News & Community eLanka

eLanka

Monday, 29 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විකාශනය සහ එහි විද්‍යාමානිත විභවතා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr Gamini Goonetilleke

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විකාශනය සහ එහි විද්‍යාමානිත විභවතා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: August 5, 2025 5:28 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
22 Min Read
SHARE
Views: 39

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විකාශනය සහ එහි විද්‍යාමානිත විභවතා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සගමයේ 41 වන වාර්ෂික සමුළුව ,එළඹෙන අගෝස්තු 05 දින,අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය

sri lanka

Image Source : Sasa.lk

මෙම අනුස්මරණීය අවස්ථාවේ, එම සංගමයේ යාව ජීව සාමාජිකයෙක් ලෙසින් ,  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ     ක්‍රමික විකාශනය සහ එහි විද්‍යාමානිත විභවතා  විමසා බැලෙන,මෙවන්    ගවේශානාත්මක   ලිපියක් ලිවීමට  මා සිත් පෙළඹිණි.ශ්‍රී ලංකා පරිපාලන සේවය  දේශයේ ප්‍රමුඛතම රාජ්‍ය සේවය ලෙසින් සම්මානිතය. මෙම සේවාව, කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියයි. බ්‍රිතාන්‍ය රජය 1802 වසරේදී     ඇරඹු ලංකා සිවිල් සේවය (CCS) ප්‍රධාන වශයෙන් ආදායම් එකතු කිරීම සහ නීතිය පවත්වාගෙන යාම සඳහා ස්ථාපනය කරන ලද්දකි

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී,ස්වාධීනත්වය හිමිව වසර ගණනාවක් ඇවෑමෙන් පසුව  ,ස්වාධීන ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි, 1963 දී ලංකා පරිපාලන  සේවය Ceylon  Administrative Service (CAS) ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ලැබිණි. 1972 මැයි 22 දින  ජනරජ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව . ප්‍රකාශයට පත් වීමත් සමගම, මෙම ප්‍රමුඛ රාජ්‍ය සේවාව ශ්‍රී  ලංකා පරිපාලන සේවය (SLAS) ලෙස නම් කරන ලදී.

මෙරට ප්‍රාදේශීය පරිපාලනයේ සිට ජාතික මට්ටම දක්වා ,එනම් ප්‍රාදේශීය ලේකම් තනතුරේ සිට අමාත්‍යංශ ලේකම් තනතුර දක්වා  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු විහිද පවතී.ජනතා අපේක්ෂාවන් සපථ කරලන්නට මෙන්ම, රාජ්‍ය ක්‍රියාකාරීත්වයට ද   සෘජුවම මැදිහත් වෙමින්  ජනතා අභිලාෂයන් මුදුන්පත් කරලීම උදෙසා සුභසාධන නීතිමය හා ව්‍යවස්ථානුකූල මෙහෙයක  පරිපාන සේවා නිලධාරීහු නිමග්නව සිටිති.  ජාතික සංවර්ධනය උදෙසා පමණක් නොව ,ස්වභාවික විපත් හා සමාජ සුභසාධන කටයුතු කළමනාකරණයේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවීම දක්වාද ,ජාතික ආගමික සහජීවනය සංහිඳියාව, රාජ්‍ය පරිපාලනය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සහ  සමාජ හා සංස්කෘතික අභිවෘද්ධියේ පෙර ගමන්කරුවා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවය කටයුතු කරයි.

2025 වසර  ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා කණ්ඩායම් තිස් හතරක් බඳවාගෙන ඇති බැව්, සේවාවේ  ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වේ. මෙම පිරිස ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව ඇත්තේ ප්‍රවාහයන් ද්වයකිනි. පළමු ප්‍රවාහය වන්නේ,උපාධිධාරින් වෙනුවෙන් පැවැත් වූ  විවෘත තරග විභාගයකින් සමත්ව  සේවයට පිවිසි පිරිසය.දෙවන ප්‍රවාහය වන්නේ ,  රාජ්‍ය සේවයේ දීර්ඝකාලීන පළපුරුද්දක් සහිත නිලධාරීන්, සීමිත තරග විභාගයකින් සමත්ව මෙම සේවයට  පිවිසි පිරිසය.

ශ්‍රී  ලංකා පරිපාලන සේවය ස්ථාපිත1972 වසරේ,පරිපාලන සේවයේ  සම්පූර්ණ නිළධාරින් සංඛ්‍යාව 1020 ක් විය.2025 ජනවාරි 01 දින වන විට සේවයෙහි නිරත සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව 2486 දක්වා වර්ධනය වී ඇත. එම පිරිස, විශේෂ ශ්‍රේණියේ 376ක්, පළමුවන ශ්‍රේණියේ 862ක්, දෙවන ශ්‍රේණියේ 638 ක්  සහ  තුන්වන ශ්‍රේණියේ 610 ක් වශයෙන් වෙන්කොට හඳුන්වා දිය හැකිය.

ශ්‍රී  ලංකා පරිපාලන සේවයට ආදේශ කර ගත යුතු  බ්‍රිතාන්‍ය සිවිල් සේවාවේ වැදගත් පරිපාලනමය සිද්ධාන්ත.

බ්‍රිතාන්‍ය රජය විසින් ස්ථාපිත ලංකා සිවිල් සේවාව මගින් ක්‍රියාත්මක කළ  ඇතැම් පරිපාලනමය  සිද්ධාන්ත  ,ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි  ප්‍රගමනය  උදෙසාද ආදේශ කර ගැනීමට පුළුල් අවකාශයක් පවත්නා බැව් නිරීක්ෂනයවේ.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තරුණ නිලධාරීන්ගේ අවධානය පිණිස, ඒ පිළිබඳව විමසා බැලීම අතිශයින් වැදගත් වනු නිසැකි.

