News & Community eLanka

eLanka

Sunday, 7 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: June 11, 2025 10:17 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE
Views: 17

නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

greata

Image Source : vow.lk

“මුනී නන්දන සිරිපාද වඳිම් – සමනල කන්දේ …”  යන අමරණීය ගීතයෙන් යුග යුග  අප දෙසවන් ප්‍රීනනය කළ ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනිය පසුගියදා සිය දිවිසැරියෙන් සමුගත්තාය. ඇය මීගමුව කට්ටුව ප්‍රදේශයේ ජන්ම ලාභය ලබන්නේ 1926 මැයි මස හයවෙනිදාය. 1945 වසරේ හෙන්රි ලුකස් රණසිංහ මහතා සමග විවාහවූ ඇය,දරුවන් පස්දෙනකුගේ  මවක වුවාය.

අට හැවිරිදි වියේදී  මොහිදින් බෙග් සමග පළමු යුග ගීතය ගායනා කිරීමෙන් ඇය සංගීත ක්ෂේත්‍රයේ වාර්තාවක් තබන්නීය.

සිංහල ග්‍රැමෆෝන් යුගයේ,හා පුරා කියා සිය කටහඬ තැටියකට නැංවූ  පළමු ගායිකාව මෙන්ම පළමු බයිලා ගායිකාව ලෙසින්ද,ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය ඉතිහාසයේ අමරණීයත්වයට පත් වේ.

1938 දී ලංකා ෆිල්ම් සමාගමේ ග්‍රැමෆෝන් තැටියකට, “පානා මේ කුරුලන්ගේ හා මෙරුන් වගේ සතර අතින්” යන විරිදු සුරල්ඇය  විසින් පටිගත කරනු ලැබුවාය.

 “මුනී නන්දන සිරිපාද වඳිම් -සමනල කන්දේ…”යන ගීතය,ග්‍රේටා ජෙනට් ද සිල්වා  ශිල්පිනියගේ මධුර ස්වරය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නංවන්නට පාදක විය.

ගුවන්විදුලියෙන් විකාශිත යථෝක්ත ගීතය ශ්‍රාවක පිරිස් වෙත තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන සුළුය. සිරිපා ගමනේ සියලු බැතිමත් අසිරිමත් සිදුවීම් මාලාව සංක්ෂිප්ත තාවයෙන්, සජීවිමත් කෙරෙන සුමට පද සංයෝජනයකින් තත් ගීතය පරිපූර්ණය. ශබ්ද හා ද්වනි මාධුර්යෙන් අනූන මෙම ගීතයෙහි නිබන්ධකයා යූ.ඩී. පෙරේරා (උදුගොඩගේ ධර්මසිරි) ය. ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනිය එම්.කේ. වින්සන්ට් සමග ගුවන් විදුලියෙන් මෙම ගීය මුල් වරට  ගායනය කර ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.

ACTRESS ON STAGE,MINI SCREEN ,FILMS MALEE JAYAWEERAGE AT PINNACLE OF CELEBRITY FOR FOUR DECADES - By Sunil Thenabadu

Image Source : facebook

ඇය ජාතික  ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවකලෙසින් අබිසෙස් ලබන්නීය.

ග්‍රේටා ජෙනට් කොළොම්බියා ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත 30 ට ආසන්න සංඛ්‍යාවක්  ගායනා කරමින් රසික දන හද දිනා ගැනීමට සමත් වූවාය.ඇය මෙම ගීත සමුදාය අතරින්, වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනය කර ඇත්තේ බෞද්ධ තේමාවන් කේන්ද්‍රණය කරගෙනය. ඇය උපතින්ම කතෝලික බැතිමතියක් වුවද, ඇය සිත් සතන්හී නිබදවම බුදු දහම කෙරෙහි දැඩි භක්ති ආදරයක් පැවැති බව පැවසේ. ඇස්. ඩී. ස්ටීවන් සිල්වා,  මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි,වසන්තා සන්දනායක ආදී ප්‍රකට  ගායක ගායිකාවන් රැසක් ,ඇය  සමග යුග ගී ගායනයට සහභාගි වූහ.

ඇය ගැයු ගීත අතර,තවත්  වඩාත් ජනප්‍රිය ගීතයක්  වන්නේ,  “දුල් සල්වනේ ලකල්”යන කන්කළු ගීතයයි.

ඇය  විසින් ඉහත ගීතයට සමානව ගායනා කර ඇති පහත දැක්වෙන ගීතය,නිතර අසන්නට නොලැබෙන   දුර්ලභ ගීතයක් ලෙස සැලකේ.

රසික කැළ සහ කලාකරුවන්ගේ මතකයෙන් ගිලිහුණු ග්‍රේටා ජෙනට්-

ග්‍රේටා ජෙනට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  ඉකුත් මැයි 05 වන දින,  මීගමුව, කට්ටුව පොදු  සුසාන භූමියේදී සිදුකරනු ලැබීය.යුග යුග  සිය ආකස්මික මිහිරි ස්වරයෙන් සුවහස් රසික දනන් සැනහු මෙම අසහාය ගායිකාවගේ අවසන් කටයුතු සඳහා සහභාගී  වී ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත්, ඒ අතර කිසිදු කලාකරුවෙක් හෝ රාජ්‍ය නියෝජිතයෙක් නොසිටි  බවත්  වාර්තාවීම සංවේගය දනවන සුළුය.සුසාන භුමියේදී , ග්‍රේටා ජෙනට්ගේ මිනිබිරියක විසින් කෙරෙන මෙම හෙළිදරව්ව,පහත දැක්වෙන වීඩියෝවෙන් මැනවින් සපතවේ.

greata

සුනිල් වන් අඹරේ සුදිලී, හුදකලාව බැසගිය පුන්  සඳක් වන්,ග්‍රේටා ජෙනට් ද  සිල්වා ශිල්පිනියට ,ඇය ඇදහූ ආගම අනුව, මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කරමු.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ග්‍රේටා ජෙනට් ද සිල්වා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Shaheen Afridi, Jemimah Rodrigues, and Kusal Perera are among over 600 international talents in the Big Bash drafts Shaheen Afridi, Jemimah Rodrigues, and Kusal Perera are among over 600 international talents in the Big Bash drafts
Next Article Sri Lanka elephant road accidents Elephants and Road Safety in Sri Lanka: Understanding the Causes and Crafting Solutions – By Bhanuka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read

The Remarkable Life of Hilda Kularatne: Educator, Reformer and Trailblazer-by Rehan Kularatne

SUNDAY CHOICE – HEN MY SPIRIT IS WEAK - by Charles Schokman

SUNDAY CHOICE – WHEN MY SPIRIT IS WEAK – by Charles Schokman

The Brad & Kiara Show

The Brad & Kiara Show

Book

Analysing The Kandyan Kingdom’s Last Stand against the Might of Great Britain

Windies Cricketers-eLanka

Riveting Test Cricket at Lord’s as Wickets Crumble

Related News
Articles Dr Harold Gunatillake

Reflections on the wonderful visit of Hon. Vijitha Herath to Australia-by Harold Gunatillake

RAJAGALA - THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg
Articles Bernard VanCuylenburg

RAJAGALA – THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg

Articles

Newsletter of Hindu Council of Australia

VACD Australia & Sri Lanka June 2026 Newsletter 01
Articles

VACD Australia & Sri Lanka June 2026 Newsletter

Articles

Stories Behind the Names of Places in Sri Lanka: Badulla – By Nimal Sedera

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.