News & Community eLanka

eLanka

Friday, 4 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පරිණත පරිපාලන වේදියෙක් සහ ලේඛකයෙක් ගේ නික්මයාම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පරිණත පරිපාලන වේදියෙක් සහ ලේඛකයෙක් ගේ නික්මයාම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 2, 2025 5:11 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 43

පරිණත පරිපාලන වේදියෙක් සහ ලේඛකයෙක් ගේ නික්මයාම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

GOOD NEWS COLLECTION NOVEMBER 2025

Image Source : linkedin

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් සහ ප්‍රවීන ගත්  කරුවෙක්වූ , ඩබ්.ඒ.එස්.පෙරේරා  මහතා දිගු කලක් ගිලන්ව සිට,ඉකුත්   ඔක්තෝම්බර් 29 වන දින, සිය දිවිසැරිය නිම කළේය.

රොමියෙල් පෙරේරා ,එන්ගල්තිනා රාජපක්ෂ දෙමහල්ලන්ට දාව,1942 ජූලි 28 වන දින මෙතුමා උපත ලබන්නේ ,ගම්පහ ඉඹුල්ගොඩ ග්‍රාමයෙහිය.  වෑවල අප්පුහාමිලාගේ සෝමපාල පෙරේරා යන නම ලද ඔහු, පසුකාලයේදී  ප්‍රසිද්ධ වූයේ  ඩබ්.ඒ.එස්.පෙරේරා යන නමිනි.                

ගම්පහ අමුණුගොඩ ‍ප්‍රාථමික විද්‍යාලයෙන් මුලින්ම ශිල්ප හදාළ සෝමපාල බාලයා ,ඉන් ඉක්බිතිව ශාස්ත්‍ර  ග්‍රහණය පිණිස, 1951 වසරේදී ගලහිටියාව  මධ්‍යම මහා විද්‍යාලයට ඇතුළත් වෙයි.එහිදී,  උසස් පෙළ විභාගයෙන් ඉහලම සාමාර්ථයක් ලබන ඔහු, 1958 වසරේ කැලණිය විද්‍යාලංකාර සරසවිය වෙත පිවිසේ .සරසවියේදී සිංහල,පාලි සහ අධ්‍යාපන විද්‍යාව හදාරන ඔහු , එහිදී ද පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට සමත් වෙයි. ඔහු පශ්චාත් උපාධි සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය සරසවිය වෙතිනි. අනතුරුව හෙතෙම ,ශිෂ්‍යත්වයක් දිනා,පරිපාලනික විද්‍යා අධ්‍යාපනය සඳහා, ජර්මනියේ ස්පෙයර් විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම් ලබාගති.      

සිය රට පැමිණීමෙන් පසුව, 1970 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට  පිවිසෙන ඩබ්ලිව්. ඒ එස්. පෙරේරා මහතා,පුහුණුවෙන් අනතුරුව, ඉඩම් සංවර්ධන සහකාර අධ්‍යක්ෂ වරයකු වශයෙන් සිය රාජකාරී දිවිය අරඹයි.අනතුරුව ප්‍රාදේශීය ලේකම්,පළාත් පාලන කොමසාරිස්,වරාය සහ නාවික  කටයුතු අමාත්‍යාංශ ලේකම් ,ලංකා විදුලිබල  මණ්ඩලයේ සභාපති වන් උසස් නිලතල රාශියක් හොබවමින්, සුවිසල් ජනමෙහෙවරක්  ඉටුකළ පරිණත පරිපාලන වේදියෙක් ලෙසින් එතුමා ජනතා බුහුමනට බඳුන්වේ.

පරිපාලන සේවා වගකීම් සම්භාරයට එතුමා සමුදෙන්නේ 2020 වසරේදී  විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන්  කටයුතු කිරීම නිමාවට පත් කිරීමෙනි.

මා සමීප මිත්‍ර අභාවප්‍රාප්ත  ඩබ්.ඒ.එස්.පෙරේරා  මහතා පිළිබඳව අනුස්මරණ සටහනක් තබන මේ නිමේෂයේ අවුරුදු  දහසකට පමණ පෙර භාරත දේශයේ පළ වු නීති ශතක නමැති සංස්කෘත  ග්‍රන්ථයෙහි පළ වු එක් ශ්ලෝකයක් මට සිහිපත්වේ.

“නරපති හිත කර්තා ද්වේශ්යතාං යාති ලෝකේ –

ජනපති හිත කර්තා ද්වේශ්යතේ පාර්ථිවේන්ද්‍රයිහ්-

ඉති මහති විරෝධෙ වර්තමානේ සමානෙ –

නෘපති ජනපදානං දුර්ලභහ් කාර්ය කර්තා”

එම ශ්ලොකයෙහි අරුත මෙසේ හුවා දැක්විය හැකිය.