රාජකාරි දින පොත ,දෛනිකව යාවත්කාලීන කිරීම සහ පරිපාලන වාර්තාවල වැදගත්කම.

පරිපාලන වාර්තා සකස් කිරීමේ පළමුවෙන් ම, නිල නියෝගයක්  නිකුත් කරනු ලැබුවේ 1804 වසරේ දීය. ඒ  ,එවකට ඉංග්‍රීසින් යටතේ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ආණ්ඩුකාර ධුරය දැරූ තෝමස් මෙට්ලන්ඩ් මහතා විසිනි.මෙලෙස පරිපාලන වාර්තා සකස් කිරීමට නියෝග කිරීම තුළින්, මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ අපේක්ෂාව  වුයේ,ලංකාවේ ඉංග්‍රීසි පරිපාලනය විධිමත්  ක්‍රම වේදයකට අනුගත  කර ගැනීමය.  මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමේදී, එදිනෙදා රාජකාරි තොරතුරු අනුපිළිවෙලින් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. ඒ සඳහා බ්‍රිතාන්‍ය නිලධාරීන්, රාජකාරී දිනපොතක් භාවිතා කරමින්, සියළුම රාජකාරි සිදුවීම් සහ තොරතුරු එහි සටහන් කිරීමට යොමු වූහ.

එම පරිපාලන වාර්තා සහ ඒ සඳහා පාදක වූ රාජකාරි දිනපොත්හි සටහන්  මගින්, එකල ලංකාව පිළිබඳ නිවැරදි  තොරතුරු සමුදායක් අනාවරණය කර ගැනීමට  පුළුල් අවකාශයක් සැලසේ. ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන යන අංශයන් නිරීක්ෂණයෙහිලා එමගින්   ලැබදෙන්නේ නොමද ආලෝකයකි.

රාජකාරි දින පොත් යාවත්කාලීනව පත්වාගෙන ගිය බ්‍රිතාන්‍ය සිවිල් පරිපාලන නිලධාරින්,ඒ ආශ්‍රයෙන් පසුකාලයේ ප්‍රකාශයට පත් කළ කෘතීන් මඟින් ශ්‍රී  ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරය වෙත ගෙන යෑම සඳහා ගනු ලැබූ ප්‍රයත්නය ප්‍රශංසයනීය වේ.

ඊට එක් උදාහරණයක් ලෙසින් ජෝර්ජ් ටර්නර් හුවා දැක්විය හැකිය.1818 දී  ලංකා සිවිල් සේවයට ඇතුළු වූ ජෝර්ජ් ටර්නර් , දිවයිනේ දේශීය භාෂා පමණක් නොව, ලංකාවේ ප්‍රමුඛ ආගමික භාෂාව වන පාලි අධ්‍යයනයට කැප විය.හේ  “මහාවංශය “ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට සමත් විය.ටර්නර් සිය රාජකාරි දින පොත ආශ්‍රයෙන්, ‘ලංකාවේ එකොළොස් වසර’නමින් ප්‍රකාශයට පත් කළ කෘතිය , විද්වතුන්ගේ ඉමහත්  සම්භාවනාවට පාත්‍රවේ .

දෛනික රාජකාරි දිනපොත් පවත්වාගෙන යාම කෙරෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  සක්‍රීය සේවයෙහි නියුක්ත තරුණ නිලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගති.  එදිනෙදා ක්‍රියාශීලි රාජකාරී ජීවිතයේදී, තමන්ට ස්පර්ශ කිරීමට ලැබෙන සාමාජයීය , සංස්කෘතිකමය සහ පරිපාලනමය අත්දැකීම් සිය දිනපොතේ සටහන් කර ගැනීම , වාර්ෂික පරිපාලන වාර්තා සැකසීමට බෙහෙවින් ඉවහල් වනු නිසැකි. එපමණක් ද නොව, විවේකයක් ලද අවස්ථාවල හෝ තමන් විශ්‍රාම ජීවිතයට එළඹි පසුව, ඉකුත් දින පොත්  සටහන්   ආශ්‍රයෙන් සාහිත්‍ය කෘති නිර්මාණයෙහිලාද ලැබෙන පිටුබලය සුළුපටු නොවේ. එවන් රාජකාරි දිනපොත් පවත්වාගෙන ගිය,එම මතක සටහන් ආශ්‍රයෙන්,සාහිත්‍ය කෘතීන් නිර්මාණය කළ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයින්  සංඛ්‍යාත්මක වශයෙන් 16 දෙනෙක් වෙති.ඔවුන් වෙනුවෙන් කෙරෙන උපහාරයක් ලෙසින්, එම සාහිත්‍ය ධරයන්ගේ නම් පහතින් පෙළගැස්වීමට අදහස් කළෙමි.

ජෝන් ඩොයිලි, විලියම් ග්‍රැන්විල්,සිමන් සෝවර්ස්,එඩ්වර්ඩ් ලෙඩ්වික් , විලියම් චාර්ල්ස්,තොමස් ස්ටීල්,එච්.ඩබ්.ග්‍රීන්, ඇල්බට් ග්‍රේ,ජේ.එච්.එෆ්.හැමිල්ටන් , ලෙනාර්ඩ් සිඩ්ණි  වුල්ෆ්,ජෝර්ජ් ෆොරස්ට්, හියු ක්ලිෆඩ්,එච්.සී.ඩබ්.රොක්,රැල්ෆ් හෙන්රි,හියු නෙවිල්,ආර්.ඩබ්.අයිවර්ස් යන සිවිල් සේවකයින් එම සාහිත්‍ය ධරයන්ය.

