News & Community eLanka

eLanka

Sunday, 6 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: February 10, 2025 8:07 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 78

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : undp

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ,ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුව,පෙබරවාරි 5 , 6 දෙදින තුළ    ශ්‍රී ලංකාවේ  පවත්වන්නට යෙදිනි.  විවිධ අංශවල ගෝලීය නායකයින්, විශේෂඥයින්, නවෝත්පාදකයින් සහ පාර්ශවකරුවන් විසින් , මෙම සමුළුවේදී  සිය හරාත්මක අදහස් ඉදිරිපත් කරනු ලැබිණි.

ශ්‍රී  ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුවේ සජීවී දේශන.

https://fb.watch/xFq5_BAQtk/

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  අවධාරණය කලේ  , ඩිජිටල් ක්‍රමය මෙරට  පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් කාර්යක්ෂම, උසස් තත්ත්වයේ සහ ඵලදායී සේවාවන් ලබා දීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය  වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික දියුණුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. ඩිජිටල්කරණයෙන්  සංස්කෘතික ජීවිතයේ පුනර්ජීවනයට පහසුකම් සැලසිය හැකි බවත්, නූතන ජීවිතයේ යාන්ත්‍රික ස්වභාවය නිසා ශ්‍රී ලාංකික ජනතාවට සංස්කෘතික ජීවිතය සමඟ තිබූ සබඳතා ක්‍රමයෙන් ගිලිහී ගොස් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඩිජිටල්කරණය තුළින් ජාතිය නව උසස්  මට්ටමකට ඔසවා තැබීම පිණිස  රජය සැලකිය යුතු උත්සාහයක් දරන බවට  ඔහු සහතික විය.

ඩිජිටල්කරණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් 75% ක් දැනටමත් ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම විභවය සම්පූර්ණයෙන්ම මුදා හැරීම සඳහා, ඉදිරි වසර තුන තුළ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමේ ඉලක්කයක් සහිතව ඉතිරි හිඩැස් පියවා ගැනීම අත්‍යවශ්‍ය බැව් හේ සදහන් කළේය..

 

ශ්‍රී  ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුවට සහභාගීවූ නියෝජිත පිරිස.

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : hirunews

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සමුළුව අමතමින්. (අනුග්‍රහය හිරු TV )

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය,  එරංග වීරරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වන නව රජයේ  දැක්ම අනුව 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 දක්වා ළඟා වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවය.

එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සමුළුව අමතමින් , ඩිජිටල් වේදිකා, රාජ්‍ය ආයතන සහ පුරවැසියන් අතර විශ්වාසය ගොඩනැගීමට සේවාවන්ගේ ප්‍රවේශය, විනිවිදභාවය, ආරක්ෂාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩිදියුණු කිරීමෙන් මහත් ලෙස දායක විය හැකි බැව් පෙන්වා දුන්නාය . මෙම පරිවර්තනීය ගමනෙන් සැමට ප්‍රතිලාභ සහතික කරන අතරම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ආරක්ෂිත, තිරසර ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) උපයෝගීකර ගැනීම ඉතා වැදගත් වන බැව් ඇය පැහැදිළි කළාය .

මෙම සමුළුවට සමගාමීව,රජයේ සියලුම ගෙවීම් ඩිජිටල්කරණය කිරීම සඳහා ‘GovPay’ වේදිකාව දියත් කිරීම, කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ජනාධිපති අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල විද්‍යුත් ක්‍රම මගින් ලබා ගැනීමට ඉඩ සලසන විද්‍යුත් උප්පැන්න, විවාහ සහ මරණ සහතික (EBMD) පහසුකම හඳුන්වාදීම සිදුවිය.

2025 වසර තුළ මෙම ක්‍රමය යටතේ සියලුම රජයේ ආයතන ඒකාබද්ධ කිරීමේ අභිලාෂයක් පවතී.

“ඩිජිටල් යුගය”මෙම යෙදුම ,ශ්‍රී ලාංකිකයින්ට තරමක් නුහුරු,ආගන්තුක  වදනකි. මෙහිදී ඒ පිළිබඳව ද ශාස්ත්‍රිය විමර්ශනයක යෙදීම යෙහෙකැයි  හැඟිණි.ඩිජිටල් යනු දත්ත ජනනය කරන, ගබඩා කරන සහ සකසන ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පද්ධතියකි.

ඩිජිටල්කරණය යනු කුමක්දැයි සරළ විග්‍රහයක්.

