News & Community eLanka

eLanka

Thursday, 24 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Dr. Gamini Kariyawasam » මාගම යටාලතිස්ස දාගැබේ  – By Dr. Gamini Kariyawasam 
ArticlesDr. Gamini Kariyawasam

මාගම යටාලතිස්ස දාගැබේ  – By Dr. Gamini Kariyawasam 

eLanka admin
Last updated: August 14, 2024 2:52 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 52

මාගම යටාලතිස්ස දාගැබේ  – By Dr. Gamini Kariyawasam 

Dr.Gamini Kariyawasam.

දන්ත ධාතුන්වහන්සේ නමක් වැඩ සිටින බැව් රණකෙළිය සහ යටාල සෙල් ලිපි වලින් තහවුරු කෙරේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam2

                            කන්ද උඩරට  ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙත   පූජෝපහාර ලෙසින් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේ,   රන්දෝලි මහ පෙරහැර 2024 වසරේ අගෝස්තු මස 19 ,  නිකිණි පුන් පොහෝ දින වීදී සංචාරයෙහි යෙදීමට නියමිතය.මෙම අනුස්මරණීය අවස්ථාවේ, දළඳා වහන්‍සේ නමක් මාගම යටාලතිස්ස වෙහෙරේ වැඩවසන බව තහවුරු කෙරෙන බෙහෙවින් ම අප්‍රකටව පවත්නා පුවත් සංනීතයක් ජනගත කිරීමේ කාලීන අවශ්‍යතාව කෙරෙහි මගේ අවධානය යොමුවිය.

(චායාරුපය – ඉරිදා ලංකාදීප 2021 ජනවාරි 02 අනුග්‍රහයෙනි) යටාල දාගැබ > 

 

යටාල වෙහෙරේ පැරණි ඇත් පවුර  >

  නන්වන් කුසුම් සුවඳ ගෙනැ බුදු මුවින් දේශිත සියලු සූත්‍ර ධර්ම දේශනා අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශිත සතර දළඳාවන් අතරින් දළඳා වහන්‍සේ තෙනමක් ම මේ දිවයිනෙහි වැඩවසන බව පුරාවිද්‍යා සාක්ෂි මඟින් තහවුරු වේ.මේ පුවත ශ්‍රී ලාංකිය බෞද්ධ ජනතාවගේ සිත් සතන් මහත් අමන්දානන්දයට පත් කරවන සුළු පුවතක් වනු නිසැකය. බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි වූ රදනක, චතුර් දන්තයන් පාලි බසින් හැදින්වෙන්නේ “දාඨා‘‘ යනුවෙනි.

බුදුන් වහන්සේගේ සෙසු දන්තයන්ට වඩා සුදු පැහැ දීප්තියෙන් බබළන සතර දළදා වහන්සේ ගේ ප්‍රභාශ්වරය “දාඨා ප්‍රභා“ ලෙසින් පාලි සාහිත්‍යයෙහි වර්ණිතය.

ක්‍රි.ව 310 වැන්නේ කිත්සිරි මෙවන් රජුගේ 9 වන රාජ්‍ය වර්යේදී බුඳුන් වහන්සේගේ යටි වම් දළඳාව කාලිංග දේශයේ සිට ශ්‍රීලංකාවට වැඩමවීමත් සමඟ මෙරට ජන ජීවිතයේ ඇතිවූයේ අසිරිමත් යුග පෙරළියකි.ඒ සමඟම නිතැතින්ම දළඳා සමිඳුන් රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වේ.