sri lanka
Image Source : tate-images.com

බද්දේගම රචනා කළ,සිවිල් සේවා  නිලධාරී , ලෙනාර්ඩ් සිඩ්ණි  වුල්ෆ්

1963 දී ලංකා සිවිල් සේවය Ceylon  Administrative Service (CAS) ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමෙන් අනතුරුව ,එම සේවාවෙහිද සැලකිය යුතු නිලධාරීන් පිරිසක් ග්‍රන්ථකරණයෙහි නිමග්න වූහ. විමලරත්න කුමාරගම,තිස්ස දේවේන්ද්‍ර,සෝමපාල ගුණධීර,පී.ජී.පුංචිහේවා,සරත් අමුණුගම,අමර හේවාමද්දුම,ලයනල් ප්‍රනාන්දු,එම්.ජේ.පෙරේරා,ඕල්කට් ගුණසේකර,රිජ්වේ තිලකරත්න,අමරදාස ගුණවර්ධන,ලීල් ගුණසේකර, ලලිත් හීන්ගම,ශ්‍යාමන් ජයසිංහ,

අරියවංශ රණවීර,කේ.එච්.ජේ.විජේදාස,ජයසුමන දිසානායක,එඩ්මන්ඩ් ජයසුරිය යන ලේඛක පිරිස ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.

sri lanka

Image Source : facebook

විමලරත්න කුමාරගම මහතා
Leel Gunasekara
ලීල් ගුනසේකර මහතා

1972 ලංකා සිවිල් සේවය නම්වූ  ප්‍රමුඛ රාජ්‍ය සේවාව ශ්‍රී  ලංකා පරිපාලන සේවය (SLAS) ලෙසින්  නම් කිරීමෙන් අනතුරුව ,එම සේවාවේ නිලධාරීන් ද  විශාල සංඛ්‍යාවක්, සිංහල සාහිත්‍යවංශය ඒකාලෝක කරමින් ග්‍රන්ථකරණයට පිවිසියහ.

සාසා – ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙහි ප්‍රභවය.

සාසා  වෘත්තීය සංගමයකි .එමෙන්ම සුබ සාධක සන්ණීතයකි. එහෙත් ඒ අන් සංවිධානයන් මෙන්  නොවේ.   මන්ද  යත්, පරිණත කළමනාකරණ වේදියෙකු තැනීමට අවැසි පෞරුෂය පිණිස වන, කායික මානසික අධ්‍යාත්මික ශික්ෂණයෙන් අප සාමාජිකයන් සන්නද්ධ වී සිටීමේ හේතුවෙනි.එහිලා අපේ නවනීයතාවට සංවාදය, සාකච්ඡාව අවැසි වෙයි. ඒ,ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව රුධිරය ‘සංකථනෝපකථනං’ වන බැවිනි.එය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙහි  දර්ශනයද, මාර්ගය ද ජීවනය ද වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥාපනත යටතේ ලියාපදිංචි වෘත්තීය සංගමයකි. එම සංගමයේ සමස්ත සාමාජික නිලධාරීන් ලියාපදිංචි වෘත්තීය සමිතියකට ලබා දී ඇති සියලුම රැකවරණ, වරප්‍රසාද සහ මුක්තිය භුක්ති විඳිති.

සාසා  අතීත පියසටහන්.

1973 වසරේ , ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙසින් ඉතිහාසයට එක් වන්නේ    අභාවප්‍රාප්ත අමරදාස ගුණවර්ධන ශූරීන්ය.සංගමයේ ලේකම් ධුරයට  පත්කරගන්නා ලද්දේ ලලිත් හීන්ගම මහතාය. ශ්‍රී  ලංකා පරිපාලන සේවා සංගමයේ අතීත පිය සටහන් මතුකරගැනීම පිණිස ලලිත් හීන්ගම මහතා සමග පිළිසඳරක යෙදෙන්නට මම  අවස්ථාවක් සලසා ගතිමි.

sri lanka

Image Source : sundaytimes.lk

 සාසා ප්‍රථම සභාපති අමරදාස ගුණවර්ධන මහතා.

sri lanka

Image Source : azharazak.wordpress.com

         සාසා ප්‍රථම ලේකම් ,ලලිත්  හීන්ගම මහතා.

ලලිත් හීන්ගම  මහතා සිය අතීත මතකයන් අවදි කරමින්.

“සංගමය ලියාපදිංචියට යාමේදී, ලංකා පරිපාලන  සංගමය, පරිපාලන සේවා ජාතික සංගමය ආදී වශයෙන් සමිති කිහිපයක් ලියාපදිංචි වී  තිබුණද , ඒවා අක්‍රියව තිබූ හෙයින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයේ ලියාපදිංචි කර ගැනීමේ වාසනාව අපට උදාවුනා. “…ලලිත් හීන්ගම  මහතා සිය අතීත මතකයන්  මතු කරමින් මා සමඟ පැවසීය. එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින්;

“එදවස ,අප සංගමය වරින් වර රැස් වී සේවයට අදාළ බොහෝ කරුණු සාකච්ඡා කර,ඒවා  ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා.  කැබිනට් අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් හමුවීමට අපට සිදුවුනා.  ඇතැම් පරිපාලන සේවා නිලධාරීන් සඳහා වෙන් කෙරුණු තනතුරු සදහා පිටස්තර පුද්ගලයින් පත්කර ගන්නා  විට  සංගමයේ මැදිහත්වීමෙන් එවැනි තීරණ වෙනස් කර ගැනීමට හැකි වුණා. “….