“රාජ්‍ය පාලකයන්ගේ සිතැගි පරිදි කටයුතු කරන රාජ්‍ය නිලධරයා ජනතා අප්‍රසාදයට පත්වේ. ජනතා යහපත පිණිස වැඩ කරන රාජ්‍ය නිලධරයා රාජ්‍ය පාලකයන්ගේ ද්වේශයට භාජනය වේ. එකිනෙකට පරස්පර විරෝධී වු එබඳු තත්ත්වයක් මෙදියත  පවතිද්දී, රාජ්‍ය පාලකයන්ගේ සහයෝගයත් ලබාගෙන ජනතා සේවය ඉටුකරන නිලධරයකුගේ කාර්යය ඉතා භාරදූරය. ඉතා දුර්ලභය.

ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා මහතා 1970 සිට 2020 දක්වා වු කාලය තුළ ඉටු  කරන ලද්දේ එබදු කාර්ය භාරයක් බව,ඔහු විසින් විරචිත ,“අභියෝගාත්මක රාජ්‍ය සේවය “  නම් ග්‍රන්ථයෙන් මොනවට තහවුරුවේ.

ඩබ්.ඒ.එස්.පෙරේරා

ඔහුගේ මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවතියේ 2015 පෙබරවාරි මස 11 දිනදීය.   

පොතේ පළමු පිටපත ප්‍රදානය කරන ලද්දේ  අප කාගේත් ගෞරවය දිනාගත් කීර්තිමත් සිවීල් නිලධරයකු වු බ්‍රැඩ්මන් වීරකෝන් මැති තුමන් වෙත ය.

මෙම කෘතිය,ඩබ්.ඒ.එස්.පෙරේරා අප සහෘදයා,සිය සේවා කාලය තුළ ඉටුකළ අසීමිත රාජකාරී සම්භාරය පිළිබඳව, ජීවමානිත සාක්ෂියක් ලෙස හැඟේ.

එතුමා අතින්  ඉටුවූ මෙම අසීමිත රාජකාරී මෙහෙවර අතරින් ,සාර්ථකත්වයට පත් ව්‍යාපෘති රාශියකි.ඒ  අතරින්, උමා ඔය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය  ප්‍රමුඛත්වයෙහි ලා සැලකිය හැකිය.            

ඉකුත්දා විවෘතවූඋමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙහි සාර්ථකත්වයටඋරදුන් පිරිස අතරින්,ප්‍රමුඛයෙක් ලෙසින් ඔහු ජාතියේ සම්භාවනාවට පාත්‍ර විය යුත්තෙකි.ඒකෙසේද යත් ඔබට පැහැදිලි කිරීම පිණිස ඔහුගේ කෘතියෙන් උපුටා ගත් ඡේද සමුච්චයක් ඔබ මනසේ සිත්තම් කිරීම මැනවයි හැඟිණි.

“එවකට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය දැරූ මා 2007 වර්ෂයේ අප්‍රියෙල් 29 වෙනිදා ඉරාණයේ ටෙහෙරාන් අගනුවරට ගියේ අපේ විදුලි පද්ධතිය වෙනුවෙන් ද්‍රවීකෘත ස්වභාවික වායුව ‘Liquidized Natural Gas’ (LNG)සාධාරණ මිලක් යටතේ ලබා ගැනිම සඳහා ඉරාණ බලධාරින් සමග සාකච්ඡා කිරිම සඳහාය. එහිදී ඉරාණයේ බල ශක්ති අමාත්‍යවරයා මුණ ගැසිමට සිදු වු ආකාරයත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ පාරාබ් ආයතනයේ ප්‍රධානීන් මුණ ගැසුන ආකාරයත් එම ආයතනයට අයත් ටර්බයිනයේ සිටඇණ මුරිච්චිය දක්වා වු නිශ්පාදනයන් සිදු කෙරෙන කර්මාන්ත ශාලාවලටත් මෙගා වෝට් 2000 ක විදුලිය නිපදෙවෙන මස්ජිඩ් සුලෙයිමාන් බලාගාරයටත් යාමට සිදු වු ආකාරයත් අන්තිමේදි මා ගිය ගමන ශ්‍රී ලංකා වාසින්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයක් වන ආකාරයේ ප්‍රතිලාභ ජනිත කරවන කටයුත්තක් බවට පත් කෙරෙනු ලබන බවට ඔවුන් සිදු  කළ ප්‍රකාශයත් පිළිබද තොරතුරු අදත් ජීවමානාකාරයෙන් මසිත මැවී පෙනේ. …එම භාරදූර කාර්යයට මුල්ගල් තැබුවේ  2008 අප්‍රේල්  29 වන දින බැව්  මට මතකය. ඒ මා ඉරාණයට ගොස් හරියටම වසරක් සපිරුණ දින දීය….” (  අභියෝගාත්මක රාජ්‍ය සේවය  ග්‍රන්ථයේ   435 සිට 443 දක්වා වු පිටු)

ඩබ්.ඒ.එස්.පෙරේරා මහතා, එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙසින් ඉරානයට ගොස්,ක්‍ෂේත්‍ර නිරීක්ෂණයක යෙදුණු අවස්ථාවක්.