දේශයේ දේශපාලනික,සාමාජයීය හා සංස්කෘතික සමෘද්ධිය උදෙසා , දළඳා සමිඳුන්ගේ සුසම්ප්‍රාප්තිය තරම් බලපෑ වෙනත් කිසිදු සාධකයක් මිහිපිට  නොමැති බැව් විද්වත් මතයයි.දළඳා වංශය ,දළඳා පූජාවලිය,ධාතු වංශය ,දළඳා සිරිත ආදී කොට දළඳා සමිඳු අගයන්නට සුවිශේෂී දළඳා සාහිත්‍යයකින් සිංහල සාහිත්‍ය වංශයට ලබා දෙන්නේ නොමද  ප්‍රභාශ්වරයකි. මුළු මහත් රටටත් විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශයටත් දළඳා සමිඳුන්ගේ ආශිර්වාදයෙන්  ඉමහත් සෙතක්,ශාන්තියක් සැළසේ.     

මෙවැනිම අති උතුම් දන්ත ධාතුන්වහන්සේ නමක් ඓතිහාසික රෝහණ දේශයේ මාගම් දනව්වේ ද ජීවමානිතව  වැඩහිදිනා පුවත මුළුමහත් ජාතියේම අවධානය යොමු කිරීම අතිශයන් වැදගත් වේ. පුරා විද්‍යාඥයන් කිහිප දෙනෙක්  විසින්  වසර ගණනාවකට ඉහත ශිලා ලේඛන සහ ශාස්ත්‍රීය සාධක අධ්‍යනයෙන් පසුව  , බුදුන්වහන්සේගේ උඩු  වම් දළඳා සමිඳුන් මාගම් දනව්වේ යටාලතිස්ස  ‍චෛත්‍යයයේ  නිදන් කර ඇති බවට කරුණු හෙළිදරව් කරනු ලැබිණි.එනමුදු අද දක්වා ඵම හෙළිදරව්ව නිසි පරිදි ජනගතවී නොමැති සෙයක් හැඟෙයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කරනු ලැබූ අවස්ථාවේ සර්වඥ ධාතුන් විභේදනය වූ අයුරු ධාතු වංශයෙහි සවිස්තරව දැක්වේ.ඵහි ලලාට,දෙඅකු සහ සතර දළඳා යන ධාතු සප්තමය විසිරී නොගොස් ඒකරාශීව  පැවති  බව සදහනි. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි , ආදාහනයෙන් පසුව  සම සතළිස් දන්ත ධාතුන්ද,කේෂ හා ලෝම ධාතුන්ද දෙව සමුහයා  රැගෙන ගිය බව සවිස්තරව දක්වා ඇත.

ශේෂ වූ සතර දළඳා බෙදී ගිය ආකාරය මහා පරිනිබ්බාන සුත්‍රයහි මැනවින් පැහැදිලි කෙරේ.  සතර දළඳාවන් අනුපිළිවෙලින් දෙවියන් විසින් දෙව් ලොවටද,ගන්ධාර පුරයටද, කළිඟු රටට හා නා ලොවටද ගෙන යන ලද බව එම සූත්‍රයේ පැහැදිළිව ම දක්වා ඇත. චිතකයේ ගිනි නිවෙන්නටද පෙර ඛේම මහ රහතන් වහන්සේ යටි වම් දළඳාව කාලිංග දේශයට රැගෙන ගියේය.එම දළඳා වහන්සේ දන්ත හේමමාලා යුවළ විසින් 5 වන සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී.වර්තමානයේ කන්ද උඩරට දළඳා මාලිගයෙහි වැඩවසන්නේ ඵම දන්ත ධාතුන් වහන්සේය.කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළඳාව  තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි.

කාවන්තිස්ස රජ සමයේහි මහාදේව මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුන්වන්  නාග භවනයට වැඩ  දකුණු දළඳාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.එනමුදු මෙම දකුණු දළඳාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ‍‍‍ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි.නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි.එහි හින්දු කෝවිලක් ඉදිව පැවතී ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජ්‍යයා කළ චෛත්‍යක නටඹුන් හමු වූ බව වාර්තා වේ.එවකට මෙම වෙහෙර හඳුන්වා ඇත්තේ ජගත් නාථ නමිනි.ජගත් නාථ යනු බුදුන් වහන්සේ උදෙසා ව්‍යවහාරිත අන්වර්ත නාමයකි.

නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි දනවුවේ, ජගත් නාථ නමින් ප්‍රකට ස්ථානයේ , ධර්මාශෝක අධිරාජ්‍යයා කළ චෛත්‍යක නටඹුන් හමුවූ බිම්පෙත. >  

 

ඉන්දීය පුරා විද්‍යා භාරකාර සුරේෂ් ප්‍රේම චන්ද්‍ර මහතා මෙම පුවත,අදාළ සාක්ෂි හුවා දක්වමින් තහවුරු කර ඇත.ඔහු දක්වන පරිදි ඔහුගේ පරපුරේ මීමුත්තෙකුට මෙම නටඹුන් පිරික්සීමේදී තඹ සන්නසක් හමුවිය.බුදුන්වහන්සේගේ දකුණු   දළඳාව එම වෙහෙරේ තැන්පත් කර තිබූ බව එම තඹ සන්නසෙහි සදහන්ව තිබූ බවද පැවසේ.

                                   සෝමාවති රජ මහාවිහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංග‍ල හිමිපාණන්  නාග්පූර්හි පිහිටි මෙම පුරාවිද්‍යා නටඹුන් පරීක්ෂාකර බැලීමට ගොස් ඉහත පුවත සනාථ කර ඇති බවද මෙහිදි විශේෂයෙන් සදහන් කළ යුතුව ඇත.මෙම ප්‍රදේශයේ බෞද්ධයන් හා හින්දූන් අතර වාර්ගික ගැටුම් ඇතිවූ අවස්ථාවේ අදින් වසර 2200 කට පෙර මෙහි තැන්පත්ව තිබූ දකුණු  දළඳා සමිඳුන් ආරක්ෂිතව ලංකාවට වැඩමවන ලදී. 

මීළඟට අප අවධානය යොමුවන්නේ මාගම ජීවමානිතව වැඩවසන තෙවන දළඳා වහන්සේ පිළිබඳවය.

දේවානම්පියතිස්‌ස සොහොයුරු මහානාග යුව රජු ගේ   ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී සිදුවූ  රුහුණු සම්ප්‍රාප්තිය දැක්‌වෙන මහාවංස විස්‌තරයේ දී ,යට්‌ඨාලය නම් ස්‌ථානයේදී ඔහුගේ  බිසව පුත් කුමරකු ජනිත කළ බව සඳහන්ව ඇත. මේ නිසා එම පුත් කුමරාට යටාලතිස්‌ස යන නාමය තබන ලදී.

  

1966 වසරේදී ඵවකට සිටි පුරා විද්‍යා කොමසාරිස් සී.ආර්.ගොඩකුඹුර මහතා ශිලා ලේඛන සංග්‍රහයෙහි (1966 VOL V) මෙම දළඳා වහන්සේ පිළිබඳව සෙල්ලිපියකින් අනාවරණය වූ තොරතුරු වාර්තා කර ඇත. මාගම්පත්තුව ආශ්‍රිත කිරින්දේ රණකෙළිය නම් ස්ථානයේ කරන ලද පුරා විද්‍යා කැණීම්වලදී මතුකරගත් සුවිශේෂී ශිලා ලේඛනයක් පිළිබඳව මෙහි තොරතුරු වාර්තා වේ.දාගැබක් ඇතුළු නටඹුන් රාශියක් මධ්‍යයෙන් මතුකරගත් මෙම සෙල්ලිපිය තිස්ස ස්ථූපයෙහි( යටාලතිස්ස ස්තුපය,පුර්ව අතීතයේ  තිස්ස ස්තුපය ලෙසින් හදුන්වනු ලැබිණි.)  කාවන්තිස්ස රජු විසින් තවත් දළඳාවහන්සේ නමක් නිදන් ගත කර ඇති බව සනාථ කරවයි.පසු කාලයේදී මෙම සෙල්ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා විසින් වඩාත් නිවැරදිව පරිවර්තනය කරනු ලැබීය.