“…පරිපාලන සේවයෙහි දමිළ නිලධාරීන් අඩුව පැවැති අවස්ථාවක,  පරිපාලන සේවාවට බඳවා ගැනීමේදී ජනවාර්ගික පදනම මත   බඳවා ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තලිංගම්  මහතා  යෝජනාවක් ගෙනාවා. එය  පිළිගෙන , රජය එය  ක්‍රියාත්මක කරන්නට යන විට සංගමයක් හැටියට අප ඊට විරෝධය පෑ අයුරු මට මෙහිදී සිහිපත් වෙනවා. තරගකාරී විභාගවලින් පරිපාලන සේවාවට නිලධාරීන්  බඳවා ගන්නා අවස්ථාවල  දමිළ නිලධාරීන්, නොතේරී ඇත්තේ ඔවුන් අදාළ විභාග වලට ඉදිරිපත් නොවීම නිසා බව ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දුන්නා. රාජ්‍ය  සේවයේ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යාත්මක,  ගණකාධිකාරී වෘත්තීන්  වල  බහුල ලෙස දමිල ජාතිකයින් සිටින්නේ ඔවුන් එම තනතුරුවලට බදවා ගැනීමේ තරග විභාග වලට නොපැකිලව  ඉදිරිපත් වී ඇති නිසා බව පෙන්වා දීමට අප සංගමය ඉදිරිපත් වුණා.  සංගමයේ ක්‍රියාශීලී,ප්‍රබල විරෝධතාවයන් දැක්වීම නිසා, ජනවාර්ගික පදනම යටතේ පරිපාලන සේවා විභාගය පැවැත්වීමේ අදහස ආණ්ඩුවට අත්හැර දැමීමට සිදුවුණා.”…

“රජයේ බොහෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන්  පත් කිරීමේදී , අප සංගමයේ අදහස් විමසීමට තරම්, එවකට, රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා තුළ  අප සංගමය පිළිබඳව යහපත් පිළිගැනීමක් තහවුරුවී තිබුනු බව  මෙහිදී සඳහන් කරන්න කැමැතියි.

public service International ජාත්‍යන්තර රාජ්‍ය සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අපට හැකිවීම වැදගත් සිද්ධියක් . මෙමගින් සාමාජිකයින්ට විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමේ අවකාශය පුළුල් වුණා.. “

“පරිපාලන සේවා නිලධාරීන් සිය  රාජකාරිය ඉටුකරන විට  ඇතිවූ ප්‍රශ්න ගැන, මැදිහත්වීමට සංගමය    කිසිම විටෙක අතපසු කළේ නෑ. හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ගේ  සංකල්පයක් වූ ගම්උදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී, දේශපාලන හැඩරුවක් නොගන්නා ලෙසට එම වැඩසටහන් සංවිධානය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබුණා. මතුගම ඡන්ද කොට්ඨාංශයේදී  ගම්උදා උත්සවය සැලසුම් කිරීම උදෙසා   පූර්ව රැස්වීමක් සංවිධානය කළ අවස්ථාවේදී,ප්‍රාදේශීය ලේකම්වරයාට පළාතේ මන්ත්‍රීවරයා තර්ජනය කළ බවත් , ප්‍රාදේශීය ලේකම්වරයාට ,මන්ත්‍රීවරයාගේ රියැදුරා විසින් අතර මගදී  පහරදීමක් සිදු කළ  බවත්  සංගමයට වාර්තා වුණා.”….

“ අප සංගමය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්  හදිසි රැස්වීමකට  කළුතර දිසාපති කාර්යාලයට කැඳවුවා.  එවකට දිසාපති විමලධර්ම ඒ්කනායක මහතා  අප සංගමයේ සාමාජිකයෙක් වීම  නිසා ඇතැම් කටයුතු පහසු වුණා.  ප්‍රශ්නය  ගැන සාකච්ඡා කළ සාමාජිකයින් වැදගත් තීරණ කිහිපයක් ගත්තා. අදාළ ප්‍රාදේශීය ලේකම් වරයා එම  කාර්යාලයෙන් ඉවතට ගැනීමටත්,එම පුරප්පාඩුව පිරවීමට කිසිදු පරිපාලන නිලධාරියෙක් නොයැවීමටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුවත් කළා. පහර දුන් මන්ත්‍රී වරයාගේ රියදුරාට  විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට  සංගමය මැදිහත් වුණා. කළුතර දිසාපතිවරයා ගේ පැමිණිල්ලක් මත,පොලිසිය අදාළ පුද්ගලයා පොලිසිය භාරයට ගනු ලැබුවා.”…

“සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට අපට ස්ථානයක් තිබුණේ නැහැ.ඒ සඳහා,සංගමය කළ ඉල්ලීමක් අනුව, රජය ටොරින්ටන් සමුළු නිවාස සංකීර්ණයෙන්  නිවාසයක් වෙන් කර දී අපට සුවිශේෂී අනුග්‍රහයක්  දැක්වූවා….”

ලලිත් හීන්ගම මහතා සිය සංවාදය අවසන් කිරීමට පෙර ,පරිපාලන සේවාවේ වත්මන් නිලධාරීන් වැඩි දෙනෙක්, තමන්ගේ වෘත්තීය දැනුම උසස් කර ගැනීම සඳහා වැඩිදුර අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දුවක්  නොදැක්වීමේත්, පොතපත කියවීම ලේඛන කලාව කෙරෙහි  එතරම් උනන්දුවක්  නොදැක්වීමේත් ප්‍රවණතාවය පිළිබඳව සිය දැඩි  කනස්සල්ල පළ කළේය.

“සේවයේ ගෞරවයත්, ඊට හිමි වරප්‍රසාද හා හිමිකම් ලබා දී ඉහළ ගුණාත්මක බවක් ඇති කිරීමට, සාසා සංගමය මහත් කැපවීමකින් කටයුතු කළා.පරිපාලන සේවා සංගමයේ මුල්ම සභාපති අමරදාස ගුණවර්ධන මහතා හා ලේකම් ලෙසින් කටයුතු කළ මා , වසර පහක සේවයෙන් පසු තනතුරුවලින් ඉවත්වුනේ,සැහැල්ලු තෘප්තිමත් මානසික තත්ත්වයක් හිසින්  දරාගෙනයි.”

