News & Community eLanka

eLanka

Thursday, 24 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam

eLanka admin
Last updated: August 14, 2024 1:37 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 45

මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

එන්න පුරවන්න  මි විත

ඔබ සිසිර වත – දමන්න වසත්  සමයේ ගින්නට

කාල විහඟාගේ පියඹුම ලඟයි නිමවන්න

පියාපත් සලා -අන්න ඌ ඉගිලෙයි

ජිවතය පිළිබඳ අපුර්වතම ආකල්පයක් සහෘද සන්තානගත කිරීමේ  ප්‍රයත්නයක  නිරත  මොහු දාර්ශනිකයෙක්,ලෝකායත වාදියෙක් හා විශිෂ්ඨ ගණිතඥයෙක් ලෙසින් ද ප්‍රකටය. එහෙත් අප වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ ප්‍රතිභාපුර්ණ,සෞන්දර්යවා දී  කවියෙකු විලසිනි.

ඔහු – ඔමාර් ඛය්යාම්

මුළු නමින් හඳුන්වෙතොත් – ඔමාර් ඉබ්න් ඊබ්‍රාහිම් ඛය්යාම්

ඔමාර් ඛයියාම් ගේ ජීවන දර්ශනයවූ නුරාව,සුරාව සහ සංගීතය මුර්තිමත් කෙරෙන ඉපැරණි කැටයමක්.

කූඩාරම් තනන්නෙකු වන ඊබ්‍රාහිම්ගේ පුත්‍ර යන අරුත්  දෙන ඊබ්‍රාහිම් ඛයියාම් යන සදහනින්  ඔහුගේ පියාගේ නමත්  ජිවන වෘත්තියත් හෙළි වේ  ක්‍රි.ව 1048 මැයි 18 වන දින පර්ෂියාවේ නිශාපූර් නගරයේදි මොහු ජන්ම දායාදය ලැබිය.  ඔහු අතින් පැබැඳුනු, ගුප්ථාර්තයන් කැටිවූ  රුබය්යාට් කාව්‍ය මෙන්ම ඛය්යාම්ගේ දිවි පෙවත ද ගුඩ අද්භූත  එකක් වු බව,ඔහුගේ දිවිපෙවෙත තුළින් විද්‍යමානවේ.  නිශාපුර්හි ඉමාම් මොව්වාක් නැමති ආචාර්‍යවරයා යටතේ හෙතෙම  ශිල්ප හැදැරීය. 

අනතුරුව බලාශූ ඉස්ලාම්ය ශාස්ත්‍ර පිඨයට පිවිස  අධ්‍යාපනය ලබද්දී ,  ඔහුගේ සිත වැඩි වශයෙන්ම  ගණිත ශාසත්‍රය කෙරහි යොමුවු බැව් පැවසේ. ඔහු විසින් කරන ලද පර්යේෂනාත්මක වාර්තා ඇතුළත් කොට “ ගණිතමය ප්‍රෙහ්ලිකා හා විසදුම් ”නම්න් කෘතියක් පළ කළේය.එය ඔහු අතින් ලියවුණු ප්‍රථම ශාස්ත්‍රීය  කෘතිය වශයෙන් සැලකේ.

   

හෙතෙම ප්‍රකට ගණිත ගුරුවරයෙකි.

   

රුබයියාට් කාව්‍ය ග්‍රන්ථය

 පර්ෂියානු බසින් රුබය්යාට් යන්නෙන් පද සතරකින් යුක්ත  පද්‍යන් ගෙන් සමන්විත කාව්‍ය යන අරුත් පැනේ. මුල්ම පද  තුනෙන් කිසියම්  අදහසක් විකාශනයට පමුණුවා, එහි මුලික හරය සතරවන පාදයෙන් අවධාරිතව  පැවසීම රුබය්යාට් කාව්‍යෙයෙහි දක්නා ලැබෙන කලාත්මක ලක්ෂණයකි.රුබය්යාට් කාව්‍ය තුළින් ඛය්යාම්ගේ මුළු මහත් අධ්‍යාත්මයත්, බුද්ධි විෂයිය ජිවතයත් අපට පැහැදිලිව දැකිය හැකිය.ඔහු සුරාව කෙරහි දැක් වූයේ අසිමිත භක්තියකි.

           ඛයියාම්   රුබය්යාට් කාව්‍ය තුළින්  සුරා විත අරුම, මානව සිත් සතන්හි කුළු ගන්වන්නට දැරූ ප්‍රයත්නය අපට මෙසේ උපුටා දැක්විය හැකිය.

“ජිවතය සුරාව මෙන් 

තුන් සිතම මන්මත්කරලයි. 

 කුසලානෙහි ලු සුරා මෙන්

 ජිවිතයද කෙමෙන් සිඳි යයි.