“ඩිජිටල් යුගයක්” යන්නෙන් ගම්‍ය වන්නේ , ජන ජීවිතයේ සෑම රාජකාරි කටයුත්තකදීම පාහේ ඩිජිටල් තාක්ෂණයන් බහුලව භාවිතා වන කාල පරිච්ඡේදයකි. පරිගණක, අන්තර්ජාලය සහ අනෙකුත් ඩිජිටල් උපාංග හරහා තොරතුරු වේගයෙන් හුවමාරු වීම මෙමගින් සංලක්ෂිතවේ. අප ව්‍යාපාර පවත්වන ආකාරයත් , අප අවට ලෝකය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරයත්  කෙරෙහි ඩිජිටල් සන්නිවේදනය  සැලකිය යුතු ලෙස බලපානු ලැබේ.ඩිජිටල් යුගය මූලික වශයෙන්, විද්යුත් තාක්ෂණය  භාවිතයෙන් සමාජයේ සහ ආර්ථිකයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන වකවානුවක් ලෙසින් අර්ථ ගැන්විය හැකිය.

මෙතුවක් කල් විද්‍යාඥයින්ට සහ රජයේ නිලධාරීන්ට පමණක් ප්‍රවේශ විය හැකිව පැවති  දත්ත දැන් සමාජයේ  සැමට නිදහසේ ප්‍රවේශ විය හැකිය.

මෙම දියුණුවත් සමඟ, 5G දියත් කිරීමත් සමඟ ජාලකරණ වේගයන්හි සිදුවන වෙනස්කම් සහ මෙම වේගයන්ට ප්‍රවේශ විය හැකි උපාංග ඩිජිටල් යුගයේ තාක්ෂණයන් තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත. ඩිජිටල් යුගය යනු කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කරන විට, එය තාක්‍ෂණයෙන් මෙහෙයවනු ලබන එකක් බව වටහා ගැනීම වැදගත්ය. තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා ව්‍යාපාර තුළ ක්‍රියාත්මක කරන විට, මෙම වෙනස්කම් ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම හා ලාභදායී කිරීමට උපකාරී වේ.

ඩිජිටල් යුගය ,පුර්ව  ඩිජිටල් තාක්ෂණ  යුගය,මධ්‍යම ඩිජිටල් තාක්ෂණ යුගය සහ පස්චාත් තාක්ෂණ  ඩිජිටල් යුගය ලෙසින් අධියර තුනකින් සමන්විතවේ.අද අපි බොහෝ විට පූර්ව ඩිජිටල් යුගය සහ පශ්චාත් ඩිජිටල් යුගය අතර පරිවර්තනයේ මධ්‍යයේ සිටිමු. මෙම ප්‍රගතිය සැබවින්ම තේරුම් ගැනීමට, අප මෙතෙක් පැමිනි  ගමන් මග කෙරෙහි විචාරාත්මක අවධානය  යොමු කරලීම වැදගත්වේ.

පූර්ව-ඩිජිටල් තාක්ෂණය යුගය  යනු,එක්  උපාංගයකට  එක් කාර්යයක් පමණක් ඉටුකළ හැකිව තිබූ කාල පරාසයයි. ගුවන් විදුලිය, රූපවාහිනිය ආදී මාධ්‍ය නාලිකා සියල්ලම ඒකපාර්ශ්වීය  සන්නිවේදනහි නිරත වුහ. වර්තමානයෙහි අප එළඹ සිටින්නේ,මධ්‍යම ඩිජිටල් අවධිය වෙතය.සමාගම් සංකල්පය තුළ ඩිජිටල්කරණය වඩ වඩාත් වැළඳගෙන ඇත.මතු අනාගතයේ දී අප පිවිසෙන්නේ පශ්චාත් ඩිජිටල් තාක්ෂණ යුගය  වෙතය.

පශ්චාත්-ඩිජිටල් යුගයේදී අන්තර්ජාලය සෑම තැනකම ලබා ගත හැකිවන  අතර ස්මාර්ට් කාර් සහ ස්මාර්ට් නිවාස වැනි නව්‍ය නිෂ්පාදන බහුල ලෙසින් භාවිතයට පත්වනු නිසැකි. සන්නිවේදනය සහ විනෝදාස්වාදයේ සිට වාණිජ්‍යය සහ අධ්‍යාපනය දක්වා, අපගේ ක්‍රියාකාරකම් සහ අන්තර්ක්‍රියා බොහොමයක් මාර්ගගත සංරචකයක් බවට පත්වනු ඇත.

ඩිජිටල් යුගයේ ව්‍යාපාරික සංවිධාන නවෝත්පාදන සහ අදහස් සඳහා පාරිභෝගිකයින් නිරීක්ෂණය කෙරෙහි යොමු වන අතර නිෂ්පාදන සහ සේවා සඳහා නිතිපතා,පාරිභෝගිකයින්ගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට නිතැතින් ම යෝමුවනු ඇත. ඔවුන්ගේ අවධානය තරඟකාරිත්වය කෙරෙහි පමණක් නොව, පරිශීලකයින්ට අවශ්‍ය දේ සහ ඔවුන්ට මෙම අවශ්‍යතා පිරිවැය-ඵලදායී හා කාර්යක්ෂම ආකාරයකින් සපුරා ගත හැකි ආකාරය කෙරෙහි ද යොමු වේ.