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මුල්ම ලේකම්වරයා ලෙසින්,සංගමයේ සමස්ථ  සාමාජිකත්වය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ,ලලිත් හීන්ගම මහතා, ඉහත සිත්තම් කළ ආකර්ශනීය මෙහෙවර,අප මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතුව ඇත. වත්මන් ශ්‍රී  ලංකා පරිපාලන සේවා  සංගමයේ විධායක මණ්ඩලයේ මෙන්ම ,මතු පත්වන විධායක මණ්ඩලයන්හි ද ගමන් මග හැඩගස්වා ගැනීමට යථෝක්ත අත්දැකීම් සමුදාය බෙහෙවින්ම උපයෝගී වනු නිසැකි.

අභියෝගාත්මක ප්‍රවේශයක්

රටක් භෞතික හා මානවීය වශයෙන් ප්‍රවේගකාරී වර්ධනයකට යොමුකිරීමේදී මතුවන ගැටලු ඉමහත්ය.ඒවා  උපාය මාර්ග ව්‍යායාමයන්  මගින් ජයගත යුතු දැවැන්ත බාධකයන් ය. එහිදී පරිපාලන හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉදිරිපත්වන ප්‍රශ්න මැනැවින් විශ්ලේෂණය කරමින් සුදුසු පරිදි තීරණ ලබා දීම අභියෝගාත්මක ප්‍රයාමයකි. සෑම වෙනස්කිරීමක් උදෙසාම අභියෝගාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම  අවශ්‍ය වන්නේ එබැවිනි .

අප රටේ  සාමාජ වාතාවරණය තුළ  සෑම නිවැරදි පියවරක් ගැනීමේදී, ඒ ආශ්‍රිතව පරිපාලන සේවා විශේෂී  කාර්ය භාරයක් විද්‍යාමාන වේ. කිසිවිටෙක අවිචාර බවක් මතු නොවන අයුරින්, රාජ්‍ය පරිපාලනය ජාතික දේහයේ ප්‍රවර්ධනයට අනුගතවන පරිදි හැසිරවීමට ගනු ලබන උත්සාහය අතිශයින් වැදගත්ය.එම උත්සාහය දේශපාලඥයා යටකොට රාජ්‍ය නිළධාරියා මතු වීමක්  ලෙසින්  වරදවා වටහා ගැනීම යෝග්‍ය නොවේ. එවැනි ස්වභාවයන් කිසිවිට නිළධාරී වාදයක් බැව්ද  කිව හැකි නොහේ. සමස්ත රටෙහි කළමණාකාරිත්වය විධිමත් කිරීම ජාතික කර්තව්‍යයකි.නිවැරදි පරිපාලන යාන්ත්‍රණයෙහි  ජාතික ඒකාබද්දතාවයක් හා  නිවැරදි දර්ශනයක්  ගැබ්ව ඇත. රටකට කිසියම් හැඩයක් ව්‍යූහයක් ඇත .  එය දේශපාලන දර්ශනය අනුව විටින් විට වෙනස් වේ. ප්‍රජාතන්ත්‍රවාදය යටපත්ව, අරාජිකත්වය හිස ඔසවන ලෝකයේ කවර රටක වුවද පරිපාලන  යාන්ත්‍රනය ජන ජිවිතයේ  සාමකාමී සහජීවනීය පැවැත්ම සදහා සකර්මණ්‍යව පවතී.

පරිපාලන සේවා  නිළධාරීන් අතර  අත්දැකීම් හුවමාරු කරගැනීම ද අතිශයින්ම වැදගත්වේ. සාසා ඒ අරමුණ ඉටුකරණු උදෙසා ද මැදිහත් කරුවෙක්  ලෙසින් කටයුතු කරන බැව්  දිස්වේ.

පරිපාලන යන්ත්‍රණයට මනෝමූලිකව ක්‍රියාකළ නොහැකිය.  ස්වකීය අයිතිවාසිකම් හා වරප්‍රසාද මහජන මතය උල්පත කොට පවතී. එබැවින් ජනතා යුතුකම නොපිරිහෙලා ඉටුකිරීම, අනපේක්ෂිත තරම් භාරදූරවූ  විශිෂ්ඨ මෙහෙවරකි. ඉතිහාසය විසින් හැඩ ගන්වනු ලැබූ,ආචාර ධර්ම පද්ධතිය මගින් ව්‍යූහගත කරනු ලැබූ ශ්‍රී ලංකා පර්ලිමේන්තුව විසින්  බලය පවරනු ලද ශ්‍රී ලංකා පරිපාලන සේවාව මෙරට ජන හද රිද්මය මැනවින්  අවබෝධ කරගෙන සිටි.

කිසියම් වෘත්තියක් අගය කළ හැක්කේ එමගින් ඉටුවන සේවාවේ අත්‍යාවශ්‍ය බව තක්සේරු කිරීමෙනි.එකී අත්‍යවශ්‍යතාව සෘජු අභියෝගයකි.එවන් අභියෝග ජය ගැනීමේ ශික්ෂණයෙන් පන්නරය ලද ශ්‍රී ලංකා පරිපාලන සේවාව ගෙවෙන හැම තත්පරයක් තුළම ජනතා මෙහෙවරෙහි නිමග්නව සිටී.

”සාසා “  ද්වි මාසික ප්‍රකාශනය.