“ඈපා මිහිඳු විසින් ගෞතම දසබලධාරින්ගේ  (උඩු හක්කේ) වම් දළඳාව වසා මහා ස්ථූපයක් කලේ පෙර (කප්හී) කකුසද, කෝනාගම,කාශ්‍යප යන බුදුවරුන්ගේ ධාතු නිධන් කොට පැවති ස්ථානයෙහිම බවය.මෙම සෙල්ලිපියෙහි අවසන් පේළියෙන්  පැහැදිලිව ගම්‍ය වන්නේ කකුසඳ,කෝනාගම,කාශ්‍යප යන තුන් බුදුන් වහන්සේලාගේ දළඳාවන් ද පූර්ව යුගයන්හිදී මෙහි නිදන් කර ඇති බවය. ලළාට ධාතු වංශය කෘතියෙන්  ද(පිටුව 59) මෙම පුවත තහවුරු කෙරේ මෙහි සඳහන් තිසරම් වෙහෙර වර්තමානයේ ජනතාවගේ පොදු පිළිගැනීම බවට පත්ව ඇති වත්මන් තිස්සමහාරාම විහාරය නොවන බවත්, ක්‍රිස්තු පූර්ව යුගවල වත්මන් තිස්ස මහ වෙහෙර නොහොත් දළඳා සෑය වශයෙන් ව්‍යවහාරිකව පැවතියේ වත්මන් යටාල තිස්ස වෙහෙර බවද පැහැදිලිවේ.මෙම ටැම් ලිපිය වර්තමානයේ කතරගම පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් මෙම සංසිද්ධිය පිළිබඳව පුළුල් ශාස්ත්‍රීය ගවේෂණයක් සිදු කර ඇති බවද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

1- 4 කිරින්ද රණකෙලිය ප්‍රදේශයෙන් මතුකර ගත සෙල් ලිපියේ සිව් මානයන් .>

5 – යටාලතිස්ස වෙහෙර මළුවෙන් හමුවූ සෙල් ලිපිය. >

     

1                         2                   3                   4                          5

වර්තමානයේ තිස්ස මහා විහාරය අතීතයේ හදුන්වා ඇත්තේ නාගමහා විහාරය යන නමින් බව 1883 වසරේදී ප්‍රකාශිත එඩ්වඩ් ම්‍යුලර්ගේ ANCIENT INSCRIPTIONS OF CEYLON නම් කෘතියෙහි සදහනි.තිස්සමහාරාම සෑ මළුවේ කළ පුරාවිද්‍යා කැණීමකදී හමු වූ අභිලේඛනයකින් එය තහවුරු වන බවද ම්‍යුලර් මහතා සිය කෘතියෙහි සදහන් කරයි

 එම ශිලා ලේඛනය සහිත ගල් පුවරුව එම දාගැබ සංරක්‌ෂණය කරන ලද අවස්‌ථාවේදී දාගැබ ඇතුළට දමා වසා ඇති බව පරණවිතාන ශුරීන්  ‘ලංකාවේ ස්‌තූප’ ග්‍රන්ථයෙහි අවධාරණය  කර ඇත. එමගින් ද  සනාථ වන්නේ  වර්තමාන තිස්‌සමහාරාම විහාරය, පැරණි නාග මහා විහාරය ලෙස හැදින්වූ බවය. වර්තමාන තිස්‌සමහාරාම විහාරය පැරණි නාග මහා විහාරය ලෙසින් හඳුනාගන්නේ නම් රුහුණේ තිබූ තිස්‌සමහාරාමය කුමක්‌ද යන ප්‍රශ්නය මතුවේ. එයට දිය හැකි නිවැරදිම පිළිතුර නම් පැරණි තිස්‌සමහාරාම විහාරය වූ කලී වර්තමානයේ යටාල විහාරය ලෙස වරදවා හඳුන්වන විහාරය බවයි.