මරණය ඉක්මන් ගමනින් ජිවිතයට 

වහ වහා සමිප වෙයි

එබැවින් නොපමාව

 සුරාව පානයෙහි යුහුසුළු වියයුතු…  ”

ඕමාර් ඛයියාම් කිවියාගේ රුබර්යාට් කාව්‍යය ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය.>

   

“තමා වැලඳගෙන ඇති දුක්ද,

 අනාගතයේ තමා වෙත දුක් එළබෙතැයි යන  බිය

 මිනිස් සිත සදාකාලිකවම

 සසලකරවන සුළුය. 

 නිරතුරුව ම හද දවන මේ තැවුල්

 පලවා හැරිමට හැකි  ඒකායන මග

 සුරාව පානයයි

හිරු අවරට යන්නට පෙරාතුව

 මරණය ඔබ වැළඳ ගනු නිසැක. 

 සුරා පානයෙහි නොපමා වන්න….”

 ඕමාර් ඛයියාම් ගේ කාව්‍යමය සංකල්පනාවක් >

කාව්‍යමය ගුණයද ගිලිහි  යා නොදි, සුරාවෙහි ඇති අහ්ල්ලාද ජනක ස්වභාවය   නිරූපණය කිරීමට ඛය්යාම් මහත් සාමාර්ථයක් දක්වා ඇති සෙයක් දිස්වේ.  රුබය්යාට් හි ඇතැම් පද්‍යයන්  මගින් කිසියම් සියුම් ජිවන දර්ශනයක් ද  සහෘද සිත්හී මනබන්ධනීය ලෙසින් සිත්තම් කරන්නට හේ  සාර්ථක   උත්සාහයක් ගෙන ඇත.

“පැතුම් සඵල වුවන් මෙන්ම

 පැතුම් කඩ වුවන් ද

 එක්වන්ව මිය යති.

 එබැවින් මරණය කෙළවර කොට ඇති 

මෙවන් ජිවන පිළිවෙතක

 පැතුම් ඉටු වුවන් හා  කඩ වුවන්  අතර 

තැකිය යුතු තරමේ වෙනසක් නොවේ… ”

“මිනිසුන් කරා

 දුක් කමුකටොළු පැමිණි සඳ

 අහසට අත් යොමා පිළිසරණ පැතිම

 හාස්‍යට කරුණකි.

යටිකුරු කර නමාලු හිස් බඳුනක් වන්

 අහසද අප මෙන් අසරණය….”

රුබය්යාට් කාව්‍ය ලිවිමේ දි ඔමාර් ඛය්යාම් වෙත එවකට භාරතයේ ප්‍රචලිතව පැවති ගුඪ ආගමක් වු ශාක්ත වාදය බලපා ඇති බව  විද්වතුන්ගේ මතයයි.ඔවුන්ගේ ප්‍රධානතම පුජා විධිය පංච තත්වය නමින්  ව්‍යවහාරයේ එයි.මත් පැන්, මත්ස්‍ය මාංශ, බදින ලද ධාන්‍ය, සංගීතය,  ලිංගික ආශ්වාදය යන අංග පස පංච තත්ත්වය නමි වු ඒ පුජා විධියට  ඇතුළත්ය.

   

පසිඳුරන්ට ගොදුරු නොවන කිසිවක් කෙරහි  ඔහු තුළ විශ්වාසයක් නොමැතිව බව රුබය්යාට් කාව්‍යයෙන් ද්වනිතවේ. උපත හා මරණ ස්වභාවික  සංසිද්ධියක් ලෙසින් සැලකු ඔහු, ආගම් අරුත් විරහිත ලෙස සලකා අවඥාවෙන් බැහැර කළේය.  

ඛය්යාම් ගණිත විද්‍යාව, කාව්‍ය ප්‍රබන්ධය  පමණක් නොව කෙටිකතා කරණය කෙරෙහිද රුචියක් දැක් විය. රැයාමයක නුවන සහ   යටි සිත  අතර ඇති වූ පිළිසඳරක ස්වරූපයෙන් ගෙති ඇති කිත නැමති කෙටි කතාව රසවත් ප්‍රබනධයක් වශයෙන් අප කාගෙත් සැලකිල්ලට යොමු විය යුතු කෘතියකි.අවීවාහකයෙකු වශයෙන් ජිවත් වු ඔමාර් විවාහය පිළිබඳ නැණසෙහි අදහස විමසිය.

“සතියකි මිහිර- 

වස් ගණනකි හිරිහැරය”.

යනුවේන් නුවණ දෙන පිළිතුරෙන් විවාහය කෙරහි ඔහු කෙබඳු අන්දමේ මතයක්  දැරුවේද යන්න පැහැදිලිවේ.  