දුර අතීතයේ  සිට, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සාමාජිකයින් අතර තොරතුරු බෙදා හැරීම පිණිස,”සාසා “නමින්  ද්වි මාසික ප්‍රකාශනයක් නිකුත් කෙරිණි. ආදීම යුගයේ ගල් අච්චුවෙන් ද, පසුව රෝනියෝ  කිරීමෙන් ද එළි දැක්වූ සාසා 1998 දැකුම්කළු  ලෙස මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා විධායක මණ්ඩලයට හැකි විය. සඟරාවේ පෙනුම මෙන්ම අන්තර්ගතය ද අපේක්ෂිත අරමුණු  සාක්ෂාත් කරගන්නට සරිලන සේ සැකසිණි.    නව දැක්මකින් “සාසා “ වර්ණවත්  ද්වි මාසික සඟරාවේ මුල්ම කලාපය,1998 වසරේ ඔක්තෝබර් මාසයේ දී දොරට වඩමවනු ලැබිණි. එම මුල්ම කලාපය, පිරිනමනු ලැබුවේ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රෑඩ්මන් වීරකෝන් මහතා වෙතය.


සංස්කාරක ලෙසින් මෙම ලියුම්කරු  ,නව දැක්මකින් යුක්ත එම සඟරාවේ මුල්ම පිටපත,අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රෑඩ්මන් වීරකෝන් මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව.

 පසු කාලයේ සංස්කරණය කළ සෑම සාසා  සඟරාවකම මුල් පිටුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගේ ඡායාරූපයකින් සැරසිණි. එම නිලධාරියාගේ ජීවන වෘතාන්තය සහ රාජකාරී අත්දැකීම් ඇතුළත් විශේෂ  ලිපියක්ද සඟරාවට ඇතුළත් විය . ලීල් ගුණසේකර, එම්.ඩී.ඩී . පීරිස්, කේ.එච්.ජේ.විජයදාස, ලයනල් ප්‍රනාන්දු,දයානන්ද දිශානායක යන ශ්‍රී  ලංකා පරිපාලන සේවය ඒකාලෝක කළ පරිපාලන සේවයේ විශිෂ්ටයින් ගේ සේයා රූ සහ ජීවන වෘත්තාන්ත සෙසු කලාපයන් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. එම තොරතුරු, පරිපාලන සේවයේ  නවකයින්ට සිය ඉදිරි රාජකාරි මාවත මැනවින් සකසා ගන්නට ඉවහල් වූවා නිසැකි.


2001වසරේදී  ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරි මණ්ඩලය     ද මගේ මතකයට නැගේ. සුගත් රනුක්ගේ සාසා සභාපති ධුරය දැරූ අතර,ගෝඨාභය ජයරත්න  උප සභාපති ධුරය  හෙබවීය. ලේඛම් ලෙසින් කටයුතු කළේ රන්ජන් සමරවීර  මහතාය . වී.ඩබ්.ධනසේන නියෝජ්‍ය ලේකම් ලෙසින් ද එම්.නිහාල් රණසිංහයන් සහකාර ලේකම් නිළය ද දැරීය.භාණ්ඩාගාරික ධූරය හොබවන ලද්දේ,එච්.එල්.තිසේරාය.අරවින්ද එච්.ගමගේ වෙත පැවරී පැවතියේ සඟරා සංස්කාරක ධුරයයි.පී.ඒ.ජයන්තා,ටී.ජී.යූ.බී.තාබුගල , ජී.ඒ.ජේ.සිල්වෙස්ටර්,

ඩබ්.එම්.එම්.බී.වීරසේකර,ප්‍රදීප් රත්නායක,ගාමිණී සෙනවිරත්න,වික්ටර් සමරවීර,එස්.තිලේන්ද්‍රරජා ,රන්ජිත් ආරියරත්න  යන සාමාජිකයින් සාසා විධායක මණ්ඩලයට තේරී පත්වී සිටියහ.

sas

පරිහානියේ ආරම්භය…

පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දැරිය යුතු තනතුරු සඳහා වෙනත් සේවාවල පුද්ගලයින් පත්කිරීමත්   , කිසිදු සේවාවකට අයත් නොවන පුද්ගලයින් පත් කීරීමත් නිසා රාජ්‍ය සේවය අවුල්  ජාලයක් බවට පත්විය.
රජයේ ඉහළ තනතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඇතැම්  නිලධාරීන් දේශපාලනඥයින් පසුපස යාමට හුරු වූහ. මෙලෙසින්  පරිපාලන සේවයේ පරිහානිය ආරම්භ වූ සෙයක් දිසේ.

               ’ජන මෙහෙවර “

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නාගරික ප්‍රජාව වෙනුවෙන් පමණක් නොව ,ඈත දුෂ්කර ගම්මානයන්හී ජනතාව වෙනුවෙන් ද, විවිධ ප්‍රජා සත්කාරක සේවාවන් සංවිධානයෙහි ලා ,ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇති බැව් ,නිරීක්ෂනයවේ.ඈත දුෂ්කර ගම්මානයක්  වෙත ගොස්, ජනතා පොදු අවශ්‍යතා සැලසීම පිණිස, “සාසා”සැලසුම් කළ එවන් එක් වැඩසටහනක් මෙහිදී මගේ මතකයට නැගේ. එම ප්‍රජා සත්කාරක සේවාව ’ජන මෙහෙවර “ ලෙසින් නම් කරනු ලැබිණි.දේශපාලන අධිකාරිය සහ ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන සේවා නිලධාරීන් ගේ සහයෙන් ජන මෙහෙවර ව්‍යාපෘතිය  ඉතා සාර්ථක ලෙසින් ඉදිරියට මෙහෙයවීමට හැකි විය .