පශ්චාත්-ඩිජිටල් යුගයේදී තොරතුරු සියල්ල  ඩිජිටල්කරණය වනු ඇත. සාම්ප්‍රදායික තොරතුරු ඩිජිටල් ආකෘති බවට පරිවර්තනය වනු  ඇත. පොත්, සංගීතය, චිත්‍රපට සහ මුදල් පවා ඩිජිටල් ආකාරවලින් පවතින අතර, ප්‍රවේශ්‍යතාව සහ බෙදා හැරීම බෙහෙවින් වැඩි දියුණු කෙරේ.

ඩිජිටල් යුගය තුළ භාණ්ඩ හා සේවා මාර්ගගතව මිලදී ගැනීම සහ විකිණීම ඉහළ යන අතර එමඟින් සාම්ප්‍රදායික වෙළඳපොළ සංකෝචනය වනු ඇත.

ඩිජිටල් මෙවලම් සහ වේදිකා මගින් සහාය ලබා ගනිමින් දුරස්ථව වැඩ කිරීමට හෝ ඉගෙනීමට ඇතිඅවස්තාව , මෙම යුගයේ ඩිජිටල් ස්වභාවය තවදුරටත් විදහා දක්වයි.

රටේ ජනතාවට කාර්යක්ෂමව , ඵලදායී ලෙසින්  සේවාවන් සළසා දීම ,දේශයේ  ආර්ථිකය නංවාලීම,  නිර්මාණශීලී සහ නවෝත්පාදන සිදුකරන පුද්ගලයන්ට සිය ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අවස්තාව උදාකරදීම  ආදී ප්‍රතිලාභ රාශියක් ලගාකර ගැනීම පිණිස ඩිජිටල් ක්‍රමය මෙරට  පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් සැලසෙන මෙහෙවර අතිශයින්ම පොදු ජනතා ඇගයුමට බදුන්වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

If you missed Dr Gaminis’ last Article – here it is! – විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය – ආචාර්ය ගාමිණී කාරියවසම්

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම්ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article WHAT A PARENTS! - A captain of the Australian women’s team (posted on Fb by Anil Rajyaguru ) WHAT A PARENTS! – A captain of the Australian women’s team (posted on Fb by Anil Rajyaguru )
Next Article OLD LIBRARY AND NEW LIBRARY HISTORY, BOOK ENDED BY TWO NONAGENARIANS   – By Beverley Pinder OAM
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Visakhians of NSW present 'Sea & Sway' - Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat - Sydney - elanka

Visakhians of NSW present ‘Sea & Sway’ – Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat – Sydney

Guava health benefits

Guava: The Nutrient-Dense Tropical Fruit Packed with Vitamin C and Health Benefits

Robert Kiyosaki $1.2 billion debt

Robert Kiyosaki’s US$1.2 Billion Debt Strategy: What Rich Dad Poor Dad Teaches About Leverage

Prathibha Liyanarachchi, Miss World Sri Lanka 2026, Sri Lanka at Miss World 2026, 73rd Miss World, Miss World Festival 2026, Prathibha Liyanarachchi Miss World, Sri Lankan beauty queen, Sri Lankan fashion designer, Hoop The Label, Beauty With a Purpose, Sri Lankan artisans, women empowerment Sri Lanka, Sri Lankan talent, Top Model Miss World, Miss World Sports Challenge, Sri Lankan representation, Miss World Vietnam 2026

Prathibha Liyanarachchi Secures Multiple Top Placements at the 73rd Miss World

UNDP Sri Lanka, Visa Sri Lanka, financial inclusion Sri Lanka, women empowerment Sri Lanka, youth empowerment Sri Lanka, Hewaheta, Nuwara Eliya, Hope Estate, estate communities Sri Lanka, digital finance, digital payments Sri Lanka, financial literacy, sustainable agriculture Sri Lanka, young farmers Sri Lanka, women farmers, agricultural communities, rural development Sri Lanka, backyard farming, polytunnel farming, economic empowerment, Sri Lankan agriculture, UNDP Visa partnership

UNDP and Visa Empower Women and Youth in Hewaheta’s Estate Communities Through Digital Finance

Related News
Asiri Central Hospital paediatric heart surgery
Articles

Asiri Central Hospital Completes 100 Paediatric Heart Surgeries Under Sri Lanka’s Suraksha Scheme

Rhythms of Lanka
Articles

Rhythms of Lanka Lights Up the Sydney Opera House, Boosting Tourism and National Pride

The SLANSW Community Mentoring Network
Articles

The SLANSW Community Mentoring Network

Band & Kiara
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

HCA 1
Articles

HCA Newsletter

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.