දළඳා සමිදුන් ජීවමානව නිශ්චිත වශයෙන් වැඩහිදිනා දළඳා දා ගැබක් පිළිබඳ ශිලා ලේඛනයක් අපට මීළඟට දෘශ්‍යමාන වනුයේ තිස්ස යටාලතිස්ස විහාර භූමියෙනි.

තත්  සෙල්ලිපියෙහි අරුත මෙසේ  ගලපා  දැක්විය හැකිය.

“යහපතක්ම වේවා (මම) ඡේතවන අග්‍ර විහාරයේ නියාම ජ්‍යෙෂ්ඨ නාගදාඨා වෙමි.අභය ශිලා මේඝවර්ණ රජුගේ (අභිෂේකයෙන්) තුන්වන (වර්ෂයේ) වෙසක් (මස) පුර (පක්ෂයේ) දසවන දින  දළඳා දාගැබ(ට)ඡත්‍රයක් පූජා කෙරිණි.උතුම් පූජාවක් සේ පවත්නා පරිදි දානගම් කරවූ (මම)නැටුව්පිටියෙහි නාගදාඨ නායක වෙමි.” දළඳා දාගැබට    ඡත්‍රයක් පූජා කළ පුවතක් මෙම සෙල් ලිපියෙන් ප්‍රකාශිතය.

1986 වසරේදී නටඹුන්ව පැවති යටාලතිස්ස සෑමළුවේ  පුරාවිද්‍යා කැණීම් කිරීමේදී සෑමළුවේ දකුණු කොටසේ තිබී ග්‍රැනයිට් ගල් පුවරුවක කොටන ලද ඉහත දැක්වූ ශිලා ලේඛනය මතුවිය.මේ වන විට මෙම ශිලා ලේඛනය යටාල ‍දාගැබට යාබදව පිහිටි කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව දකුණු පස එළිමහනේ පුරාවිද්‍යාර්ථීන්ගේ නිරීක්ෂණය සදහා තැන්පත් කර ඇත.වත්මන් යටාලතිස්ස වෙහෙර අතීතයේදි දළඳා වහන්සේ නිදන්ගතව පැවති බැවින් දළඳා දාගැබ යනුවෙන් ව්‍යවහාරිත බව තත් ටැම් සෙල්ලිපියෙන් මැනවින් ස්ඵූට වේ.මාගම රාජධානිය තුළ ඉදිකරන ලද ප්‍රථම දාගැබ ලෙස සැලකෙන යටාලතිස්ස චෛත්‍ය නිර්මාණය කරන ලද්දේ මහානාග නිරිදුන් විසිනි.එතුමන් යටාලතිස්ස වෙහෙර ත්‍රිපිටකාරිට්ඨ නම් මහ රහතුන් වහන්සේ වෙත අත්පැන් වත්කර පූජා කළ බව ලලාට ධාතුවංශ කතුවරයා සදහන් කරයි.

යටාලතිස්ස වෙහෙරෙහි නිදන් කිරීම පිණිස උඩු  වම් දළඳාව මාගම වෙත සම්ප්‍රාප්ත වීම පිළිබඳව මෙහිදී විමසා බැලීම වැදගති. ගන්ධාර දේශය වෙත හූන මුස්ලිම් ආක්‍රමණ එල්ල වූ අවස්ථාවල එහි ගොස් සිටි වන්දනාකරුවන් විසින් එරට චේතිය වනයේ තැන්පත් කර තිබූ වම් දළඳාව ඇතුළු පූජනීය බෞද්ධ පූජා වස්තු මෙරට භක්තිමත් රජ දරුවන් වෙත ගෙනවිත් භාර දෙන්නට ඇතැයි අනුමාන කිරීමට අවකාශක්  පවතී.

ඉන්දීය හිසියං හා පාහියන් හිමිවරුන් ගන්ධාර දේශයේ  සංචාරයේදී තමනට දන්ත ධාතුන් වැදපුදා ගැනීමට අවස්ථාව සැලසුනු බව කරන සදහනද මෙහිදී අපගේ අවධානයට ගැනිම වැදගත්වේ.