මොනරාගල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ගම්මානයක් වූ , බුත්තල ඔක්කම්පිටිය කේන්ද්‍ර කර ගනිමින්,ඔක්කම්පිටිය   මහා විද්‍යාලයේ දී ,ජන මෙහෙවර මංගල වැඩසටහන ආරම්භ විය.   මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසුන්දර විජයකෝන් මහතාගේ  සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ඩී .එම් කරුණාරත්න මහතාගේ සම්බන්ධීකරණය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් විය.

ජන මෙහෙවර වැඩසටහන යටතේ,  ඔක්කම්පිටිය ගැමි ජනතාවගේ ඉඩම් , වාරිමාර්ග, පාරිසරික ,  හැදුනුම්පත් සහ උප්පැන්න සහතික පිළිබඳ ගැටලු  සමුදායකට විසඳුම් ලබා දීමට පරිපාලන සේවා සංගමයට  හැකි විය.උප්පැන්න  සහතික,හැඳුනුම්පත් නිකුත් කිරීම පිණිස ,අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ඔක්කම්පිටිය මහා විද්‍යාලයේදී සංවිධානය කළ,ජංගම සේවා කවුළු දෙකක් මගින් ඉටු කළ ප්‍රශස්ත මෙහෙවර ගැමියන්ගේ මහත් ප්‍රශංසාවට බඳුන් විය.

ජන  මෙහෙවර වැඩසටහන සමාප්තියෙන් අනතුරුව,සන්ධ්‍යා භාගයේ , ප්‍රදේශයේ ගැමි ජනතාවගේ ගායන සහ රංගන කුසලතා එළිදැක්වූ කලා ප්‍රසංගයක් ද සංවිධානය කිරීමට , සාසා විධායක මණ්ඩලය පෙරමුණ ගති.මෙම කලා ප්‍රසංගය පවත්වනු ලැබුවේ, වෙල්යායක් මධ්‍යයෙහි පිහිටි  කමතක් රංග මණ්ඩපය ලෙස යොදා ගනිමිනි. කමත්  රංග මණ්ඩපය පසුබිමේ ,කොත් ගසා තිබූ පිදුරු කඳු ,(ගැමි වහරේ හැඳින්වන ලෙස මැඩුවන්)වේදිකා පසුතලයක් ලෙසින් ලබා  දුන්නේ අපූර්ව ආකර්ෂණයකි. සැදෑ  අඳුර දුරු කරමින් කමතේ රංග මණ්ඩපය ආලෝකමත් වූයේ ගැමියන් විසින් දල්වන ලද පන්දම් වැටකිනි.

ඒ ,හිරු  අවරට යමින් තිබූ  සොදුරු සැදෑ යාමයකි. සුපුන් සද ගුවන් ගැබ මෝදු වෙමින් පැවතිනි. සිහිල් මදනල පහසින් ප්‍රමුදිතව, නෙත සහ සවනත පිනවූ ගැමි  නැටුම් ගැයුම් රසාස්වාදනයෙන්  ගැමි ජනතාව මෙන්ම “සාසා” සාමාජිකයින් ලද වින්දනීය ආශ්වාදනය ,අප මතකයේ සදා  රැඳී පවතිනු නිසැකි.

90 දශකයේ අග භාගයේ ,ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ආර්ථික හා සමාජයීය කාලීන ප්‍රශ්න පිළිබඳව සිය සාමාජිකත්වයේ  දැනුම යාවත්කාලීන කිරීම පිණිස ශාස්ත්‍රීය දේශන මාලාවක් සංවිධානය කරනු ලැබිණි. මෙහි මුල්ම දේශනය 2001  මාර්තු මස විසි වන දින පස්වරුවේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පවත්වන්නට යෙදිණි. එහිදී විජමු ලොකුබණ්ඩාර අමාත්‍යතුමා හෙළි කළ හාස්‍යජනක අත්දැකීමකින් මෙම ලිපිය අවසන් කිරීම මැනවැයි  හැඟිනි. මෙම දේශන මාලාව සඳහා  අනුපිළිවෙලින්,සුසිල් සිරිවර්ධන, අමර හේවාමද්දුම,ඩබ්.එම් . බන්දුසේන වැනි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි විය.

මෙම දේශනා මාලාවේ ,අමර හෙවාමද්දුම මහතා පැවැත්වූ දේශනය සදහා,විශේෂ අමුත්තෙක් ලෙසින් අමාත්‍ය විජමු ලොකුබණ්ඩාර මහතා ද සහභාගී කර ගැනීමට හෙතෙම විශේෂ උනන්දුවක් දැක්වීය.එදින දේශනයෙන් පසුව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන බරාදයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.ඊට  සහභාගි වෙමින් සිටියදී , අමාත්‍ය විජමු ලොකුබණ්ඩාර මහතා  කදිම ප්‍රකාශයක් කළේය. පරිපාලන සේවා නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන්, අමාත්‍යතුමන්  අප සමඟ පවසන්නට යෙදුණු  එම  සත්‍ය සිදුවීම මෙහිදී  මගේ මතකයට නැඟේ.

“ උඹල  , ඔය කර වටේ දවටගෙන ඉන්න ටයි පටිය ,නිලධාරී සනුහරේ ට ,රාජකාරියේ දී අනිවාර්යයෙන්ම පළඳින්නට,හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා චක්‍රඛණයක් නිකුත් කරන්නට මුල්වූ සිද්ධිය උඹල   දන්නවද?

( එදිනෙදා සාමාන්‍ය කතාබහේදී  විජමු මැතිතුමා වෙතින්,තමන්ටම ආවේනිකවූ භාෂා ශෛලියක් දිස්විය. ඔහු සිය ළබැඳියන් ඇමතුවේ මචං,උඹ බංබොලං  යන සූදාශීලී වදන්  මාලාවකිනි..)

