෝගයන් ගෙන් අත්මිදීමට අවකාශ සැලසේ.මැදගිල්ල තෙරපීමට බදුන් කිරීමෙන් පිත්තාශ හා අක්මාව ආශ්‍රිත රෝග ද, රුධිර පීඩනය මානසික අසහනය හා ශාරීරික විඩාව පිටුදැකීමට ද හැකිවේ. පෙනහළු රෝග හා ආශ්වාස අවහිරතා සුව කර ගැනීම පිණිස වෙදගිල්ල තෙරපීමට ලක්කළ යුතුවේ. සුලැගිල්ල තෙරපීමෙන් හදවත් රෝග,ස්නායු දුර්වලතා හා ආතතිය සුවපත් කර ගත හැකිය.

“ජින් ශින් ජුත්සු “ජපන් සම්ප්‍රධායික මුද්‍රාවන්ට බෙහෙවින්ම සමාන හස්ත මුද්‍රා පද්ධතියක් ක්‍රි.පුර්ව 300-1900 කාලවකවානුවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර ආරම්භක යුගයේදී පැවති  බවට ඓතිහාසික සාධක පවතී..ෛවදික යුගයේදී භාරතයේ අතිශයින්ම භාවිතයට පත් යෝග මුද්‍රාවන් කිහිපයක් , ජපන් සම්ප්‍රධායික මුද්‍රාවන් හා සමානතාවයක් දක්වන් බව ද මෙහිදී සදහන් කළ යුතුව ඇත.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්කොයිජිකිජිරෝ මුරයිතෝකියෝ ජාතික පුස්තකාලයදෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Read This Inspirational Story About A Woman’s Final Request To Her Pastor. – By Charles Schokman
Next Article Ambika Samuel-eLanka New female MPs determined to usher in new era of governance-by Kamanthi Wickramasinghe
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Prashanthini

Soundarie David & Band MAYA to present அன்றும் இன்றும் (Andrum Indrum – Then and Now)’, Celebrating the Timeless Journey of Tamil Cine Music!

Sri Lanka most positively viewed South Asian country

Sri Lanka Emerges as South Asia’s Most Positively Viewed Country in New Pew Research Study

nanda malani

Nanda Malini: Sri Lanka Remembers a Golden Voice and an Enduring Musical Legacy

Proton enters Sri Lanka

Malaysian Auto Brand Proton Enters Sri Lanka’s Automotive Marke

Sathis Abeywickrama Flexo Avenger

Sri Lankan Printer Sathis Abeywickrama Honoured as a ‘Flexo Avenger’ at Flexo Summit Asia 2026

Related News
Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments 01
Articles

Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments

Lankans Around the World-eLanka
Articles Dr Harold Gunatillake

Lankans Around the World: Celebrating Sri Lankan Community in Sydney-by Harold Gunatillake

Kaleidoscope with Savithri Rodrigo-eLanka
Articles Savithri Rodrigo

Today – Casting the First Stone, the ultimate supper, space exploration and more!

Medicine safety ‘lost in translation’ for many Australians-eLanka
Articles

Medicine safety ‘lost in translation’ for many Australians

Get Ready Weekend 2025
Articles

MEDIA RELEASE: Residents urged to get bush fire ready this spring

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.