විද්වත් කතිකාවක් ඇතිකොට, යටාල තිස්ස දාගැබේ බුදුන් වහන්සේගේ උඩු  වම් දළඳා සමිඳුන් තැන්පත් කර ඇති බව පොදු ජනතා සිත්සතන්හී තහවුරු කිරීමට වැඩපිළිවෙලක් යෙදීම කාලීන යුග අවශ්‍යතාවයකි.

 ඈත අතීතයේ සිටම රාජ්‍යත්වය උරුම වුයේ දළදා සමිදුන් ගේ භාරකාරත්වය හිමිකර ගත් රාජ්‍ය නායකත්වය වෙතය. මහනුවර දළඳා මැඳුරේ තේවාව පවත්වන අයුරින්, යටාලතිස්ස මහා වෙහෙරේ නිතිපතා සාම්ප්‍රධායික තේවාව පැවැත්වීමටත්,පසුව වාර්ෂික දළඳා පෙරහරක් පැවැත්වීමේ යෝග්‍යතාවත් කෙරෙහි  අලුතින් පත්වන රාජ්‍ය පාලකයින්ගේ නිසි අවධානය යොමු කිරීම වැදගත්ය. තේරී පත්වන  නව ජනාධිපති වරයා වෙතින් යථෝක්ත යුග අවශ්‍යතාවයන් සපුරාලනු දැක්ම මුළු මහත් ජාතියේම සුප්‍රාර්ථනාව බව අවධාරණය කරනු රිසියෙමි

දළඳා වහන්සේ කේන්ද්‍ර කොටගෙන කන්ද උඩරට රාජධානිය ශ්‍රී සමෘද්ධිමත් භාවයට හා අභිමානවත්භාවයට පත් වූ අයුරින් ම, රෝහණ දේශයද යටාල තිස්ස වෙහෙර වැඩ සිටින  දළඳා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ප්‍රමුදිතව මහත් යශෝරාවයට පත් වනු දැක්ම මුළු මහත් ජාතියේම දැඩි අපේක්ෂාවයි.

ආචාර්ය  ගාමිණී කාරියවසම්     

 gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Watch Over 70s World Cup Round 7 - Wales v Sri Lanka - Wales won by 7 Wickets Watch Over 70s World Cup Round 7 – Wales v Sri Lanka – Wales won by 7 Wickets
Next Article Big Bash League sees significant growth in Indian viewership Big Bash League sees significant growth in Indian viewership, says Alistair Dobson
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

The brilliance of digital publishing, reducing printing costs while bringing the writer’s creative genius vividly to the reader’s mind-by Gamini Kariyawasam

How A St. Benedict's College Student Became A Buddhist Monk – by Thomas Pavey

How A St. Benedict’s College Student Became A Buddhist Monk – by Thomas Pavey

England's dominance over Sri Lanka flows on to the one-dayers 01

England’s dominance over Sri Lanka flows on to the one-dayers. Sri Lanka batting inconsistency continues in worrying fashion-by Trevine Rodrigo

Regenerative Coconut Farming in Sri Lanka

Nestlé Lanka and the Coconut Cultivation Board Train Farmers in Regenerative Coconut Farming for a Third Year

Related News
Sri Lanka National Business Facilitation Centre
Articles

Sri Lanka Opens ‘ViYASA’ National Business Facilitation Centre to Clear Bottlenecks for Investors

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion
Articles

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion – Sri Lankan-born athlete earns coveted Pro Card in outstanding Men’s Physique victory

Festival of Flowers 2026 Sri Lanka
Articles

‘Sri Lanka Blooms’: Festival of Flowers 2026 Raises Funds for Ragama’s Thalassemia Unit

Sri Lanka wellness destination
Articles

Ten Years in Harmony: How Santani Helped Make Sri Lanka the World’s Fastest-Growing Wellness Destination

Sri Lanka Smart Boards
Articles

4,570 Smart Boards Roll Out to Sri Lankan Schools Island-wide in a Major Digital Leap for Education

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.