අප  නිහඬව එතුමන් මුව මඩල වෙත දෑස් දල්වාගෙන සිටියේ එම පුවත දැන ගැනීමේ රිසියෙනි.

හේ හඬ නගා  සිනා සලමින් අප අතීතය වෙත ගෙන යයි.

“බුත්තල ගම් උදාවේ ප්‍රගතිය හොයා බලන්න ,ප්‍රේමදාස ජනාධිපති තුමා , 1992 අවුරුද්දේ බුත්තල චාරිකාවකට මාවත් ඇන්න ගියා.ගම් උදා වැඩබිමේදී,එහි ප්‍රගතිය විස්තර කළේ, කමිසය කලිසමට උඩින් දාගෙන  අපිළිවෙලකට හැඳ සිටි, රබර් සෙරෙප්පු කුට්ටමක් දාගත්තු පුද්ගලයෙක්.

ඔහුගේ පැහැදිලි කිරීම අසා  සිටි ජනාධිපතිතුමා  “හොදයි බාස් උන්නැහ ,ඉතිරි වැඩ ටිකත් ඉක්මනින් අවසන් කරන්න ඕන “, කියල ජනාධිපතිතුමා එම  පුද්ගලයට කිව්වා….

අප වාහනයට නගිද්දී මං ජනාධිපතිතුමාට කිව්වා, “ ජනාධිපතිතුමෝ, ඔබතුමාට ගම්උදාවේ ඉදිකිරීම් ගැන විස්තර කිව්වේ බාස්උන්නැහැ කෙනෙක් නෙමෙයි,මේ ප්‍රදේශයේ උප දීසාපති තුමා ….”

“ප්‍රේමදාස මහත්තය ඒ මොහොතේම, දුර කථනයෙන්  තම ලේකම් අමතා

විධායක මට්ටමේ සියලුම රාජ්‍ය නිලධාරීන් , රාජකාරි කාලයේ පිළිවෙලකට ඇඳිය යුතු බවත්, අනිවාර්යයෙන්ම , ටයිපෙටියක් පැළඳිය යුතු බවත් දැක්වෙන  චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවැසි පියවර ගන්නා ලෙසත්  දැන්වුවා…”

ශ්‍රීලංකා පරිපාලන සේවය මෙතෙක් පැමිණි ගමන් මග.>  වීඩියෝව -අනුග්‍රහය- මහේෂ් ගම්මන්පිල.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විකාශනය සහ එහි විද්‍යාමානිත විභවතා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Dehiwala Zoo – The National Zoological Gardens of Sri Lanka-by Kalani-eLanka
Next Article kalubovila hospital Kalubowila: The Heartbeat Town
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
My breakfast today-by Harold Gunatillake

My breakfast today-by Harold Gunatillake

Inside a Sri Lankan Buddhist Temple in the UK

Inside a Sri Lankan Buddhist Temple in the UK: What Vesak Really Looks Like

Poson Poya 2026, Poson Festival, Poson Full Moon, Buddhism in Sri Lanka, Mahinda Thera, Arahat Mahinda, King Devanampiyatissa, Mihintale, Anuradhapura, Buddhist festival Sri Lanka, Sri Lankan culture, Buddhist traditions, Poson celebrations, Poson Dansal, Dana, Buddhist heritage, Sri Lanka history, Buddhist pilgrimage, Mihintale pilgrimage, Buddhist teachings, Theravada Buddhism, Poson lanterns, Poson religious observance, Buddhist temples Sri Lanka, Poson significance, Poson customs, Sri Lankan festivals, Full Moon Poya Day, Poson article, Global Sri Lankan community

eLanka Newsletter -28th June 2026 – 4th Edition – Sri Lankans In Australia

Sir Harry Dias Bandaranaike , Bandaranaike family history , Sri Lankan colonial history , first Sinhalese barrister , Ceylon Supreme Court judges

Sir Harry Dias Bandaranaike: The Trailblazing Pioneer Who Opened Doors for Generations

IMF Sri Lanka , Sri Lanka IMF , IMF US$695 million , Sri Lanka economic reforms , IMF Extended Fund Facility

US$695 Million IMF Disbursement Credited to Sri Lanka Treasury – A Major Economic Boost

Related News
Zydus Sunshine Lifesciences , Zydus Lifesciences , Sunshine Healthcare Lanka , Sri Lanka pharmaceutical industry , pharmaceutical manufacturing Sri Lanka
Articles

Zydus Lifesciences & Sunshine Healthcare Launch $20 Million Pharmaceutical Plant in Sri Lanka

Sri Lanka rooftop solar, Virtual Net Metering Sri Lanka, Asian Development Bank, renewable energy Sri Lanka, clean energy Sri Lanka, solar power Sri Lanka, green energy investment, rooftop solar aggregation, LECO Sri Lanka, Electricity Distribution Lanka, renewable electricity, sustainable energy Sri Lanka, climate action Sri Lanka, greenhouse gas reduction, distributed solar energy, Sri Lanka power sector, smart grid Sri Lanka,
Articles

ADB Approves $57.4 Million for Clean Energy: Rooftop Solar & Virtual Net Metering Coming to Sri Lanka

Campaign Asia-Pacific 40 Under 40 , Campaign APAC 40 Under 40 2026 , Sri Lankan marketing leader , First Sri Lankan woman Campaign APAC 40 Under 40
Articles

Praveena Perera Makes History as First Sri Lankan Woman in Campaign APAC’s 40 Under 40

The Ceylon Society of Australia (CSA) Reborn
Articles

The Ceylon Society of Australia (CSA) Reborn – By Nimal Chandrasena and Jitto Arulampalam

High Commission of Sri Lanka in Canberra
Articles

Sri Lankan Passport Renewal from Australia: A Complete Step-by-Step Guide

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.