 ඔමාර් ඛයියාම් ගේ කාව්‍යමය සංකල්පනාවක්, ගීතයක් ලෙසින් >

ඕමාර් කය්යාම් තමා මැරෙන දිනය හා වේලාව කල් ඇතිව  දැන සිටි ලෙස පැවසේ .1123 වසරේ එක් දිනක ඛය්යාම් ඉබන් සිනාගේ අල් හාථා නම්  ප්‍රකරණය කියවමින් සිට වහා එම  පොත වසා  තැබිය.අනතුරුව ඔහු පූජකයින් ගෙන්වා තමා සතුව පැවති සියල්ල ඔවුන වෙත පවරා, එදින තමා පෙහෙවසින් ගත  කරන බව සැල කර  සිටියේය.එදින සැදෑ භාගයේ දෙව්මැදුර වෙත ඛය්යාම් හිස නමා “දෙවියනි ඔබ මට දායද කල ශක්තිය යොමා ඔබ හඳුනා ගන්නට උත්සහ කළෙමි.  ඔබ වෙත ළඟා වන්නට මට තිබු එකම මග ඔබ පමණි.මාගේ  ප්‍රමාදයන්ට කමා කළ මැනවි”. මෙම ආයාචනය නිම විමත් සමඟ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ බව පර්ෂියානු ජනප්‍රවාදයේ එයි.

තමා මිය ගිය පසුව මිදියෙන් කළ සුරාව පොවන මෙන්ද , තම මල සිරුර සුරාවෙන් දොවනය කොට මිදි පත්‍රයෙන් වියු ආවරණයක් ඔතා මිදි උයනක්  අසබඩ වලලන ලෙසට  ‍ඛයියාම් අවසන්  ඉල්ලිමක් කර ඇත.

    

කවියාගේ සොහොන්  කොත හා ඒ ආසන්නයේ ස්ථාපිත පිළිරුව 

ඛය්යාම් සුරාවට පමණම රෝස මල් වලටද බෙහෙිවින් ඇළුම් කළ පුදගලයෙක්ද වෙයි  තමා මිය ගිය පසු භූම දානය කරනු ලබන්නේ රෝස මල් විසිරෙන බිම් පියසකයැයි හේ වරක් තම ශිෂ්‍යයෙකුට පවසා තිබුණි.ඕමාර් ඛය්යාම්ගේ අභාවයෙන් කළකට පසුව  ඔහු සුසානය අසලට ගිය එම ශිෂ්‍යා විමතියට පත්කරවන සුළු දසුනක් දකනට ලැබිණි.කිවියාගේ සොහොන මත රෝස මල් විසිරි තිබිණ තම ගුරුවරයාගේ සිරුර වලලා තිබුණේ රෝස උයනක් අසබඩ බව වටහා ගැනිමට ශිෂ්‍යාට මද වෙලාවක් ගතවිය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com  

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Omar Khayyam and Rubaiyat interpretationOmar Khayyam biographyOmar Khayyam Islamic philosophyOmar Khayyam life and worksOmar Khayyam Persian literatureOmar Khayyam philosophyOmar Khayyam poetryOmar Khayyam poetry translationOmar Khayyam Rubaiyat meaningOmar Khayyam's influenceOmar Khayyam's legacyPersian astronomer Omar KhayyamPersian history and Omar KhayyamPersian mathematician Omar KhayyamPersian poet Omar KhayyamRubaiyat of Omar KhayyamSufism and Omar Khayyam
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Transformations in Colombo Over the Last 150 Years-by Nihal Perera The Transformations in Colombo Over the Last 150 Years-by Nihal Perera
Next Article Watch Over 70s World Cup Round 7 - Wales v Sri Lanka - Wales won by 7 Wickets Watch Over 70s World Cup Round 7 – Wales v Sri Lanka – Wales won by 7 Wickets
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka plantation communities education

From ‘Pulle Madu’ to Medical School: Record University Intake Signals a Turning Point for Sri Lanka’s Plantation Communities

SLIIT Honours Its Largest Ever Graduating Cohort of Over 3,500 and Opens Sri Lanka’s First Dedicated LJMU Learning Facility

SLIIT Honours Its Largest Ever Graduating Cohort of Over 3,500 and Opens Sri Lanka’s First Dedicated LJMU Learning Facility

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

The brilliance of digital publishing, reducing printing costs while bringing the writer’s creative genius vividly to the reader’s mind-by Gamini Kariyawasam

How A St. Benedict's College Student Became A Buddhist Monk – by Thomas Pavey

How A St. Benedict’s College Student Became A Buddhist Monk – by Thomas Pavey

Related News
England's dominance over Sri Lanka flows on to the one-dayers 01
Articles Trevine Rodrigo

England’s dominance over Sri Lanka flows on to the one-dayers. Sri Lanka batting inconsistency continues in worrying fashion-by Trevine Rodrigo

Regenerative Coconut Farming in Sri Lanka
Articles

Nestlé Lanka and the Coconut Cultivation Board Train Farmers in Regenerative Coconut Farming for a Third Year

Sri Lanka National Business Facilitation Centre
Articles

Sri Lanka Opens ‘ViYASA’ National Business Facilitation Centre to Clear Bottlenecks for Investors

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion
Articles

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion – Sri Lankan-born athlete earns coveted Pro Card in outstanding Men’s Physique victory

Festival of Flowers 2026 Sri Lanka
Articles

‘Sri Lanka Blooms’: Festival of Flowers 2026 Raises Funds for Ragama’s Thalassemia Unit

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.