  ඩබ්.ඒ.එස්.පෙරේරා  

අභාවප්‍රාප්ත ඩබ්.ඒ.එස්.පෙරේරා මහතා පුතනුවකගේ සහ දියණියකගේ සෙනෙහෙබර පියෙකි.ඔහු පුත් පෝෂිත පෙරේරා,ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙක් වන අතර ඔහු  දැනට වියට්නාමයේ ශ්‍රිලංකා තානාපති ලෙසින් සේවයෙහි නිරතව සිටී.

අභාවප්‍රාප්ත ඩබ්.ඒ.එස්.පෙරේරා සහෘදයාගේ අවසන් කෘත්‍ය  හා සබැඳි ආගමික කටයුතු ( නොවැම්බර් 01)මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදුවිය.

ඔහු දියණි බෝධිනී ,බිරිද මල්ලිකා සහ පුතනුවන් පෝෂිත ,සිය පියා ගේ දේහයට අවසන් ගෞරව දක්වමින්

එහිදී ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින් වෙනුවෙන්, ශෝක ප්‍රකාශ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ, අප සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සරත් විජේසිංහ මහතා විසිනි.

සිය දේශය  වෙනුවෙන් මෙවන් සුවිසල්  මෙහෙවරක් ඉටු කළ ඩබ්.ඒ.එස්.පෙරේරා ශූරීන් සිය  අධ්‍යාත්මික ජීවනය බුදු දහම ඇසුරින් පුළුල් ලෙස පෝෂණය කරගැනීමටද නිරන්තරයෙන් උත්සුක විය.හෙතෙම  සිය විශ්‍රාමික දිවියෙහි  වැඩි කාලයක් ගත කළේ,භාවනාවෙහි නිරතවීම වෙනුවෙනි . එම භාවනා පුහුණුව, නිසැක ලෙසින් ම ඔහුගේ මීළඟ භවය සුගතිගාමී තත්ත්වයකට පත්වීමට ඉවහල් වනු නිසැකි.

සුමිතුරා ගේ සුවදුක්  දැනගැනීම පිණිස,මියයාමට පෙරදින හිමිදිරියේ දුරකථනයෙන්  මම ඔහු ඇමතුවෙමි.ගිලන් යහනේ වැතිර  සිටි ඔහු ඊට දුන් පිළිතුර,ඒ යුරින් ම පහතින් සඳහන් කරන්නේ,ඔහුගේ මීළඟ භවය, නිසැක ලෙසින් ම සුගතිගාමී තත්ත්වයකට පත්වන බැව් තහවුරු  කිරීම පිණිසය. (එම මොහොතේ ඔහුගේ ගිලන් යහන අසල සිටි භාර්යාව මල්ලිකාවන්ටද ඔහුගේ එම අවසන් වදන් ශ්‍රවණය වූ බව පසු අවස්ථාවක,ඇය මා සමග පැවසුවාය.)

“…ගාමිණී,….හෙට උදේ වෙනකොට මා යන්නම යනවා…මං මේ වෙනකොට සෝවාහන් බව ලබලයි ඉන්නේ….”    

ඩබ්.ඒ.එස්.පෙරේරා අප සහෘදයාගේ නිසල   දේහය, පෙරදින  සන්ධ්‍යා  භාගයේ, කොළඹ කනත්තේ දැවුම් සෑයේ දැවී,එහි  කොත් මුදුනින් දුම් රොටු ලෙසින් ,අදුරු අහස් කුසට එක්වුයේ මිනිස් දිවියේ අනියතතාවය අප සැමට  මැනවින් පසක්කරලමිනි .අප එතුමන්ට අජරාමර නිවන් සුව පතමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.    

gaminee@gmail.com

Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka Library LIBRARY ACQUISITIONS – OCTOBER 2025
Next Article sunday SUNDAY CHOICE 2 – 65-year-old priest sings the best Christian song in the world on America’s Got Talent – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
University of Surrey IIHS Multiversity partnership

Surrey and IIHS Multiversity Partnership Expands Access to British Healthcare Education in Sri Lanka

Fusion Performance Atlas Angel 2026

Sri Lanka and U.S. Air Forces Unite for Free Atlas Angel 2026 Fusion Concert in Colombo

Ratnapura international gem exhibition

Gem City Ratnapura 2026 Concludes as Sri Lanka Eyes Global Gem Hub Status

Technocity Rebuilding Sri Lanka initiative

Technocity’s ‘Rebuilding Sri Lanka’ Initiative Empowers More Than 18,000 Students

Elektrateq ETX electric three-wheeler

Elektrateq’s ETX: Sri Lankan Engineers Redesign the Tuktuk for a Cleaner Future

Related News
Sri Lanka National Food Safety Policy
Articles

Sri Lanka Launches First National Food Safety Policy to Protect Public Health

Articles

The Sri Lanka Cricket Men’s National ODI and T20I Squads for the Upcoming Sri Lanka Tour of England 2026

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake

Daehaena 20 anniversary group photo
Articles

20th Anniversary of Daehaena

Sri Lankan Dance Academy of Sydney - Duwarna
Articles

Sri Lankan Dance Academy of Sydney – Duwarna

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.